Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙවර Galaxy S22 Unpacked event එක සැකෙවින්

2022 වසර සඳහා Samsung සමාගම ඔවුන්ගේ පළමු  Galaxy Unpacked event එක පසුගිය 09 වැනිදා පැවැත්වුවා. මෙහිදී ඔවුන්ගේ 2022 සඳහා වන නව Galaxy S22 මාදිලි නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වාදීම සිදු වුණා. ප්‍රධාන වශයෙන් Galaxy S22 සහ Galaxy S22 Plus කාගේත් අවධානය දිනා ගන්නට සමත් වුණා. කොහොම වුණත් මෙවර  Galaxy Note මාදිලියේ දුරකතනයක් වෙනුවට stylus එකක් සමගින් නව Galaxy S22 Ultra ලෝකයට හඳුන්වා දෙන්නට සමාගම කටයුතු කළා. ඔවුන්ට අනුව මෙය තවත් එක Note මාදිලියේ දුරකතනයක් පමණක් නොවන අතර ම එය ඊට එහා අත්දැකීමක් පරිශීලකයාට ලබාදෙනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. 

මේ ලිපියෙන් අපි Galaxy Unpacked event  2022 ගැන සැකෙවින් විමසා බලමු. 

Samsung සමාගමට අනුව ඔවුන් මෙතෙක් stylus එකක් හා නිපද වූ දුරකථන සියල්ලට ම වඩා  S22 Ultra දුරකතය සතුව තමයි S-Pen වෙත වේගවත් ම response time එක තිබෙන්නේ. මෙවර event එකේදී හඳුන්වා දුන් දුරකථන සහ පසුගිය වසරේ හඳුන්වා දුන් දුරකථන අතර විශාල වෙනසක් නම් දකිනට නොමැති බව තමයි බැලූ බැල්මට පෙන්නේනට තිබෙන්නේ.

අද වෙද්දී නිකුත් වෙන සෑම ස්මාර්ට් ජංගම දුරකතනයක ම පාහේ වැඩි අවධානයක් යොමුවෙන කැමරා ආශ්‍රිත යම් යම් දියුණු කිරීම් වෙත යි. මේ නව දුරකතනත් රාත්‍රි කාලයේ ඡායාරූප ගැනීම සහ වීඩියෝ කිරීමට ඇති හැකියාව සහ සමස්තයක් වශයෙන් කැමරාවේ හැකියාවන් දියුණු කරන තාක්ෂණික ක්‍රමවේද වෙත පමණක් වැඩි අවධානයක් යොමු කර තිබෙන බව පැහැදිලි යි. කොහොම වුණත් දැනට පවතින බලවත් ම Android Tablet එක වසර මුලදී ම තමා සතු කර ගැනීමට Samsung සමාගමට හැකි වුණා. ඒ  නැවත පැමිණෙන Galaxy Tab S8 උපාංගය සමඟ යි.

 Galaxy S22 Ultra දුරකථනය – Samsung.com

 

Galaxy S22 Ultra 

Galaxy S22 Ultra දුරකථනය පසුගිය වසරේ ඔවුන් හඳුන්වා දුන් Galaxy S21 Ultra දුරකතනයට අතිශය සමාන ලෙසයි නිර්මාණය වෙන්නේ. මිලි තත්පර 9ක පමණ ඉතාම කුඩා ප්‍රමාදයක් පමණයි මෙය S-Pen stylus එකත් එක්ක තිබෙන්නේ. කැමරා දෙස බැලුවොත් 108-megapixel ප්‍රධාන කැමරාව, 3x සහ 10x telephoto camera යුගළය, ultra-wide කැමරා එකක් වගේ ම විශේෂිත ලේසර් ෆෝකස් සෙන්සර් එකකුත් ඔබට එහි දැක බලා ගන්නට පුළුවන්.

ඊට අමතර ව වැඩි දියුණු කළ depth mapping සහිත portrait mode එක RAW shooting පහසුකම වැනි දේවල් එයට එක් ව තිබෙනවා.45W fast charge පහසුකමකුත් මේ වෙත එක් ව තිබෙනවා. මේ සියල්ල සහිත Galaxy S22 Ultra දුරකතනයේ 128GB මාදිලියේ ඇරඹුම් මිල අමෙරිකානු ඩොලර් 1,199ක් ලෙසයි සටහන් වෙන්නේ.

Galaxy S22 සහ S22 plus දුරකථන මාදිලි

Galaxy S22 සහ S22 දුරකථන ද්විත්වය ම පසුගිය වසරේ එළිදැක්වුණු Galaxy S21 හා අතිශයින් ම සමානකමක් තමයි මතුපිටින් දකින්නට ලැබෙනේ. නව වර්ණ කිහිපයකින් එළිදැක්වෙන නිසා හැරුණු විට බොහෝ විට Galaxy S21 සමඟ මේ දුරකථන දෙක පැටලෙන්නට පවා ඉඩ තිබෙනවා. කොහොම වුණත් මේ උපාංග සතු ව පෙරට වඩා දැඩි ව කැපී පෙනෙන බහිර ආරක්ෂණයක් Gorilla Glass Victus Plus සමඟින් එක් ව තිබෙනවා. දැනට මේ දුරකථන සමඟින් පමණයි  Gorilla Glass Victus Plus ආරක්ෂා ආවරණ අපට දැකගන්නට හැකි වෙන්නේ. පෙර Samsung දුරකතනවල තිබු සාමාන්‍ය ප්ලාස්ටික් ආවරණයට වඩා මෙය සෑම අතින් ම දුරකථනයට දැඩි ආරක්ෂාවක් සපයනවා. 2340×1080 resolution සමඟ S22 සහ S22 plus  උපාංග දෙක ම ඔබ අතට පැමිණෙන අතර ම පිළිවෙළින් අඟල් 6.1 සහ 6.6 ලෙසයි මේ දුරකථනවල තිර සටහන් වෙන්නේ.

 Galaxy S22 සහ S22 plus – Samsung.com

 

මේ දුරකථන දෙකේ ම ආරම්භක මිල  (8GB RAM 128GB capacity සහිත උපාංග) Galaxy S22 දුරකතනය අමෙරිකානු ඩොලර් 799.99 කටත් Plus උපාංගයේ ආරම්භක මිල අමෙරිකානු ඩොලර් 999.99 ලෙසත් සටහන් වෙනවා.

The Galaxy Tab S8 Ultra

The Galaxy Tab කියන්නේ Tablet එකක් භාවිත කරන ඕනෑම කෙනකුට ගන්න තිබෙන හොඳ ම තෝරා ගැනීමක් ලෙස තාක්ෂණික ලෝකයේ ප්‍රකට යි. Android මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වෙන The Galaxy Tab S8 Ultra උපාංගය සතුව 14.6-inch OLED screen එකක් සහිත යි. මෙහි ආරම්භක මිල ලෙස අමෙරිකානු ඩොලර් 1,099.99ක් ලෙස සටහන් වෙනවා. ඊට අමතර ව Galaxy Tab S8 12.4-inch (Plus) මාදිලිය, 11-inch Galaxy Tab S8 මාදිලි සතුව 120Hz refresh rate සහාය දැක්වීමේ හැකියාව පවතිනවා. වඩා හොඳ Multi Tasking හැකියාවක් සහ වඩාත් හොඳ Privacy ආරක්ෂාවක් සහිත ව Android 12 මත තමයි මේ සියලු ටැබ් උපාංග ක්‍රියාත්මක වෙන්නේ.

 The Galaxy Tab – samsung.com 

 

ඊට අමතර ව ඔබ සතු ව  Samsung PC  එකක් පවතිනවා නම් මේ ටැබ් එකක් ඔබට ඔබගේ දෙවැනි තිරය ලෙසින් සවිකර ගැනීමට හැකියාව පවතිනවා. 11-inch Tab S8 හි ආරම්භක මිල අමෙරිකානු ඩොලර් 699.99 ක් ලෙසයි සටහන් වෙන්නේ. මෙහි plus model එකේ ආරම්භක මිල අමෙරිකානු ඩොලර් 899.99 ලෙස සටහන් වෙනවා.

මේ උපාංගවලට අමතර ව Samsung සමාගම Google සමාගම සමඟ එක්ව නව දුරකථන වෙත විශේෂ පහසුකම් කිහිපයක් එක්කර තිබෙනවා.  ඒ අතර Google Duo එක හරහා YouTube Remote Watch party පහසුකමක් එක් කර තිබෙනවා. ඊට අමතර ව Snapchat සමඟින් එකතු වී ඔබ Snap-chat භාවිත කරද්දී වඩා වැඩි පහසුකම් සහ Quality එකක්  පරිශීලකයන්ට ලැබෙන අන්දමින් මේ නව උපාංග නිර්මාණය කර තිබෙනවා. 

Galaxy Watch 4 වෙත නිල වශයෙන් ම Google Assistant සහාය දැක්වීම නුදුරේ දී ලබා දෙන්නට කටයුතු කරන බවත් Samsung සමාගම මෙහිදී ප්‍රකාශ කළා.

කවරයේ ඡායාරූපය - Galaxy Unpacked event  2022 - Samsung.com

මූලාශ්‍ර:

Theverge.com 

Youtube.com 

Samsung.com 

Related Articles