Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දු-ශ්‍රී ලංකා තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 44 වැනි තරගය ලීඩ්ස් නුවර හෙඩිංලි පිටියේ දී පැවැත්වෙන්නේ ඉන්දියාව  සහ ශ්‍රී ලංකාව අතර යි. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රබල සටනක යෙදෙන ඉන්දීය කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය ඉතාමත් වැදගත්. එසේම මෙම තරගය ජයග්‍රහණය කරමින් තරගාවලිය හොඳින් අවසන් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම අරමුණ යි. එම නිසාම අසල්වැසියන් දෙදෙනෙකු අතර පැවැත්වෙන මෙම තරගය පිළිබඳව පෙර විමසුමක් මෙලෙසින් ඔබ වෙතට ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දු-ශ්‍රී ලංකා  ගැටුම්

මෙම කණ්ඩායම් 2ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථාවන් 8ක දී තරග කර තිබෙනවා. එහි දී  

ශ්‍රී ලංකා කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කරන විට ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 2ක් පමණ යි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම මුල්ම වරට ලෝක කුසලාන තරගයක දී හමුවුණේ 1979 තරගාවලියේ දී යි. එහිදී ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 47ක ජයග්‍රහණයක් ලබාගත්තා. එම ජයග්‍රහණය ලෝක කුසලාන ඉතිහාසය තුළ සුවිශේෂී එකක් වන්නේ ටෙස්ට් වරම් ලද රටක් ටෙස්ට් වරම් නොමැති රටක් වෙතින් පරාජය වුණු මුල්ම අවස්ථාව එය වීම නිසා යි. එහිදී දුලිප් මෙන්ඩිස් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ මුලින්ම හයේ පහරක් එල්ල කළ පිතිකරුවා බවට පත්වුණා.

ශ්‍රී ලංකාව – 238/5 (60)

ඉන්දියාව – 191/10 (54.1)

ශ්‍රී ලංකාවට ලකුණු 47ක ජයක් 

දුලිප් මෙන්ඩිස් (gettyimages)

1992 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම කණ්ඩායම් දෙක යටතේ පැවති තරගය පන්දු දෙකකට පමණක් සීමාවුණු තරගයක් වුණා.

1996 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තරග 2ක දී හමුවුණා. එහිදි එම තරග 2ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. ඉන් පළමු වටය යටතේ පැවති තරගයේ දී ටෙන්ඩුල්කාර් ලබාගත් ලකුණු 137 සහ ජයසූරිය ලබාගත් ලකුණු 79 විශිෂ්ඨතම ඉනිම් 2ක්. අවසන් පූර්ව තරගයේ දී අරවින්ද ලබාගත් ලකුණු 66 පීඩනය ඉදිරියේ නොසැලෙමින් දියත් කළ සටන්කාමී ඉනිමක් බවට පත්වුණා. කල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් පිටියේ පැවති එම අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව දෙසට නැඹුරු වුණු සිදුවීම වුණේ ටෙන්ඩුල්කාර් ලකුණු 65කට දැවීයාම යි.

පළමු වටයේ තරගය 

ඉන්දියාව – 271/3 (50)

ශ්‍රී ලංකාව – 272/4 (48.4)

ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක් 

අවසන් පූර්ව තරගය 

ශ්‍රී ලංකාව – 251/8 (50)

ඉන්දියාව – 120/8 (34.1)

ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය ප්‍රදානය කළා 

 අවසන් පූර්ව තරගයේ දී ටෙන්ඩුකාර් ස්ට්ම්ප් කිරීමට හසුවුණු අවස්ථාව  (gettyimages)

1999 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති තරගයක දී මෙම කණ්ඩායම් දෙක නැවතත් හමුවුණා. එහිදී ඩ්‍රාවිඩ් සහ ගංගුලී ලෝක වාර්තාවක් තබමින් ගොඩනැගූ ලකුණු 318ක සබඳතාවය නිසා ඉන්දියාවට ලකුණු 157ක දැවැන්ත ජයක් උරුම වුණා. එම සබඳතාවය ගොඩනැගීමේ දී ගංගුලී ලකුණු 183ක් ලබාගන්නා විට ඔහුට අනගි සහයක් ලබාදුන් ඩ්‍රාවිඩ් ලකුණු 145ක් ලබාගත්තා.

ඉන්දියාව – 373/6 (50)

ශ්‍රී ලංකාව – 216/10 (42.3)

ඉන්දියාවට ලකුණු  157ක ජයක් 

ගංගුලීගේ සුපිරි ඉනිමේ අවස්ථාවක්  (gettyimages)

2003 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරගයේ දී ඉන්දීය කණ්ඩායමට ලකුණු 183ක දැවැන්ත ජයක් හිමිවුණා. එහිදී ටෙන්ඩුල්කාර් ලකුණු 97ක් ලබාගෙන පිත්තෙන් දස්කම් දක්වන විට ශ්‍රීනාත් සහ නෙහෙරා කඩුලු 4 බැගින් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිම සුණුවිසුණු කළා.

ඉන්දියාව – 292/6 (50)

ශ්‍රී ලංකාව – 109/10 (23)

ඉන්දියාවට ලකුණු 183ක ජයක් 

2003 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති ශ්‍රී ලංකා-ඉන්දියා තරගයේ අවස්ථාවක් (gettyimages)

2007 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායමට ලකුණු 69ක පරාජයක් උරුම වුණු නිසාම ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා.

ශ්‍රී ලංකාව – 254/6 (50)

ඉන්දියාව – 185/10 (43.3)

ශ්‍රී ලංකාවට ලකුණු 69ක ජයක් 

2007 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායම (gettyimages)

2011 ලෝක කුසලාන අවසන් තරගයේ දී නැවතත් මෙම කණ්ඩායම් දෙක හමුවුණා. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මහේල ශතකයක් ලබාගත්තත් තරගයේ ජයග්‍රහණය හිමිවුණේ ඉන්දීය කණ්ඩායමට යි.

ශ්‍රී ලංකාව – 274/6 (50)

ඉන්දියාව – 277/4 (48.2)

ඉන්දියාවට කඩුලු 6ක ජයක් 

2011 ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

ලීඩ්ස් නුවර හෙඩිංලි පිටිය පිළිබඳව දත්තයන් 

පසුගිය වසර 8 තුළ හෙඩිංලි තණතීරුව වඩාත් යෝග්‍ය වුණේ පිතිකරුවන්ට යි. ලෝක කුසලාන තරගාවලියට පෙර මෙම පිටියේ පැවති ප්‍රතිඵලයක් ලැබුණු දිවා තරග 5 හි මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 302ක්. නමුත් මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම පිටියේ පැවති තරග ද්විත්වයේ දීම පිතිකරුවන්ට එතරම් දස්කම් පෙන්වීමට නොහැකි වුණා.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද? 

හෙඩිංලි පිටියේ දී පැවති, තීරණයක් ලැබුණු අවසන් දිවා එක්දින තරග 7 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා හෙඩිංලි පිටියේ පැවැත්වෙන ඉන්දු-ශ්‍රී ලංකා තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ පැවති, තීරණයක් ලැබුණු අවසන් දිවා එක්දින තරග 7න් 4ක් ජයග්‍රහණය කර තිබෙන්නේ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම යි. එම නිසාම මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගන්නා නායකයා මුලින්ම පන්දුවට පහරදීම තෝරාගැනීමට ඇති ඉඩ වැඩි යි. 

හෙඩිංලි පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා 

මෙම පිටියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරග 3ම ජයග්‍රහණය කළා. එහිදී ඔවුන් එම ජයග්‍රහණ 3ම ලබාගත්තේ එංගලන්තයට එරෙහිව යි. මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්තයට එරෙහිව පැවති තරගයත් ඒ අතරට අයත් වනවා. එසේම මෙම පිටියේ දී පිතිකරුවෙකු වාර්තා කළ හොඳම ඉනිමේ හිමිකරු වන්නේ සනත් ජයසූරිය යි. ඔහු 2006 වසරේ එංගලන්තයට එරෙහිව පන්දු 99කි න් ලකුණු 152ක් ලබාගෙන එම වාර්තාව පිහිටවනු ලැබුවා. ඉන්දීය කණ්ඩායම හෙඩිංලි පිටියේ දී අවසන් වරට එක්දින තරගයක් ජයග්‍රහණය කර ඇත්තේ 2007 වසරේ දී යි. 2007 වසරෙන් පසුව මේ දක්වා ඔවුන් හෙඩිංලි පිටියේ දී එක්දින තරග 2ක් පරාජය වී තිබෙනවා.

සනත් ජයසූරියගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

මෙවර ඉන්දු-ශ්‍රී ලංකා  තරගය පිළිබඳව

මෙම කණ්ඩායම් දෙක අවසන් වරට එක්දින තරගාවලියක දී හමුවුණේ 2017 වසරේ දී යි. එම තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළේ ඉන්දීය කණ්ඩායම යි. ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලාන  තරගාවලිය තුළ ප්‍රබල දස්කම් දක්වමින් ඉදිරියට පැමිණ සිටින නිසා මෙම තරගය ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් ඇත්තේ ඉන්දීය කණ්ඩායමට යි.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles