Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බජට් එකට හරියන Wireless Headphone

අපි පෙර ඔබ වෙත ගෙන ආ හොඳම “wireless headphone ගැන ඔබ දන්නවා ද?” ලිපිය ඔස්සේ කතා කළේ මිලෙන් තරමක් වැඩි රැහැන් රහිත headphone පිළිබඳව යි. මේ ලිපිය ඔස්සේ දිගහැරෙන්නේ Budget කාණ්ඩයට අයත් වෙන Wireless Headphone ගැන යි. ඒවායේ දැනට පවතින මිල ගණන් වගේම, එම Headphoneවල ගුණාංග ගැනත් ඔබට මේ ඔස්සේ පැහැදිලි වේවි.

Mpow 059 Bluetooth Headphone

වසර ගණනාවක් ඇමසන් වෙබ් අඩවියේ වැඩිම විකිණුම් සහිත Headphone අතර පළමු තැන රැඳී සිටින Mpow 059 Bluetooth Headphone එක, අද වෙද්දී ලෝකය පුරා බොහෝ දෙනෙක් භාවිත කරන headphone එකක් බවට පත්ව තිබෙනවා. 40mm neodymium driver එකක් සහ CSR chip එකක් අන්තර්ගත මෙය, ඔබට ඉතා හොඳ සංගීතමය අත්දැකීමක් අඩු මුදලකට ලබාදෙන බව යි පරිශීලකයන් පවසන්නේ. සාමාන්‍යයෙන් මෙවැනි උපාංග මිලෙන් තරමක් අඩු නිසා වැඩි වෙලාවක් පැළඳ සිටීම යම් තරමක් අපහසු බව ඔබට සිතෙන්නට පුළුවන්. නමුත්, මෙහි ඇති around-ear cushion design එක එතරම් අපහසුවක් නොදැනෙන බැවින් දිගු වෙලාවක් එය පළඳින්නට ඔබට පහසුකම් සලසනවා. ඔබ Active Noise Cancellation පහසුකම සහිත හෙඩ්ෆෝන් එකක් නම් හොයන්නේ, මේ Mpow 059 ඔබට එතරම්ම ගැළපෙන එකක් නම් නෙවෙයි. Around-ear cushion design එක නිසාවෙන් passive noise isolating එකක් නම් සිද්ධ වෙනවා. කොහොම වුණත්, මේ හෙඩ්ෆෝන් එකේ බැටරිය වරක් සම්පූර්ණයෙන් ආරෝපණය කළ පසු පැය 20ක් පමණ ඔබට මෙය භාවිත කළ හැකි බව යි නිෂ්පාදකයන් සඳහන් කරන්නේ.  

මෙහි දකින්න ලැබෙන ප්‍රධානම අඩුපාඩුවක් හැටියට Build Quality එක දක්වන්න පුළුවන්. තරමක් බාල වර්ගයේ ප්ලාස්ටික්වලින් නිමවා ඇති නිසා මෙහි Durability එක පිළිබඳව යම් යම් ගැටළු මතුවෙන්න ඉඩ තිබෙනවා. ඊට අමතරව මෙහි නිෂ්පාදකයන් පවසන්නේ, පැය දෙකකට වරක් වත් ඔබ හෙඩ්ෆෝන් එක ගලවා කන් දෙකට විවේකයක් ලබාදෙන ලෙසට යි. ඒ අතරතුර cushion සියල්ලම යළි යථා තත්ත්වයට පත් වීම සිදුවෙනවා. මෙහි මිල දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 29ත් 36ත් අතර යි.

Mpow 059 Bluetooth Headphone එක-cbsistatic.com

PANASONIC ErgoFit Earbud

සාමාන්‍යයෙන් තාක්ෂණයට ආස කරන ඔබ PANASONIC ErgoFit Earbud ගැන අසා නොතිබෙන්නට විදියක් නම් නැහැ. සාමාන්‍යයෙන් ඇමසන් වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි ගණනාවක විකිණුම් අතර ඉහළම තැනක් ලබාගන්න PANASONIC ErgoFit Earbud වලට හැකියාව ලැබුණා. ඉතාම අඩු මුදලකට, සාමාන්‍ය ගුණාත්මක බවින් යුතු සංගීතමය අත්දැකීමක් ලබාදෙන්නට මේ උපාංගයට හැකි බව යි අපට දැනගන්නට ලැබුණේ. ඇමරිකානු ඩොලර් 11ත් 13ත් අතර මිලකට මෙය අන්තර්ජාලය ඔස්සේ මිලදී ගන්න ඔබට පුළුවනි.  5Hz සිට 24,000Hz දක්වා Frequency Response එකක් මෙහි තිබෙන බව නිෂ්පාදකයන් සඳහන් කරනවා. ඔබ මූලික අවශ්‍යතා සඳහා ඉතාම අඩු මුදලකට hands free එකක් හොයනවා නම්, මේ PANASONIC ErgoFit Earbud මාදිලිවලින් එකක් ඔබට හොඳටම ගැළපේවි.

Mpow Flame Bluetooth Headphones

ඔබත් අඩු මුදලට Sports මාදිලියක මුදලට හෙඩ්ෆෝන් එකක් හොයනවා නම්, මේ උපාංගය ඔබට අපූරුවට ගැළපේවි. Mpow Flame Bluetooth Headphone එක ඇමරිකානු ඩොලර් 19ත් 22ත් අතර මුදලකට අන්තර්ජාලය ඔස්සේ ඔබට මිල දී ගන්න පුළුවන්. ගෙවන ගානට උපරිම වටිනාකමකින් යුතු පහසුකම් සපයන මෙය, IPX7 Waterproof උපාංගයක් ලෙස තමයි වෙළඳපොළට නිකුත් වෙන්නේ. 11mm dynamic driversවලින් යුතු මේ Bluetooth Headphone එක, මෙම කාණ්ඩයේ වැඩිම විකිණුම් සහිත උපාංග මාදිලියක්. ඉතාම පහසුවෙන් කනේ රැඳෙන ලෙස බාහිර ආවරණයන් සැකසී ඇති මෙය, Unbox Therapy ඇතුළු ප්‍රසිද්ද youtube නාලිකා රාශියක ඇගයීමට ලක් වූ උපාංගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහි බැටරිය එකවරක් ආරෝපණය කළ පසු පැය 7-9ත් අතර කාලයක් ආයු කාලය රඳා පවත්වා ගන්නට සමත්.  CVC 6.0 noise canceling microphone එකක් ඇතුළත් මේ උපාංගයට Active Noise Cancellation පහසුකම නම් නැහැ. ඉතාම හොඳ ගුණාත්මක මට්ටමක මෙහි sounds පවතින බව, පරිශීලකයන් බොහෝ දෙනෙක් සඳහන් කර තිබුණා. 

TaoTronics SoundSurge 60

Hi-Fi Sound සහිත ඉතාම හොඳ හෙඩ්ෆෝන් එකක් විදිහට මේය හඳුන්වන්නට හැකියි. එකවරක් ආරෝපණය කළ පසු පැය30කට ආසන්න කාලයක බැටරි ආයුකාලයක් සහිත මේ උපාංගය බජට් හෙඩ්ෆෝන් අතර ප්‍රධාන තැනක ඉන්නවා. Active Noise cancelling ඉතාම හොඳ මට්ටමින් ක්‍රියාත්මක වෙන මේ උපාංගය කිසිම අපහසුවකින් තොරව දවස පුරාම වුණත් පැළඳගෙන ඉන්න පුළුවන්. 40mm large-aperture driversවලින් සමන්විත මේ උපාංගය තුළින් ඔබට ඉතාම පැහැදිලිව ශබ්දයන්ට හා සංගීතයට සවන් දෙන්න හැකියාව සලසනවා. නවතම Bluetooth 5.0 තාක්ෂණයක් සමගින් නිකුත් වෙන මෙය සතුව cVc 8.0 noise-cancelling microphone එකක් පවතිනවා.

ඉහත මම සඳහන් කරපු හෙඩ්ෆෝන්වලට වඩා නම් මිලෙන් තරමක් වැඩි වුණත්, ඒ ගෙවන ගාණට උපරිම පහසුකම් ලැබෙන බව තමයි බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ. Build Quality එක අතින් ගත්තත්, ඉතාම ඉහළ තැනක තියෙන මෙකී උපාංගය ඇමරිකන් ඩොලර් 72.86ක් පමණ වෙනවා. හැබැයි ඉතින්, මේ හෙඩ්ෆෝන් එක ලංකාවට නම් මේ වෙද්දී අලෙවි නොකරන බව තමයි සමාගම සඳහන් කරන්නේ. ඒ නිසා වෙනත් විකිණුම්කරුවෙකුගෙන් හෝ තෙවන පාර්ශවයක් ලවා උපාංගය ලංකාවට ගෙන්වා ගන්න ඔබට සිදුවෙනවා. 

Related Articles