Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 වසරේ හොඳම ඇන්ඩ්‍රොයිඩ් Apps සහ Mobile Games

වසරක හා දශකයක අවසානය හමුවේ ඒ වෙත නැවත හැරී බලමින් හොඳම දේවල් ඔබ වෙනුවෙන් පෙරහන් කරන්නට යි මේ සූදානම.

පසුගිය වසරේ අවසන් කාර්තුවේ සිට මේ වසරේ තෙවන කාර්තුව වන විටත් Apps ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් Play Store වෙත එක්ව තිබිණි. එතරම් ප්‍රමාණයකින් හොඳම එකක් බවට තේරීපත් වීම ලෙහෙසි පහසු කාරණයක් නොවේ. ගූග්ල් සමාගම විසින් තෝරන ලද ඒවා ද අඩංගු කර ගනිමින් මේ ලිපිය ගොඩනැඟ‍ේ.

යුද්ධමය ක්‍රීඩාවකින්, Apps අතර යුද්ධයක් ජයගත් Call of Duty

2018 වර්ෂය PUBG අත්පත් කර ගනිද්දී, 2019 වර්ෂයේ හොඳම Game එක සඳහා වූ කිරුළ Battle Royale ද ඇතුළත් කර ගනිමින් නිකුත් වූ CoD වෙත ලැබිණි. ගූග්ල් සමාගම මේ ‍මොබයිල් ගේම් එක “Users’ Choice 2019” සහ “Best Game of 2019” යන කාණ්ඩ දෙකම යටතට යොදා ඉහළින්ම ඔසවා තබනු ලැබීය.

2019 ඔක්තෝබර් පළමු වැනි දා නිකුත් වුණු මෙය, මේ වන විට මිලියන 50 ඉක්මවා බාගත කරගෙන ඇති අතර, මිලියන 6 ඉක්ම වූ පරිශීලක සංඛ්‍යාවක් ලබාදුන් Ratings මතින් 4.5ක අගයක් ලබා තිබේ.

පරිගණක/ කොන්සෝල් සඳහා වූ වෙළුමෙහි තිබුණු සිතියම් මෙන්ම, නව සිතියම් සහ තරග ක්‍රම රැසක් සමග ආ මෙම මොබයිල් වෙළුම නොමිලේම ක්‍රීඩා කරන්නට හැකි වීම ක්‍රීඩා ලෝලීන්ට අපූරු අවස්ථාවක් විය.

පසුගිය හැලොවීන් කාලය පුරාවට ඊට අදාළ තේමාවකින් සැරසිණි. ඔබ මේ ක්‍රීඩාවට අලුත් නම්, අපගේ ‘Call of Duty මොබයිල් සඳහා ඉඟි සහ උපක්‍රම’ ලිපිය ඊට හොඳ ආරම්භයක් දෙනු ඇත.

බාගන්න: Call of Duty – Mobile

පෞද්ගලිකත්වය රකින Jumbo

භාවිතා කරන සේවාවන්ට අනුකූලව පහසුකම් සලසයි (Google Play Store)

ගූග්ල්, ෆේස්බුක් සතුව අපේ පෞද්ගලික තොරතුරුවලින් අසීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඒ රැහැනින් මිදී නිවහල් දිවියක් ගෙවන්නට නම් දැන් පටන් ඊට සූදානම් විය යුතු ය. නැතහොත්, ඔබ හෙට කරන්නට සිටින දේවල්, යන තැන්, ඡන්දය දෙන්නේ කාට ද වැනි සියලු දේ ඔවුන්ට පහසුවෙන්ම අනුමාන කරන්නට හැකි වනු ඇත.

Jumbo යනු මේ සියල්ලට විසඳුමක් ගෙන ආ App එකකි. එය අප භාවිතා කරන Apps පරීක්ෂා කරමින් ඒවායෙන් අපේ දත්ත රැස් කරන ආකාරය විශ්ලේෂණය කොට ඒවා නවතා දමන ආකාරය පිළිබඳව උපදෙස් ලබා දෙයි. පැරණි ෆේස්බුක් පෝස්ට් හෝ ට්වීට් මකන්නට පහසුකම් ලබා දීම, Ads සඳහා දත්ත රැස්කිරීම වළක්වාලීමට, නොදැනුවත්කම නිසා පුද්ගලික දත්ත බැහැරව යාම වළක්වාලීමට එය සහයෝගය ලබා දෙයි.

මේ සියල්ල කරද්දී ඔවුන් මේ දත්ත ලබා නොගනු ඇත්දැ යි ඕනෑම කෙනෙක්ට සැක පහළ විය හැකිය. ඔවුන්ගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියේ විශේෂණය කොට දක්වා ඇත්තේ ඔවුන් දත්ත වි‍ශ්ලේෂණය කරන්නේ දුරකතනය තුළ සිට පමණක් බවත්, ඒවා ඔවුන්ගේ සර්වර් වෙත ලබා නොගන්නා බවත් ය. මෙය The New York Times, Fast Company, TechCrunch, The Verge, Mashable වැනි ඉහළ පෙළ, අන්තර්ජාතික පුවත් වෙබ් අඩවිවල ද පැසසුමට ලක් වූවකි.

බාගැනීමට වැයවන්නේ 3.4 MBක් පමණි.

බාගන්න: Jumbo | iOS සඳහා: Jumbo iOS

වීඩියෝ සංස්කරණයේ හිණිපෙත්තට ආ Inshot Video Editor

විනෝදාත්මක වීඩියෝවල සිට Vlogging දක්වාම පහසුකම් (Google Play Store)

මේ වසරේ ගූග්ල් සමාගමෙහි “Users’ Choice 2019” ජනතා සම්මානයට පාත්‍ර වූයේ Inshot වෙතින් ගෙන ආ Video Editor ඇප් එක යි. මිලියන 10 ඉක්ම වූ බාගත කරගැනීම් සංඛ්‍යාවක් සහ 67,600 ඉක්ම වූ Reviews අතරින් 4.6ක Rating අගයක් ලබා ගන්නට මෙය දැනටමත් සමත්ව තිබේ.

පැරණි VHS වීඩියෝ ආකාරයට, Noise හා Glitches සහිතව වීඩියෝ රෙකෝඩ් කිරීමට හා සැකසීමට, වීඩියෝ සංස්කරණයට, YouTube හා IGTV වැනි සේවාවන්ට ගැළපෙන පරිමාණයෙන් යුත් වීඩියෝ සැකසීමට ඇතුළු පහසුකම් රැසක් මෙය නොමිලේම සපයයි. එනිසා කුඩා වීඩියෝවක් සංස්කරණය කිරීමේ සිට Vlogging කරන කෙනෙක් දක්වාම පුළුල් විශේෂාංග ප්‍රමාණයක් ලබා දීමට මෙය සමත් වෙයි.

බාගත කිරීමට වැය වන්නේ 12 MBක් පමණි.

බාගන්න: Video Editor – Glitch Video Effect, Movie Maker

මේ වසරේ හොඳම නව සමාජ ජාලය වූ Ablo

මැසේජ් පරිවර්තනය කිරීමේ විශේෂාංගයක් (Roar/@thambaru)

ගූග්ල් සමාගමේ Best App of 2019 හෙවත් වසරේ හොඳම App එක වශයෙන් පිදුම් ලද්දේ Ablo නමැති සමාජ ජාලයකි. මෙය අහඹු ලෙස ලොව විවිධ රටවල සිටින මිතුරු මිතුරියන් හමුවීමටත්, ඔවුන් සමග කතාබහ කිරීමට අවස්ථාව සලසා දෙයි. ෆේස්බුක්වලට වඩා මෙහි ඇති විශේෂත්වය නම් ඔබ දන්නා කියන අයටම සීමා නොවී අලුත් විදේශීය මිතුරන් හඳුනාගන්නට අවස්ථාව සැලසීම යි. මෙහි ඇති තවත් අපූරු විශේෂාංගයක් නම්; මැසේජ් පරිවර්තනය කළ හැකි වීම යි.

ලෝකය වටා ගමන ආරම්භ කරන්නට ප්‍රථම එය අවවාදයක් ලබා දෙයි. ඒ, ආලවන්ත හැඟීම් පෑම (flirting), ඡායාරූප හෝ පුද්ගලික විස්තර ඉල්වීම, ලිංගික වශයෙන් අයුතු යෝජනා කිරීම, බැණවැදීම, ජාතිවාදී හෝ ප්‍රචණ්ඩක්‍රියා කිරීම, ස්පෑම් කිරීම යනාදියෙන් වළකින ලෙස යි. එයට අනුගත නොවුණහොත් පෑල දොරින් පිටමං කරන්නට සිදුවන බවත් ඔවුන් සඳහන් කරයි. නව සමාජ ජාලයකට කෙනෙක් පිවිසීමට අකමැති ප්‍රධානම හේතූන් ඒවා ය. මේ අනතුරු හැඟවීම සිත නිදහස් කරවයි.

අප මෙය අත්හදා බලන වේලාවේ ඉන්දියානු මිතුරෙක් වෙත යොමු කෙරුණු අතර, පුදුමයකට හේතු වූයේ ඔහු ද රචකයෙක් බවත්, ගූග්ල් මෙය තෝරාපත් කරගත් බව දැක අත්හදා බැලීමට පැමිණ සිටි බවත් පැවසීම යි. මේ ලිපිය වෙනුවෙන් එහි පරිවර්තන හැකියාව ඇගයීමට අවශ්‍ය වූ බැවින් මා ඔහුට සිංහලෙන් සරල වාක්‍ය දෙකක් යැවූ අතර, ඒවා සාර්ථකව ඉංග්‍රීසියට පරිවර්තනය වන අයුරු දෙදෙනාටම දැකගත හැකි විය. 

අප මව්බස සංකීර්ණ බැවින්, සංකීර්ණ වාක්‍ය ගැන එතරම්ම සුබදායී බවක් අපේක්ෂා කළ නොහැකි නමුත් මැසේජ් එකක් පාසා Google Translator වෙත පේස්ට් නොකොට, භාෂා බාධකය බිඳිමින් Ablo මඟින් නව මිතුරු මිතුරියන් හඳුනාගත හැකි වීම සතුටට කරුණකි. Chat කිරීම් සඳහා මෙහි ලකුණු දීමේ පටිපාටියක් ද තිබේ.

බාගන්න: Ablo – Make new friends from all over the world

දුරකතනයට Mario Kart ගෙන ආ Mario Kart Tour

දුරකතනයෙන් Kart පැදීමට අවස්ථාව (Google Play Store)

Kart යනු රේසිං සඳහා ගන්නා කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් බවත්, මෙරට පවා එය ප්‍රචලිත ක්‍රීඩාවක්ව ඇති බවත් ඔබ දන්නවා ඇති. විශාල ප්‍රමාණයේ රේසිං කාර් පැදීමට අවස්ථාව පරිගණකයෙන් මෙන්ම Asphalt වැනි මොබයිල්‍ ගේම්වලින් ලැබුණ ද Karting සඳහා වූ සාර්ථක ඇප්ස් ඉතා සීමිත ය.

Mario Kart යනු 1992 දී Nintendo වෙතින් හඳුන්වාදුන් ක්‍රීඩාවකි. එය දුරකතනයෙන් ද ක්‍රීඩා කිරීමට මේ ඇප් එක සමග අවස්ථාව ලැබී තිබේ. නව කාට්ස්, රියදුරන්, බැජ් පළඳනා ආදිය එකතු කරමින් ලෝක සවාරියක් යන්නට මෙමඟින් හැකියාව ලැබෙන අතර, වෙනත් රටවල ක්‍රීඩකයන් හා තරග වදින්නට (Multiplayer) මින් අවස්ථාව උදා වේ. එනිසාම මෙය ක්‍රීඩා කරන්නට අන්තර්ජාල සබඳතාවක් හා Nintendo ගිණුමක් අවශ්‍ය වේ.

Play Store හි Editor’s Choice ගෞරව නාමයට හිමිකම් කියන මෙය මිලියන 50ක බාගත කරගැනීම් ඉක්මවා තිබේ. මෙය බාගැනීමට ‍120 MBක් වැය වේ.

බාගන්න: Mario Kart Tour | iOS සඳහා: Mario Kart Tour iOS

මේ හැර ඔබට 2019 වසරේ දී හමු වූ තවත් හොඳ Apps, Games තිබෙනවා ද?

කවරය: blog.google

Related Articles