Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුහුදේ යන නැව් ගැන තොරතුරු

ලෝකයේ ප්‍රවාහන මාධ්‍යයන් අතරින් විශාලතම භාණ්ඩ ප්‍රවාහන මාදිලිය නැව වේ. කන්ටේනර 20,000ක් පටවාගෙන යා හැකි තරමේ විශාලතර නෞකා අද ලොව තිබේ. ඒ සුවිසාල නෞකාවන්හි ගිගා ටොන් ලක්ෂ දෙකකටත් වඩා වැඩි බර ප්‍රමාණයක් වරකට පටවාගෙන යා හැකි ය. මිහිපිට පවතින අනෙකුත් කිසිදු ප්‍රවාහන මාධ්‍යයකින් මෙවැනි විශාල බඩු තොගයක් එකවර ගෙන යා නොහේ. එබැවින් පෘථිවියෙන් හතරෙන් තුනක්ම වැහුනු සාගර ජලය කපාගෙන ඉදිරියට ඇදෙන නැව් ලෝ පුරා බඩු බාහිරාදිය ප්‍රවාහනයේ දී ඉටුකරන්නේ නොමඳ සේවයකි.

කොළඹ වරාය

නැවේ වේගය

1912 ටයිටැනික්හි උපරිම වේගය වූයේ නොට් 23කි. අද වනවිට ඇති ලොව විශාලතම මඟී නෞකාව වන සිම්පනි ඔෆ් ද සීස්හි වේගය වන්නේ ද නොට් 23කට ආසන්න ප්‍රමාණයකි. සියවසක් තුළ දී ලෝකය කෙතරම් වෙනස් වුව ද නැවක් ගමන් ගන්නා වේගයේ විශාලතර වෙනසක් සිදුවී නොමැත. දුම්රිය, සහ මෝටර් රථ තාක්ෂණයන් ගත් විට මීට සියවසකට පෙර තිබූ වේගය මෙන් හතර පස් ගුණයක වේගයක් අද වන විට ඒවා අත්පත් කරගෙන තිබේ. නමුත් අද පවතින විශාල කන්ටේනර් නෞකාවක වේගය මීට වසර 50කට පෙර ගිය නැව්වල වේගයට වඩා අඩුවී ඇත. ඉන්ධන ඉතුරු කිරීම පිණිස මෙසේ අඩු වේගයෙන් යාත්‍රා කරනු ලැබේ.

එදා ටයිටනික් සහ අද විශාල නැවක්. imgur.com

ලොව දැනට ඇති විශාල මඟී නෞකා වලින් වැඩිම වේගයකින් යන්නේ ක්වීන් මේරි 2 නැව වේ. නොට් 30ක (පැ.කි.මී. 55) පමණ වේගයෙන් ධාවනය වන ක්වින් මේරි 2 පුරාතනයේ ටයිටනික් ධාවනය වූ සව්ත්හැම්ටන් සිට නිව්යෝක් දක්වා රෑ 7කින් ධාවනය කිරීමට සමත්ය. ප්‍රධාන වශයෙන් විශාල නැවක සම්පූර්ණ සැකැස්මම මේ ආකාරයේ සාමාන්‍ය වේගයක් වෙනුවෙන්ම සාදා තිබේ.

කොළඹ වරාය

නැවක ඇති පාරිභාෂික වචන

කමතට බැස්ස පසු කමතේදී වැඩ කල යුතු භාෂාවක් තිබේ. නැවට ද ඊට ආවේණික වූ වචන මාලාවක් වේ. නැවක ද ගොඩනැගිලි මෙන් තට්ටු කිහිපයක් ඇති මුත් ඒවා හදුන්වන්නේ ඩෙක් ලෙස ය. ජනේල නොමැති අතර නැව්වල ඇත්තේ පෝට් හෝල්ස් ය. නැව්වල හැචස් ඇති අතර දොරවල් නැත. බන්ක්ස් ලෙස නැවේ දී හැඳින්වෙන්නේ ගෙඩබිම ඇඳ ය. නැවකට ආවේණික වචනමාලාවෙන් ස්වල්පයක්ය මේ.

නැව් එන්ජිම

කන්ටේනර් නැවක්

ද්‍රව පෙට්‍රෝලියම් ඉන්ධන වලින් ක්‍රියාත්කම ලොව විශාලතම එන්ජින් නාවුක එන්ජින් වේ. නැවක එන්ජිම යනු සුවිශාල පද්ධතියකි. නැවක් ක්‍රියාත්මක වන්නේ දෙපහර එන්ජිමකිනි. දෙපහර එන්ජිමේ වේගය තරමක් අඩු වුවත් ලබාදිය හැකි විශාල බලය හේතු කොටගෙන එය ජනප්‍රිය වී තිබේ. මේ දෙපහර එන්ජින් සදහා ටූ ටී ඔයිල් දමා ධාවනය කිරීම ඒ එන්ජින් සම්බන්ධයෙන් දැනුවත් අය දන්නා කරුණකි. නැව් වල එන්ජින් වල දහනයට වෙනම ඔයිල් දැමීමක් අවශ්‍ය නැත. නැව් ඉන්ධන ලෙස බොහෝවිට භාවිතා වන්නේ බොර තෙල් පිරිපහදුවේ දී ඉතිරිවන දැවි තෙල්ය. ලාභදායී නිසාත් වෙනමම ලිහිසි තෙල් එකතු නොකළ යුතු නිසාත් දැවි තෙල් භාවිතය නැව් වලට ලාබදායී වේ.

cruisemapper.com

බල්ක්හෙඩ් පාටිශනින්

නැවක් සැලසුම් කිරීමේ දී නැව කුටීර වශයෙන් වෙන්කිරීම සිදුවේ. මෙය ක්‍රි. පූර්ව යුගයේ චීන නැව් සඳහා ද යොදාගත් සැලස්මකි. ඒ අනුව ගල් පරයක හෝ අයිස් කන්දක නැව හැපී හෝ වෙනත් හේතුවක් නිසා නැව් බදෙහි සිදුරක් සැදුනා යැ සිතමු. එවිට ජලය පිරී යන්නේ සිදුරු වූ කුටීරයට පමණි. නැවේ කුටීර ගණනාවක යකඩ තහඩු එකවර ගැලවී යෑම ටයිටනික් නැව ගිලීමට හේතු විය.

නැවකට බර එකතු කිරීමේ දී දෙපසට සමබර වන ආකාරයට බර යෙදීම කළ යුතුය. වරක් කුඩා මඟී නෞකාවක ගිය මඟීන් පිරිසකට යාබද මුහුදේ යොට් යාත්‍රාවක සිටි නිරුවත් ජෝඩුවක් දක්නට ලැබිණි. මඟීන් රැසක් එම දර්ශනය නැරඹීමට එක් පසෙකට ඒම නිසා එම විශාල නැව අනතුරකට මුහුණපෑවවේ ය. මීට වසර 40කට පෙර නිල්වලා ගඟේ ගිය ආසයි බයයි බෝට්ටුව පෙරළීමට එක් පසෙකට බර වැඩිවීම හේතු විය.

එනිසා නැවකට බර එකතු කිරීම හෙවත් බඩු පිරවීමේ දී නැව සමබරතාවය ගැනත් අවධානය යොමු කෙරේ. නැවකට බහාලුම් ඇතුලත් කිරිමේ දී ද, බරැති බහාලුම්, ශීත කළ යුතු බහාලුම්, ගිනි ගන්නා සුලු ද්‍රව්‍ය ඇතුලත් බහාලුම් ආදිය වෙන් කොට නැවේ ඒ ඒ කොටස් වලට ආසන්නව බර සමාන වන පරිදිත්, විශේෂ පිලිවෙලකට බඩු පැටවීම හා බෑම සිදුකරනු ලැබේ. මඟී නෞකාවක වුව ද ආපන ශාලා, බාර්, කැසිනෝ, නිදන ආගාර, සිනමා ශාලා, පිහිනුම් තඩාග, ක්‍රීඩා ඉසව් ආදී දේ කෙතෙක් තිබුණ ද, ඒවා සැලසුම් කිරීමේ දී ඒවායේ මිනිසුන් පිරුන පසු සහ යාත්‍රාව යම් කුණාටුවකට හසු වූ කල කෙසේ වේදැයි කලින් සිතා බලා සැලසුම් කටයුතු සිදු කරයි.

wired.com

මඟී නෞකා

නෝවේජියන් ක්වීන්, කානිවල්, රෝයල් කැරිබියන්, ඩිස්නි, සිල්ව සී ආදී ප්‍රකට පෙලේ මඟී නෞකා යුරෝපයේ සහ ඇමරිකාවේ ධාවනය වේ.

30 කොළඹ වරාය

මඟී නෞකාවල ගමන් ගන්නා මඟීන් බොහෝවිට මැදි වයසේ වේ. ඇමරිකාවේ සහ යුරෝපයේ විශ්‍රාමික සුවයෙන් වෙසෙන පිරිස් මෙම සුඛෝපබෝගී නෞකාවන්හි ගමනට වඩාත් කැමති ය. ස්පා, සංගීත අවස්ථාව, සිනමා, ආදී විශාල පරාසයක විනෝද අවස්ථාවලින් යුත් පාවෙන සුපිරි හෝටල බදු මෙම මඟී නෞකා ඇමරිකාවේ සහ යුරෝපයේ ප්‍රකට වූ නිවාඩු ගතකිරීමේ අත්දැකීමකි. ඇතැම් නැව් සමාගම් වලට ඔවුන්ටම අයිති වූ දුපත් ද තිබේ. ඒවායේ ද  සුවපහසු විනෝද අත්දැකීම් මඟීන්ට සපයා තිබේ. කෙසේ වෙතත් ඒ රටවල ආර්ථීක තත්ත්වය අනුව වෙනමම සමාජයක් හා ගැටී ගමන් කරන නාවුක ගමන්හි යෙදීම ඒ රටවල වැඩිහිටියන් අතර ජනප්‍රිය වූ විනෝදාංශයක් වී ඇත.

aarp.org

නැව් වලින් සිදුවන පරිසර දූෂණය

නැව් එන්ජින් වල දහනය වන බොර තෙල් හේතුවෙන් ඒවායේ දුමෙන් සිදුවන පරිසර හානිය විශාලතර ය. එම දුමාරයේ ඇති සල්ෆර් ප්‍රමාණය කාර් රිය මිලියන 50කින් නිකුත් වන අහිතකර රසායන වලට සමාන වන බැව් විද්‍යාඥයින් සොයාගෙන තිබේ. සාමාන්‍යයෙන් විශාල නැවක් එක් පැයක් ධාවනයට දැවි තෙල් ටොන් දෙකක් පමණ උවමනා වේ. ඒ අනුව දිනක් ධාවනයේ දි විශාල කන්ටේනර් සහ මඟී නෞකාවක් මගින් දැවිතෙල් ටොන් 30-100ත් අතර ප්‍රමාණයක් දහනය කරනු ලැබේ.

නැව් වල සීමාවන්

පැනමා ඇල හරහා යෑමේ දී කෙමෙන් කෙමෙන් මුහුදු මට්ටමෙන් ඉහළ කොටසකට එළැඹීමට සිදුවේ. එබැවින් ගේට්ටු හරහා ගොස් නැව් ගමනා ගමනය සීරුවෙන් කළ යුතු තැනකි පැනමා ඇල. පැනමා ඇලේ අඩි 20 කන්ටේනර 5,000ක් පමණ උපරිම බරක් ගෙන යෑ හැකිය.

කොළඹ කොටුවේ නැව් වලට මග කියන ප්‍රදීපාගාරය

සූවස් ඇලේ ගැඹුර මීටර 20ක් පමණ වේ. ඒ ප්‍රමාණය නැවකට ප්‍රමාණවත් වුව ද බර පැටවිය හැකි සීමාවකට යටත් වීමට සූවස් හරහා ගමන් කරන නැව් වලට සිදු වේ. එසේම යන නැව් වල දිග, උස, මෙන්ම පටවන බර ආදී සාධක ගණනාවක් සුවස් ඇල හරහා ගමනාගමනයේදී සලකා බැලේ.

නැව් විශාල වන්නට විශාල වන්නට ගොඩ බෑ හැකි වරායවල් සීමිත වේ. අධික ලෙස විශාල නැව් ලොව ප්‍රකට ගැඹුරු වරායවල හැර සාමාන්‍ය වරායවල නැංගුරම් ලෑ නොහැකි වේ.

නැව් සහ ප්‍රවාහනය

චීනය මගින් මෑත කාලීනව ගොඩබිම තුලින් භාණ්ඩ ප්‍රවාහනය දිරිමත් කරනු වස් දුම්රිය මඟ සහ මහාමාර්ග රැසක් කිලෝමීටර දහස් ගණනක් අලුතින් සාදවා එකතුකර නිමකරන ලදී. එහෙත් නැවක වරකට ගෙන යෑ හැකි බඩු බාහිරාදිය සලකන විට දවසකට පෑ විසි හතරේම දුම්රිය ධාවනය වුවත් දුම්රිය මගකින් එවැනි බඩු බාහිරාදිය තොගයක් ගෙන යා නොහැකිය. එබැවින් තවමත් ලොව ප්‍රධානතම භාන්ඩ ප්‍රවාහන මාධ්‍යය නෞකා වේ. මිනිසා එකිනෙකාගෙන් හුදකලාව වෙන්ව සිටි යුගය පසුකර වර්ථමාන එකිනෙකා බැඳුනු යුගය කරා පැමිණීමේ දී නාවුක ගමනාගමනය මහත් උදව්වක් විය. වර්ථමානයේ මඟී ප්‍රවාහනය නෞකා වලින් ඈත්ව තිබුණත් තවමත් නෞකා යනු මිනිසාට වැදගත් කාර්යයක් ඉටුකරදෙන අපූරු යාන වාහන විශේෂයකි.

Cover: කොළඹ වරායේ නවතා ඇති කේබල් නැවක්

Related Articles