Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඩොලර් බිලියන 10ක Bitcoin සුරකින අමුතු බැංකුව

ලොකු මුදලක් හෝ වෙනත් වටිනා වස්තුවක් තියෙනවා නම් අපේ පුරුද්දක් තමයි ඒක බැංකුවක තැන්පත් කරන එක, හෝ බැංකුවක තියෙන පෞද්ගලික සේප්පුවක තැන්පත් කරන එක. අපිට තනිවම ඒවා ආරක්ෂා කර ගන්න බැරි වුණාට වටිනා වස්තූන් ආරක්ෂා කරන්න හොඳ පළපුරුද්දක් සහ වගකීමක් සහිත බැංකුවක, ඒවා තැන්පත් කරාම අපිට ඒවා නැති වෙයි කියලා බය නොවී ජීවත් වෙන්න පුළුවන්. මේ නිසාම විශාල ප්‍රමාණයේ මුදල් සම්භාරයන් වගේම වස්තුව සුරැකිව තබා ගන්නත් බැංකු බිහි වීම අතීතයේ සිටම සිදු වෙන දෙයක්.

article

කෙටි කලකින් ක්ෂය වී යන්නට තිබූ එප්පාවල පොස්ෆේට්

ශ්‍රී ලංකාව යනු ස්වභාවික සම්පත්වලින් පිරුණු රටකි. ඇල දොල, ගංගා, රජවරුන් නිර්මාණය කළ වැව් අමුණු මඟින් රට ජලයෙන් පෝෂණය කරනවා මෙන්ම රටේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල සැපයුමද සිදු කරනු ලැබේ. ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු දිය ඇලි, කඳු හා වනාන්තර ආදිය සංචාරකයින් බොහෝ ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට සමත් වී ඇත. මෙවැනි ස්වභාවික සම්පත් අතර මැණික්, පොස්ෆේට් වැනි ආර්ථිකමය වටිනාකමකින් යුතු සම්පත්ද රටේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වී පවතී. එප්පාවල ඇති පොස්ෆේට් නිධියද එවැන්නකි.

article

ඇනකොන්ඩාවන් හඳුනාගනිමු

සත්ත්ව ලෝකය පිළිබඳ තොරතුරු දැනගන්නට අප බොහෝ දෙනා තුළ ඇත්තේ නොතිත් ආශාවක්. එයිනුත් නිතර තොරතුරු හමු නොවන සත්ත්වයින්ගේ කරුණු කාරණා සිය දැනුමට එකතු කර ගැනීමට අපි මහත් ප්‍රියතාවයක් දක්වනවා. ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනා ඇනකොන්ඩා නම් සර්ප විශේෂය ගැන අසා ඇතුවා නිසැක යි. බොහෝ විට ඒ ඔවුන් අරබයා තැනුණු සිනමාපට නිසා යි. ඒවායේ ඇනකොන්ඩාවන් පිළිබඳ අතිශ්‍යෝක්තියකින් දක්වා තිබෙනු දැකිය හැකි යි. ඇනකොන්ඩාවන් ගැන සැබෑම තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ඒ නිසා යි.

article

ලංකාවේ තැනූ “මිනී කන්නන්ගේ දේශය” සහ වෙනත් එවැනි චිත්‍රපට

1970 දශකයේ අග භාගයේ සිට 1980 දශකය මැද භාගය දක්වා කාලය තුළ, මිනීමස් කන ගෝත්‍රිකයන් පිළිබඳ චිත්‍රපට වලට ලොකු ඉල්ලුමක් තිබුණා. මෙම චිත්‍රපට මූලිකව නිර්මාණය වුණේ ඉතාලියේ. බොහෝ දුරට මෙම වර්ගයේ චිත්‍රපටවල තිබුණේ එකම වට්ටෝරුවක්. එය සුදු ජාතික කාන්තාවක් හා සුදු ජාතිකයන් පිරිසක් කිසියම් ගවේශණයක්/ රහසක් සෙවීම සඳහා ප්‍රාථමික ගෝත්‍රිකයන් සිටින වනාන්තරබද ප්‍රදේශයකට ගමන් කිරීම, පසුව ඔවුන් මිනී මස් කන ගෝත්‍රිකයන්ට හසුවීම, ලේ වැකුණු නිරුවත් දර්ශන රැසකට පසු මේ පිරිසෙන් කිහිප දෙනෙක් හෝ එක් අයෙක් බේරී පලා යාම ආදී වශයෙන් වනවා.

article

ලොව වැඩිම මිළකට අලෙවි වූ සිතුවම්

ලෝකයේ එතෙක් මෙතෙක් විශාල මිළ ගණන් වලට අලෙවි වූ සිතුවම් පිළිබඳව ඔබ අසා ඇති. අපි අද ඔබට තොරතුරු ගෙන එන්නේ එසේ ලොව වැඩිම මිළකට අලෙවි වූ සිතුවම් 5 පිළිබඳවයි. එම සිතුවම්වල මිළ ගණන් ඇසුවොත් සිතුවම් එතරම්ම වටිනවා ද යන්න පිළිබඳව ඔබත් අනිවාර්යෙන්ම දෙවරක් සිතා බලනු ඇති.

article

තෙල් මිල වැඩි වීම ජනතාවට දැනෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල වසර තුනකට පසුව යලිත් වරක් වැඩි විය. ලෝක වෙළඳ පොළේ තෙල් මිල පහළ යන විට අපේ රටේ කිසිදාක අඩු නොවන තෙල් මිල ලෝක වෙළඳ පොළේ මිල වැඩි වන විට වැඩි කරන්නට නම් එදා සිටම දේශපාලනඥයෝ සැදී පැහැදී සිටිති. එහෙත් පසුගිය වසර තුනේ මෙම තත්වය තරමක් වෙනස් වුවද නැවතත් පෙර පැවතී අන්දමින්ම ඉන්ධන මිල දරාගන්නට නොහැකි අන්දමින් දිගින් දිගටම වැඩි වෙමින් ජනතාව පිඩාවට පත් කරාවිද යන සැකය මතු වී තිබේ.

article

ලෝක ශූර ජර්මනිය මෙවරත් කිරුළ හිමිකරගනී ද?

මෙවර පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටින රටවල් පිළිබඳ ලිපි මාලාවක් “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් ගෙන එන්නෙමු. ප්‍රථමයෙන් බ්‍රසීල කණ්ඩායම පිළිබඳව ද ඉන්පසු ප්‍රංශ සහ ස්පාඤ්ඤ කණ්ඩායම් පිළිබඳව ද ලිපි ඉදිරිපත් කළෙමු. මෙම ලිපි මඟින් එම රට මීට පෙර පැවති ලෝක කුසලාන වලදී දැක්වූ දක්ෂතා, මෙවර පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබාගත් ආකාරය, මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී ක්‍රීඩා කරන කණ්ඩායම (අවසාන xi) සහ මෙවර එම කණ්ඩායමේ ශක්තිය පිළිබඳව කෙටියෙන් විමසා බලනු ඇත. අද අපි මෙම විශේෂාංගය මඟින් ගෙන එන්නේ ලෝක ශූර ජර්මනිය පිළිබඳවයි.

article

ආදායම් බදු නිසා මහජනතාව කබලෙන් ළිපට වැටීම

මහජනතාවට බදු පැනවීම ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් ඔස්සේ සිදු විය හැකිය. පනතක් මාර්ගයෙන් නීතියක් ලෙස හෝ, එසේත් නැතිනම් අයවැය මගින් බදු නීති ගෙන ඒමේ හැකියාව තිබේ. අයවැයේ දී රටේ යම් යම් වියදම් පියවා ගැනීම සඳහා භාණ්ඩ මත හෝ ආදායම් මත බදු පනවන ක්‍රමවේදයක් පවතී. නව දේශීය ආදායම් බදු පනතින් අපේක්ෂා කෙරන්නේ මෙතෙක් කාලයක් බදු අය කරන ලද ක්‍රමවේදය සංශෝධනය කිරීමයි. එනම්, මෙම පනතින් සිදු කර ඇත්තේ අලුත් බදු හඳුන්වා දීම නොවන අතර බදු සම්බන්ධයෙන් අලුත් නීති රීති හඳුන්වා දීම වේ.

article

තරග පාවා දීම – කිං කොමිසම, ක්‍රොන්යේ සහ අසරුදීන්

2000 වසරේ මැයි මස 4 වන දින, 71 හැවරිදි අධිකරණ විනිසුරු එඩ්වින් කිං ප්‍රමුඛ කොමිසමක් පත්කරන ලද අතර ඔවුන්ගේ කාර්යභාරය වූයේ ක්‍රොන්යේ ඇතුළු ක්‍රීඩකයින් විසින් මුදල් ගත් බවට සැකකෙරෙන සිදුවීම් මාලාවේ සියල්ලම පරීක්ෂණයට ගෙන තීරණයක් ලබා දීමයි. එඩ්වින් කිං ප්‍රමුඛ කොමිසම එතැන් පටන් ජනප්‍රිය වූයේ “King Commission” ලෙස යි.

article

ලිංගික ශක්තිය වඩවන ඔසු තුනක්

ලෝකයේ ඇති වටිනාම වාජීකරණ ඖෂධය ලෙස ආයුර්වේදයේ සඳහන් වන්නේ කස්තුරි මුවන්ගෙන් ලබාගන්නා කස්තුරි යි. අද වාජීකරණ, නැත්නම් පැරැන්නන් කියූ විදිහට “තිරිහන් වෙන්න භාවිත කරන බේත්” වැහිවැහැලා. පුරාණයේ ලිංගික ශක්තිය වර්ධනය කර ගැනීමට දේශීය ශාක ඔසු ගණනාවක් පරිසරයෙන් සොයාගත හැකිව තිබුණා. ඒවායින් ශරීරයට තවත් පෝෂණ ගුණාංග රැසකුත් ලැබුණා. නමුත් අද ලිංගික ශක්තිය වර්ධනය කරන ඔසු විකිණීම විශාල ලාබ ලබන ජාවාරමක් වෙලා. බටහිර ඖෂධ වගේම ආයුර්වේද වාජීකරණ ඖෂධ ගැනත් දැන්වීම් නිතර පත්තරවල පළ වෙනවා.

article

තරග පාවා දීම – ක්‍රොන්යේ සහ දිල්ලි පොලීසිය

2000 වසරේ මාර්තු මස 19 නාග්පූර් හි දී පැවති 5 වන එක්දින තරගය නිමා වූයේ තියුණු අන්දමිනි. මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල ලකුණු 320ක් රැස්කරගත් අතර ඉන්දියානු පිල පිළිතුරු ඉනිම ලෙස ලකුණු 310ක් රැස්කරගන්නා ලදී. හැන්සි ක්‍රොන්යේ ප්‍රමුඛ දකුණු අප්‍රිකාව තරගයෙන් ජයග්‍රහණය කළ ද තරගාවලියේ ජය ඉන්දියාවට හිමි වුයේ 3 – 2 ක් ලෙස යි.

article

නිශාචර නාසි ගුවන් නියමුවා – වර්නර් ස්ට්‍රයිබ්

දෙවන ලෝක යුධ සමයේදී රාජකීය ගුවන් හමුදා නියමුවන් හා ඇමරිකානු එක්සත් ජනපද ගුවන් නියමුවන්ට වඩා නාසි ගුවන් හමුදාවේ (Luftwaffe) නියමුවන් දක්ෂතාව අතරින් ඉදිරියෙන් සිටි බව ගුවන් සටන් වලදී සාර්ථක ලෙස ප්‍රතිවිරුද්ධ ගුවන් යානා බිම හෙලන ලද ගුවන් නියමුවන්ගේ ලැයිස්තුව පරික්ෂා කිරීමේදී තර්ක කරන්නට පුළුවන්. දෙවන ලෝක යුද්ධ ජයග්‍රහණය මිත්‍ර පාර්ශවය වෙත හිමි වූ බැවින් ජර්මානු ගුවන් නියමුවන්ගේ දක්ෂතා පිළිබඳව එතරම් කතාබහක් සමාජය තුළ හටගන්නේ නෑ.

article

End of Articles

No More Articles to Load