Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2020 Budget Phone වීරයා

අද වෙද්දී Smartphone එකක් කියන්නේ එදිනෙදා කටයුතුවලට නැතිවම බැරි දෙයක්. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් ගෙවන මුදලට වටිනා පහසුකම් ලැබෙන ස්මාර්ට් ජංගම දුරකතනයක් *හොයාගන්න එක එතරම් ලෙහෙසිත් නැහැ. ඔබ හොයන්නේ අඩු මුදලට උපරිම බලයක් සහ ක්‍රියාකාරිත්වයක් සහිත උපාංගයක් නම්, මේ ලිපිය ඔබ වෙනුවෙන්ම යි.

2020 වසරට Huawei සමාගමේ නවතම ජංගම දුරකතන පෙළට එකතු වන පළමු සාමාජිකයා වෙන්නේ Huawei Y7p දුරකතනය යි. දැන් Huawei දුරකතනවලට Google නෑ නේ ද? Huawei නම කියූ සැණෙකින් ඔබේ හිතට එන ප්‍රශ්නය එය වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න රැසකට උත්තර ඔබට මේ ලිපිය හරහා ලැබේවි.

Huawei සමාගම තමන්ගේම Huawei Echo System එකක් develop කරන එක දැන් රහසක් නම් නෙවෙයි. 2020 පෙබරවාරි 20 වෙනිදා Huawei සමාගම ඔවුන්ගේ නවතම Entry-Level Smartphone එක වූ Y7p දුරකතනය නිවේදනය කළා. සාමාන්‍යයෙන් Entry-Level Smartphone එකක් එහෙම නැති නම් බජට් Smartphone එකක් නිවේදනය කළාට වඩා තාක්ෂණික ලෝකයේ මේ දුරකතන පිළිබඳව කතාබහක් ඇති වුණා කිව්වොත් නිවැරදි යි. Huawei සමාගම පසුගිය සමයේ මුහුණ දුන් අකරතැබ්බ නිසාවෙන් මෙලෙස නව උපාංගයක් නිකුත් කිරීම කොතරම් දුරට නුවණට හුරු ද? Google නැතුව මිනිසුන් දුරකතනය මිලට ගනීවි ද යන ගැටලුව තාක්ෂණික ලෝකය තුළ කතාබහට ලක්වන්නට වුණා. Google සමාගමේ සේවාවන් නොමැති වූ විට කුමක් වේවි ද?

Y7p දුරකතනය

අඟල් 6.39″ IPS LCD තිරයක් සහිත (16M colors) Y7p දුරකතනය සතුව 90.15% screen-to-body ratio එකක් තිබෙනවා. Punch-hole Display concept එක යටතේ නිර්මාණය වී ඇති මේ දුරකතනයේ 720 x 1560 px Resolution එකක් සහිතව යි ඔබ අතට පත් වෙන්නේ. ඉතා පහසුවෙන් අතේ රඳවාගත හැකි මේ දුරකතනයේ බර ලෙස දැක්වෙන්නේ ග්‍රෑම් 176ක් පමණ යි. දුරකතනයේ පසුපස සහ වටේ frame එක ප්ලාස්ටික්වලින් නිමවා තිබුණත් දුරකතනය අතට ගත් විට, එය නොදැනෙන තරම්!

මේ දුරකතනය පැමිණෙන්නේ Android 9.0 (Pie) සංස්කරණය සහ Huawei සමාගමේ  EMUI 9.1 මෙහෙයුම් පද්ධතිය සමග යි. මේ දුරකතනය ගැන කතා කරද්දී මේ වෙනුවෙන් භාවිතා කර ඇති chipset එක ගැනත් සඳහන් නොකරම බැහැ. HiSilicon Kirin 710F (12 nm) කියන්නේ මේ බොහෝ විට Huawei සමාගමේ Mid Range ජංගම දුරකතන වෙනුවෙන් භාවිතා කරන chipset එකක්. මේ නිසාවෙන් ඉතාම කාර්යයක්ෂමව මේ දුරකතනය සමග ඔබට වැඩ සිදු කරගන්නට හැකි වේවි. 4GB රැම් එකක් වගේම 64GB අභ්‍යන්තර මතක ධාරිතාවයකින් මේ දුරකතනය සමන්විත යි. දුරකතනය සමග සිම් පත් දෙකක් වගේම microSD කාඩ් පතකුත් භාවිතා කරන්න පුළුවන් වීම බොහෝ දෙනෙකුට ඉතා ප්‍රයෝජනවත් වෙන බව අපට විශ්වාස යි. 

මෙගාපික්සල් 48ක ප්‍රධාන කැමරාව, මෙගාපික්සල් 8ක ultrawide කැමරාව, සහ මෙගාපික්සල් 2ක depth sensor එකත් ඇතුළු Triple Camera setup එකත් දුරකතනයේ කැපී පෙනෙන විශේෂත්වයන් අතරට එකතු වෙනවා. සාමාන්‍යයෙන් Entry-Level Smartphone එකක් වෙත මෙවැනි බලවත් කැමරා සෙටප් එකක් භාවිතා වෙනවා දැකගන්න නොලැබෙන තරම්. 

ප්‍රධාන කැමරාව වෙතින් ලබා ගත් ඡායාරූප  සංස්කරණය නොකළ හා කළ පසු 
Selfie කැමරාවෙන් ලබාගත් ඡායාරූප  සංස්කරණය නොකළ හා කළ පසු

ගුණාත්මක භාවයෙන් යුතු සෙල්ෆි ඡායාරූප ලබා ගන්නට සමත් මෙගාපික්සල් 8ක ඉදිරිපස කැමරාවත් සඳහන් කළ යුතුම යි. Huawei Y7p දුරකතනයේ මිලි ඇම්පියර් 4000ක් තරම් ඉහළ බැටරි ආයු බලයක් තිබෙනවා. 

Google Play Store නැතුව වැඩක් තියේවි ද?

Google සමාගමේ තහංචි නිසාවෙන් Playstore සහ ඒ සේවාවන් මේ ජංගම දුරකතනය වෙත ස්ථාපනය වී පැමිණෙන්නේ නම් නැහැ. හැබැයි, ඒ වෙනුවට Huawei සමාගමේ නව Huawei AppGallery එක භාවිතා කර apps විශාල ප්‍රමාණයක් බාගන්න ඔබට හැකියාව තිබෙනවා. මේ වෙද්දීත් ලංකාවේ මෘදුකාංග සංවර්ධකයන් Huawei සමාගම සමග අනුගත වෙමින් නව HUAWEI HMS-Core එකට ගැලපෙන පරිදි apps නිර්මාණය කරමින් සිටින බව අපට දැනගන්න ලැබුණා. විශේෂයෙන්ම අපි වැඩියෙන්ම භාවිතා කරන facebook, whats app, Instagram, tic tok, සහ messenger කිසිදු ගැටළුවකින් තොරව  නැතුව Y7p වෙත සහාය දක්වනවා. 

මේ වෙද්දී ප්‍රධාන බැංකු ඇතුළු සමාගම් රාශියක යෙදුම් මේ නව store එකෙන් ලබාගන්නට හැකියාව තිබෙනවා. නමුත් ඇතැම් apps තවමත් මේ වෙත ඇතුළත් කර නැහැ. නමුත් බොහොමයක් apps බාගන්නට main source එක විදිහට Huawei AppGallery යොදාගන්න පුළුවන්. ඔබට කරන්න තිබෙන්නේ app එකේ නම Search කිරීම පමණ යි. එවිට ඔබට අවශ්‍ය app එක බාගත කරගන්න වෙනත් වෙබ් අඩවියක් පෙන්වාවි. 

එසේ නොමැති නම් ඔබට තුන්වන පාර්ශවයේ App Gallary එකක් හෝ වෙබ් අඩවියක් භාවිතා කරන්න හැකියාව තිබෙනවා. Apptaken, Apkpure, Apkmonk වැනි වෙබ් අඩවි ඔස්සේ ඔබට අවශ්‍ය කරන යෙදුම් ඉතාම පහසුවෙන් බාගත කරගන්න ඔබට හැකියාව තිබෙනවා. 

Facebook, Whatsapp නැතුව Phone එකක්?

මෙහෙමයි, සාමාන්‍යයෙන් ලංකාව ඇතුළු රටවල් ගණනාවක ප්‍රධාන සමාජ මාධ්‍ය සහ පණිවිඩ හුවමාරු ක්‍රමවේදයන් ලෙස Facebook, Whatsapp, භාවිත වෙනවා. මේ දුරකතනයට Facebook, Whatsapp ඇතුළු ප්‍රධාන apps ස්ථාපනය කරගන්න එක ඔබට ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. ඉතාම ලෙහෙසියෙන් ඔබට App Gallary එක හරහා මේ app එකම ලබා ගන්න පුළුවන්. මේ app දෙකම ලැබෙන්නේ සමාගම් නිල වෙබ් පිටු හරහා යි. එනිසාවෙන් අනිසි බියක් ඇතිකර ගත යුතු නැහැ. ඒ වගේම ඒ apps දෙකම ඉතා හොඳින් වැඩ කරනවා. සරලවම, ඔබට කරන්න තියෙන්නේ App Gallary තුළට ගිහින් search කිරීම පමණයි.

Facebook ස්ථාපනය
WhatsApp ස්ථාපනය

 එතකොට කෝ Youtube?

මේ දුරකත්නය වෙතත් youtube ස්ථාපනයව එන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට ඉතා සරල ක්‍රමයක් මඟින් ගැටලුව විසඳාගන්න පුළුවන්. ඔබට කරන්න තියෙන්නේ ඉතාම සරල පියවර තුනක ක්‍රියාවලියක්. Web browser (වෙබ් අතිරික්සුව) ඔස්සේ Youtube වෙබ් අඩවිය වෙත පිවිස දකුණු පස උඩ ඇති Menue එක ඔස්සේ youtube ඔබේ Home screen එක වෙත යැවීමට ඔබට හැකියාව තිබෙනවා. මේ ඔස්සේ ඔබට youtube හා සමානම අත්දැකීමක් විඳින්න හැකියාව තිබෙනවා. පහළ image එකෙන් ඔබට ඒ ගැන වැඩිදුර පැහැදිලි වේවි.

Youtube 

ඊට අමතරව uber වැනි සේවාවන්වලත් web version එක හරහා ඔබට අදාළ taxi සේවාව භාවිත කළ හැකියි. දැනට දැනගන්න ලැබෙන ආකාරයට නම් ලංකාව තුළ භාවිතා වෙන බොහොමයක් බැංකු සහ මූල්‍ය ආයතනයන් ඔවුන්ගේ යෙදුම් මේ නව App Gallary තුළට ඇතුළත් කිරීමට කටයුතු කරමින් ඉන්නවා. 

 

ඊට අමතරව phone clone පහසුකම භාවිතා කරලා දැනට ඔබගේ phone එකේ ඇති apps නව දුරකතනයටත් download කරගන්න ඔබට පුළුවන්.

Google දාන්නම බැරි ද? 

ඔබට ඉහත විස්තර සියල්ල කිව්වත් මතුවෙන ප්‍රධාන ගැටළුව මෙය බව අපි දන්නවා. මොකද, මේ වෙද්දී ඔබත් මමත් ඇතුළු බොහෝ දෙනෙක් google සමාගමේ සේවාවන් වෙත ඉතා දැඩි ලෙස හුරු වී අවසාන යි. මේ වෙනුවෙන් දෙන්න පුළුවන් සරලම උත්තරය වෙන්නේ කිසිදු බාධාවක්ව නැහැ යන්න යි.

දුරකතනය සමග ස්ථාපනය වී නොපැමිණියාට, අප ඉහත සඳහන් කළ වෙබ් අඩවි වැනි තුන්වන පාර්ශවීය App Store එකකින් හෝ App Gallary එකකින් අදාළ සේවාවන් බාගත කරගෙන ස්ථාපනය කරගන්න ඔබට හැකියාව තිබෙනවා. කිසිදු අපහසුවකින් තොරව ඒ සේවාවන් පෙර සේම ක්‍රියාත්මක වේවි.

Related Articles