රුසියාව cyber ප්‍රහාරයකට සැරසෙයි

1983 නිමැවුණු ARPANET අද වෙනකොට අන්තර්ජාලය දක්වා දියුණු වුණ ගමනේ දී බොහෝ දේවල් වෙනස් වුණා. තාක්ෂණයේ දියුණුවත් එක්ක අන්තර්ජාලය එකතු වෙලා එදිනදා කටයුතුවල ඉඳන් අධිතාක්ෂණික සහ අති නවීන බලාගාර, හමුදා කටයුතු දක්වා පාලනය සිදු කෙරෙනවා. අන්තර්ජාලයෙන් පැමිණෙන වෛරස, ransomeware,  data breach,  hack වීම් පිළිබඳව වගේම තවත් බොහෝ දේ ගැනත් අප පෙර roar ටෙක් ලිපි ගණනාවකින් ඔබව දැනුවත් කරන්න කටයුතු කළා. මේ කියන්න යන්නේ අන්තර්ජාලය සම්බන්ධව ගත් රුසියාවේ හදිසි තීරණයක් පිළිබඳව යි.

අන්තර්ජාලය එක්තරා ආකාරයක යුද පිටියක් ලෙසින් හැඳින්වුවොත් එහි වරදක් නැහැ. එවැනි තත්ත්වයක් උත්සන්න වුවහොත් ගත යුතු ක්‍රියා මාර්ගයන් පිළිබඳව රුසියාව මේ දිනවල සලකා බලමින් සිටිනවා. අන්තර්ජාලය තුළින් පැමිණෙන හදිසි cyber ප්‍රහාරයක දී, මුළු රටම අන්තර්ජාලයෙන් පාලනය නොකර සිටීමට හැකිදැ යි රුසියාව අත්හදා බැලීමට සුදානම් වෙනවා. මෙවැනි ප්‍රහාරයක දී ප්‍රහාරය එල්ල කරන හැකර්කරුවන්ට රටේ සියලු කටයුතු අඩාල කිරීම, ඔත්තු බැලීමේ සිට රටෙහි යුද ශක්තිය අවභාවිතා කිරීම දක්වා ඕනෑම කටයුත්තක් සිදු කරන්නට හැකියාව තිබෙනවා.

මේ කියන්න යන්නේ රුසියාවේ හදිසි තීරණයක් පිළිබඳව යි.- futurism.com

ඔබ Hollywood ක්‍රියාදාම චිත්‍රපට නරඹන අයෙක් නම් එවැනි සිදුවීම් නුහුරු වන්නට බැහැ. මෙවැනි අවදානම් තත්ත්වයන් නිසාවෙන් රුසියාව තමන්ගේ රටවැසියන් එවැනි අවස්ථාවක දී කළ යුතුව ඇති දේ පිළිබඳව පහදන්නට මේ පෙර පුහුණුව යොදාගනිවී. බොහෝ විට ඔවුනුත් චීනයේ භාවිතා වන Great Firewall of China වැනි එකක් භාවිතා කරමින් වෙබ් අඩවි block කිරීමට සහ filter කිරීමට කටයුතු කරනු ඇති. එම censoring system එක මඟින් රටවැසියන්ගේ internet traffic රජයේ server වෙත යොමු කෙරෙනු ඇති. ඒ අතරම ඔවුන්ටම ආවේණික Domain name system එකක් හරහා අන්තර්ජාලයේ localized version එකක් ලබා දීමට කටයුතු කෙරෙනු ඇති. මේ කටයුත්ත ලබන අප්‍රේල් පළමු වෙනි දාට ප්‍රථම සිදු කිරීමට තීරණය කර ඇතත්, නියමිත දිනයක් තවමත් ස්ථිර කරගෙන නැහැ.

වෙනත් රටවලින් තම රට අන්තර්ජාලයට සම්බන්ධ වීම කපා හැරීමක් සිදු වුණොත්, එයට මුහුණ දීමට පෙර පුහුණුවක් බවට මෙය පත් කර ගැනීම රුසියානු ආණ්ඩුවේ අරමුණක් බවට කියැවෙනවා. ඒ වගේම NATO සංවිධානයට අයත් රටවලින් රුසියාවට එරෙහිව cyber සම්බාධක පැනවීම් සහ ප්‍රහාරයන් එල්ලවීම් ඉහළ යාමත් මෙම පෙර පුහුණුවට එක්තරා හේතුවක්. රුසියාවේ සියලුම අභ්‍යන්තර web traffic roskomnadzor  හරහා සමීප නිරීක්ෂණයක් සිදු වේවි. ඒ වගේම ඒ හරහා රුසියානු web traffic අභ්‍යන්තරයේම රඳවාගැනීමට වග බලා ගනීවි. ඔවුන් නිර්මාණය කර ගන්නා ජාලය Runet යන නමින් හැඳින්වෙනු ඇති බවයි පැවසෙන්නේ.

රුසියානුන් මේ ව්‍යාපෘතිය සැලසුම් කරන්නේ වසර කිහිපයක සිට යි. 2020 වසර වන විට 95% පමණ internet traffic රුසියාව තුළම රඳවා ගැනීමට ඔවුන්ට හැකියාව තිබේයැ යි ඔවුන් විශ්වාස කරනවා. කෙසේ නමුත් බොහෝ විට මෙම තීරණයට හේතුව ඇමරිකාව ඇතුළු රටවලින් තමන්ගේ රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ සිදු වන ඔත්තු බැලීමේ ක්‍රියාවලින් අඩපණ කිරීම විය හැකියි. මේ වන විටත් රුසියාවේ ප්‍රධාන අන්තර්ජාල සේවා සැපයුම් ආයතන මේ ක්‍රියාවලියට සහය දක්වා තිබෙනවා. Internet traffic re-route කරන්නට යන වියදම සහ නව server ස්ථාපනයට යන වියදම් රුසියානු රජය දැරීමට සූදානම්. බොහෝ විට නේටෝ පාක්ෂික රටවල් විශ්වාස කරන අන්දමට ගුවන් ප්‍රහාරකට වඩා විශාල විනාශයක් සිදු කිරීමට මේවැනි cyber ප්‍රහාරයකට හැකියාව තිබෙනවා. මේ ක්‍රියාවලිය එවැනි රටවල්වලට සිදු කරන යම් ආකාරයක රතු සංඥාවක්, එහෙම නැති නම් තමන් (රුසියාව) යුද්ධයට සූදානම් බව හැඟවීමක් ලෙසින් ද බොහෝ දෙනෙකු අර්ථ දක්වා තිබෙනවා. රුසියාව මෙලෙසින් cyber ප්‍රහාරයන්ගෙන් ගැලවීම සහ පෙර සූදානම් වීම පිළිබඳ ප්‍රකාශයන් සිදු කළත්, රුසියාවේ හැකර්වරුන් නිසාවෙන් ඔවුන් අප්‍රසිද්ධියට පත් වූ වාර ගණන විශාල යි. පසු ගිය වසරේ රුසියානු හැකර්වරුන් සිව් දෙනෙකු ලන්දේසි පොලිසිය විසින් අල්ලා ගත්තේ රසායනික අවි පර්යේෂකයින් පිරිසක් එල්ල කරගෙන සිදු කරන්නට ගිය ප්‍රහාරයක් අතරතුර දී යි. ඒ සිදුවීම මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වුණා.

තීරණය පිළිබඳ විපක්ෂ පිරිස – rferl.org

කෙසේ වෙතත්, අන්තර්ජාලයෙන් විසන්ධී විම වගේම අන්තර්ජාල භාවිතය නිරීක්ෂණය කිරීම පිළිබඳවත් පක්ෂව වගේම විපක්ෂවත් විශාල පිරිසක් පෙළ ගැසෙන බව නම් නොරහසක්. අන්තර්ජාලයේ නිදහසේ සැරිසැරීමට ඇති හැකියාව වගේම, තමන්ගේ අන්තර්ජාල ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂණය කිරීම ඔස්සේ පෞද්ගලිකත්වයට හානි වන බවත් ඔවුන් සඳහන් කරනවා. රුසියාවේ මේ ක්‍රියාවලිය ගැන ඔබ මොකද හිතන්නේ කියලා පහළින් comment කරන්න අමතක කරන්න එපා!

මූලශ්‍රයයන්:

Rferl.org

Youtube.com

Thenypost.com

Rferl.org

Nypost.com

Futurism.com

Extremetech.com

Zdnet.com

Theguardian.com

Extremetech.com

Zdnet.com

Reuters.com

businessinsider.com

Politico.eu

Wikipedia.org

technews.lk

Related Articles

Exit mobile version