Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 Smartphone පෙරළිය

2019 වසර, අනෙක් වසරවලට සාපේක්ෂව smartphone ලෝකයට වැඩි විවිධත්වයක් එකතු කළ වසරක් ලෙස හඳුන්වන්න පුළුවන්. පසුගිය වසරවලට සාපේක්ෂව දුරකථන සමාගම් අතර තරගකාරීත්වය වඩ වඩාත් වැඩි දියුණු වුණු වසරක් විදිහටත් මේ වසර හඳුන්වන්න පුළුවන්. එහි ප්‍රතිඵල ලෙස ලෝකයට හඳුන්වා දුන් දුරකථන ගැන යි මේ ලිපිය හරහා සාකච්ඡා කෙරෙන්නේ. 

Nokia 2720 වීරයා නැවතත් කරළියට

Nokia 2720 දුරකථනය වසර 10කට පසුව නව මාදිලියකින් -nokia.com

Nokia වෙළඳ නාමය පිළිබඳව ඔබ හොඳින්ම දන්නවා. නොකියා සන්නාමය යටතේ නිකුත් වූ දුරකථන අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ Nokia 3310 දුරකථනය, 2017 වසරේ HMD Global සමාගම යටතේ නැවත වෙළඳපොලට නිකුත් වූ බව ඔබට මතක ඇති. ඒ සමාගම Nokia 2720 දුරකථනයත් නව මාදිලියකින් නිකුත් කිරීමට පසුගිය දිනෙක කටයුතු කළා. Nokia 2720 Flip ජංගම දුරකථනය 2019 සැප්තැම්බර් මස නිල වශයෙන් announce කෙරුණු අතර, මෙහි විශේෂත්වයක් වන්නේ පළමු මාදිලිය නිකුත් කිරීමෙන් වසර 10කට පසුව මෙම වැඩිදියුණු කළ මාදිලිය නිකුත්වීම යි. Linux මත පදනම් වූ KaiOS මෙහෙයුම පද්ධතියෙන් සමන්විත මේ දුරකථනය සතුව WhatsApp, Google Assistant, Facebook, YouTube, සහ Google Maps වැනි apps භාවිත කිරීමේ හැකියාව පවතිනවා. දුරකථනය ශක්තිමත් වීම සහ දින 28ක් පවතින battery ආයු කාලය නිසා මෙය ඉතා ඉක්මනින් ජනප්‍රිය වන බව සමාගමේ විශ්වාසය යි. 


108MP කැමරාවක් සහිත Mi Mix Alpha 

මෙගාපික්සෙල් 108කින් සමන්විත Mi Mix Alpha – mi.com

දුරකථන සමාගමක් වශයෙන් වගේම තවත් විවිධාකාර උපාංගයනුත් නිපදවන පෙරළිකාර සමාගමක් ලෙස ප්‍රසිද්ධ MI සමාගම, ඔවුන්ගේ නවතම උපාංගය ලෙසින් Mi Mix Alpha හඳුන්වා දුන්නා. මෙහි විශේෂත්වය වන්නේ ජංගම දුරකථනය වටා පැතිරුණු display එක යි. මෙම ජංගම දුරකථනයේ screen to body ratio අගය 180%ක් නිසාම මෙය පිළිබඳ ලෝකයේ විශාල කතාබහක් ඇති වුණා. ඒ වගේම screen to body ratio අගය 180% වන ලොව පළමු දුරකථනය ලෙසත් මෙය ඉතිහාසගත වෙනවා. 

නවතම 5G තාක්ෂණය සහිත මෙම දුරකථනය සතුව Qualcomm Snapdragon 855+ Chipset පවතිනවා. ඒ වගේම samsung සමාගමේ නවතම camera sensor එක සහිත දුරකථනය වෙන්නෙත් මෙය යි. මෙගාපික්සල් 108කින් සමන්විත කැමරාව මෙහි තවත් සුවිශේෂී අංගයක්. 12GB RAM එකක් සහ 512GB internal memory එකකින් මේ දුරකථනය සමන්විත යි. කැමරාව විශාල 1/1.33 වර්ගයේ සංවේදකයක් සහ ටෙට්‍රසෙල් තාක්‍ෂණයෙන් සමන්විත යි. Ultra-wide කැමරාවට අංශක 117ක පරාසයක් ආවරණය කළ හැකි අතර තෙවන කැමරාව 12MP Telephoto කාචයකින් සමන්විත වෙනවා. 2800$ වැනි ඉහළ මිලක් මෙයට තීරණය වී තිබෙනවා. 

ආයෙත් fail වෙන Galaxy Fold 

Foldable දුරකථනයක්, එසේ නොමැති නම් නැවිය හැකි දුරකථනයක්, කියන්නේ බොහෝ දෙනෙකුගේ සිහිනයක්. මේ සිහිනය ජය ගැනීම දුරකථන සමාගම් රාශියක ඉලක්කය බවට පත් වෙන්නේ ඒ නිසාවෙන්. Samsung සමාගම Samsung Unpacked 2019 Event එකේ දී ඔවුන්ගේ පළමු Galaxy Fold දුරකථනය හඳුන්වා දුන්නා. නමුත් එය මහජනතාවට නිකුත් කිරීමට පෙරම ඒ දුරකථනවල යම් යම් දෝෂයන් හටගත් බව එහි අත්හදාබැලීමේ උපාංග භාවිතා කළ කිහිප දෙනෙකුම සඳහන් කළා. විශේෂයෙන් ඒ අතරට අතිශය ජනප්‍රිය youtubersලා පවා ඇතුලත් වුණා. ඒ ගැටළු තරමක් දුරට නිරාකරණය කරමින් ඔවුන්ගේ දුරකථනය නැවතත් වෙළඳපොළට නිකුත් කිරීමට samsung සමාගම තීරණය කර තිබුනා. නමුත් එය තවමත් එතරම් සාර්ථක නොමැති බව පසුගිය දිනෙක නැවතත් සනාත වුණා. ඒ, JerryRigEverything සිදු කළ videoවක් නිසාවෙන්. 

කොහොම වුණත් පසුගිය සැප්තැම්බර් 27 වැනි දින ඇමෙරිකාවේ වෙළඳපොලට මෙම device එක නිකුත් කිරීමට Samsung සමාගම තීරණය කළ අතර, එහි මිළ ඇමෙරිකානු ඩොලර් 1,980ක් වන බව වාර්තා වෙනවා.

දුරකථන පෙරළියට නැවත එකතු වෙන Motorola 

Motorola RAZR ජංගම දුරකථනය – gsmarena.com 

Motorola RAZR කියන්නේ Motorola සමාගමේ ජනප්‍රියම ජංගම දුරකථනයක් කිව්වොත් නිවැරදි යි. ඒ එය නිෂ්පාදනය කළ කාලය තුළ ඒකක මිලියන 130කට වඩා අලෙවි කිරීමට මොවුන් සමත් වී තිබුණ නිසාවෙන්. Cnet.com වෙබ් අඩවියට අනුව මේ වසරේ අග නම්‍යශීලි දුරකථනයක් ලෙසින් නවතම Motorola RAZR දුරකථනයක් නිකුත් කිරීමට මෝටරෝලා සමාගම සූදානම් වෙනවා. මේ දුරකථනය වෙත Blutooth certification ලැබුනේ පසුගිය පෙබරවාරියේ වුණත්, මෙය නිකුත් වීම තරමක් ප්‍රමාද වීමට බොහෝ දෙනෙකු චෝදනා කරන්නේ නම්‍යශීලි තිරයේ ප්‍රයෝගිකත්වය හා ඇතිවූ ගැටළුවලට යි. Qualcomm Snapdragon 710 Chipset එකකින් සහ 2730mAh බැටරියකින් සමන්විත මේ දුරකථනය ඇමරිකානු ඩොලර් 1500ක පමණ මිලකට අලෙවි වේයැ යි විශ්වාස කෙරෙනවා. 

මේ දුරකථනවලට අමතරව පසුගිය මාස කිහිපය ඇතුළත නිකුත් වූ සහ නිකුත් වීමට තිබෙන දුරකථන ගණනාවක් තිබෙනවා. ලබන 15 වෙනි දින නිකුත් වෙන Pixel 4 දුරකථනය ගැන වගේම තවත් සුවිශේෂී දුරකථන ගණනාවක් ගැන විස්තර ඉදිරි ලිපිවලින් ඔබට දැන ගන්න පුළුවන්. මේ ගැන ඔබේ අදහස් පහළින් සඳහන් කරන්නත් අමතක කරන්න එපා. 

Cover- bbci.co.uk

මූලාශ්‍රයයන්:

nokia.com 

Theverge.com

Mi.com

Techcrunch.com 

Gsmarena.com 

9to5google.com

Gsmarena.com 

technews.lk  

Related Articles