Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

හැන්සි ක්‍රොන්යේගේ තරග​ පාවා දීම – සෙන්චූරියන් ටෙස්ට් තරගය​​

1996 සිදුවීම ක්‍රොන්යේගේ දක්ෂතා කෙරෙහි කිසිදු බලපෑමක් සිදු නොවුණු අතර ඔහු දකුණු අප්‍රිකානු පිල ජයග්‍රහණ රැසක් කරා සාර්ථකව මෙහෙයවන ලදී. නමුත් ඉන් පසුව වරින් වර ඔහුගේ විනය කඩකිරීම් කිහිපයක් ද වාර්තා විය. 1998 ඇඩ්ලෙඩ් හි දී පැවති ටෙස්ට් තරගය අතරතුර ඕස්ට්‍රේලියානු පිතිකරු මාර්ක් වෝ විසින් පන්දුවකට සාර්ථකව මුහුණ දී පසුව පිත්ත සෙලවිමේ දී එය කඩුල්ලේ ගැටී බේල්ස් ඉවත්වීම නිසාවෙන් එය “හිට් විකට්” දැවියාමක් නොවන බවට විනිසුරු ප්‍රකාශ කළේ ය. මෙයින් කෝපයට පත්වූ ක්‍රොන්යේ විනිසුරු සමඟ වාද කිරීමෙන් පසු ප්‍රශ්නය සමනය විය.

article

මව් රට රනින් සැරසූ මේරි කොම්

බොක්සිං කිව්වාම මුලින්ම අපේ මතකයට එන්නේ ක්‍රීඩකයන් මිසක් ක්‍රීඩිකාවන් නෙවෙයිනෙ. ඒ තරමටම බොක්සිං පුරුෂ පක්ෂයටම වෙන් වුණු ක්‍රීඩාවක් විදියටයි අපේ හිතේ තහවුරු වෙලා තියෙන්නෙ. බොක්සිං ක්‍රීඩා කරන ලෝක ප්‍රසිද්ධ ඉන්දීය ක්‍රීඩිකාවක් ගැනයි අද ලිපියෙන් කියවෙන්නේ. ඇය මේරි කොම්.

article

ටයිටැනික් එතරම් සුවිසාල ඛේදවාචයක් බවට පෙරළුනේ ඇයි?

1912 දී එවකට විශාලතම සුඛෝපභෝගී මගී නෞකාව, එංගලන්තයේ සවුතැම්ටන් වරායේ සිට ඇමරිකාවේ නිව්යෝක් නුවරට ගිය මංගල ගමනේ අතරමඟ දී අත්ලාන්තික් සයුරේ ගිලී ගියේ ය. නැවේ ගමන් කළ මඟීන් 2220කට ආසන්න සංඛ්‍යාවකින්, දිවි ගලවාගත්තේ 700 දෙනකු පමණි. ඉතිරි 1500කට අධික පිරිස අත්ලාන්තික් සයුරු පතලේ සදහටම සැඟවී ගියේ ය. ඒ ඛේදවාචකය එකලත්, ඉන්පසු බොහෝ කලකටත් ලොව රැව් පිලිරැව් දුන් ප්‍රවෘත්තියක් විය.

article

හැන්සි ක්‍රොන්යේගේ අසාර්ථක වූ පළමු තරග​ පාවාදීම

ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව විස්තර කිරීමේ දී එය සැලකෙන්නේ මහත්මයින්ගේ ක්‍රීඩාව ලෙස යි. එහෙත් වර්තමානය වන විට එය එලෙස හැඳින්වීම විහිළුවක් වන මට්ටම දක්වා ක්‍රිකට් ක්‍රීඩාව පහතට වැටි ඇත. මේ ලිපිය, ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය ට හානිකළ ඉතිහාසයේ වාර්තා වූ අපකීර්තිමත් සිදුවීම් මාලාවක් පිලිබඳව යි.

article

ගිනි කඳු පිපිරීමකින් බිහි වූ අපූරු නිර්මාණය (Giant’s Causeway)

ගිනි කන්දක් යන නම ඇසූ පමණින් ඔබට දැනෙන්නේ දාහයකි. දැන් ඔබට සිහිපත් වන්නේ මෙකී දාහයෙන් මිදීමට නම් ඔබ සුවදායී පරිසරයක් කරා ගමන් කළ යුතු බවකි. එසැණින්ම ඔබේ සිහියට නැගෙන්නේ කවුරුත් දන්නා, හිමෙන් වැසී නිද්‍රාවට පත් වී සිටින ෆූජියේ සුන්දරත්වයයි. සෑම ගිනි කන්දක්ම අභ්‍යන්තරයෙන් පැසුණු ලෝදියෙන් සන්නද්ධ භයංකර කුහරයක් බව සැබෑවකි. එහෙත් ඔබ පය තබන පස් පිඩක් පාසා සිහිපත් කරගත යුතු කරුණක් වන්නේ එකී ලෝදිය නිවී ගිය ඉක්බිති ජීවය අස්වැද්දවිය හැකි ආකාරයේ පාංශු සම්පතක් නිර්මාණය වීමේ හැකියාවෙන් යුක්ත බවයි. එපමණක් නොව ඝනීභවනය වන ලෝදිය විවිධ වර්ගයේ ඛනිජ සංයුතීන් බිහි කිරීමට ද ඉවහල් වන්නේය. සොබාදහම අපූරු කලාකරුවෙකි. ඇතැම්විට ලෝදිය අපූරු රටාවකට ඝනීභවනය කිරීමට සොබාදහම සමත් වේ. Giant’s Causeway යනු එවන් අපූරු ස්වභාවික නිර්මාණයකි. මෙය වර්ෂ 1692දී ඩෙරී නමැති බිෂොප්වරයා විසින් ගවේශනය කරන ලදී.

article

කඳුළු සලමින් පිටියෙන් ඉවත් වූ සලා ලෝක කුසලානයට ක්‍රීඩා කරයිද?

ඕනෑම ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩකයෙකුගේ සිහිනය වන්නේ ලෝක කුසලාන තරඟාවලියකට ක්‍රීඩා කිරීමය. ක්‍රීඩා සමාජ මට්ටමෙන් ක්‍රීඩා කරන විට සිහිනය වන්නේ චැම්පියන්ස් ලීග් ශූරතාවය දිනා ගැනීමය. තමන්ගේ රට ලෝක කුසලාන තරඟාවලියකට සුදුසුකම් ලබා තිබියදී, ලෝක කුසලානය ආරම්භ වීමට සති 3 ක කාලයක් පමණක් ඉතිරිව තිබියදී ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වූවහොත්? තරඟ සමය පුරාවටම චැම්පියන්ස් ලීග් තරඟාවලියේ හොඳින් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායම එහි අවසාන මහා තරඟය කරා ගෙන ඒමට විශාල දායකත්වයක් ලබාදුන් ක්‍රීඩකයෙක් චැම්පියන්ස් ලීග් අවසාන මහා තරඟයේ දී ආබාධයකට ලක්වූවහොත්? මෙලෙස අවාසනාවන්ත ලෙසින් ආබාධයට ලක්වූයේ ඊජිප්තුව සහ ලිවර්පූල් කණ්ඩායම නියෝජනය කරන මොහමෙද් සලා ය.

article

Free VPNවල පරිශීලක දත්ත අවභාවිතාව ගැන TheBestVPN කළ හෙළිදරව්ව

ෆේස්බුක් සමාගමට වග උත්තර බඳින්නට සිදුවූ කේම්බ්‍රිජ් ඇනලිටිකා සිද්ධියෙන් ලෝක ජනතාවගේ සහ නීතියේ ඇස් ඇරුණේ අන්තර්ජාලය හරහා පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත හිතුමතේ සංසරණය වන ආකාරය අවබෝධ වීමෙන්. මේ නිසාම සෑම සේවාවක්ම පාහේ තමන්ගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති (Privacy policy) යාවත්කාලීන කරමින් ඒ බව දැනුම් දෙන්නට පටන් ගත අතර මේ දිනවල ඊමේල් පමණක් නොව, බිස්කට් ටින් එකක් ඇරියත් “We have updated our privacy policy” කියා දකින්නට ලැබෙනවා.

article

End of Articles

No More Articles to Load