Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2017 හොඳම දැන්වීම වුණු මූර්තිය

2018 වසරේ කාන්තා දිනය පසුවෙලා දින කීපයකට වඩා ගෙවිලා නැහැ. නමුත් මේ කතා කරන්න යන්නේ ඒක ගැන නෙවෙයි, 2017 වසරේ කාන්තා දිනය සම්බන්ධ මාතෘකාවකුයි. පසුගිය වසරේ කාන්තා දිනය පදනම් කරගෙන නිව්යෝක් නුවර හරිම අපූරු වැඩක් කරලා තිබුණා. එය පසුව ලෝක සම්මාන ගණනාවකට පාත්‍ර වුණු වෙළඳ දැන්වීමකුත් වුණා. කතාව ටිකක් පරණ උනත් 2017 ලොව හොදම වෙළඳ දැන්වීම් 10 අතර පළමු තැන මෙයට ලබා දෙන්න Adweek වෙබ් අඩවිය කටයුතු කරලා තිබුණු නිසාත් “Fearless Girl” ගෙන කතා කරන්න අපි හිතුවා.

adhugger.net

ටිකක් වෙනස් වැඩක්

ලෝකය පුරාම දැන්වීම්කරණය කිව්වම ගොඩාක් දෙනෙක් හිතන්නේ ඒක බඩු විකුණන්නම වෙන්වුණු කලාවක් කියලා. නමුත් ලොව පුරා සමාජයීය අරමුණු පදනම් කරගෙනත් දැන්වීම් නිර්මාණය වෙනවා. අනිත් කරුණ තමයි, දැන්වීමක් හැම තිස්සෙම රූපරාමු, හඬපට වගේ දේවල් ඉක්මවා ගිය තැනක තියන්න පුළුවන් කියන එක. “Fearless Girl” එහෙම වැඩක්. එය දැන්වීමක් වගේම ස්ථාපන කලා කෘතියක් ලෙසත් එක පැත්තකින් සලකන්න පුළුවන්.

gothamist.com

කරන්න හේතුව මොකක් ද?

ලංකාව ඇතුලේ වගේම ලෝකය පුරාමත් සංස්කෘතීන් වල කාන්තාවට විවිධ හේතූන් නිසා අසමානව සලකනවා. එනිසා කාන්තාවගේ හැකියාව ගැන ලෝකය දැනුවත් කිරීම අරමුණු කරගෙන “Know The Power Of Women In Leadership. She Makes a Difference” යන තේමාවෙන් මෙම වැඩසටහන නිර්මාණය වුණා. ඇමරිකාව තුල කාන්තා නායකත්වය, කාන්තා සේවා නියුක්තිය, හා ඔවුන්ට ඇති තැන (සම අවස්ථාවන් ලබා දීම) ඉහළ දැමීමට අරමුදලක් සම්පාදනය කිරීම වෙනුවෙන් මෙය ක්‍රියාත්මක වුණා.

කවුරු කොහේ කරපු එකක් ද?

මෙයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර තිබුණේ ලොව තුන්වන විශාලතම වත්කම් කළමනාකරණ සමාගම වන State Street Global Advisors (SSGA) සමාගම යි. එම සමාගම යටතේ 2017 දෙසැම්බර් 31 වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.8ක වත්කම් කළමනාකරණය වුණා. එමෙන්ම ඔවුන් ආයෝජන උපාය සම්බන්ධීකරණය ද කරනු ලබනවා.

මෙම පිළිමය පිහිටා ඇත්තේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටා තිබෙන ලොව ප්‍රකට මූර්තියක් වන “Charging Bull” නම් මූර්තියට මුහුණ ලා යි. මෙය ආර්ට්යුරෝ ඩි මොඩිකා නම් කලාකරුවා විසින් 1989 වසරේ දී නිර්මාණය කෙරුණු Charging Bull මූර්තිය මගින් ඇමරිකානු ජනතාවගේ ශක්තිය පිළිබිඹු කෙරෙනවා. ලෝකඩ වලින් නිර්මාණය කළ මෙය අඩි 11ක උසකින් හා අඩි 16ක පළලින් යුතු වෙනවා. එහි බර කිලෝ 3,200ක්.  

එයට මුහුණ ලා තිබෙන ‘Fearless Girl’ මූර්තිය නිර්මාණය කළේ ක්‍රිස්ටිනා විස්බල් විසින්. අඩි 4ක උසින් යුතු එය කිලෝග්‍රෑම් 110ක බරකින් යුතු වුණා. මෙම පිළිමයේ උස කෙසේ වෙතත් එහි අති ප්‍රතාපවත් හා අධිෂ්ඨානශීලි බැල්ම නිසා බොහෝදෙනාගේ අවධානය එයට හිමි වුණා. කෙසේ නමුත් ඉහත සඳහන් කළ “පහරදෙන “ගෙන් “නිර්භය කෙල්ලට” තර්ජනයක් ඇති වුණා.

theatlantic.com

‘Charging Bull’ විසින් ‘Fearless Girl’ට යන්න කියයි

‘Charging Bull’ මූර්තියේ නිර්මාතෘවරයා විසින් ඔහුගේ කලා කෘතියේ අරමුණට හා ඔහුගේ නීතිමය අයිතීන් වලට බලපෑම් වන බව කියමින් ‘Fearless Girl’ මූර්තිය ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර තිබුණා.

එමෙන්ම ඔහු ප්‍රකාශ කර තිබුණේ වසර තිහක් පුරා එම ස්ථානයේ තිබූ ඒම පිළිමයට ඉදිරියෙන් මෙය නිර්මාණය කිරීම නිසා ඔහුගේ හිමිකම් උල්ලංඝනය කර ඇති බව පමණක් නොව, එය මගින් ඔහුගේ කෘතියේ ප්‍රකාශිත අරමුණ ද වෙනස් වූ බව කියමිනුයි. ඔහු වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබුණේ එම මූර්තියේ සිටින ගැහැණු දරුවා විසින් තමන්ගේ ගවයාව ආක්‍රමණය කළ බව යි.

ඔහුගේ විරෝධය සලකා බලා මෙම මූර්තිය 2017 මාර්තු 8 වන දා සිට අප්‍රේල් 2 වන දා තෙක් පමණක් එහි තැබීමට තීරණය කළත්, සමාජජාලා වලිනුත්, සෘජුවත් මහජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත හා අන්තර්ජාලය හරහා අත්සන් කෙරුණු අත්සන් 28,000කින් යුතු පෙත්සමක් හේතුවෙන් Fearless Girl මූර්තිය මෙම ස්ථානයේ 2018 වසර වෙනතුරු තබන ලෙස කෙරුණු ඉල්ලීමට අනුමැතිය හිමි වුණා.

මෙවැනි පෙරලියක් සිදු කළ Fearless Girl නිර්මාණය 2017 CANNES LIONS සම්මාන 18ක් දිනාගනු ලැබුවා. මෙම සංකල්පය නිර්මාණ කළ නිව්යෝර්ක් නුවර McCann වෙළඳ දැන්වීම් ආයතනයට “වසරේ වෙළඳ දැන්වීම් ආයතනය”ට හිමි සම්මානයත් හිමි වුණා.

‘Fearless Girl’ මූර්තිය හා  ‘Charging Bull’ මූර්තියේ නිර්මාතෘවරයා

ඇත්තටම සාර්ථක ද?

Fearless Girl ව්‍යාපාරය ඇමරිකාවේ මාධ්‍ය වල දැඩි අවධානයට ලක් වුණා. එයට සම්බන්ධව tweets බිලියන 4.6ක් වගේම, ඉන්ටර්ග්‍රම් වාර්තා කිරීම් මිලියන 745ක් ද පල වී තිබුණා.

https://www.youtube.com/watch?v=fADyZ2NL-xY

කවරය – adweek.com

Related Articles