Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

 ගෙන්දගම් පොළොවේ බේද නැති නාන ළිං 

කොළඹ කෙසෙල්වත්තේ නෝබට් ජෙරී සතියේ බොහෝ දිනවල නිදි ගැට හැර අවදි වන්නේ අලුයම හතරේ කණිසමට ය. අවදි වූ සැණින් මූණ කට දොවා පේ වෙන ඔහුගේ පළමු රාජකාරිය වන්නේ කුල දෙවි නැමදීම ය. ඔහුගේ ව්‍යාපාරයේ දොරගුලු පාරිභෝගිකයන්ට විවර වන්නේ ඉන් අනතුරු ව ය. ඒ පාන්දර හතර හමාරත් පහත් අතර ය.

ව්‍යාපාරයක් කීව ද එය බුලත් විට කඩයක් සිල්ලර කඩයක් හෝ නොවේ. පිටකොටුවේ හදවතෙහි පිහිටා ඇති කොළඹ පොදු නාන ළිංවලින් දැනට ඉතිරි ව ඇති එකකි. හරියට ම කියතොත් පිටකොටුවේ ගුණසිංහපුර ඩයස් පෙදෙසේ පිහිටි නාන ළිඳකි.

ඩයස් පෙදෙසේ පිහිටි නාන ළිඳ ඇතුළු කොළඹ පිහිටි බොහෝ පොදු නාන ළිං 1900 ගණන්වල මුල් භාගයේ දී යටත් විජිත යුගවල ඉදි කළ ඒවා ය. මේ සමහර ළිං වසර 100කටත් එහා ගිය අතීතයකට හිමිකම් කියන ඒවා ය.

මේ Roar සිංහල කණ්ඩායම පිටකොටුවේ ගුණසිංහපුර ඩයස් පෙදෙසේ පොදු නාන ළිං සොයා යන ගමනේ වාර්තාමය විචිත්‍රාගංය පිළිබඳ ඉඟියකි.

Related Articles