අනාගතය පෝෂණය කිරීම: ආහාර නාස්තිය අවම කිරීමේ අභියෝගයට මුහුණ දීම

Brought to you by

රටකට, අනපේක්ෂිත ලෙස ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන විට, නොයෙක් අර්බුද තුළින් විවිධ බලපෑම් එල්ල වෙන අතර එරට ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් ගෙන දෙන තවත් එක් අරගලයක් වන්නේ ආහාර සපයා ගැනීම යි.

මේ වන විට ශ්‍රී ලංකාවේ මිලියන 3.9 ක පමණ ජනතාවකට ආහාර සුරක්ෂිතතාවක් නොමැත; ක්‍රියාශීලී, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් ආහාර සඳහා නිසි ප්‍රවේශයක් ඔවුන්ට නොමැත. ඒ අනුව, මූලික පෝෂණ අවශ්‍යතා සඳහා ප්‍රවේශයක් නොමැති සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් 17% ක් පමණ වේ..

ඉතිරි වන ආහාර නාස්තිය.

අනෙක් අතට, අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආහාර අප බොහෝ දෙනකුගේ කෑම මේසය මත තිබිය හැකි අතර, යම් අවස්ථාවලදී ඉන් ඉතිරි වන ආහාර අහක දමන්නේ ද කිසිදු තැකීමක් නොමැතිව ය. පසුව ප්‍රයෝජනයට ගන්නා අදහසින් වෙන්කර තබා ගත්ත ද, බොහෝවිට ඒවා ද පසු ව ඉවත දැමෙයි.  

 යථාර්ථය නම්, අපගේ පිඟානේ ඇති සෑම ආහාර බිඳක්ම නිපදවීමට, අස්වනු නෙළීමට, ගබඩා කිරීමට, ප්‍රවාහනයට, ඇසුරුම් කිරීමට සහ විකිණීමට ඉමහත් ශ්‍රමයක් මෙන්ම, පස්, ජලය සහ ශක්තිය වැනි ප්‍රභව විශාල වශයෙන් අවශ්‍ය වන බවයි. මන්දයත්, අපතේ යන ආහාරවලින් ප්‍රයෝජන ගත හැකි ආහාර සුරක්ෂිතතාවක් නොමැති මිනිසුන් මිලියන ගණනක් මේ වන විට ශ්‍රී ලංකාවේ ජිවත් වේ.

මේ ආහාර හානිය සහ නාස්තිය යනුවෙන් අපි අදහස් කරන්නේ කුමක්ද?

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO)2019 වසරේ නිකුත් කළ වාර්තාවකට අනුව,‘අස්වැන්න නෙළීමෙන් අනතුරුව වෙළඳපොළ වෙත පැමිණෙන අවස්ථාව දක්වා සැපයුම් ක්‍රියාවලියේ’ ඕනෑම අවස්ථාවකදී ආහාර  හානියසිදුවිය හැක. අනෙක් අතට, වෙළඳපොළ අවස්ථාවේ සිට, ආහාර සේවා සැපයීමේ සහ පාරිභෝගික මට්ටමේදී ද ආහාර නාස්තිය සිදු විය හැක. එබැවින්, ආහාර නාස්තිය අවම කිරීම සඳහා වැඩි වගකීමක් පාරිභෝගිකයන්ට ඇත.

ආහාර නාස්තිය යනු කසළ බඳුනට වැටෙන ඔබේ පිඟානේ ඉතිරි වූ ආහාර පමණක්ම නොවේ. ඔබේ ශීතකරණයේ ඇති නරක් වන ආහාර, අවන්හලකින් මිලදී ගත් නමුත් අවසානයේදී විසි කරන ආහාර සහ පිසීමට පෙර නරක් වී ඉවත දැමීමට සිදුවන ඔබ මිලදී ගන්නා එළවළු ද ආහාර නාස්තියට අයත් වේ. මේ නිසාආහාර අපතේ යාම වැලැක්වීමට පාරිභෝගිකයන්ට කළ හැකි දෑ බොහෝ ය.

ත් ශ්රී ලංකාවේ ආහාර නාස්තිය තරම් ම බරපතලයි ද?

ආහාර නාස්ති වීමේ දර්ශක වාර්තාව

නැවතත් සිතා බලන්න. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ 2021 ආහාර අපතේ යාමේ දර්ශක වාර්තාවට අනුව, ටොන් මිලියන 1.6 කට අධික ආහාර ප්රමාණයක් නාස්ති කිරීමට අපේ කුඩා දිවයින වගකිව යුතුය ප්රමාණයත් අපතේ යවා තිබෙන්නේ අපේ නිවෙස්වලින් ය..

අපි එකතු කරන ඝන අපද්රව්යවලින් 64%ක්ම සමන්විත වන්නේ ප්රධාන වශයෙන් නිවෙස්වලින්, අවන්හල්, සහ මස් සහ එළවළු කඩවල්වලින් ඉවත දමන ආහාර අපද්රව්යවලින්. ආහාර නාස්තිය කළමනාකරණය සම්බන්ධයෙන් මීට වඩා වැඩි දැනුම්වත් කිරීමක් අවශ්යයියනුවෙන් කොළඹ මහ නගර සභාවේ අධ්යක්ෂ (ඝන අපද්රව් කළමනාකරණ) ඉංජිනේරු ෂාහිනා මයිසන් පැවසුවා ය.

හරි, අපි ආහාර නාස්ති කරනවා කියමුඑත් ඒක එච්චරම වැදගත් ?

ආහාර නාස්තිය නිසා සිදුවන පාරිසරික සහ ආර්ථික බලපෑම ආපසු හැරවිය නොහැකි ය. එය අපගේ පැවැත්මට අත්යවශ් ජලය සහ වායු දූෂණයට ප්රධානතම හේතුවක්ද වෙයි. එපමණක් නොව නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා වන ගෝලීය පද්ධතිය 2015 වසරේ දී සමස්ත  හරිතාගාර වායු විමෝචනයෙන් තුනෙන් එකකට වගකිව යුතු අතර –  ආහාර හානිය සහ නාස්තිය ඉන් අඩකට පමණ හේතු විය.  

මෙම හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් මානව සෞඛ්යය, කෘෂිකර්මය, වනාන්තර, වනජීවීන්, ජල සම්පත් සහ වෙරළබඩ ප්රදේශ යන සියල්ලම දේශගුණික විපර්යාසවලට ගොදුරු වී ඇත.

එහෙනම්, පාරිභෝගිකයින් හැටියට අපිට කොහොමද ආහාර නාස්තිය අවම කරන්න පුළුවන්? ඒක තරම් සංකීර්ණ දෙයක් නෙවෙයි

ආහාර සුරක්ෂිතතාව යනු ආහාර මගින් බෝවන රෝග වැලැක්වීම සඳහා ආහාර නිසි පරිදි හැසිරවීම, සකස් කිරීම සහ ගබඩා කිරීමේ ක්රම යි. මෙම ක්රම මඟින් ආහාර නාස්තිය අවම කරගත හැක. වෙනත් වචනවලින් කිවහොත්, ආහාර අපතේ නොයන බව සහතික කිරීම සඳහා ඇති හොඳම පිළියමක් වන්නේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම ය. ඔබත් මෙම පුරුදු කිහිපය පිළිපැදීමට මතක තබා ගන්නේ නම්, ආහාර සුරක්ෂිතතාව ඔබේ ජීවිතයේ සාමාන් කොටසක් බවට පත්වනු ඇත.

පුරුදු #1: නිසි ලෙස ශීතකරණය භාවිතය

අධික ශීත උෂ්ණත්වයකදී නොනැසී පවතින බැක්ටීරියා ක්ෂණිකව සහ ක්රමක්රමයෙන් විනාශ කිරීමට ශීතකරණය ඉවහල් වේ. නියත ශීතකරණ උෂ්ණත්වය  41°F (5°C) හෝ ඊට අඩු මට්ටමක පවත්වාගැනීමෙන් සැල්මොනෙල්ලා වැනි ආහාර මගින් පැතිරෙන රෝග අවදානම පලදායී ලෙස අවම කළ හැක. වෙනුවෙන් ගත හැකි ඉතා වටිනා පියවර තුනක් මෙන්න:

  • මස් වර්ග, බිත්තර සහ අනෙකුත් ඉක්මනින් නරක් විය හැකි ද්‍රව්‍ය ඔබ නිවසට ගෙන ආ විගස ශීතකරණයේ ගබඩා කරන්න.
  • නොපිසූ මස්, බිත්තර, පිසූ ආහාර හෝ කපන ලද නැවුම් පලතුරු හෝ එළවළු ශීතකරණයේ තැබීමට පෙර පැය දෙකකට වඩා වැඩි කාලයක් කාමර උෂ්ණත්වයේ නොතබන්න (උෂ්ණත්වය 90 °F හෝ 32 ° C ට වඩා වැඩි වූ විට මෙය පැයකට සීමා වේ).
  • සමහරුන්ට නම් මෙය පුදුම හිතෙන දෙයක් විය හැකියි, නමුත් කාමර උෂ්ණත්වයේ තබා කිසි විටෙකත් ආහාරවල සීතල යැවීම සිදු නොකරන්න. ආහාරවල සීතල යැවීමට ආරක්ෂිත ක්‍රම තුනක් තිබේ: ඒ, ශීතකරණය තුළ, සීතල වතුරේ සහ මයික්‍රෝවේව් උඳුනේ යි..

ශීතකරණයේ උෂ්ණත්වයන් ගැන අවධානය

පිසූ ආහාර නම්, ඒවා උණුසුම් (60°C ආසන්න හෝ ඊට වැඩි) හෝ සිසිල් (5°C ආසන්න හෝ අඩු) තත්වයන් යටතේ ගබඩා කරන්න. ඔබේ ශීතකරණයේ උෂ්ණත්වයන් කෙරෙහි අවධානය යොමු කිරීම වඩාත් වැදගත් ය. විශේෂයෙන්ම ඔබේ ශීතකරණයත් බොහෝ දිනවල ආහාර ද්‍රව්‍යවලින් පිරී පවතින්නේ නම් මේ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ.

පුරුදු #2: රසය සඳහාම නොව, ආරක්ෂාව ගැන සිතා ආහාර පිළියෙළ කරන්න

ආහාර ආරක්ෂිතව පිසගැනීමට නිසි අභ්‍යන්තර උෂ්ණත්වයට [සෙල්සියස් අංශක හැටක් හෝ ඊට වැඩි] ළඟා විය යුතු අතර එමඟින් ආහාර මගින් රෝග ඇතිකරන ක්ෂුද්‍ර ජීවීන් විනාශ වේ.  

ඇසුරුම් කළ හෝ ශීත කළ ආහාර මයික්‍රෝවේව් කරන විට, ඇසුරුමේ ඇති උපදෙස් ඔබ හොඳින් කියවා මයික්‍රෝවේව් කිරීමට වග බලා ගන්න.

ඔබට කෙතරම් කුසගිනි වුවත්, මයික්‍රෝවේව් කිරීමෙන් පසු විනාඩි කිහිපයක් තබා කෑමට ගන්න. එක් එක් ආහාර වර්ග සඳහා වඩාත් සුදුසු උෂ්ණත්වය කුමක්ද යන්න පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් මෙහි ඉදිරිපත්කර ඇත.

නොපිසූ ආහාර සහ පිසූ ආහාර මුළුතැන්ගෙයෙහි නිතරම වෙන වෙනම තබාගැනීමට අමතක නොකරන්න. විවිධ කෑම වර්ග පිළියෙළ කිරීමේදී උණුසුම් ජලය සහ සබන් යොදා ආහාර පිළියෙළ කරන පෘෂ්ට පිරිසුදුව තබා ගන්න.

පුරුදු #3: ආහාර මිලදී ගැනීමේදී දක්ෂ ලෙස සිතන්න

ආහාර ද්රව් මිලදී ගැනීමේදී ඔබ නිසි අවධානය යොමුකරන්නේ නම්, ඔබට ආහාර නාස්තිවන අවස්ථා ද අවම කරගත හැකි වේ.

ඉක්මනින් නරක් විය හැකි ආහාර

පලතුරු සහ එළවළු වැනි බොහෝ ආහාර ඒවායේ ස්වභාවික තත්ත්වයෙන්, හොඳින් පිරිසිදු කළ පසු භාවිතයට සුදුසු වන අතර, කිරි, මාළු සහ මස් නිෂ්පාදන වැනි ඉක්මනින් නරක් විය හැකි ආහාර මිලදී ගැනීමේදී බොහෝ සාධක සලකා බැලිය යුතු ය. උදාහරණයක් ලෙස, සාමන් කිරි වෙනුවට පැස්ටරීකරණය කළ කිරි සෑම විටම මිලදී ගන්න

ආහාර මිලදී ගැනීමේදී, සකසන ලද ආහාර නිපදවා ඇත්තේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට මෙන්ම කල් තබා ගැනීමේ ආයු කාලය දීර්ඝ කිරීමට යි. එවන් සකසන ලද ආහාර මිලදී ගැනීමේදී ඒවායේ පැකේජ ඉතා හොඳින් පිරික්සා බැලීමට අමතක නොකරන්න.. ලේබල් කියවා එහි සඳහන් දෑ කෙරෙහි අවධානය යොමු කරන්න. ආහාරය සකසා ඇති ආකාරය, පෝෂණ තොරතුරු සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අත්යවශ් සහ වැදගත් තොරතුරු එමඟින් ලබාගත හැකිය. ඕනෑම මිලදී ගැනීමකට පෙර කල් ඉකුත් වීමේ දිනය පරීක්ෂා කරන්න, එමෙන්ම හානි වූ හෝ විවෘත කර ඇති ඇසුරුම් කළ ආහාර වර්ග මිලදී නොගන්න. 

ශීත කළ ආහාර අවසානයටම මිලදී ගන්න

කල් ඉකුත් වීමේ දිනය මඟින් යම් නිෂ්පාදනයක් පරිභෝජනය කිරීමට සුදුසු, අවසාන ආරක්‍ෂිත දිනය ගැන පාරිභෝගිකයන්  දැනුවත් කරන බව අමතක කරන්න එපා. කෙසේ වෙතත්, ‘යම් දිනයකට පෙර භාවිතයට වඩාත් සුදුසු’ යනුවෙන් සඳහන් නම්, එයින් අදහස් කරනුයේ එම දිනයට පසු ආහාරය තවදුරටත් එහි හොඳම තත්ත්වයේ නැති බවයි (එනමුත් එය භාවිතයට සම්පුර්ණයෙන්ම නුසුදුසුයි යන්නද මින් අදහස් නොවේ). ඔබ සුපිරි වෙළඳසලේ භාණ්ඩ මිලදී ගන්නා විට ශීත කළ ආහාර අවසානයටම මිලදී ගැනීමට මතක තබා ගන්න.

අවසාන වශයෙන්, පරිභෝජනය කිරීමට සුදුසු බවට ඔබට විශ්වාසයක් නොමැති කිසිවක් මිලදී ගැනීමෙන් වලකින්න. ඔබ අවන්හල්වලින් ආහාර ඇණවුම් කරන විටද මෙය අදාළ වේ. යම් ආහාරයක් ඉතිරි වේ නම්, ඒවා පැය දෙකක් ඇතුළත ආහාර සුරක්ෂිතතාව සුරකින පරිදි , සුදුසු උෂ්ණත්ව වල ගබඩා කර තබන්න. වැඩි කාලයක් නොගෙන නැවත පරිභෝජනයට ගන්න. මේ ආකාරයෙන් ඔබට ආහාර නාස්තිය අවම කර ඔබ පරිභෝජනයට ගන්නා ආහාරවල සුරක්ෂිත බව සහතික කරගත හැකිය.

ආහාර සුරක්ෂිතතාව මඟින් ආහාර නාස්තිය අවම කිරීම අපහසු කාර්යයක් නොවේ

අවසන් වශයෙන්, හොඳින් සිතා බලා ආහාර සුරක්ෂිතතා පුරුදු පිළිපැදීමෙන් ආහාර නාස්තිය අවම කරගත හැකි ය. එය, ආහාර අනාරක්ෂිතභාවයට එරෙහිව සටන් කිරීමේ ප්රහේලිකාව විසඳීමට ශ්රී ලංකාවට මහත් පිටිවහලක් වනු ඇත. වඩා හොඳ ආහාර සුරක්ෂිතතා පුරුදු සමඟින්, අපිට ආහාර නාස්තිය අවම කරගත හැකි අතර, එමඟින් ආහාර අනාරක්ෂිත බව අවම වීමද සිදුවේ. අපිත් ඉමහත් අසාවෙන් බලා සිටින්නේ සියලු දෙනා එකපෙළට මෙය සිදුකරන තුරුය.


එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO),එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO)  සමඟින්  යුරෝපා සංගමයේ (EU) අරමුදල් මඟින් ක්රියාත්මක වන BESPA-FOOD (කෘෂි ආහාර අංශය සඳහා හොඳම ප්රමිතිගත පිළිවෙත්) ව්යාපෘතිය හරහා, රටේ ආහාර සුරක්ෂිතතා නියාමනය සහ ශක්‍යතා සහ ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා රජයට සහාය දක්වයි. මෙරට ආහාරවල සුරක්ෂිතතාව සුරැකීම මඟින් ලංකාවේ ආහාර නාස්තිය අවම කිරීමට හේතුවන, වඩාත් හොඳ ආහාර ආරක්ෂිතතා පද්ධතියක් BESPA-FOOD හරහා ගොඩනැගීමට බලාපොරොත්තු වෙයි

මෙම ආහාර ආහාර හානිය සහ නාස්තිය පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්යන්තර දිනයේ, ඉලක්කය කරා ළඟා වීමට අපට සාමූහික ක්රියාමාර්ග ගැනීම අවශ් බව අපි අවබෝධ කරගනිමු.  

Related Articles

Exit mobile version