Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මොකක්ද මේ රටේ පැතිරෙන ‘High Tea’ උන්මාදේ

https://www.youtube.com/watch?v=V-moMv1Wm64

ශ්‍රී ලංකාවේ වර්තමානය වන විට වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින ආහාර සම්ප්‍රදායයක් ලෙස ‘හයි ටී’ සම්ප්‍රදායය හඳුනා ගන්නට පුළුවන්.

සවස් යාමයෙහි තේ හෝ ඒ සමාන පානයක් සමඟ තෝරා ගත් රස කැවිලි, කේක් වර්ග හා කෙටි ආහාර රසවිඳීම මීට ඇතුළත් වෙනවා.

මීට වසර කිහිපක පටන් කොළඹ හා ඒ තදාසන්න ව ජනප්‍රිය වූ මෙම සම්ප්‍රදායය, වර්තමානය වන විට මහනුවර, ගාල්ල වැනි ප්‍රදේශවලටත් ව්‍යාප්ත වීම ආරම්භ වී තිබෙනවා.

‘හයි ටී’ මෙනුවට සඳහා තේ, කෝපි, පලතුරු බීම වැනි දේ සමඟ රෝල්ස්, කට්ලට්, පැටිස් වැනි මිරිස් රස සහිත ආහාර මෙන් ම, කේක්, ඉක්ලෙයාස්, ඩෝනට්, වැනි පැණි රස ආහාරත් අන්තර්ගත වෙනවා.

බොහෝ ආයතන තමන්ගේ සේවාදායකයන්ට විසිතුරු ලෙස සැරසූ ට්‍රේ වල තබා මෙම ආහාර පිළිගන්වන අතර, තවත් සමහරක් ආයතන ‘බුෆේ’ ක්‍රමයට මේවා තබා තිබෙනවා. එවැනි ආයතනවලදී ඔබට ඇති පදම් ‘හයි ටී’ කෑම සහ බීමවලින් සන්තර්පණය වන්නට පිළිවන්.

‘හයි ටී’ සම්ප්‍රදායය ආහාර සම්ප්‍රදායයක් ලෙස වර්ධනය වූ ආකාරය ගැන හඳුනා ගන්නට මෙන් ම අද රටේ පැතිරෙන ‘High Tea’ උන්මාදේ ගැනත් දැක ගන්නට මේ වීඩියෝව මඟ පෙන්වාවි.

Related Articles