Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‍කාන්තා ඔබව රැකියාවකට සූදානම් කරවන වෙබ් අඩවියක් Glow & Lovely වෙතින්

දශක තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ දේශීය කාන්තාවන්ගේ විශ්වාසයට පාත්‍ර වුණු, ඔවුන්ගේ රූපලාවණ්‍ය අවශ්‍යතාවයන් සපුරන්නට කටයුතු කළ Unilever සමාගමේ Glow & Lovely සන්නාමය දැන් ඔවුන්ගේ වෘත්තීය දිවියේ මං පෙත් සපුරාලන්නට ද උපකාර කරන්නට කටයුතු යොදා තිබෙනවා.

යුනිලීවර් සමාගම දියත් කරනු ලබන ‘Fair & Lovely – Career Foundation’ නමින් පෙර හැඳින්වුණු, දැන් ‘Glow & Lovely Careers’ ලෙස හැඳින්වෙන ආයතනික සමාජ වගකීම් වැඩසටහන දැනුම, කුසලතා සහ වෘත්තීය මාර්ගෝපදේශනය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කර ගෙන තිබෙනවා. මෙතෙක් ආ ගමන තුළ 10,000කට අධික ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසකගේ ජීවිත සවිබල ගන්වා දිදුලවන්නට ඊට හැකිව තිබෙනවා.

freepik.com

ඒ අනුව, කාන්තා ඔබට දැන් නිවසේ සිටම රැකියා ක්ෂේත්‍රයකට අවශ්‍ය මූලික දැනුම, සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන ආකාරය යනාදිය සම්පූර්ණයෙන් ආවරණය කරන වෙබ් අඩවියක් Glow & Lovely වෙතින් හඳුන්වා දී තිබෙනවා. කිසිදු ගාස්තුවක් ගෙවීමකින් තොරව වෘත්තීය පුහුණු පාඨමාලාවන් හදාරන්නට එම වෙබ් අඩවිය හරහා ඔබට අවස්ථාව ලැබෙනවා. මාර්තු 8 වැනිදාට යෙදෙන ලෝක කාන්තා දිනය මුල් කරගනිමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සහයෝගීතාවය ද ඇතිව රත්නපුරයේ පැවති ජාතික උත්සවයේ දී මේ වෙබ් අඩවියේ සිංහල වෙළුම එළිදැක්වුණා.

ගිණුම්කරණය, නීතිය, අධ්‍යාපන ක්ෂේත්‍රය, සෞඛ්‍ය ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණය ඇතුළු ඉහළ වැටුප් ඇති රැකියා රැසකට අවශ්‍ය දැනුම ලබාගන්නටත්, අවසානයේ CV එක පහසුවෙන්ම හදා ගන්නටත් හැකි ආකාරයට Glow & Lovely ‍මේ නව වෙබ් අඩවිය දියත් කර තිබෙනවා. එයට www.glowandlovelycareers.lk යන වෙබ් ලිපිනයෙන් පිවිසිය හැකියි.

නොමිලේම, සිංහල භාෂාවෙන්ම ඔබ කැමති ක්ෂේත්‍රයකින් ඔබේ සිහින රැකියාව වෙත පිවිසෙන්නට අවශ්‍ය මාර්ගය සකසා දෙන්නට එය මහඟු සේවාවක් ඉටු කරනවා. ඉංග්‍රීසි භාෂා හැකියාවන් වර්ධනය කරගන්නට වගේම පෞරුෂත්ව සංවර්ධනයටත් මේ වෙබ් අඩවිය හරහා අවස්ථාව සලසා තිබීම විශේෂත්වයක්.

පැය බාගයක් තරම් කෙටි කාලයකින් හෙට තිබෙන Interview එකට ඔබව සූදානම් කරන්නට ද හැකි පාඨමාලාවන් එය සතු යි. මේ පාඨමාලාවන් හසුරුවනු ලබන්නේ Hello English, EdX, NIIT, English Edge වැනි ලොව පුරා නම් දරන ආයතන යි. එමඟින් මනා සේ පිළියෙළ කරන ලද අධ්‍යාපන පාඨමාලාවක් යටතේ ඔබේ දැනුම, කුසලතාවන් වර්ධනය කර ගනිමින් නොබියව රැකියා වෙත පිවිසෙන්නට අවශ්‍ය පසුබිම සකස් කරගන්නට හැකි වෙනවා.

freepik.com

වීඩියෝ වශයෙන් ඇති මේ පාඨමාලාවන් ඔබ සතු ස්මාර්ට් දුරකථනයෙන් පවා නැරඹිය හැකි නිසා ඕනෑම අවස්ථාවක දී, ඕනෑම වෙලාවක දී බලන්න පුළුවන්. ඇතැම් පාඨමාලා අවසානයේ සහතිකයක් ද පිරිනැමෙනවා.

මෙම වෙබ් අඩවිය එළි දක්වා කෙටි කලක් ගත වත්ම 10,000 ඉක්මවූ සංඛ්‍යාවක කාන්තාවන් එහි ලියාපදිංචි වූ අතර, ඔවුන් ඉංග්‍රීසි ව්‍යාකරණ, කථනය, MS Office මෘදුකාංග පුහුණුව වැනි පාඨමාලාවන් 15,000කට පමණ එක්ව තිබෙනවා. කළමනාකරණය, අලෙවිකරණය සහ විකුණුම්, තොරතුරු තාක්‍ෂණය, රූපලාවන්‍යය, සහ පුද්ගල සංවර්ධනය වැනි පුළුල් ‍ක්ෂේත්‍ර ප්‍රමාණයක් මේ පාඨමාලා එකතුව හරහා ආවරණය කොට තිබෙනවා.

මේ සියල්ල අවසානයේ ඔබ රැකියාවකට අයැදුම් කරන්නට තීරණය කළ විට ඉතාම සරල පියවර 4ක් හරහා CV එක සකසා ගන්නටත් Glow & Lovely Careers වෙබ් අඩවිය පහසුකම් සලසා තිබෙනවා. එපමණක් නොව, ඔබට කුමන රැකියා ක්ෂේත්‍රයක් තෝර‍ා ගත යුතුදැ යි අදහසක් නැතිනම් ප්‍රශ්න 20කින් යුත් මනෝමිතික පරීක්ෂණයකින් (Psychometric test) ඒ ගැන අදහසක් ලබා දෙන්නටත් එයට ඇති හැකියාව අපූරුයි.

ඔබත් රැකියා අපේක්ෂාවෙන් ජීවිතය ජය ගන්නට අදහස් කරන දිරිය ලියක් නම්, glowandlovelycareers.lk වෙබ් අඩවිය හරහා ඔබේ සිහින රැකියාවට නොමිලේම මං පෙත් පාදාගන්න.

Related Articles