ඩයලොග් වෙතින් ෆ්‍රී Unlimited Wi-Fi

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog සමාගම, අභිමානවත් 72 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකාවාසී සියලුම ජනතාවට පෙබරවාරි 4 වෙනි දින සිට සතියක කාලයක් හිතේ හැටියට කිසිදු ගාස්තුවකින් තොරව නොමිලේ අන්තර්ජාලය භාවිතා කිරීම අවස්ථාව සලසා දී තිබේ. දිවයින පුරා බස් නැවතුම්පොළ, දුම්රිය නැවතුම්පොළ, ආපනශාලා, රෝහල්, පුස්තකාල වැනි මහජනතාව ගැවසෙන ස්ථාන රැසක් ආවරණය කරමින් ස්ථාපනය කර ඇති 2500කට අධික Dialog Wi-Fi Zones ඔස්සේ මෙලෙස නොමිලේ Unlimited Wi-Fi පහසුකම ඔබට ලබාගත හැකිවේ. 

Dialog Wi-Fi Zones පිහිටා තිබෙන තිබෙන ස්ථානයන් ලැයිස්තුවක් dialog.lk/wi-fi-hotspots වෙත පිවිසීමෙන් දැකගත හැකිය.

ඊට අමතරව මහජනතාවට Dialog Wi-Fi Zone එකක් පහසුවෙන් හඳුනාගැනීම සඳහා එවැනි ස්ථානයක මෙම සලකුණ සටහන් කර තිබේ

Dialog Wi-Fi Zone එකකට පිවිස Unlimited FREE Wi-Fi ලබාගන්නා ආකාරය මෙසේ ය.

පියවර 1: ප්‍රථමයෙන්ම Dialog Wi-Fi Zone එකකට පිවිස ඔබේ දුරකථනයේ Wi-Fi ON කර, Dialog Wi-Fi network එක select කරන්න.

පියවර 2: Dialog Wi-Fi network එක select කළ පසු ස්වයංක්‍රීයව Dialog Wi-Fi Zone Portal එකට පිවිසෙන අතර එහිදී ඔබේ ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න.

පියවර 3: ඔබ ඇතුළත් කළ දුරකථන අංකය තහවුරු කරගැනීම සඳහා OTP අංකයක් (One Time Password) ඇතුළත් කරන ලෙස ඉල්ලීමක් සිදුකරනු ලැබේ. එම OTP අංකය SMS මාර්ගයෙන් ඔබ ඇතුළත් කළ ජංගම දුරකථන අංකයට ලබා දෙන අතර, එය ඇතුළත් කිරීමෙන්  දුරකථන අංකය තහවුරු කරන්න.

පියවර 4: දුරකථන අංකය තහවුරු කළ පසු, “Select Browsing Mode” ලෙස සඳහන් page එකට පිවිසෙන අතර, ඔබට අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා ඔබේ ඇති Options එහි දිස්වේ. එම පිටුවෙහි ඇති “Promotion” ලෙස සඳහන් Option එක select කළ පසු ඔබට Unlimited FREE Wi-Fi පහසුකම අත්විඳීමේ හැකියාව පවතී.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෙවැනි අවස්ථාවක් මහජනතාවට හිමිවන අතර, ඔබත්‍ පෙබරවාරි 4 වෙනිදා සිට 11 දක්වා අතර කාලසීමාවේ ඔබට පහසු ඕනෑම වේලාවක Dialog Wi-Fi Zone එකකට පිවිස මෙම අසමසම අත්දැකීම ලබාගන්න.

Related Articles

Exit mobile version