Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Dark mode සහිත ඇන්ඩ්‍රොයිඩ් Launcher

දුරකතනය රාත්‍රී කාලයේදී පාවිච්චි කරද්දී තිරය මත ඇතිවන සුදු පැහැය මඳ ‍වේලාවකින්ම අපහසුවක් බවට පත් වෙනවා. මේ සඳහා තිරය මතට Filters එකතු කිරීමට පහසුකම් බොහෝ නිෂ්පාදකයන් විසින් ලබා දෙන නමුත් කළු පැහැති පසුබිම් යොදාගැනීම හෙවත් Dark mode එකක් සහිත Apps පාවිච්චි කිරීම ඊටත් වඩා සාර්ථක විසඳුමක්. ඔබේ දුරකතනය සතුව LED තාක්ෂණයේ තිරයක් තිබෙනවා නම් මෙමඟින් බැටරි බලය ඉතිරි කරගන්නටත් හැකියි.

01. Nova Launcher

Dark Theme එකක් සහ වර්ණ වෙනස් කිරීමේ හැකියාව (Google Play Store)

Play Store හි 4.6ක් තරම් ඉහළ Rating අගයක් දරන ප්‍රසිද්ධ Nova Launcher එක නොමිලේම Dark mode එකක් ගෙන එනවා. ස්ථාපනය කළ අවස්ථාවේ සුදු පැහැයෙන් තිබෙන නමුත් සැකසුම් වලින් වෙනස් කරගන්නට පුළුවන්. Nova Settings වෙත පිවිස එහි ඇති Night mode යන්න සක්‍රීය කිරීමෙන් එය ලබාගත හැකියි. එම options අතර ඇති Auto යන්නෙන් අදහස් වන්නේ ස්වයංක්‍රීයව රාත්‍රියේ දී කළු පැහැ ගැන්වීම වන අතර, Custom යන්නෙන් අපට අවශ්‍ය කොටසකට පමණක් (Search bar, App drawer ආදී) කළු පැහැය ලබා දිය හැකියි. Settings → Look & feel → Dark icons වෙත පිවිසීමෙන් Notification bar එකට ද කළු පැහැති අයිකන ලබාගන්නට පුළුවන්.‍‍

මේ හැරුණු විට‍; අයිකන වෙනස් කිරීමේ පහසුකම්, වර්ණ වෙනස් කිරීම්, වේගවත් බව සහ සැකසුම් Backup හෝ Restore කිරීම ඇතුළු විශේෂාංග රැසක් මෙය සතුව තිබෙනවා.

බාගන්න: Nova Launcher

02. Microsoft Launcher

අඳුරු සහ ආලෝකමත් අවස්ථාවන්හි දී වෙනස (Google Play Store)

අතීතයේ Arrow Launcher ලෙස හැඳින්වුණු මෙය මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් නිපදවනු ලබන ඇප් එකක්. මෙහෙයුම් පද්ධති සටනින් ඉවත්වුණු ඔවුන් දැන් Appsවලින් අප අතරට එන්නට Cortana වැනි සේවාවන් ද Androidවලට ලබා දෙමින් කටයුතු කරනවා. එහි එක් අදියරක් වශයෙන් එන Microsoft Launcher එකට අපේ දුරකතනය සහ වින්ඩෝස් පරිගණකය අතර සබඳතාවන් ගොඩනැගීමට දායක වෙනවා. මෙය සතුව ඇති සැකසුම් වලින් Dark mode එකක් සකසා ගන්නට හැකියාව තිබෙනවා.‍ අවාසනාවකට එමඟින් කළු පැහැ ගැන්වෙන්නේ Search, Feed, Widgets ඇතුළු ස්වල්ප කොටසකට පමණයි. App drawer එකෙහි වෙනසක් සිදුවන්නේ නැහැ.

වැඩිදුර කියැවීමට: Windows phone මළ බව බිල් ගේට්ස් තහවුරු කරයි?

ඔබ දැනටමත් මෙය පාවිච්චි කරනවා නම්, Dark mode එක ලබා ගැනීමට Settings → Personalization → Theme වෙත පිවිස එහි ඇති Dark යන්න තෝරන්න. Accent color එක ද අවශ්‍ය පරිදි වෙනස් කරගන්නට පුළුවන්‍.

බාගන්න: Microsoft Launcher

03. POCO Launcher

Xiamo සමාගම තම Poco දුරකතනය සඳහා සකසන ලද Launcher එක වෙනත් දුරකතනවලට ද යොදා ගත හැකි දේ හඳුන්වා දී තිබෙනවා. වේගවත් බව, සැහැල්ලු බව සහිත මෙය සිත්ගන්නාසුළු යි. පැරණි දුරකතනවලට පවා Swipe up කිරීමෙන් App drawer එක ලබා ගත හැකි gesture එක ද ගෙන එන මෙහි ද Dark mode එකක් තිබෙනවා. සරල පෙනුමක් සහ Apps සොයන්නට search එකක් ද සහිත මෙහි Fingerprint (Sensor එක සහිත දුරකතනවලට, අනෙක්වාට password හෝ pattern) හරහා Apps hide කරන්නට ද පුළුවන්.

App drawer එකෙහි දකුණු පස ඉහළ ඇති ඉරි කැබලි තුනකින් යුත් අයිකනයෙන් Settings වෙත පිවිස ඉන් Drawer’s background යන්නට Dark ලෙස ලබා දුන්නාම හරි. බාගැනීමට වැයවන්නේ මෙගාබයිට් 15යි.

බාගන්න: POCO Launcher

04. Lawnchair Launcher

Themes වෙත ගොස් තෝරන්නට පුළුවන් (Google Play Store)

මෙගාබයිට් 3ක් තරම් කුඩා මෙය Storage මදිව ඇති දුරකතන තිබෙන කෙනෙක්ට වුණත් අත්හදා බලන්න හැකියාව ඇති එකක්. Pixel දුරකතනවල ඇති UI අත්දැකීම ගෙන එන මෙය සරල Launcher එකක්‍. විවෘත කේත මෘදුකාංගයක් වන මෙහි කේත ඔබටම GitHub මත දැකගත හැකියි. ලොව වටා වූ මෘදුකාංග සංවර්ධකයන්ගේ දායකත්වයන් ලබමින් එය නිදහස් මෘදුකාංගයක් බවට පත් වෙනවා. එනිසා Pro version එකක් ගොඩ නැගෙන්නේ නැහැ. සියළුම දෑ නොමිලේම අත්විඳින්නට හැකි‍ වෙනවා. Lawnchiar සතුව Dark mode එකක් තිබෙනවා. Settingsවල Themes වෙත ගොස් එය යටතේ ඇති Theme යන්න සඳහා Dark ලෙස තෝරන්න. මින් Settings, App drawer, Folders ඇතුළු සියල්ලටම කළු පසුබිම එක් වෙනවා. නැතහොත්, අපිට අවශ්‍ය කොටස් වලට පමණක් කළු වර්ණය ලැබෙන සේ සකසන්නට පුළුවන්. ඊ‍ට අමතරව, Wallpaper එක සතු තේමා වර්ණය හඳුනාගෙන එය භාවිතා කරන්නට ද මෙයට හැකියාව තිබෙනවා. ‍

බාගන්න: Lawnchair Launcher

05. Rootless Launcher

Theme වෙතට ගොස් Dark යන්න තෝරන්න (Google Play Store)

පෙර සඳහන් කළ Lawnchair launcher එකට නොදෙවැනි මෙය ද විවෘත කේත මෘදුකාංගයක් වශයෙන් GitHub මත දැකගන්නට පුළුවන්. නිදහස් මෘදුකාංගයක් ද නිසා ඔබට අවශ්‍ය නම් මෙය වෙනස් කර, ඔබට අවශ්‍ය සේ සකසා ගන්නටත් පුළුවන්. ඉතාම සරල නමුත් Pixel අත්දැකීම ගෙන එමින් සැහැල්ලු බවේ ප්‍රතිමූර්තියක් බවට පත් වන්නේ මෙගාබයිට් 1.6ක කුඩා බවක් දරමින්. මෙය සතුව ද Dark mode එකක් තිබෙන නමුත් ආසන්න වශයෙන් කළු වර්ණයක් ගැනීමයි සිදුවන්නේ. වෙනත් පුදුමයට පත්වන සුළු අමුතු විශේෂාංග නැතත්, Pixel UI එකෙහි ඇති විශේෂාංග ඇතුළු Search bar එක පහතින් පිහිටීම, Icon packs, Android 8.0 ඔබ සතු නම් Iconවල හැඩය වෙනස් කිරීමේ හැකියාව ආදී පහසුකම් කිහිපයක් මෙය සතු වෙනවා.

බාගන්න: Rootless Launcher

කවරය: androidcentral.com

Related Articles