Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෘහස්ථව වඩා හොඳ හුස්මක් ගන්න ඉඩ සලසන මාර්ග හතරක්

Brought to you by

මේ දවස්වල, ගෘහස්ථ ව එහෙම නැති නම් ගෙදරට ම වී සිටීම සැහෙන්න හොඳ අදහසක් විදිහට පේනවා, ඒ විශේෂයෙන් මේ දවස් වල තියෙන 32 ° C විතර කරකැවිල්ලක් ඇති වෙන තරම් උෂ්ණත්වය, නාගරික ප්‍රදේශවල තිබෙන අධික වාහන තදබදය, අපද්‍රව්‍ය හා කැලිකසළ ගිනි තැබීම්, හරිතාගාර වායු විමෝචනයෙන් සිද්ද වෙන වායු දුෂණය වගේ බොහොමයක් හේතු නිසා. ඒත් හොඳින් හිතලා බලන්න ඔබේ විසිත්ත කාමරය, වායු සමීකරණය කළ වැඩ කරන ස්ථානයේ සුවපහසුව ආදී හැමදේම එක්ක මේ රස්නය වගේ දේවල් ඔයා මග අරිද්දි ගෘහස්ථ ව ආශ්වාස කරන වාතය ඒ හැමදේට ම වඩා හොඳයි කියන විශ්වාසය සහ සැනසිල්ල ඔබට තියෙනවා ද? 

Indoor Air Quality (IAQ) එහෙම නැති නම් ගෘහස්ථ වාතයේ ගුණාත්මකභාවය අවම වෙන්න බලපාන හේතු කාරණා බොහොමයක් පවතින්න පුළුවන්. දුම්කොළ දුම, ඉවුම් පිහුම් කරන ළිපේ දර දැවීම, පළිබෝධනාශක, සත්ව අපද්‍රව්‍ය නිෂ්පාදන, ඉදිකිරීම් ද්‍රව්‍ය වගේ බොහොමයක් දේවල් ගෘහස්ථ වාතයේ ගුණාත්මකභාවය අවම වෙන්න බලපාන්න පුළුවන්. ඒ හැමදේට ම අමතර ව වාතාශ්‍රය ගමන් කරන්න නොහැකි ලෙස එහෙම නැති නම් ඉතාම දුර්වල ලෙස සැලසුම් කර නිර්මාණය කර ඇති ජීවන අවකාශයක් හානිකර වාත විමෝචනය එකතු වෙන්න පමණක් නෙමෙයි බැක්ටීරියා සහ වෛරස්, දූවිලි මයිටාවන්, පරාග සහ තවත් බොහෝ ජීව විද්‍යාත්මක වායු දූෂකවලට හොඳ වටපිටාවක් ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන්. 

හොඳයි දැන් ඔබට අහිතර එහෙම නැති නම් දුර්වල IAQ තත්ත්වයන් (ගෘහස්ථ වාතයේ ගුණාත්මකභාවය) නිර්මාණය වෙන්න බලපාන හේතු සාධක පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා. මෙන්න මේ තත්ත්වයන් මඟ හරවාගෙන ඔබේ ගෘහාශ්‍රිත වාතයේ තත්ත්වය ඉහළ දමාගන්න පුළුවන් පහසු මෙම පියවර ඔබ අනුගමනය කළොත්. 

අපට වාතාශ්‍රය අවශ්‍ය සේම, අප ජීවත් වන අභ්‍යන්තර අවකාශවල ද ඒ් තත්ත්වය එසේම පැවතිය යුතු වේ. වාසනාවකට මෙන්, වායු විවර විවිධ හැඩ, ප්‍රමාණ සහ සැකසුම්වලින් යුතුව පැමිණේ. Image Credit: Getty Images

වාතාශ්‍රය ගමනාගමනයට නිසි පරිදි ඉඩ සැලසීම 

හොඳ වායුසමන පද්ධතියක් අනවශ්‍ය තාපය සහ ආර්ද්‍රතාව පාලනය කරන අතරම නිසි අයුරින් වායු පරිවහණයට විශාල දායකත්වයක් සපයනවා. මේ නිසාම ඉතාම ප්‍රශස්ත ඔක්සිජන් මට්ටමක් පවත්වා ගන්න වගේම ඔබේ ගෘහාශ්‍රිත වායු ගුණාත්මකභාවයත් ඉතාම හොඳින් ඉහළ නංවනවා. 

මේ තත්ත්වයන් පවත්වාගන්න පුළුවන් එක් ක්‍රමයක් වෙන්නේ පිටත සිට ස්ථාවර වායු හුවමාරුවකට පහසුකම් සලසන ස්වභාවික වායු සැපයුම් විවරයන් පවත්වා ගැනීම යි. තාප හුවමාරු යන්ත්‍ර ස්ථාපනය කිරීමත් තව එක් ක්‍රමවේදයක් ලෙසින් පෙන්වා දෙන්න පුළුවන්. මේ යන්ත්‍ර මඟින් අධික උෂ්ණත්වයක් සහිත ස්ථානවල සිට අඩු උෂ්ණත්වය සහිත ස්ථානවලට තාපය මාරු කිරීම සිදු කරනවා. මෙය විශේෂයෙන්ම ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාව වැනි රටවල්වලට ඉතාම වැදගත් වෙනවා. ඉහළ ආර්ද්‍රතා මට්ටම් ගොඩනැඟිලි ඇතුළත රැඳුණොත් පුස් වැනි තත්ත්ව නිතර වර්ධනය වීමට එය හේතුවක් වෙනවා. 

පැරණි ශ්‍රී ලාංකේය නිවාසවල ජනේල බොහෝ නවීන නිවාසවල දක්නට නොමැති පරිදි මනා වාතාශ්‍රයක් සඳහා ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී ඇත. Image credit: Ministry of Villas

අතීතය දෙස බලන්න

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික යටත් විජිත පන්නයේ ගෘහ නිර්මාණ ශිල්පය, නවීන සැලසුම් පිළිවෙත් වෙත සංක්‍රමණය වීම ගෘහස්ථ වාතයේ ගුණාත්මකභාවය සහ වාතාශ්‍රය කෙරෙහි සැලකිය යුතු ලෙස බලපා ඇත.

පැරණි යටත් විජිත සමය‌ේ ගොඩනැගිලි බොහෝ විට ඝන බිත්ති, උස් සිවිලිම් සහ විශාල ජනේලවලින් සමන්විත වෙයි. ඒ්වා ස්වභාවිකවම විවිධ ආකාරයේ වාතාශ්‍ර රටා සංසරණය පහසු කරවන අතර ගෘහස්ථ හා එළිමහන් අවකාශයන් අතර වඩාත් සෘජු අන්තර්න්‍රියා සඳහා ද ඉඩ සලසයි. ඊට හාත්පසින්ම වෙනස්ව, සමකාලීන වාස්තුවිද්‍යාත්මක මෝස්තර පිරිවැය සහ අවකාශ කාර්යක්ෂමතාව සමඟ සෞන්දර්යාත්මක පෙනුමට ප්‍රමුඛත්වය දීමට නැඹුරු ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා ජනේල, මුද්‍රා තැබූ අවකාශ නිර්මාණය කෙරී ඇති අතර ඒහිදී ස්වාභාවික වායු ප්‍රවාහය කෙරෙහි අඩු අවධාරණයක් ලබා දී ඇත.

කෙසේ වෙතත් නවීන සැලසුම් භාවිතයන්, යාන්ත්‍රික වාතාශ්‍ර පද්ධති සහ වායු පිරිසුදු කිරීමේ තාක්ෂණයන් ඒකාබද්ධ කිරීම වැනි නවෝත්පාදන සඳහා අවස්ථා ද ලබා දෙයි. නවීන ගෘහනිර්මාණ ශිල්පය දෙසට ගමන් කිරීම වාතාශ්‍ර රටා සහ වාතයේ ගුණාත්මක භාවයේ වෙනස්කම් ඇති කර තිබෙයි. එය සෞඛ්‍ය සම්පන්න සහ සුවපහසු ගෘහස්ථ පරිසරයක් සහතික කිරීම සඳහා ක්‍රියාකාරී සැලසුම් උපාය මාර්ග සමඟ ඒකාබද්ධ කරන සමබර ප්‍රවේශයක් සඳහා ද විභවයක් සපයයි.

පිරිසුදු හා වියළි ගෘහස්ථ අවකාශ

ඔබේ ගෘහස්ථ අවකාශ පිරිසුදු ව  හා වියළි ව  තබා ගැනීම හොඳ ඉතාම යහපත් IAQ එකක්  (ගෘහස්ථ වාතයේ ගුණාත්මකභාවය)  පවත්වාගැනීම සඳහා පිටිවහලක් වෙනවා, විශේෂයෙන් නාන කාමරය සහ මුළුතැන්ගෙය ආදී පුස් වැනි දේ වර්ධනයට නිරතුරු ව ගොදුරු වන තෙත් සහ තෙතමනය සහිත ස්ථාන ගැන ඔබේ විශේෂ සැලකිල්ල අවශ්‍ය වෙනවා.  ඔබේ වාසස්ථානය සම්පූර්ණයෙන් ම පුස්-ප්‍රතිරෝධී බව සහතික කර ගන්නට පයිප්ප කාන්දුවීම් වලින් තෙතමනය එකතු වීම වලක්වන්න ජල හානි ව ඇති ස්ථාන  අලුත්වැඩියා කිරීම වැනි දේත් වැදගත් වෙනවා. 

අඩු විමෝචන තත්ත්ව සහිත ගොඩනැඟිලි ද්‍රව්‍ය සහ ගෘහ භාණ්ඩ

ඔබේ ගොඩනැඟිල්ල හෝ නිවස ප්‍රතිසංස්කරණයක් කිරීමට නියමිත නම්, රබර් කිරි තීන්ත, උණ බම්බු සහ ලොම් කාපට් ඇතිරීම වැනි අඩු විමෝචන තත්ත්වයන් ඇති  වන ගොඩනැඟිලි ද්‍රව්‍ය සහ ගෘහ භාණ්ඩ භාවිත කිරීමට මේ  අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. මේවා ඔබේ නාසය, උගුර සහ ඇස්වල කෝපයක් ඇති කරන  volatile organic compounds (VOCs) එසේ නැති නම් වාෂ්පශීලී කාබනික සංයෝගයන ඉතාම අඩුවෙන් තමයි පරිසරයට මුදා හරින්නේ. 

අවසානයට 

මේ මට්ටමෙන් ඔබ්බට වඩාත් නිරවද්‍ය සහ කාර්යක්ෂම Indoor Air Quality (IAQ) එහෙම නැති නම් ගෘහස්ථ වාතයේ ගුණාත්මකභාවය හඳුනාගැනීම සහ අණුක මට්ටමින් දූෂක ද්‍රව්‍ය  වාතයෙන් ඉවත් කිරීමේ හැකියාව ඇති නැනෝ තාක්‍ෂණය වැනි ක්‍රම ඇතුළුව, IAQ තාක්‍ෂණයේ උද්වේගකර නව පිම්මක් අපට ඉක්මනින් දැකගන්න පුළුවන් වේවි. ඇත්ත වශයෙන්ම කිව්වොත්, මෙම තාක්ෂණ ක්‍රමවේද දැනටමත් කුඩා පරිමාණයෙන් දූෂක ද්‍රව්‍ය වාතයෙන් ඉවත් කිරීම සඳහා භාවිත වන නවීන වායු පවිත්‍ර කාරකවල දැකගන්නට හැකියාව ලැබෙනවා. 

ශ්‍රී ලංකාවේ එළිමහන් වාතයේ ගුණාත්මකභාවය ඉතා ඉක්මනින් යහපත් නොවන බව ඔබට අප අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතයේ වසන්ත සමයේ නිරෝගී ව යෙහෙන් සිටීමට නම්, දුර්වල ගෘහස්ථ වාතය ආශ්වාස කිරීම හා සම්බන්ධ සෞඛ්‍ය අවදානම් මඟහරවා ගැනීමට ක්‍රියාශීලී හා ඉක්මන් පියවර ගැනීම නුවණට හුරු බව හොඳින් මතක තබා ගන්න.

Related Articles