Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Telegram රහස්, ට්‍රික්ස් සහ භයානක වෛරස්?

Active user ලා ගේ ගණන මිලියන 500 කට වඩා තියෙන ලෝකයේ අතිශය ජනප්‍රිය ම පණිවිඩ හුමාරු කරනා ක්‍රමවේදයක් තමයි Telegram කියන්නේ. ඔබේ පරිගණකට ජංගම දුරකථනයට වගේම ඕනෑම උපාංගයකට භාවිත කරන්න පුළුවන් නිසා වගේම මේ ප්ලැට්ෆෝර්ම් එකේ කරන්න පුළුවන් සුවිශේෂී දේවල් නිසාත් බොහෝ දෙනකු ගේ අවධානය ටෙලිග්‍රෑම්වලට යොමු වුණා. පසු ගිය වසර තුළදී පමණක් මිලියන 100 කට ආසන්න නව පරිශීලකයන් ප්‍රමාණයක් Telegram වෙත එක් වෙලා තියෙනවා. ටෙලිග්‍රෑම්වල රහස් ගැන වගේ ම මේ වෙද්දී Telegram හරහා පැතිරෙන භයානක වෛරසයක් ගැනත් මේ ලිපිය හරහා අපි ඔබට කියනවා.

අතිශය රහසිගත ටෙලිග්‍රෑම් සහ ඔබේ පෞද්ගලිකත්වය?

ලෝකයේ Telegram ජනප්‍රිය වෙන්න ලොකු ම හේතුවක් වෙන්නේ ඒ සමඟ ඔබට ලැබෙන ආරක්ෂණය කිව්වොත් අපි නිවැරදියි. කිසිම සමාගමකට හෝ තුන්වන පාර්ශවයකට Telegram හරහා හුවමාරු වන ඔබේ පණිවිඩ සහ සාකච්ඡා බැලීමට නොහැකි වන ලෙස end-to-end encryption තාක්ෂණය එහි භාවිත කෙරෙනවා. ඔබට මතක ද 2018 වසරේදී රුසියාව Telegram ban කිරීමට කටයුතු කළා? ඒ ඔවුන් මේ end-to-end encryption එකේ key එක ලබා ගැනීමට කළ ඉල්ලීමක් Telegram සමාගම ප්‍රතික්ෂේප කිරීමයි. ඉතින් Whatsapp භාවිත කරලා ඔබ ට්‍රැක් කරනවා වගේ බයක් දැනෙනවා නම් වහාම Telegramවලට මාරු වෙන්න කියලා මා යෝජනා කරනවා. ඊට අමතර ව Two step verification වගේ පහසුකම් පවා මේ සමඟ ඔබට හිමි වෙනවා.

 Telegram පහසුකම් එක පෙළට – theprint.in

1.Secret chats සහ Self-destruct timers

කිසිම විදිහකට Screenshot හෝ Forward කිරීමක් කළ නොහැකි ලෙස තවත් කෙනකු සමඟ ඔබට කතා බහ කිරීමට අවශ්‍ය නම් මේ පහසුකම ඔබට වැදගත් වේවි. ඔබේ අතිශය පෞද්ගලික දේවල් යම් අයකු සමඟ බෙදා ගැනීමට අත්‍යවශ්‍ය නම් මේ ඔබට එය සිදු කළ හැකි හොඳ ම ආරක්ෂිත ක්‍රමවේදයක් බව අපට විශ්වාසයි.
තවත් ඔබට අවශ්‍ය නම් Self-destruct timers පහසුකමක් හරහා ඔබ යවන පණිවිඩ ඔබ තීරණය කරන කාලයක දී ඉබේ ම මැකී යන ලෙස settings සකස් කරන්නත් ඔබට පුළුවන්.

2.Larger file size

ඔබ දැනටමත් Telegram භාවිත කරන කෙනෙක් නම් විශාල ගොනු යැවිය හැකි හොඳ ම ක්‍රමවේදයක් ලෙස මෙය භාවිත කරනවා වෙන්නට පුළුවන්. 2GB පමණ විශාල ගොනුවක් වුණත් ඉතාම පහසුවෙන් මේ හරහා එක අයකුට හෝ විශාල පිරිසක් ඉන්න Group එකට වුණත් යවන්න නම් පහසුම ක්‍රමය Telegram බව ඔබ මතක තියා ගන්න. Films, Games Tv series වගේ දේවල් download කරන්න බොහෝ දෙනෙක් Telegram භාවිත කරන්නේ ඒ නිසාවෙන් ම තමයි.

3.Media Edit කරන්න Telegram?

ඕනෑම ඡායාරූපයකට හෝ වීඩියෝවකට animated stickers එකතු කරන්න වගේ ම ඉතා පහසුවෙන් Video එකක් වුණත් අවශ්‍යය ආකාරයට brightness, saturation වෙනස් කරගන්න ඔබට පුළුවන් බව ඔබ දන්නවද?

4. එකවර උපාංග රැසක භාවිතය?

මේ යෙදුම cloud based නිසාවෙන් එකවර උපාංග කිහිපයක කිසි ම ගැටලුවකින් තොරව වෙන වෙන ම භාවිත කරන්නත් අවශ්‍ය නම් එකම app එක තුළ විවිධ දුරකථන අංකවලින් ගිණුම් රාශියක් නිර්මාණය කරගන්නත් ඔබට පහසුකම තියෙනවා. iOS (9.0 සිට ඉහළට), Android (4.1 සිට ඉහළට) සහ Windows Phoneවල වගේ ම ඔබට අවශ්‍ය නම් Telegram web එක හෝ Windows, macOS සහ Linux සඳහාත් telegram desktop app එක install කරගන්න පුළුවන් වෙනවා. ඔබට වෙනත් platform එකක් සඳහා telegram applications නිර්මාණය කිරීමට අවශ්‍ය නම් developerවරුන් සඳහා API එකත් ඉතාප පහසුවෙන් ඔබට ලබාගන්න පුළුවන්.

5.එකවර 1000 කට Video Call ගන්න?

මේ සමයේ Video conversation ගැන බොහෝ දෙනෙක් දැඩි අවධානය යොමු කරනවා. Telegram සමාගම මෑතක ලබාදුන් 30 දෙනකුට සම්බන්ධ වෙන්න පුළුවන් Video Call පහසුකම වැඩි දියණු කරමින් 1000කට එක ඇමතුමකට සම්බන්ධ වෙන්න හැකි ලෙස පහසුකම් ලබා දෙන්න තීරණය කරලා තිබෙනවා. සමාගමකට සහ පාසල්වලට මේ පහසුකම නම් බොහෝ වටිනා බව අපිට විශ්වාසයි. Group Video Calls 2.0 ලෙසයි ඔවුන් මේ පහසුකම හඳුන්වන්නේ.

6.Search කරලා හොයා ගනිමු ද?

Telegram සමඟ ඔබට එන searching පහසුකම තවත් විශේෂ දෙයක් විදිහට හඳුවන්න පුළුවන්. ඔබට අවශ්‍ය දෙයක් search පහසුකම මගින් search කරලා හොයාගන්න ඔබට පුළුවන්. චිත්‍රපටයක්, ටීවී සීරිස් වගේ දේවල් විතරක් නෙමෙයි පරිගණක ක්‍රීඩා Documentary ඇතුළු එකී මෙකි නොකී බොහෝ දේ මේ විදිහට හොයා ගන්න පුළුවන් වගේ ම අවශ්‍ය Groups, Chanelsවලටත් සම්බන්ධ වෙන්න ඔබට ඉතා පහසුවෙන් පුළුවන්.

7. 200,000 කට group එකක්? Unlimited subscribers ලා?

ඔබ දන්නවද Telegram Chat Group එකකට සාමාජිකයන් ලක්ෂ දෙකක් එකතු කරගන්න ඔයාට පුළුවන්. ඔයා හදන්නේ chanel එකක් නම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් සාමාජික ප්‍රමාණය සීමාවක් නම් නැහැ. මේ සීමාවන් ගැන වැඩි දුර විස්තර ඕනේ නම් limits.tginfo.me වෙබ් අඩවියෙන් ඒ හැම දේ ම දැනගන ඔබට පුළුවන්.

ඒ මදි නම් මෙන්න තව පහසුකම්:

Fatal RAT භයානක Trojan වෛරසය

Telegram හරහා පැතිරෙන Trojan වර්ගයේ වෛරසයක් පිළිබඳ ව AT&T Alien Labsවල security researcherලා පිරිසක් පසුගිය දිනෙක අනාවරණය කිරීමක් සිදු කළා. FatalRAT නමින් හැඳින් වෙන මෙම වෛරසය Telegram Channels සහ Group හරහා පැතිරෙන බව තමයි දනට අනාවරණය ව තිබෙන්නේ. මේ වෛරසය පහසුවෙන් පරිශීලකයන් සහ සාමාජිකයන් අතර පතුරවන්න පුළුවන් වෙන්නේ Telegram Channels සහ Groupවල ඇඩ්මින්වරුන්ට වීම විශේෂයක්. ප්‍රධාන වශයෙන් Windows මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කරගෙන නිර්මාණය ව තිබෙන මෙම වෛරසයට ඔබේ Windows registry ය වෙනස් කිරීමට පවා හැකියාව තිබෙනවා.

කියන තරම් මේ මීයා භයානක ද ?- news.softpedia.com

 

ඊට අමතර ව Keylogger එකක් ලෙස ක්‍රියාත්මක ව ඔබගේ passwords, credit card තොරතුරු සොරා ගැනීමත්, අදාළ වෛරසය පතුරුවන පුද්ගලයාගේ අවශ්‍යතාව මත වෙනත් files download කර install කිරීම වැනි දෑත් සිදු කළ හැකි වෙනවා. ඊටත් අමතර ව අදාළ වෛරසය පාලනය කරන හැකර්වරයාට අවශ්‍ය නම් ඔබේ Web Browserවලින් user information මකා දමන්න, ඔබේ usernames, addresses, පරිගණකයේ external IP address එක වැනි තොරතුරු ලබා ගන්න මේ හරහා ඒ සියලු හැකියාවන් හැකර්ට හිමි වෙනවා. තව ම නම් මෙයට කිසිම විසඳුමක් නැහැ ඒ නිසා නොදන්නා links click කරද්දී බලාගෙනයි.

මේ හා සබැඳි තවත් ලිපිවලට ඔබට පහතින් පිවිසිය හැකියි: 

ග්‍රීක මිත්‍යාවක් වූ ට්‍රෝජන් යුද්ධය සැබෑවක් ද?

Whatsappවල මේ hacks ගැන ඔබ දන්නවද?

ඔත්තු බලන Pegasus වෛරසය ශ්‍රීලංකාවේ?

කවරයේ පින්තූරය: ජනප්‍රිය ම පණිවිඩ හුමාරු කරනා ක්‍රමවේදයක් තමයි Telegram - breakingviews.com 

මූලාශ්‍ර:
Telegram.org
Technews.lk
Limits.tginfo.me
Cybersecurity.att.com
Theprint.in

Related Articles