වයිකිංවරුන් ලොව ප්‍රසිද්ධ වී තිබෙන්නේ ඔවුන්ගේ තිබෙන රණශූරත්වය හේතුවෙනුයි. ඒ අනුව මෙම ලිපිය මඟින් මොවුන්ගේ පදිංචිය ගැනත්, ආක්‍රමණශීලී ක්‍රියා පිළිවෙල පිළිබඳවත්, නීතිය මෙන්ම ආර්ථික රටාව ගැනත් දැන ගැනීමේ හැකියාවක් තිබෙනවා.
වයිකිංවරුන්ගේ පදිංචිය හා ස්වභාවය
වයිකිංවරු ස්කැන්ඩිනේවියානු ආක‍්‍රමණිකයන් නම් කරනු ලබනවා. ඒ අනුව යුරෝපයටත්, උතුරු අත්ලාන්තික් ප්‍රදේශත් මුහුදු මඟින් අක්‍රමණය කරනු ලැබුවාවූ බලවත් රණ සූරයන් පිරිසක් හැටියට හඳුන්වනු ලබනවා. ක්‍රි. ව. 800 – 1066 යන කාල පරාසය තුලදී උතුරු කරයේ නොර්වේ, ස්වීඩන්, සහ ඩෙන්මාර්ක් යන ආදී ප්‍රදේශ වල නොර්ස්වරු ජිවත් වුණා. ඒ වගේම මෙම මිනිසුන් ගැන සටහනක් දක්වන්නේ නම් ඔවුන් ශක්තිමත්, උස, ලා වර්ණයෙන් යුත් හිස කෙස් ඇති, සැඩ සුළඟින් පදම් වුණ කියලයි සඳහන් වෙන්නේ. ඒ වගේම මොවුන්ගේ රුචිකත්වය ගැන දක්වන්නේ නම් රළු මුහුදේ යාත්‍රා කිරීම, ප‍්‍රීති ගී ගැයීම, වෙහෙසෙන ක්‍රීඩා කිරීමට මෙන්ම දැඩි සටන් ද ඒ අතර ප්‍රධාන වෙනවා.
මෙම නොර්ස්වරුන්ගේ ගම්මාන රළ හඬ ඇසෙන තෙක් මානයේ දුරින් පිහිටා තිබුණු බව දැක්වෙනවා. ඒ වගේම ඉන් බොහොමයක් පියොඩ් හෙවත් උස් බිත්ති ඇති මුහුදු තුඩුවලින් ආරක්ෂා වී තිබුණු බවත් සඳහන් වෙනවා. ඒ නිසා බැලූ බැල්මට මෙම නිවෙස් කාටවත් පෙනිලා නැහැ. ඒ අනුව මෙම ගම් ප්‍රදේශයන් හේතුවෙනුයි පියොඩ් හෙවත් වයිකිං වාසීන් යන නම ලැබී තිබෙන්නේ.
ආක්‍රමණශීලී ක්‍රියා පිළිවෙල හා ඉහළ ශිෂ්ටාචාරය
වයිකිංවරුන් මුලින්ම වෙළෙන්දන් විදිහටත් මෙන්ම ආක‍්‍රමණිකයන් විදිහටත් පින්ලන්තය, රුසියාව, බයිසෙන්ටියම්, ප‍්‍රංශය, එංගලන්තය, අයිස්ලන්තය, ග‍්‍රින්ලන්තය, හා නෙදර්ලන්තය යන රටවලට ගිහිල්ලා තියනවා. නමුත් කාලාන්තරයක් ගත වූ පසු ඔවුන් එම රටවල පදිංචි වී තිබෙනවා. අසිපත වැදගත්ම වස්තුව විදිහට සලකලා තියනවා. ඒවගේම එය පරම්පරාවෙන් පරම්පරාවට රැක ගෙන තිබෙනවා.
ඒ වගේම වයිකිංවරුන් උපතින්ම මුහුදු සූරයෝ කියලයි දැක්වෙන්නේ. ඒ වගේම ඔවුන්ට ඉතාමත් හොඳ ශිෂ්ටාචාරයක් තිබුණු බවත් සඳහන් වෙනවා. මේ විදිහට ඉහළ ශිෂ්ටාචාරයකට උරුමකම් කීමට එක් හේතුවක් විදිහට දැක්වෙන්නේ ස්කැන්ඩිනේවියාවෙහි තිබුණු යකඩ සම්පතයි. ඔවුන් මෙම යකඩ භාවිතා කරලා විවිධ ආයුධ නිපදවලා තියෙනවා. ඒ වගේම ඒවාගෙන් කැලෑ එළි පෙහෙළි කරලා. ආයුධ මඟින් පොළව හාරලා විවිධ ගොවිතැන් කටයුතු කරලා තියනවා. මේ හේතුවෙන් විශාල ජන ගහනයක් එකතු වුණා කියලත් සඳහන් වෙනවා. ඒ වගේම “බි‍්‍රකා” “හෙඩබ්” කියන වෙළෙඳ නගර බිහි වුණා කියලත් දැක්වෙනවා. මේ අනුව වයිකිංවරුන් සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන මත වාදයක් වන්නේ ඔවුන් බොහොමයක් රණශුරයින් නොවන බවත් ගොවීන් බවත්ය.
ඒ වගේම වයිකිංවරයෙක්ට ලැබිය හැකි විශාලතම ගෞරවය විදිහට සැලකුණේ බෝට්ටුවක් මත තම මිය ගිය වැළලීම ලෙස සඳහන් වෙනවා. ඒ අනුව බෝට්ටුවට සිරුර දමා ගඟේ පා කර ඉන් අනතුරුව ගිනි පුලිඟු සහිත ඊතල වලින් විදිනු ලබන බව දැක්වෙනවා. මේ ආකාරයට සිදු කරන විට බෝට්ටුවට ඔවුන් විසින් භාවිතා කළ බඩු බාහිර ආදියද බෝට්ටුවට දමන බව සඳහන් වනවා.
ඒ වගේම ඔවුන්ගේ තවත් එක් වැදගත් කාර්යක් ලෙස සලකා තිබෙන්නේ වහලුන් අල්ලා ගැනීමයි. ඒ වගේම මේ විදිහට අල්ලා ගනු ලබන වහලුන් යුරෝපයේ හා ආසියාවේ වෙළෙඳ සැල් වලට විකුණු බවත් සඳහන් වනවා. ඒ වගේම හිම මත ලිස්සා යාම එකලද පැවති බවත්, මොවුන්ද එය ඉතාමත් ගමනාගමන ක්‍රමයක් ලෙස භාවිතා කළ බවත් සඳහන් වනවා.
වයිකිංවරුන්ගේ ආර්ථික
වයිකිංවරුන් මෙන්ම ඔවුන් හා සම්බන්ධ තවත් වැදගත් දෙයක් වන්නේ යාත‍්‍රාවන්ය. එකල අනිකුත් රටවල බෝට්ටු වලට වඩා ශක්තිමත් යාත‍්‍රා නැතිනම් නැව් වයිකිංවරුන් සතු වුණා. ඒවායේ බඳ පතුල සහ රුවල පහසුවෙන් එහා මෙහා කළ හැකි ඒවා වූ බවද සඳහන් වනවා.
ඒ වගේම මොවුන්ට ඉතාමත් හොඳ ආර්ථිකයක් තිබු බව සඳහන් වෙනවා. ඒ වගේම මොවුන් ඉතාමත් නිර්භීත මෙන්ම බුද්ධිමත් ශිෂ්ටාචාරයකට උරුමකම් කියූ පිරිසක්. ඒ වගේම මුලදී ස්කැන්ඩිනේවියාවෙහි ජීවත් වුවත් පසුකාලීනව රුසියාවේ සිට ඇමරිකාව දක්වා පදිංචි වූ බව ද දැක්වෙනවා. තෝර්, ඔඩින්, ලොකී කියන්නෙ ඔවුන්ගෙ දෙවිවරු. වයිකිංවරුන් ක‍්‍රිස්තු භක්තිකයන් වන්නේ වසර 1030 දී පමණය. ඒ වගේම මොවුන්ට රජවරුන් බොහොමයක් සිටි බවත් වාර්තා වනවා. අන්තිම රජු එංගලන්තයේ වාසය කළ “බ්ලබ් ඇක්ස්” වන අතර ඔහුගේ නීති ඉතාමත් තදබලයි කියලයි දැක්වෙන්නේ.
මොවුන්ට නියම අධිරාජ්‍යයක් තිබුණේ නැහැ කියලා සඳහන් වෙනවා. ඒ වගේම වයිකිංවරුන් කියන්නේ මුහුදු යාත‍්‍රා කරුවන් පිරිසක් පමණක් බවත් දැක්වෙනවා.
වයිකිංවරුන්ගේ නීතිය
වයිකිංවරුන්ගේ නීතියේ වෙනසකට ලක් වූ අවස්ථාවක් ලෙස 8 වැනි සියවස දක්වන්නට පුළුවන්. මෙහි දී දේපල අයිතිය කිසියම් වෙනසකට ලක් වෙලා තියනවා. මුලදී ගොවි බිමක යම් හිමි කරුවෙකු මියගිය අවස්ථාවක එම දේපළ එම හිමිකරුගේ පුතුන් අතර සම සමව බෙදිය යා යුතු තත්වයක තිබුණා. නමුත් ඇති කරන ලද වෙනසත් සමඟ මුළු දේපළ පවුලේ වැඩිමහල් පුතාට හිමි වුණා. මේ නිසා අනිකුත් පුතුන්ට ඉඩකඩම් අහිමි වීම නිසා ඔවුන් ඉඩ කඩම් සොයා යන්නට වුණා. ඒ වගේම 8 වන සියවසට පෙර ස්කැන්ඩිනේවියාවෙහි කුඩා රාජ්‍ය සමූහයකින් සෑදුණු එකක් වුවා. ඒවගේම මෙම කුඩා රාජ්‍යවල රජවරු විසින් අනිකුත් රාජ්‍ය ආක‍්‍රමණය කිරීමක් සිදු කළා. මේ නිසා රජවරුන් නොමැති කුඩා රාජ්‍ය බොහෝමයක් බිහි වීම සිදු වුණා. මේ නිසා අලුත් රාජ්‍යක් සොයා යාමට කුඩා රාජ්‍යන් අහිමි වූ පිරිස් කටයුතු කළා.
ඒ වගේම ගොඩබිම් කැලෑවල ජීවත් වූ වයිකිංවරු කිසියම් තැන්පත් ජීවිතයකට හුරු වුණා. ඒ වගේම තමන් යන ස්ථාන වල සිටින මිනිසුන්ගේ සිරිත් විරිත්, භාෂාව ඉගෙන ගනු ලැබුවා.
කවරයේ පින්තූරය: pinterest.com