ඔබ කෙනෙක්ව බ්ලොක් කළ වහා එසේ කළ බව අදාල පුද්ගලයාට දැනුම් දීමක් සිදු වන්නේ නැහැ. ඔවුන්ට notification එකක් නොලැබෙන නිසා ඒ මොහොතේම දැනගන්නට නොලැබෙන අතර ගිණුමට පිවිසීම් අවහිරවී ඇති බව දැකීමෙන් පමණක් ම බ්ලොක් කර ඇති බව ඔවුන්ට දැකගත හැකි වෙනවා. බ්ලොක් කිරීමෙන් පසු ඔවුන්ව ස්වයංක්‍රීයවම Unfollow වෙනවා. එනිසා නැවත Unblock කළහොත් ඔවුන්ව යළි Follow කළ යුතුවන අතර ඒ පුද්ගලයාට ද නැවත ඔබව Follow කරන්නට සිදු වෙනවා.
මෙම බ්ලොක් කිරීම් පිළිබඳව Instagram app එක තුළින් අන් කිසිවකුටත් දැන ගන්නට හැකියාවක් නොලැබෙන නිසා එම ගිණුම් දෙක අතර රහසක් වශයෙන් එය පවතිනවා.
Account එකේ තත්ත්වය
Instagram යනු ෆේස්බුක් සමාගමේම නිෂ්පාදනයක් සහ ඉතා ළඟින් ක්‍රියා කරන සේවාවන් දෙකක් නමුත් ඉන්ස්ටාග්‍රෑම් එකේ බ්ලොක් කළාම එය ෆේස්බුක් එකට බලපෑමක් සිදු කරන්නේ නැහැ.
Search කරලා හොයාගන්නට නොහැකියි
Block කළාට පස්සේ ඔබටත්, ඔවුන්ටත් එකිනෙකාගේ ගිණුම් Instagram search එක හරහා සොයා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. බ්ලොක් කර මිනිත්තු කිහිපයක් යන තුරු ඇතැම් විට Cache දෝෂ නිසා Search එකෙන් Profile picture එක ආදිය බලාගත හැකි නමුත් පැය කිහිපයක දී හෝ දින කිහිපයක දී එය නැතිව යනවා.
Block කළාට පසුවත් දෙදෙනාටම ගිණුම් දැකගත හැකියි
ඔබ කෙනෙක්ව Block කළාම ඔවුන්ට තවදුරටත් ඔබේ ගිණුමට පිවිස එය බලන්නට පුළුවන්. නමුත් එහි ඇති ඡායාරූප, ස්ටෝරි ආදී කිසිම දෙයක් දකින්නට හැකියාවක් නැහැ. Search එකෙහි නොපෙන්වූවත් මෙලෙස ගිණුමට පිවිසිය හැකි ආකාර ලෙස පෙර දමන ලද comment, tag හෝ Group message දැක්විය හැකියි.
මෙලෙස පිවිසීමෙන් ඔවුන්ට ඔබේ profile picture එක, bio, ඡායාරූප සංඛ්‍යාව, follower/following සංඛ්‍යාවන් දැකගන්නට පුළුවන්. නමුත් ඉතිරි කොටස් සියල්ලම හිස්ව පෙන්වන නිසා ඉන් එපිට යමක් බලා ගන්නට නොහැකියි. ඔවුන්ට පමණක් නොව, බ්ලොක් කළ ඔබටත් ඔවුන්ගේ ගිණුමට පිවිසුණු විට දැකිය හැක්කේ මේ සීමාවන් යටතේ යි.
Profile Picture එක මාරු කරද්දී දැකිය හැකියි
බ්ලොක් කරන ලද පුද්ගලයාට, ඊට පෙර ඔබ පළ කළ Comment එකකින් හෝ Message එකකින් ඔබේ ගිණුමට පිවිසීමට හැකියාව ලැබුණොත් ඔබේ Profile Picture එකෙහි සිදුවන වෙනස්කම්, Bio එකේ වෙනස්කම් දැකගන්නට හැකියාව තිබෙනවා. Profile එක Private කළත් මේ දත්ත දැක ගැනීමට අවස්ථාව තිබෙනවා.
Public ගිණුමක් නම් වෙනත් ක්‍රම වලින් බලන්න පුළුවන්
ඔබේ ගිණුම Private account එකක් බවට පත් කර නොමැති නම් වෙනත් ගිණුමක් සකසාගෙන පැමිණ බ්ලොක් කරන ලද කෙනාට නැවතත් ඔබේ ඡායාරූප දැකගන්නට පුළුවන්. එසේම Sign In නොවී වෙබ් සේවාව හරහා ද ගිණුමේ සියළු ඡායාරූප දකින්නට හැකියාව තිබෙනවා.
Likes සහ Comments
බ්ලොක් කළාට පසු Like, Comment කිරීමේ හැකියාව වළකින නමුත් ඊට පෙර දෙදෙනා එකිනෙකාගේ Post වලට දැමූ Comments සහ Likes ඉවත් වන්නේ නැහැ. මේ නිසා ඔබේ Postsවලට ගිය විට එහි ඔවුන් විසින් දමන ලද Comments තවදුරටත් දකින්නට තිබෙනවා. නමුත් Like කරන ලද්දේ මොනවාටදැ යි Unblock කරන තුරු දකින්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මෙම Commentsවල ඇති එම ගිණුමේ නම මත ක්ලික් කිරීමෙන් එම ගිණුමට පිවිසීමට අවස්ථාව තිබෙනවා. එහෙත් අලුත් හෝ පරණ Posts කිසිවක් දැකිය නොහැකි නිසා ඒවාට Likes හෝ Comments දැමීමට අවස්ථාවක් නැහැ. වෙනත් අයගේ ඡායාරූපවලට (Public ගිණුම්වල) ඔබ දමන Likes සහ Comments එම Block කරන ලද පුද්ගලයාට ඇතැම් අවස්ථාවල දී දැකිය හැකි වන අතර, ඔබට ද ඔවුන්ගේ ඒවා දැකීමට හැකියාව තිබෙනවා.
Instagram වල ඇති විශේෂ පහසුකමක් වන්නේ Comment කිරීම පමණක් වෙනමම බ්ලොක් කිරීමට හැකි වීමයි. එසේ කිරීමෙන් පසු ඔවුන්ට අලුතින් කමෙන්ට් කරන්නට නොහැකි වන අතර පැරණි Comments ඉවත් නොවී එසේම පවතිනවා. එසේ කිරීම සඳහා Instagram ඇප් එකේ Settings වෙත ගොස් ඉන් Privacy and Security යටතේ ඇති Comment Controls යන්න තෝරන්න. එවිට ලැබෙන පිටුවේ ඇති Block Comments From යන්නට පිවිසී අවශ්‍ය අයව Add කරන්න.
මැසේජ් කිරීම්
Facebook වල සම්පූර්ණ Account එකම බ්ලොක් නොකර DM හෙවත් මැසේජ් කිරීම පමණක් නවත්වන්නට පුළුවන් නමුත් තවමත් Instagramවලට එවන් පහසුකමක් නැහැ. එනිසා බ්ලොක් කිරීමකින් සම්පූර්ණ ගිණුමම අවහිර වෙනවා. ඒ සමගම මැසේජ් කරන ලද thread එකත් ඉවත් වෙනවා. එනම්, මැසේජ් සියල්ලම සැඟවී ගොස් Unblock කරන තෙක් තවදුරටත් Direct Message පිටුවෙන් මැසේජ් යැවීමට ක්‍රමයක් නැති වෙනවා.
එය සැඟවුණ ද දෙදෙනාටම එකිනෙකාගේ Profiles වෙත ගොස් එහි ඉහළ ඇති තිත් තුනක අයිකනය මත ටැප් කර, Send Message විධානයෙන් නැවත මැසේජ් වෙත පිවිසෙන්නට පුළුවන්. එහි මැසේජ් යවන්නට ද හැකි නමුත් යවන මැසේජ් අනෙකාට නොපෙනෙන නිසා එය නිශ්ඵල කටයුත්තක්. නමුත් Unblock කිරීමෙන් පසු නැවතත් ඒ සියල්ල thread එකේ දැකගන්නට හැකි වෙනවා.
ගිය අවුරුද්දේ Instagramවලට ආ Update එකක් සමග අවසන් වරට online සිටි වෙලාව දැක ගැනීමට අවස්ථාව ලැබුණා. බ්ලොක් කළාට පසු එය enable කර තිබුණත්, දෙපාර්ශවයටම ඒ සම්බන්ධ තොරතුරු දැක ගන්නට හැකි වන්නේ නැහැ.
දෙදෙනාම එකම Group chat එකක සිටිනවා නම් කිසිවකුත් ගෲප් එකෙන් ඉවත් වීමක් සිදු නොවන අතර සාමාන්‍ය පරිදි එහි මැසේජ් යවන්නට හැකියාව තිබෙනවා. අනෙකා විසින් පෙර එවන ලද මැසේජ් එලෙසම පවතින අතර අලුතෙන් දෙදෙනාම යවන මැසේජ් එකිනෙකාට දිස් වන්නේ නැහැ. Unblock කළාට පසු ඒ මැසේජ් ද දැකගත හැකියි.
මේ අනුව බලද්දී, බ්ලොක් කිරීමක් සිදු වන්නේ අදාල ගිණුම් අතර සබඳතා වළකා දමා සාමාන්‍ය එකිනෙකා නොදන්නා ගිණුම් දෙකක් ලෙස වෙන් වෙන්ව පැවතීම බව පෙනී යනවා.