Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොඳම ඇන්ඩ්‍රොයිඩ් Apps: 2018 ජුනි

දෛනිකව ඉතා විශාල වශයෙන් Android Play Store වෙත ඇප්ස් එකතු වෙනවා. මෘදුකාංග සංවර්ධකයන්ට වරක් පමණක් ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තුව සහ ඇප්ස් publish කිරීමේදී වැඩි කරදරයකින් තොරව ක්ෂණිකවම කළ හැකි නිසා මෙන්ම ලොව වැඩිම ස්මාර්ට් දුරකතන ප්‍රමාණයක භාවිත වන මෙහෙයුම් පද්ධතිය නිසාත් ඇන්ඩ්‍රොයිඩ් වෙත විශාල වශයෙන් ඇප්ස් එකතු වෙනවා. ඒවා අතරෙන් මේ මාසයේ වඩාත්ම හොඳ කිහිපයකුයි මේ.

පෞද්ගලිකත්වය වෙනුවෙන් Redmorph

Google Play Store

කේම්බ්‍රිජ් ඇනලිටිකා සිද්ධිය සමඟ ලෝක ජනතාව තමන්ගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය තුළ සහ දුරකතනයේ ස්ථාපිත ඇප්ස්වලින් භාවිත කරන ආකාරය පිළිබඳව දැඩි අවධානයෙන් පසු වෙනවා. ටෝච් එකක වේශයෙන් පැමිණෙන ඇඩ්ස් රැගත් apps, කාලගුණ වාර්තා පෙන්වන ඇප්ස්වලින් කැමරාව භාවිතයට අවසර ඉල්ලීම ආදිය හරහා දුරකතන භාවිත අත්දැකීම බියකරු බවට පත් කරන අතර ඒවා ගැන සැලකීමක් නොදක්වා එනම්, ඇප්ස් වලින් විමසන permissions වලට තැකීමකින් තොරව අප විසින්ම අවසර ලබාදී අපේම දත්ත ඔවුන්ට ලැබෙන ආකාරයට අපිම ඉඩ සලසා දෙනවා.

මෙවන් තත්වයන් පාලනය කරන්නට Redmorph ඇප් එක උදව් වෙනවා. එමගින් දැනට ස්ථාපිත ඇප්ස් සතු permissions අපිට පෙන්වන අතර අනවශ්‍ය ආකාරයෙන් ලබාගත් ඒවා විශේෂ කොට දක්වනවා. එවිට හුදෙක් කැමරා ඇප් එකකට අන්තර්ජාල පහසුකම් අනවශ්‍ය බව අපට වැටහෙනවා නම් ඒවා වළක්වාලන්නට පුළුවන්. මෙය සිදුවන්නේ Remorph ඇප් එක local VPN එකක් ලෙස ක්‍රියාත්මක වීමෙනුයි. එනිසා ඔබ අන්තර්ජාලයට සබැඳීමට VPN එකක් පාවිච්චි කරනවා නම් එවන් අවස්ථා වලදී මේ ඇප් එක අක්‍රීය කරන්නට සිදු වෙනවා.

පරිගණකය සමඟ ගොනු සංසරණයට Easyjoin

Google Play Store

ස්මාර්ට් දුරකතනයෙන් පරිගණකයට ගොනු සංසරණය කරද්දී කේබල් එක වෙනුවට Direct WiFi හරහා කරද්දී බ්ලූටූත්වලට වඩා බොහොම වේගයෙන් විශාල ප්‍රමාණයේ ගොනු වුණත් යවන්නට පුළුවන්. මෙය කරන්නට කිසිදු ඇප් එකක් අවශ්‍ය වන්නේ නැතිමුත් ක්‍රියාව පහසු කරගන්නට, දුරකතන දෙකක් අතර ගොනු හුවමාරුවට ද විවිධ ඇප්ස් උදව් වෙනවා.

පරිගණකය සමඟ සබැඳී file share කරද්දී දැනට ඇති අනෙකුත් සේවාවන්ට සාපේක්ෂව විශේෂ ලක්ෂණ කිහිපයක් Easyjoin සතුව තිබෙනවා. බාහිර සර්වරයකට (අන්තර්ජාලයට) සබැඳිය යුතු නොවීම, ඔබේ පෞද්ගලික දත්ත/ගොනු පිළිබඳව නිර්මාපකයන් නොදැනීම, එනිසා එම දත්ත වෙළඳ දැන්වීම් ප්‍රචාරණය වෙනුවෙන් විකිණීමක් සිදු නොවීම, WiFi සබඳතාවක් නොමැති අවස්ථාවලදී ඇප් එකෙන්ම hotspot එකක් පහසුවෙන් සාදා ගත හැකිවීම, දුරකතනයේ Share බොත්තම සමඟ සබැඳීම නිසා ඇප් එක open කළ යුතු නොවීම, Client මෘදුකාංගය ඕනෑම පරිගණක මෙහෙයුම් පද්ධතියක් සඳහා ලබාගත හැකි වීම, දුරකතනය සමඟ link share කරගන්නට බ්‍රවුසරයට extension එකක් ලැබීම ඒ අතර වෙනවා.

ඡායාරූප සංස්කරණයට Ottipo

ස්ථාපනය කිරීම් 100,000කට වැඩි සහ 4.6ක rating අගයක් ලබා ඇති Ottipo ඇප් එක ඉන්ස්ටග්‍රෑම් නිතර පාවිච්චි කරන අයට ගැලපෙන photo edit කරන්නට සැකසූ ඇප් එකක්. මෙය සතු Otippan නමැති AI එකෙන් ඡායාරූපයට අදාල stickers යෝජනා ලබා දෙන අතර එය සතු පුළුල් පරාසයක Stickers, Frames එකතුවෙන් අපූරුවට ඡායාරූප සංස්කරණය කරන්නට පුළුවන්. ඉන්ස්ටග්‍රෑම්වල මෙන්ම ඊටත් වැඩි Filters සංඛ්‍යාවක් මෙහි තිබෙන නිසා නැවත වරක් ඉන්ස්ටග්‍රෑම් හරහා Filters යොදන්නට අවශ්‍ය වන්නේ නැහැ. අකුරු එකතු කරන්නට මෙන්ම ඔබේ ප්‍රියතම stickers තිබෙනවා නම් ඒවා bookmark කර; පසු අවස්ථාවලදී වඩාත් පහසුවෙන් ලබාගත හැකියි. Exposure වැඩි වීම් ආදිය හරහා අපැහැදිලි වුණු ඡායාරූප ස්වයංක්‍රීයව යථා තත්වයට පත් කිරීම, ඡායාරූප කිහිපයක් එක් කර Photo collage සෑදීමට හැකිවීම මෙහි තිබෙන තවත් පහසුකම් ලෙස දක්වන්නට පුළුවන්.

එළාම් කීපයක් එකවර යොදන්න Oneclock

Google Play Store

උදේට නැගිටින්න එක එළාම් එකකට වඩා තියන්නම වෙනවා. ඒත්, ඒ හැම එකක්ම එකින් එක සකසනවා වෙනුවට එකක් සැකසූ විට එළාම් 8ක් දක්වා එකවරම සකසා ගත හැකි ඇප් එකක් තමයි Oneclock කියන්නේ. අවශ්‍ය නම් එක් එළාම් එකක් හෝ, අපට අවශ්‍ය ප්‍රමාණයක් (8ක් දක්වා) ස්වයංක්‍රීයව සකසා ගන්නට මෙය හරහා පුළුවන්. එසේ සැකසෙන එළාම් අතර කාලය Settings වලින් වෙනස් කර අවශ්‍ය ආකාරයට ලබා දුන්නාම ඒ කාල ප්‍රාන්තර යටතේ අපි නැගිට්ටේ නැත්නම් එකින් එක වදිනවා. අවශ්‍ය නම් Smart යන්න තේරුවාම එළාම් දෙකක් අතර කාලය එය විසින්ම තීරණය කරනවා. මෙය සතු dark theme එක නිසා OLED තිරවලට බැටරි බැසීමේ කාලය අඩුකරගන්නටත් හැකියි.

Notch තිබෙන දුරකතනවල එය සඟවන්න Nacho notch

දුරකතන මුහුණත පුරා තිරය තිබියදී ඉදිරිපස කැමරාව වෙනුවෙන් කොටසක් කවාකාරව ඉවත් කරන ලද දුරකතන නූතනයේ වෙළඳපොළ සුලබ දසුනක් බවට පත්ව තිබෙනවා. මේ ආකාරයේ දුරකතන ඇතැමක notch එක කොටසේ දෙපස තිරය කළු පැහැ ගන්වා එය සැඟවීමට අවස්ථාව සලසාදී තිබුණත්, බොහොමයක එය තවමත් ලබාදී නැහැ. එවන් දුරකතන හිමියන්ට මේ Nacho Notch ඇප් එක බොහොම ප්‍රයෝජනවත් වෙනවා. මෙය ස්ථාපනයෙන් පසුව Notification පැනලයට Show Notch ලෙස නව බොත්තමක් එක් වන අතර ඇප් එකක් විවෘත නොකරම පහසුවෙන් එය භාවිතයෙන් notch එක සැඟවීම කරන්නට පුළුවන්. Notch එකක් නැති දුරකතනවල පවා status bar එක කළු පැහැයෙන් දිගටම තිබීමට අවශ්‍ය නම් මේ ඇප් එක පාවිච්චි කරන්නට පුළුවන්. Zenfone 5 දුරකතනයක් තිබෙනවා නම් මෙය ස්ථාපනයෙන් පසු restart කළාට පසුව එම බොත්තම Notification පැනලයට ලැබෙන බවයි නිෂ්පාදකයන් සඳහන් කරන්නේ.

කවරයේ රූපය : Google Play Store

Related Articles