Veta නොහොත් ඩෙංගු මර්දන App එක

මේ වනවිට ඩෙංගු වසංගතය රට තුල විශාල සමාජීය ගැටළු රාශියක් නිර්මාණය කර තිබෙනවා. අද වන විට 89,800 කට වඩා වැඩි ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණයේ ඉහළ යාමක් මිසක් පසු බැස්මක් නම් පෙන්නුම් කරන්නේ නෑ. මෙම ඩෙංගු මදුරුවාගේ බිත්තර වලට අහිතකර දේශගුණික තත්ත්වයන් යටතේ වුවද නොනැසී සිටීමේ හැකියාවක් තිබෙන අතර එම නිසා මදුරුවාගේ කීට අවස්ථාවේ හා පිලා අවස්ථා හා සුහුඹුල් අවස්ථාවන් විනාශ කලද  මදුරු බිත්තර රැඳි ඇති බඳුනකට ජලය වැටුන විගස බිත්තර පුපුරා නැවත මදුරුවන් බෝ වීමේ හැකියාව ඇත. මෙම අනුවර්තන නිසා බොහෝ අවස්ථාවල ඩෙංගු මර්ධනය එතරම් දුරට පහසු නොවේ.

ඩෙංගු වැලක්වීමට දුමායනය කිරීම (skynews.com)

ඩෙංගු වලින් ආරක්ෂා වෙන්න ඇප් එකක්

මොබයිල් ඇප් එකකින් ඩෙංගු වලින් බේරෙන්න පුළුවන් ද? මලිත නානායක්කාර කියන්නේ අන්න එහෙම අදහසක් ක්‍රියාවට නංවපු කණ්ඩායමක සාමාජිකයෙක්. ඔහු පවසන පරිදි මේ යෙදවුම ඔවුන් පසුගිය වර්ෂයේ නිර්මාණය කරන්නේ සිංගප්පුරුව සීකා වෛරසයට (zika virus) ගොදුරු වීමත් සමඟයි. සීකා හා ඩෙංගු යන රෝග දෙකම බෝ වෙන්නේ එකම මදුරුවෙක් හරහායි. එම තත්ත්වය ශ්‍රී ලංකාවේ ඇති වුවහොත් එයට පෙර සුදානමක් ලෙස ඔවුන් මෙය නිර්මාණය කර තිබෙනවා. නමුත් අද එය ඩෙංගු වෙනුවෙන් විශේෂයෙන්ම සවිබල ගන්වා තිබෙනවා.

Veta ජංගම දුරකථන යෙදවුම ( Veta.life)

මෙයින් කරන්නේ මොකක්ද ?

මෙම යෙදවුම මගින් සිදුවන්නේ මෙය භාවිතාකරන අය හරහා එවැනි පුද්ගලයන් ගෙන හෝ එවැනි රෝගියෙකු වාර්තා වූ ස්ථානයක් ගෙන තොරතුරු පොදුවේ සමාජයට ලබා දීමයි.

මෙම යෙදවුම භාවිතා කරන පුද්ගලයන්ට තමන් ගැවසෙන ස්ථානය ගෙන තොරතුරු අදාළ යෙදවුම තුලට ඇතුලත් කිරීමේ හැකියාවක් පවතිනවා. උදාහරණයක් ලෙස තමාගේ නිවස, රැකියා ස්ථානය, පාසල යනාදී ස්ථාන දැක්විය හැකිය. එම ස්ථානය ඇතුලත් කල පසුව අදාළ ප්‍රදේශයේ කලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් හා එම ප්‍රදේශයේ ඩෙංගු තත්ත්වය ගෙන වාර්ථාවක් (notification) ඔවුනට ලැබෙනවා. මේ හරහා තමන් සිටින ප්‍රදේශයේ අවධානම ගෙන ඔවුන්ට දැනුවත් වීමේ හැකියාවක් ලැබෙනවා. ඒ හරහා තමන්ට ප්‍රවේසම් වීමට පෙළඹ වීම මෙම යෙදවුම හරහා සිදු කෙරෙනවා.

අදාළ ප්‍රදේශයේ කලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් හා එම ප්‍රදේශයේ ඩෙංගු තත්ත්වය ගෙන වාර්ථාවක් (Notification) ඔබට ලැබෙනවා (youtube)

මේක බාගත කරන්නේ කොහොමද ?

මේ සබැඳිය මගින් Veta Life ඔබේ ජංගම දුරකථනයට බාගත කර ගත හැකි අතර ඉන්පසු ඔබගේ ෆේස්බුක් ගිණුම,විද්‍යුත් ලිපිනය, ගුගල් ගිණුම හෝ ටවිටර් ගිණුම තුලින් මෙය හා සම්බන්ධවීමේ හැකියාව පවතිනවා.

මෙම යෙදුම හා මේ ඕනෑම අයුරකින් සම්බන්ධ විය හැක (Youtube)
භාවිතා කරන්නේ මෙහෙමයි

තමන් සිටින ස්ථානය මෙයට ඇතුලත් කර තමන් සිටින ස්ථානයේ සිට කෙතරම් දුරකට (කිලෝමීටර ගණන) තමන් ආරක්ෂා කල යුතුදැයි ඔබට මෙම යෙදවුමෙන් තෝරාගත හැකි වනවා.

තමන් සිටින ස්ථානය ලකුණු කරන්න (Youtube)

ඉන්පසු තමන් ඇතුලත් කරන ආරක්‍ෂිත කලාපයේ ඩෙංගු තත්ත්වය ගෙන තමන්ව අදාල යෙදවුම මගින් දැනුවත් කරනු ලබනවා.

ආරක්‍ෂිත කලාපය ලබා දෙන්න (Youtube)

තමන්ගේ මෙන්ම තම සමීපතයන්ගේත් ආරක්ෂාව තමන්ට මෙහි ඇති Report හෙවත් වාර්තා කරන්න යන කොටස හරහා සැලසිමේ හැකියාවක් පවතිනවා..

මෙය භාවිතයට ඉතාමත් සරල වනවා මෙන්ම මේ හරහා පෞද්ගලිකව වුවද තොරතුරු ලබා ගැනීමේ හා ලබා දීමේ හැකියාව පවතිනවා.

තමන් දන්නා තොරතුරුත් වාර්ථා කරන්න (Youtube)

තමන්ට විතර ද වැඩක් තියෙන්නේ ?

මෙම ඇප් එක මඟින් එකතු වන ප්‍රජාවන්ට පරිසරය පිරිසිඳු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නද, තමන්ගේ ප්‍රදේශය පිළිබඳව විශාල පිරිසකට එකවර තොරතුරු ලබා දීමේ හැකියාවද තිබෙනවා. මෙලෙස සාමුහික ලෙස ඩෙංගු මර්දන ව්‍යාපෘති දියත් කිරීමට මෙම ඇප් එක මඟින් රුකුල් ලැබෙනවා. .

මෙය සමාජය සවිබල ගන්නවන ජංගම දුරකථන යෙදවුමක් වන අතර මෙය ඔබ වෙනුවෙන් සවිබල ගන්වන්නේ Dialog සමාගමයි. වේගයෙන් පැතිර යන මෙම ඩෙංගු වසංගතය තවදුරටත් පැතිර යාම වැලක්වීමට ක්‍රියාමාර්ග ගැනීම ඔබේ මගේ යුතුකමක් වනවා සේම එය කල හැකි වන්නේ සාමුහිකත්වය තුලින් හා තම තමාගේ කැපවීම මත යන කරුණ ද අප සිහිතබා ගත යුතු වෙනවා.

කවරයේ පින්තුරය – Sri Lanka Foundation

Related Articles

Exit mobile version