Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැඩ පහසු කරන හොඳ ම Android apps 

අපි හැමෝගෙ ම එදිනෙදා ජීවිතේ වැඩි වෙලාවක් අතේ ම ගැවසෙන දෙයක් බවට ජංගම දුරකථනය පත් වෙලා. මේ දුරකථනයට දාගෙන ඇත්තට ම smart වෙන්න පුළුවන් විශේෂ apps කිහිපයක් ගැන තමයි අද අපි මේ ලිපිය හරහා ඔබට කියන්නේ. මෙහි සඳහන් කරන බොහොමයක් apps (යෙදුම්) මේ ලිපිය ලියන මාත් පුද්ගලිකව භාවිත කරන බව කියන්නම ඕනේ. 

ජංගම දුරකතනයයි පරිගණකයයි සම්බන්ධ කරන Clipt  

ඔබ Mac / iOS උපාංගවල තිබෙන විශේෂ පහසුකමක් තමයි ඔබේ මැක් පරිගණකයෙන් copy කරන දෙයක් එසැනින් ඔබට අවශ්‍ය නම් තවත් apple උපාංගයක paste කරන්න තියෙන හැකියාව. දැන් ඔබේ android දුරකතනයටත් මේ පහසුකම ලබාගන්න පුළුවන්. මේ යෙදුමේ නම තමයි Clipt.  Play Store හරහා ඔබේ දුරකථනයත් Browser extension එකත් (ඔබ භාවිත කරන browser එකේ store එකෙන්) install කරගෙන එකම Google ගිණුමක් හරහා ගිණුමක් හදාගන්න විතරයි ඔබට තියෙන්නේ. ඔබට අවශ්‍ය විදිහට එවෙලේ ම ඕනෑම දෙයක් ඔබේ devices හරහා ඉතා ඉක්මනින් හුවමාරු කරගන්න පුළුවන්. Text විතරක් නෙමෙයි අවශ්‍ය ඕනෑ ම file එකක් ඉතා ඉක්මනින් හුවමාරු කරගන්න මේක හොඳ ම ක්‍රමවේදයක්.

Clipt පරිගණක Extention එක-Screenshot 

ඔබේ දුරකතනය Web cam එකක් කරමු ද?

පවතින වසංගත තත්වය එක්ක දුරස්ථ ව අධ්‍යාපනය ලබන එහෙම නැති නම් දුරස්ථ ව රාජකාරි කරන ඔබට Zoom meetings වැනි දේ සඳහා සම්බන්ධ වෙන්න Web Camera එකක් අවශ්‍ය වෙනවා. මේ app එක හරහා ඔබට ඔබේ දුරකථනය ම වෙබ් කැමරා එකක් විදිහට භාවිත කරන්න හැකියාව ලබා දෙනවා. ඉතා ම සරලව සම්බන්ධ වෙන්න අවශ්‍ය පරිගණකයට මෙහි මෘදුකාංගය install කරලා ඔබේ දුරකතනයට app එක දාගෙන ඉන්ටෙර්නෙට් පහසුව ලබා දෙන්න විතරයි ඔබට තියෙන්නේ. 

හරි ම පහසුවෙන් ඔබේ දුරකථනය වෙබ් කැමරාවක් කර ගන්නේ මෙහෙමයි :

 

Spotify advertisement mute කරමු ද?

Spotify streaming සේවාව පසුගිය දිනෙක නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා. ඊට පෙර අපට මේ සේවාව භාවිත කරන්න VPN එකක් සහ වෙනත් රටක ගිණුමක් අවශ්‍ය වුණා.  අනෙක් streaming සේවාවන්වලට වඩා spotify සේවාවේ වෙනස වෙන්නේ ඕනෑම කෙනකුට ගීතවලට නොමිලේ  සවන්දෙන්න පහසුකම් ඒ හරහා සැපයීමයි. නමුත් ගීත නොමිලේ අහන ඔබට විටින් විට වෙළෙඳ දැන්වීම්වලට නම් සවන් දෙන්න වෙන එක වලක්වන්නට විදිහක් තිබුණේ නැහැ. දැන් ඔබට පුළුවන් ඔබේ රසවින්දනයට බාධා කරන මේ කරදරකාරී ඇඩ්ස්වලින් මිදෙන්න.  මේ app එක හරහා වෙන්නේ ඔබ ගීත රස විඳින අතර play වෙන ඇඩ්ස් නිහඬ කිරීම පමණයි. කිසිම විදිහකට මෙයින් ඇඩ්ස් එන එක නවතින්නේ නම් නැහැ. එත් බාධාකාරී ඇඩ්ස් ඇහෙනවට වඩා නිහඬ වෙන එක ඔබට සැනසිල්ලක් වේවි. 

 කරදරකාරී ස්පොටිෆයි ඇඩ්ස් මියුට් කරමු – Playstore.com 

වාසි ගොඩක් එකම තැනක BitLit

Android දුරකතනයක් භාවිත කරන බොහෝ දෙනෙක් මේ දුරකථනය customization කරගන්න ලොකු ආසාවක් දක්වනවා.  නමුත් සමහර වෙලාවක ඒවගේ දෙයක් කරගන්න අවශ්‍ය වෙන icon packs, Launchers වගේ දේවල් මිලෙන් ටිකක් වැඩි. මේ app එක කරන්නේ එවැනි මිලෙන් වැඩි apps giveaways තියෙන අවස්ථා වගේ දේවල් BitLit app හරහා ඔබට දැනුම් දෙනවා. ඊට අමතරව App Updates, SALEs, Giveaways වගේම නව apps වගේ දේවල් play store එකට නිකුත් කරද්දීත් ඔබට ඉතා ඉක්මනින් මේ app එක හරහා දැනගන්න පුළුවන්. 

BitLit app එකේ පහසුකම් ගැන වැඩි විස්තර – Playstote.com

කාටත් කලින් Appsවලට එන Beta Features ඔයාගේ phone එකටත්?

ඔබත් මේ ලිපිය ලියන මං වගේ ගොඩක් appsවල Beta සංස්කරණ අත්හදා බලන testing programs එක්ක සම්බන්ධ වෙන්න කැමති නම් මේ app එක ඔබ අතිශයින් ආස කරන app එකක් බවටත් පත් වෙන බව නො අනුමානයි.  Beta Maniac – Life of a beta tester App එක හරහා ඔයාලට පුළුවන් ඕනෑ ම app එකට Beta test සඳහා සම්බන්ධ වෙන්න. ඒවගේම තවමත් Beta සංස්කරණ ලබා නොදුන්න apps ඔයා ගේ දුරකතනයේ තියෙනවා නම් මේ app එක හරහා ඒවායේ Beta වැඩසටහන් ආරම්භ කළ වහාම notification එකක් මගින් ඔබ දැනුම්වත් කරනවා. හිතන්න ඔබට අවශ්‍යයි කියලා යම් app එකක Beta සංස්කරණය ලබා දෙන වැඩසටහනකට එකතු වෙන්න. හැබැයි ඒ සංස්කරණය ලබාදෙන slots ගාන සම්පුර්ණ වෙලා නම් ඔබට සම්බන්ධ වෙන්න බැහැ. හැබැයි මේ app එක ඔබේ දුරකතනයේ තියෙනවා නම් ඒ appsවල slot එකක් හිස් වුණ ගමන් ඔයාට පුළුවන් ගිහින් අදාළ slot එක පුරවලා Beta සංස්කරණ ලබා ගන්න.  පෞද්ගලිකව මේ මං කවදාවත්ම Uninstall නොකරන app එකක්. 

කවදාවත් ම Uninstall නොකරන app එක Beta Maniac-Playstote.com

Apps බර ගණනක් එක පාර ඉවත් කරන පහසුකම් දෙන  UnApp

සාමාන්‍යයෙන්  මං පෞද්ගලිකව විවිධාකාර වැඩවලට නානාප්‍රකාර apps විශාල ප්‍රමාණයක් දුරකතනයට install කර ගන්නවා. බොහෝ විට ඒ app එක භාවිත වෙන්නේ ඒ එක අවස්ථාවකට විතරක් ම වෙන්නත් පුළුවන්. ඒවෙලේ ම Uninstall කරන්න අමතක වුණොත් ඒවගේ apps සෑහෙන්න ගොඩකින් අපේ දුරකථනය පිරිලා යනවා වගේම slow වෙලා අපේ දිනපතා වැඩ කරගන්න බැරි මට්ටමකට එන්නත් පුළුවන්. UnApp — Batch Uninstall Multiple Apps, Uninstaller කියන්නේ මේකට තියෙන හොඳ ම විසඳුම. එකපාර ඔබට අවශ්‍ය නැති apps සියල්ල ම select කරලා එක tap එකින් ඔක්කොම ඔබේ දුරකතනයෙන් ඉවත් කරන්න මේ app එක ඔබට පහසුකම් සපයනවා. 

Apps බර ගණනක් එක පාර ඉවත් කරන පහසුකම් දෙන  UnApp

මේ වගේ app ගැන ලිපි කියවන්න කැමති නම් ඒ ගැන අපිට කියන්න අමතක කරන්න එපා. ඒවගේ ම ඔබ දන්නා ඕනෑම කෙනකුට වැදගත් කියලා හිතෙන apps තියෙනවා නම් ඒවා ගැනත් අපිට කියන්න. එහෙම නැති නම් ඔබ app develop කරන කෙනෙක් නම් ඔබේ app එකත් ඉදිරි ලිපියක දී සඳහන් කරන්න අපි කැමතියි. ඒ සියලු විස්තර අපිට පහල comment section එකේ කියන්න අමතක කරන්න එපා.

මේ හා සබැඳි ලිපි පහතින් ඔබට තවත් කියවන්නට පුළුවන්. 

දන්න – නොදන්න Music Streaming සේවාවන්

Android දුරකතනයට හොඳම apps 

කවරයේ ඡායාරූපය - guidingtech.com 

මූලාශ්‍ර:

Onelab.studio 

Play.google.com   

Youtube.com 

Related Articles