Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නූතන ගෘහනිර්මාණ ශිල්පයේ ප්‍රංශ මුද්‍රාව : අයිෆල් කුලුන

‘ප්‍රංශය’ යන නාමය සමග වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතින අනෙක් වදන වන්නේ ‘අයිෆල් කුලුන’ බව පැවසීමේ වරදක් නැහැ. ‘ප්‍රේමයේ නගරය’ මෙන් ම ‘විදුලි පහන් නගරය’ ලෙස ද සැලකෙන පැරීසියට පා නගන අයෙක්ට මග නොහැරෙන මංසලකුණක් ලෙස හැඳින්විය හැකි අයිෆල් කුලුන, 1889 වර්ෂයේ දී පවත්වන ලද ලෝක වෙළඳ ප්‍රදර්ශනය සතු වූ අග්‍රගණ්‍ය ප්‍රදර්ශිතයක්. ප්‍රංශ විප්ලවයේ සියවස් සැමරුම සනිටුහන් කරනු පිණිස ගොඩ නංවන ලද අයිෆල් කුලුන මගින් ප්‍රංශය සතු කාර්මික බලය ලොවට පෙන්නුම් කිරීමක් ද සිදු වුණා.

article

දෙවියන් ඇසුරේ සිට පොළොවට වැ‍ටුණු දේවදාසීන්

කලක් දෙවියන් හා සරණ ගිය, එනිසාම මිනිසුන් හා සරණ යෑමට නොහැකි තරම් සමාජ තත්ත්වයෙන් උසස් බව සැළකුණු කාන්තාවන් කොටසක් ඉන්දියාවේ ජීවත් වුණා. ඔවුන් සංගීතය හා නර්තනය ද ඇතුළු සිව්සැට කලාවන් (කලාවන් 64ක්) උගත්තා. දෙවියන් ඉදිරියේ මෙන්ම රාජකීයයන් ඉදිරියේත් ගැයීමෙන් හා ‍රැඟීමෙන් උපයාගත් මහත් ධනයක් මොවුන් සතු වූ නිසා සැමියෙකු මත යැපීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුනට මහත් ලිංගික නිදහසක් උරුමව තිබුණා. විවාහක හෝ අවිවාහක ඕනෑම පුරුෂයෙකු සමග තමාට අවැසි තරම් කලක් දිවි ගෙවීමට මේ කතුන් වරම් ලැබ සිටියා.

article

නෙත් වසඟ කරන ආසියාවේ මනරම් ස්වභාවික පුදුමයන්

වර්ග කිලෝමීටර් 44,579,000 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරන ආසියාව සැලකෙන්නේ මිහිමත ඇති විශාලතම මෙන් ම වැඩි ම ජනගහනයක් සහිත මහද්වීපය ලෙස යි. එකිනෙකට වෙනස් සංස්කෘතින් සහ රාජ්‍යයන් රැසකට සෙවණ දෙන ආසියාව සතු ව ඉහළ සංචාරක ආරක්ෂණයක් හිමි ස්ථාන බොහෝමයක් පවතිනවා. ස්වභාවික සුන්දරත්වයෙන් අනූන ආසියානු මහද්වීපයේ කඳු නගින්නන් ප්‍රිය කරන කුඩා කඳුවැටි, අලංකාර වර්ණයන්ගෙන් යුතු හිරිගල් භූ දසුන්, සීතල දිය පිරි දිදුලන විල් මෙන් ම රූස්ස ගසින් සැදි ඝන වනාන්තරයන් වැනි නානාප්‍රකාර භූ දර්ශන සැඟ වී පවතින බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. මේ ලිපිය ආසියානු මහද්වීපයේ සංචාරය කරන්නෙක් මග නොහැරිය යුතු සිතුවම් පරදන මනරම් ස්වභාවික පුදුමයන් කිහිපයක් පිළිබඳව යි.

article

බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ අපූරු මංගල සාම්ප්‍රදායන්

ගෙවී ගිය මැයි 19 වැනි දා බ්‍රිතාන්‍යයේ සය වැනියට කිරුළ හිමි හැරී කුමරු සහ ඇමෙරිකානු නිළි මේගන් මාකල් (විවාහයෙන් පසු ව සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය) අතර සිදු වූ විවාහ මංගල්‍යය, මෑත ඉතිහාසයේ වඩාත් ම කතාබහට ලක් වූ විවාහ මංගල්‍යය ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. ලන්ඩන් නගරයට බටහිර දෙසින් පිහිටි වින්ඩ්සර් බලකොටුවේ දී පවත්වන ලද විවාහ මංගල්‍යයේ දී බ්‍රිතාන්‍ය සාම්ප්‍රදායන්ට මෙන් ම ඇමෙරිකානු විවාහ චාරිත්‍රයන්ට ද ප්‍රමුඛත්වයක් ලබා දුන් බව යි මාධ්‍යය වාර්තාවන් හි සඳහන් වුණේ.

article

නිර්වස්ත්‍ර තවුසන්ගේ ආගම – ජෛන දහමේ මූලික කරුණු

මීට පෙර ජෛන ආගම පිළිබඳ මූලික ඓතිහාසික​ කරුණු ඇතුලත් ලිපියක් අප පළ කළා ඔබට මතක ඇති. දැන් ජෛන ආගමේ මූලික ඉගැන්වීම් දෙසට හැරෙමු. මොවුන් දෙවියන් විශ්වාස නොකරයි. වේද ඉගැන්වීම් වර්ධමාන ප්‍රතික්ෂේප කල අතර දෙවියෙකු විසින් ලෝකය මැවීමක් හෝ ලෝක විනාශයක් පිළිබඳව​ ඉගැන්වීම්ද තරයේ ප්‍රතික්ෂේප කරන ලදී. සත්වයන්ගේ පැවැත්මට ද්‍රව්‍යය හා ආත්මය යන දෙක බලපාන බව උගන්වන ලදී. ඔව්හු මිනිසුන්ට හා සත්වයන්ට පමණක් නොව ගහකොළ, ගල්, පර්වත, ගලන ජලය ආදී ස්වභාවික වස්තූන්ටත් ආත්මයක් ඇති බව විශ්වාස කළහ​. මිනිස් ඇසට නොපෙනෙන සුයුම් පදාර්ථය කර්මය ලෙස මොවුන් සලකන ලදී. අනෙක් ආගම්වල අද්‍රව්‍යමය දෙයක් වූ කර්මය ජෛන භක්තිකයන්ට ද්‍රව්‍යමය දෙයක් විය. ආරම්භයේදී ආත්මය ඉතාමත් පැහැපත් වන අතර කර්මය නැමැති පදාර්ථය ආත්මයේ ඇලීම නිසා පෙර පැවති ආත්මයේ ඔපය නැතිවී යයි. මිනිසුන් විසින් සිදු කරන අයහපත් ක්‍රියා නිසා කර්මය වැඩි වශයෙන් ආත්මයේ ඇලීම නිසා ආත්මය ඉතා අදුරු වීමට පටන් ගනියි. ශරීරයට බොහෝ දුක් දී, අවිහිංසාවාදීව ජීවත් වී, විවිධ උපවාසයන්හි යෙදීමෙන් ආත්මයට ඇලෙන මෙම කර්මය ඉවත් කල හැකිය.

article

ඉතාමත් උසින් නිවෙස් තනන ඉන්දුනීසියාවේ කොරවැයි ගෝත්‍රය

ගෝත්‍රික ජනතාව සම්බන්ධයෙන් ලෝකයෙන් වාර්තා වන තතු බොහෝමයි. මෙම ගෝත්‍රිකයන් හට ආවේණික චාරිත්‍ර, සම්ප්‍රදායන් හා සමාජ වටිනාකම් සතු වන අතර, ඔවුන් නවීනත්වයට මුහු වීමක් නොමැතිව වසර ගණනාවක් අඛණ්ඩව පවත්වාගෙන එන ලද සිරිත් විරිත් පවත්වාගෙන යනවා. මෙම ගෝත්‍රික කණ්ඩායම් අතරින් ඉන්දුනීසියාවේ කොරවැයි ගෝත්‍රිකයන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මොවුන් ලොව ප්‍රසිද්ධ වන්නේ, ඉතාමත් උසින් ඉදිකරන නිවෙස් හේතුවෙනි.

article

ඉරාකයෙන් හමු වූ අතුරුදන් වූ ඇසිරියානු නගරය : මාඩමන්

යුප්‍රටීස්-ටයිග්‍රීස් ගංගාවන්ට මැදි ව පිහිටි මෙසපොතේමියානු ශිෂ්ටාචාරය සතු වූ බලවත් රාජ්‍යයක් ලෙස ඇසිරියානු අධිරාජ්‍යය හැඳින්වීමේ වරදක් නැහැ. ඉතිහාස පොත්පත් හි සඳහන් වන ආකාරයට ක්‍රිස්තු පූර්ව 25 වැනි සියවසේ දී පමණ ගොඩ නංවන ලද ඇසිරියානු අධිරාජ්‍යය බිඳ වැටී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 612 – 609 අතර කාල සීමාවේ දී යි. ටයිග්‍රීස් ගං ඉවුරේ ගොඩ නංවන ලද ඇසිරියානු අධිරාජ්‍යය පැවති භූමි ප්‍රදේශය වර්තමානයේ දී උතුරු ඉරාකය, ඊශාන දිග සිරියාව, ගිනිකොන දිග තුර්කිය සහ වයඹ දිග ඉරානය යන රාජ්‍යයන්ට අයත් වෙනවා.

article

අප්‍රිකානු මිථ්‍යා සාහිත්‍යයේ එන මායාවී චරිත

සැබෑ නොවුණත් මිථ්‍යා සාහිත්‍යයේ එන කථාන්තර අතිශය රසවත් බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. ශ්‍රී ලාංකික මිථ්‍යා ප්‍රවාදයන් හි එන කළු කුමාරයා සහ මෝහිනී මෙන් ම චීන මිථ්‍යා සාහිත්‍යය ඔපමට්ටම් කරන ගිනි පිඹින මකරුන්, රුසියානුවන් භීතියෙන් මුසපත් කරමින් වංගෙඩියෙන් ගමන් බිමන් යන බාබ යාගා යකින්න සහ නිල්වන් සයුරේ නිදහසේ පිහිනන දිය කිඳුරියන් ඔබට ආගන්තුක නැහැ. එකිනෙකට වෙනස් සිරිත් විරිත් සහ සාම්ප්‍රදායන් මත පදනම් වූ සංස්කෘතීන් රාශියක් මත ගොඩ නැගුණු අප්‍රිකානු මිථ්‍යා සාහිත්‍යයේ ද මෙවැනි ම අපූරු මායාවී චරිත රැසක් සිටිනවා. සියවස් ගණනාවක් මුළුල්ලේ ස්වදේශිකයන්ගේ චිත්තාකර්ෂණීය පරිකල්පනා පෝෂණය කළ අප්‍රිකානු මායාවී චරිත කිහිපයක් ගැන තොරතුරු යි මේ.

article

අතීත රජවරුන් පැවැත්වූ අශ්වමේධ යාගය

ජිවිතය සාර්ථකත්වයට පත් කර ගැනීම සඳහා ශාන්තිකර්ම කිරීමට මිනිසුන් පෙළඹී සිටින්නේ අද ඊයේ සිට නොවෙයි. ශාන්තිකර්මවල ආරම්භය කවදා කොහේ සිදු වූයේ ද කියා නිශ්චිතව කිව නොහැකි වුණත් එහි ඉතිහාසය දිගු බව විද්වතුන්ගේ අදහස යි. රෝග පීඩා ආදියෙන් ජීවිතයට කරදර ඇති වීමත්, ජනතාවගේ සුබසිද්ධියට බාධා එල්ලවීමත් සමග ශාන්තිකර්මයන්ගේ ආරම්භය සිදු වන්නට ඇතැයි අනුමාන කළ හැකියි.

article

මිලියන 51ක් බිම් බෝම්බ ඉවත් කළ ඔටාවා සම්මුතිය

පසුගිය සමයේ ශ්‍රී ලාංකික අපට නිතරම කන වැටුණු වචනයක් වුණු “බිම් බෝම්බ” ලංකාවට විතරක් නෙවෙයි, මුළු ලෝකයටම විශාල තර්ජනයක්. මේ නිසා බිම් බෝම්බ නිපදවීම හා, රටවල් සතුව පවතින බිම් බෝම්බ විනාශ කිරීම සඳහා රටවල් එකමුතු කර ගැනීම වෙනුවෙන්, “බිම් බෝම්බ තහනම් කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ ගිවිසුම” හෙවත් “ඔටාවා සම්මුතිය”, 1997 සැප්තැම්බර් මස 18 වෙනි දා අත්සන් කෙරුණා. එය 1999 මාර්තු 01 වෙනි දා බලාත්මක වුණා.

article

End of Articles

No More Articles to Load