Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුනුවිසුණු වී ගොස් නැවත හිස එසවූ අපූර්වතම නගර II

මානව ඉතිහාසයේ ඉතාමත්ම සුළු කාලයක් තුළ බිඳ වැටී පසුව අති විශිෂ්ටතම නගර ලෙස නැවත ඉදි වූ බර්ලින්, ලිස්බන්, හිරෝෂිමා, මෝස්ටා(ර්), සැන් ෆ්‍රාන්සිස්කෝ වැනි නගර පිළිබඳව ‘සුනුවිසුණු වී ගොස් නැවත හිස එසවූ අපූර්වතම නගර I’ ලිපියෙන් කතා කළා. මේ ලිපියෙන් එවැනි තවත් නගර කිහිපයක් පිළිබඳව දැනගනිමු.

ඩ්‍රෙස්ඩන්

dmg.dresden.de

නැගෙනහිර ජර්මනියේ පිහිටි ඩ්‍රෙස්ඩන් නගරයට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම දෙවන ලෝක යුද සමයේ සිදුවුනු අමතක කළ නොහැකි සිදුවීමක්. සැක්සන්වරුන්ගේ ප්‍රධානතම නගරයක් වුණු ඩ්‍රෙස්ඩන් ඊට ආවේණික ගෘහ නිර්මාණ ශිල්පය හේතු කොටගෙන සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙසින් ප්‍රසිද්ධියක් ඉසිලූයේ ශත වර්ෂ ගණනාවක සිටයි. ඩ්‍රෙස්ඩන් නගරය වෙත බෝම්බ හෙලන ලද්දේ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ සහ අමෙරිකානු ගුවන් හමුදාවේ භට පිරිස් විසින්. විචාරකයින් පවසන්නේ එය කිසිදු එල්ලයක් නොකොට සිදු කරන ලද ඉලක්ක රහිත ප්‍රහාරයක් (Indiscriminate attacking) බවටයි. මිනිස් ජීවිත දහස් ගණනින් බිලිගත් එම බෝම්බ, නගරයේ අති විශිෂ්ට ගොඩනැගිලි මෙන්ම තවත් නිවාස සිය ගණනක් බිලිගත්තා.

https://3.bp.blogspot.com (දෙවන ලෝක යුද සමයේ බෝම්බ ප්‍රහාර හේතුවෙන් විනාශ වී ගිය ඩ්‍රෙස්ඩන් නගරය)

1945දී නැවත ගොඩනැගෙන්නට වූ ඩ්‍රෙස්ඩන් නගරයේ Frauenkirche, Zwingle මාළිගා මෙන්ම ඔපෙරා හවුස් ගොඩනැගිල්ලද නැවත ඉදි කෙරුණා. ඩ්‍රෙස්ඩන්හි නිවුන් සහෝදරයා ලෙස සැළකෙන කොවෙන්ට්‍රි නගරය ඊට වඩා වෙනස් මුහුණවරකින් ගොඩනගනු ලැබූයේ, පැරණි ගොඩනැගිලි යළි ඉදි කරනු වෙනුවට නවතම ගොඩනැගිලි ඉදිකිරීමට ගත් පියවර නිසාවෙන්.

වෝ(ර්)සෝ

www.telegraph.co.uk

දෙවන ලෝක යුද සමයේදී ජර්මානු ගුවන් හමුදාවේ ලෆ්ට්වැෆ් ගුවන් යානාවන්ගේ ප්‍රහාරයන්ට නිතර ගොදුරු වූ වෝ(ර්)සෝ නගරය 1933දී මෙන්ම 1944දීත් ජර්මානු ගුවන් හමුදාවේ විශාල ඉලක්ක බවට පත් වූයේ පෝලන්තය ආක්‍රමණය කළ ජර්මානුවන්ට එරෙහිව පෝලන්ත ජාතිකයින් විසින් පෑ විරෝධතාවන්ට එරෙහි වීමක් ලෙසින්. වෝ(ර්)සෝ නගරය කෙතරම් ප්‍රහාරයන්ට ලක් වූවාද කිවහොත්, බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ජර්මානු හමුදාවන් නගරය වෙත ගොස් එහි පිහිටි වැදගත් ගොඩනැගිලි මෙන්ම ලේඛනද සොයමින් ඒවා වනසා දමන්නට වුණා. ඒ අතර යුරෝපයේ ඉතාම වැදගත් පුස්තකාල හා ග්‍රන්ථද තිබීම සැබවින්ම ශෝකජනක කරුණක්. 13වන ශත වර්ෂය දක්වා ඈතට දිවෙන ඉතිහාසයන්ගෙන් යුත් දේවස්ථාන, පුස්තකාල හා මාළිගා ඇතුළු ඉදිකිරීම් රාශියක් පොළොවට සමතලා කෙරුණේ අසුරු සැනෙකින්.

http://qha.com.ua – (දෙවන ලෝක යුද සමයේදී විනාශ වී ගිය වෝ(ර්)සෝ)

යුද්ධය නිම වීමෙන් අනතුරුව නගර සැලසුම්කරුවන් වෝ(ර්)සෝ නගරය නැවති ඉදි කිරීමට වසර හයක් පුරා කටයුතු කළේ 18වන සියවසේ නිර්මාණය කරන ලද පැරණි නගර සැලසුම් ආදර්ශයට ගනිමින් වීමද විශේෂත්වයක්. පැරණි වෙළෙඳපොල චතුරස්‍රය,  මාළිගා මෙන්ම නගර තාප්පයද 1960 වසරේදී නැවත ඉදි කෙරුණු අතර, පැරණි නගරය යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක සංස්කෘතික උරුමයක් ලෙස නම් කෙරුණා.

ටෝකියෝ

www.jnto.go.jp

1923 වසරේ සැප්තැම්බර් මස පළමුවනදා ජපානයේ හොන්ශු දූපතේ කැන්ටෝ තැනිතලාවට බලපෑ භූමිකම්පාව හේතුවෙන් ටෝකියෝ, යොකොහෝමා ඇතුළු නගර රාශියකට විශාල හානි පැමිණුනා. භූමිකම්පාව හට ගත්තේ එහි වැසියන් දිවා ආහාරය සකසමින් සිටියදී නිසා ඔවුන්ගේ උඳුන් වල තිබූ ගිනි ඉතා ඉක්මණින් දැවයෙන් නිමවන ලද නිවාස හරහා ඇවිලී යාම සිදු වූයේ ඛේදනීය ලෙසයි. ඒ ගින්නෙන් තාර පාරවල් පවා උණු වූ අතර, තිසටදහසක් පමණ දෙනා ගින්නෙන් මරු දුටුවා. ජල සැපයුමද භූමිකම්පාව හේතුවෙන් අඩාල වීම නිසා ගින්න නිවීම කිසිසේත්ම පහසු කර්තව්‍යයක් වූයේ නෑ. අවසානයේ ටෝකියෝ නගරයේ භූමි ප්‍රමාණයෙන් වර්ග මීටර මිලියන තිස් තුනක් පමණ විනාශ වූ බව වාර්තා වනවා.

http://www.asahi.com – (1923 වසරේ හොන්ශු දූපතේ කැන්ටෝ තැනිතලාවට බලපෑ භූමිකම්පාව)

විශාල ගොඩනැගිලි, මං මාවත් මෙන්ම උද්‍යානයන්ගෙන් යුත් මෙට්‍රොපොලිස් ආකෘතියේ නගරයක් ලෙසින් ටෝකියෝ නගරය යළි ගොඩ නගන්නට සැලසුම් සකස් කෙරුනද, මූල්‍යමය හේතූන් මත වඩාත් නව්‍ය සැලසුමකට අනුව ප්‍රමාණයෙන් කුඩා ඉඩකයි නගරය යළි ඉදි කරනු ලැබුවේ.

ලන්ඩන්

www.timeout.com

හිරු නොබසින අධිරාජ්‍යයේ අග නගරය වන ලන්ඩන් නුවර වෙත ගුවන් ප්‍රහාර එල්ල වීම ආරම්භ වූයේ 1940 වර්ෂයේ සැප්තැම්බර් මස 7 වන දිනදී ය. සති තිස් හතක් පුරා පැවති මේ වියරුවට මුල් වූයේද දෙවන ලෝක යුද්ධයයි. නොකඩවා රාත්‍රීන් 57ක් පුරා බෝම්බ ප්‍රහාරයන් එල්ල කරන්නට ජර්මානු ගුවන් හමුදාව කටයුතු කර තිබුණු අතර, මෙහෙයුම් 71ක් දියත් කරනු ලදුව, බෝම්බ විසි දහසක් බිම හෙලන්නට ඔවුන්ට හැකියාව ලැබී තිබුණා.

http://1.bp.blogspot.com – (ගුවන් ප්‍රහාරවලින් හානි වූ ලන්ඩන් නුවර)

කෙසේ වෙතත්, යුද ගැටුම් නිම වූ වහාම ලන්ඩන් නගරයේ නැවත ඉදි කිරීම් කටයුතු අරඹනු ලැබුවා. 1960 වන විට තට්ටු නිවාස සංකීර්ණයක්ද එහි ඉදි කෙරුණා. බ්‍රිතාන්‍ය පාරිමේන්තුවේ නියෝජිත මන්ත්‍රීවරුන්ගේ ගොඩනැගිල්ලද නැවත ඉදි කෙරුණු අතර, 1940 දෙසැම්බර් මස 29වනදා සම්පූර්ණයෙන්ම බිමට සමතලා කෙරුණු ක්‍රිප්ල්ගේට් නම් වූ නගර කොටසද යළි ඉදි කෙරුණා. කාර්‍යාල, කෞතුකාගාර සහ නිවාසයන්ගෙන් එම ප්‍රදේශය දැන් සමන්විත වනවා.

වැල් ඩි නෝටෝ ප්‍රාන්තය

සිසිලි, කැලබ්‍රියා සහ මෝල්ටාව යන රාජ්‍යයන් ත්‍රිත්වයම කම්පාවට පත් කළ 1963දී හටගත් භූමිකම්පාව හේතුවෙන් විනාශයට පත් වූ සිසිලි රාජ්‍යයේ නගර අටක් වැල් ඩි නෝටෝ ප්‍රාන්තයට අයත් වනවා. පුද්ගලයින් 93,000කට පමණ මරු කැඳ වූ එම විපතින් විනාශයට පත් වූයේ යුරෝපයේ අනන්‍යතාවය කියා පෑ ගෘහ නිර්මාණ ශිල්පයෙන් අග්‍රගන්‍ය වූ ගොඩනැගිලි රාශියක්. එබැවින් එම නගර මේ වන විට යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කොට තිබෙනවා.

www.sicily.co.uk

මේ නගර අට අතර වූ කටානියා සහ නෝටා යන නගර ද්විත්වය භූමිකම්පාවෙන් බිමටම සමතලා වී ගියද, ඉන් මද කලකට අනතුරුව නැවත ඉදිකරනු ලැබුවා. රගුසා නගරය නැවත ඉදිකරනු ලැබුවේ එය කලින් පිහිටි තැන නොව, කඳු මුදුනකය.

කවරයේ ඡායාරූපය – theculturetrip.com

තොරතුරු උපුටා ගැනීම – www.theculturetrip.com වෙබ් අඩවියේ “10 cities around the world Destroyed and Rebuilt” ලිපිය ඇසුරිනි.

Related Articles