Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Facial recognition නවතා දමන Facebook තීරණය

මේ ගෙවෙන්නේ 2021 වසර යි.  තාක්ෂණික ලෝකයේ පෙරළි ගණනාවක් වගේ ම ඉතිහාසයෙත් නව පරිච්ඡේද ආරම්භවූ වසරක් ලෙසින් මෙය හඳුන්වන්නට පුළුවන්. වසර ගණනාවක සිට පරිශීලකයන් Facebook වෙත upload කළ පුද්ගල ඡායාරූප හා වීඩියෝවලින් ඒවාට අදාළ පරිශීලයක් Facial recognitionවලින් හඳුනා ගැනීමේ හැකියාවත් අවශ්‍ය නම් ඒ රූපයේ – වීඩියෝව තුළ සිටින අනෙක් අය tag කිරීමේ පහසුකමත් සමාගම ලබා දී තිබුණා. 

ඒවගේම පරිශීලකයන්ගෙන් ලබාගන්නා ජෛවමිතික දත්ත අනිසි භාවිතය පිළිබඳව එවක Facebook (දැන් Meta) සමාගමට චෝදනා පවා එල්ල වුණා. Meta සමාගම හදිසියේ ම තම Facial Recognition  පහසුකම නවතා දමන්නට තීරණයක් ගෙන තිබෙනවා. මෙය සමාගම මේ වසරේදී ගත් දැවැන්ත ම තීරණවලින් එකක් විදිහට අපිට හඳුවන්න පුළුවන්. එළඹෙන සතියෙන් ඇරඹෙන මේ ක්‍රියාමාර්ගය අනුව පරිශීලකයන් බිලියනයකගේ පමණ මුහුණු දත්ත මකා දමන්නත් සමාගම තීරණය කර තිබෙනවා.  

Mark Zuckerberg පසුගිය දිනෙක ඔවුන්ගේ මව් සමාගමේ නාමය Meta ලෙසින් වෙනස් කිරීමට ගත තීරණය සහ Metaverse සමඟින් ගොඩ නැගෙන Facebook අනාගතය පිළිබඳ ව නිවේදනය කළා ඔබට මතක ඇති. මේ ඔවුන් තම පෙර වැරදිවලින් නිදහස්වීමට දරන උත්සහයක් ලෙසයි බොහෝ දෙනෙක් එය හැඳින්වූවේ. කොහොම නමුත් මෙලෙස Facial Recognition  පහසුකම ඉවත් කිරීම බලපාන්නේ Facebook වෙත පමණක් වන අතර ඔවුන්ගේ අනෙක් උපාංග සහ සේවා වෙත දිගට ම මෙවැනි තාක්ෂණය භාවිත කිරීමට බලාපොරොත්තු වන බව තමයි දැනගන්නට ලැබෙන්නේ. එයට උදාහරණයක් විදිහට  සමාගම හඳුන්වාදුන් Ray-Ban Stories වැනි උපාංග හඳුන්වා දෙන්න පුළුවන්. 

Facial Recognition ඇත්තට ම භයානක ද?

යම් අයකුගේ අවසරයකින් තොර ව ජෛවමිතික දත්ත ගබඩා කරගැනීම ඔස්සේ Biometric Information Privacy Act  උල්ලංඝණය වීම සිදුවෙන බව ඔබ දන්නවාද? මේ පනත මඟින් යම් ව්‍යාපාර ආයතනයක්, යම් පුද්ගලයකුගේ හෝ කොටසකගේ ජෛවමිතික දත්ත අවසරයකින් තොර ව ගබඩා කරගැනීම වළක්වාලනවා. ඔවුන්ට එසේ ගබඩා කර තබා ගැනීමට අවශ්‍ය නම්, අදාළ පුද්ගලයාගේ අවසරය අත්‍යවශ්‍ය වෙනවා. Biometric Information Privacy Act උල්ලංඝණය කිරීම පිළිබඳ  2015 වසරේ සිට ෆෙඩරල් අධිකරණයේ විභාග වෙමින් පැවති class-action lawsuit (සාර්ව නියෝජන අධිකරණ ක්‍රියාමාර්ගය) 2020 වන විටත් අවසන් ව තිබුණේ නැහැ. 2018 වසරේදී එවකට Facebook සමාගම විනිවිදභාවයකින් යුතුව තමන්ගේ ආයතනය ඔස්සේ Facial Recognition  භාවිත කරන ආකාර සහ ඒ ඔස්සේ පරිශීලකයන් වෙත හිමි වන පහසුකම් පිළිබඳව විවෘතව සඳහන් කළා. ඊටත් අමතර ව පරිශීලකයාට කැමති නම් මේ පහසුකම නවතා දමන්නටත් option එකක් ලබා දුන්නා. 

Face Detection තාක්ෂණය – rapidapi.com

 

2019 වසරේ අගෝස්තුව අවසානයේ පැවති නඩු විභාගයේ දී සමාගම සිදුකළ ෆෙඩරල් අභියාචනයන් 3-0 ලෙස ප්‍රතික්ෂේප වුණා.  ඒ අනුව ඔවුන්ට Biometric Information Privacy Act එක උල්ලංඝණය කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 550ක්  ගෙවන්නට වුණා. 2019 වසරේ හතරවන කාර්තුව වෙද්දී ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 21ක් ආදායම් ලබන Facebook සමාගම වෙත මේ දඩ මුදල එතරම් දෙයක් නම් වුනේ නැහැ. 2019 වසරේ සිට Facial recognition පහසුකම පරිශීලකයාට අවැසි නම් පමණක් සක්‍රීය කර ගැනීමට ඔවුන් පහසුකම් සැලසුවා. ඒ අනුව පෙරනිමි සැකසුමක් ලෙස (default settings) Facial recognition ක්‍රියාත්මක ව පැමිණෙන්නේ නැහැ. 

Biometric Information Privacy Act එක නිසාවෙන් සමාගම් වෙත නඩු පැවරුණු පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර ද ලෝකයේ අතිශය කතාබහට ලක් වූ Google සමාගම වෙත පැවරුණු නඩුව ඔබට මතක ඇති. 2016 google වෙත ජෛවමිතික දත්ත අනිසි භාවිතය පිළිබඳ ව නඩු පවරන්නට හේතු වුයේ පරිශීලකයන්ගේ ඡායාරූප අනිසි ලෙස උඩුගත කරමින්, ඔවුන්ගේ මුහුණුවල දත්තවලින් කෘත්‍රිම බුද්ධිමය වැඩසටහන් පුහුණු කිරීම යන චෝදනාව යටතේ යි.

මේ නඩුව 2018 වසරේ නිෂ්ප්‍රභා කිරීමට අමෙරිකානු අධිකරණය තීරණය කළා. ඒ පැමිණිලිකරුට සෘජුව හානියක් සිදුවන ලෙස කිසිවක් සිදුව නැති බව පවසමින්. මීට අමතර ව වරක් Snapchat වෙතත් මෙවැනි ජෛවමිතික දත්ත අනිසි භාවිතය පිළිබඳ ව චෝදනා එල්ල වී තිබෙන බව arstechnica.com වෙබ් අඩවියත් සඳහන් කර තිබුණා. ඒ නඩුවත් පසුකාලීනව සමථයකට පත් කරගන්නට පැමිණිලි පාර්ශවයට සහ සමාගමට හැකි වූ බවයි දැන ගන්නට ලැබෙන්නේ.  

නෛතික කාරණා කොහොම වුණත් මෙලෙස දිගින් දිගට ම අපේ දත්ත සමාජ ජාල මඟින් අනිසි ලෙස භාවිත කිරීම අතිශය භයානක බව බව ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඔබ සහ ඔබේ ක්‍රියාකාරකම් Track කිරීමට අතිශය පහසු ක්‍රමවේදයක් බවට මේ තාක්ෂණය අද වෙද්දී පත් ව හමාරයි. 

ඔබ Person of Interest වැනි කතා මාලා බලලා තියෙනවා නම් යම් අවබෝධයක් ඇති රජයන්, රටවැසියන් track කිරීමට Facial recognition භාවිත කරන ආකාරය ගැන. කතා මාලාවල පෙන්වන සෑම දෙය ම ඇත්ත නොවුණත් එවන් යම් යම් දේ ඉන් ඔබට ඉගන ගන්නට පුළුවන්.හොඳින් මතක තබා ගන්න Facebook වෙත පමණයි මේ Facial recognition පහසුකම භාවිත වීම නවතා දැමෙන බව ප්‍රකාශ වෙන්නේ.   

Facebook රහස් හෙළිකළ Frances Haugen – reuters.com

 

ඔබට මතක ඇති නේ සමාගමේ හිටපු Data Scientist කෙනකු වන Frances Haugen ( Whistleblower ) ජෛවමිතික දත්ත අනිසි භාවිතය පිළිබඳව එවක Facebook (දැන් Meta) සමාගමට චෝදනා පවා එල්ල වුණු නිසා Mark Zuckerberg තම CEO ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට සඳහන් කර තිබුණා. 

මේ හා සබැඳි තවත් ලිපි ඔබට පහතින් කියවන්නට පුළුවන්.

ජෛවමිතික දත්ත අනිසි භාවිතය පිළිබඳව Facebook සමාගමට චෝදනා

Metaverse සමඟින් ගොඩ නැගෙන Facebook අනාගතය

Ray-Ban Stories නවත ම Facebook Smart Glass පෙරළිය 

නව දශකය සහ Deep Fake භීතිකාව 

facebook අපල කාලය 

Facebook හදිසි බිඳවැටීම පිටුපස කුමන්ත්‍රණයක්? 

කවරයේ ඡායාරූපය- Facial Recognition  පහසුකම - thehackernews.com 

මූලාශ්‍ර:

Ilga.gov 

Edition.cnn.com 

Reuters.com 

Abcnews.go.com 

Theguardian.com 

Theverge.com 

Thenextweb.com 

Youtube.com 

 

Related Articles