ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දැනුමක් ඇති වාහන හිමියෙක් තම වාහනයේ ඔයිල් මාරු කිරීමේ දී ඒවාට අදාළ උසස් පිරිවිතර පිළිබඳ සාමාන්‍යයෙන් සොයා බලනු දැකීම අසීරු යි. ඔයිල් මාරු කිරීමේ දී බොහෝ දෙනා හිතුමනාපයට ඔයිල් වර්ගයත්, grade එත්ක මාරු කිරීමත් කරනු දැකිය හැකි යි.
එහිදී වඩාත් පහසු සහ විශ්වසනීය ක්‍රමය වන්නේ නිෂ්පාදකයා නිර්දේශ කර ඇති oil brand එක හෝ ඊට සමාන ගැළපෙන brand එකක් හා ඔයිල් grade එකක් භාවිත කිරීම යි. එවන් අවවස්ථාවක දී මේ සම්බන්ධ දැනුම, දීර්ඝ කාලීන අත්දැකීම් සහ පලපුරුද්දක් ඇති කාර්මික ශිල්පීන්ගේ අදහස් හා නිර්දේශ අනුව කටයුතු කිරීම ඉතා වැදගත්.
මේ කරුණු ගැනත්, වාහනේ ඔයිල් grade එක මාරු කිරීම එන්ජින් එකේ තියෙන හැම ප්‍රශ්නෙකට ම උත්තරයක් ද? යන ප්‍රශ්නයට පිළිතුරුත් අප මේ වීඩියෝවෙන් ගෙන එනවා.