Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොක්ඩවුන් එකේ Club යමු ද?

කාලයත් එක්ක හැමදේම අලුත් වෙනවා වෙනස් වෙනවා. මේ ගෙවන අඳුරු සහ අපහසු කාලයේ හිත නිදහස් කරගන්න club යමු ද? මේ කියන්න යන්නේ සෞඛ්‍යාරක්ෂිත ව යාළුවො එක්ක කතාබහ කරන්න ඔබත් මමත් දවසේ වැඩි හරියක් ගෙවන සමාජ ජාලා වලට අලුතෙන් ම එකතු වෙන Audio room පහසුකම සහ එහි ආරම්භකයා ගැනයි. 

Club නොයා Clubhouse යමු ද?

Clubhouse: Drop-in audio chat කියන්නේ එක්තරා විදිහකට මේ audio rooms සංකල්පයේ ආරම්භකයා විදිහටත් හඳුවන්න පුළුන්. 2020 මාර්තු මාසයේ ඉදන් ආරම්භ වුණු මේ අලුත් Platform එක VIP platform එකක් විදිහටයි මුල් කාලයේ හැඳින්වූවේ. ඒකට හේතුව වුණේ මෙය මුලින් ම භාවිත කර බලන්න අවස්ථාව ලැබුණේ iOS (Apple දුරකථන) පරිශීලකයන්ට වීමත්, Clubhouse Platform එක invite only එහෙම නැති නම් දැනටමත් සාමාජිකත්වය දරණ පුද්ගලයකුගේ රෙකමදාරු කිරීමක් මත පමණක් මේ වෙත සම්බන්ධ වෙන්න හැකිවෙන නිසා.

 සමාජ ජාලා පෙරළි කරන Clubhouse – bbc.com 

කොහොම වුණත් පසුගිය දවසක Clubhouse එකේ දොරටු Android පරිශීලකයන්ටත් විවෘත වුණා. මේ ආරංචිය එක්ක ලෝකය පුරාම ඉන්න Android දුරකථන භාවිත කරන පිරිස් මිලියන ගණනක් මේ වටා එක් වෙන්න පටන් ගත්තා. මේ සාමාජිකයන් ගේ වැඩිවීම Clubhouse Platform එකට දරාගන්නත් අපහසු වුණා. විටින් විට app එක crash වෙන්නත් පටන් ගත්තා. ඔබ මෙම ලිපිය කියවනකොටත් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මෙහි නිර්මාපකයන් අතින් පිළියෙල වෙමිනුයි තියෙන්නේ. අද වෙද්දී ශ්‍රී ලංකාවේ සාමාජිකයන් Clubhouse වටේ එකතු වෙලා ඉන්නවා. විශාල වශයෙන් දැනුම බෙදාගන්නත් මිතුරන් හදාගන්නත්, ඔවුන් සමඟ කුලුපග වෙන්නත් මේ platformඑක අපුරු තැනක් කියලයි අපේ අදහස.

මිතුරන් හදාගන්නත්, දැනුම බෙදාගන්නත් අපූරු තෝතැන්නක්- howtogeek.com

Clubhouse එක සාමාන්‍ය සමාජ මාධ්‍ය ජාලයක වගේම ඔබට එකිනෙකා Follow කරන්න පහසුකම ලබාදෙනවා. Public Room එකක් නිර්මාණය කරගෙන ඔබට එහි ඉන්න සහෘද සාමාජිකයන් සමඟ ඔබේ අදහස් බෙදාගන්න පුළුවන්. ඒවගේම ඔබට අවශ්‍ය නම් ඔවුන් සමඟ පෞද්ගලික ව කතා බහ කරන්න Private rooms එහෙම නැති නම් Members Only rooms හදාගන්නත් පුළුවන්. තව දුරටත් ඔබ කැමති නම් ඔබටම කියලා මේ අවකාශයේ Club එකක් විවෘත කරගන්නත් හැකියාව තියෙනවා. ඒ Club එක follow කරන ඕනෑම කෙනකුට ඔබ එහි Room එකක් ආරම්භ කරන විට notification එකක් ඉබේම යැවෙනවා.

කොහොම නමුත් දැනට නම් සාමාජිකයන් අතර පණිවිඩ හුවමාරු කර ගන්න පහසුකමක් Clubhouseවල නැතත් ඉතා ඉක්මනින් ඒ පහසුකමත් මේ වෙත ලැබේවි. ඔබත් කැමති නම් Clubhouse අත්හදාබැලීම් කරන්න මෙතනින් ඔබට Waiting list ඉන්නේ නැතුව කෙළින් ම join වෙන්න පහසුකම තියෙනවා. 

Clubhouse ගැන මේ සිංහල වීඩියෝවෙන් ඔබට ඒ ගැන තවත් දැනුම්වත් වෙන්න පුළුවන්.

අනිත් සමාජ ජාලා වලටත් බෝ වුණ Audio Room trend එක 

Clubhouse ව්‍යාපාර මොඩලය අතිශයින්ම සාර්ථක වන බව දුටු අනෙක් සමාජ මාධ්‍ය ජාලා ඔවුන්ගේ වෙබ් අඩවි වෙතත් මෙම පහසුකම එකතු කිරීමට උත්සුක වුණා. Twitter Spaces, Facebook Audio Podcasts, Spotify (Green Room), Reddit talk, Telegram Voice Chat විතරක් නෙමෙයි Discord වැනි සේවා පවා අලුතෙන් Clubhouse මොඩලයේ පහසුකම් හඳුන්වා දුන්නා. කතා බහා කරන්න වගේම විවිධාකාර ගීත වගේ දේවල් stream කරන්නත් එහි ඔබට හැකියාව තිබෙනවා. කොටින්ම කිව්වොත් ඔබට ඔබේම Radio channel එකක් ආරම්භ කරා වගේ අත්දැකීමක් ලැබේවි. හැබැයි ඉතින් තවමත් Clubhouseවල copyrights ගැන නම් විශාල කතාබහක් ගොඩ නැගෙන්නේ නැහැ. මේ වෙද්දී අමෙරිකා ඩොලර් බිලියන 4කටත් වඩා වත්කම් තියෙන Clubhouse ඔස්සේ ඉදිරියට ඔබ කැමතිම Speakerට donate කිරීමේ පහසුකම් පවා ඇතුළත් කිරීමට නියමිත් බව නිර්මාපකයන් සඳහන් කරනවා.

Clubhouse පරදවන්න එන Spotify Greenroom – Theverge.com  

කොහොම වුණත් ඔබ මේ සේවා අත්හදාබැලීම් කරනවා නම් අනිවාර්යෙන්ම අදාළ සේවාවේ Community standards ගැන යම් අවබෝධයක් ලබා ගන්න එක ගොඩක් වටිනවා. විශේෂයෙන් ඔබ Clubhouseවල Community standards කැඩුවොත් ඔයාට වගේම ඔයා platform එකට recommend කරපු කෙනාටත් blackmark එකක් එකතු වෙන බව මතක තියා ගන්න. ඔයාලට මේ platform ගැන වෙන් වෙන් වශයෙන් වැඩිදුර දැනගන්න ඕනේ නම් අපිට ඒ ගැන කියන්නත් අමතක කරන්න එපා. ඔයාලා දැනටමත් මේ පහසුකම් අත්හදාබැලීම් කරනවා නම් පහළ comment section එකේ අපි එක්ක ඒ අත්දැකීම් බෙදාගන්න ඔබට පුළුවන්.

කවරයේ ඡායාරූපය: Club නොයා Clubhouse යමු ද? - outlookindia.com

මූලාශ්‍ර:

Youtube.com 

Theverge.com 

Joinclubhouse.com 

Pcmag.com 

Fortune.com 

Bbc.com 

Related Articles