Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෝලීය දර්ශකයන් හි ඉහළ-පහළ සහ ලංකාවේ තත්ත්වය

සෑම වර්ෂයක් අවසානයේ දී ම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂල්, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂල්, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා ලෝකයේ වෙනත් පිළිගත් ආයතන මෙන්ම සංවිධාන විසින් විවිධ දර්ශක ඔස්සේ රටවල් ශ්‍රේණිගත කර එම රටවලට වෙන වෙනම ස්ථානීය අගයයන් ලබා දෙනවා.

ඒ ආකාරයට ඉදිරිපත් කර ඇති මානව සංවර්ධන දර්ශකය, ලෝක සාම දර්ශකය, නව නිපැයුම් දර්ශකය හා දූෂණ සංජනන දර්ශකය පිළිබඳව විමසා බැලීමක් මේ ලිපිය ඔස්සේ සිදුකෙරෙනවා.

මානව සංවර්ධන දර්ශකය (Human Development Index)

මානව සංවර්ධන දර්ශකය (hdr.undp)

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, 2018 වසරේ දත්ත යොදාගෙන 2019 වසර වෙනුවෙන් මානව සංවර්ධන දර්ශකය පිළිබඳව සිය වාර්තාව මේ වන විට එළිදක්වා තිබෙනවා. සෞඛ්‍ය, අධ්‍යාපන හා ආර්ථික යන ක්ෂේත්‍ර තුනම මානව සංවර්ධන දර්ශකයෙන් ආවරණය වෙනවා. 2018 වසරේ මෙන්ම මෙවර ද මානව සංවර්ධන දර්ශකයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන සිටින්නේ නොර්වේ රාජ්‍ය යි. ශ්‍රී ලංකාව පසුගිය වසරේ මානව සංවර්ධන දර්ශකයේ 76 වන ස්ථානය හිමි කරගෙන තිබුණු අතර, මේ වසරේ ස්ථාන පහක් ඉදිරියට එමින් 71 වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා. ඉහළ මානව සංවර්ධනයක් සහිත රටවල් කාණ්ඩයට ශ්‍රී ලංකාව ඇතුළත් වී තිබෙනවා. 

මෙහි 4 වන ස්ථානය ලබාගෙන සිටින හොංකොං, ආසියාවෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන සිටිනවා. ආසියාවෙන් දෙවන තැන ලබාගෙන සිටින්නේ සමස්ත රටවල් අතරින් 9 වන ස්ථානය දිනාගෙන සිටින සිංගප්පුරුව යි.

දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය දිනාගෙන තිබෙන්නේත් ශ්‍රී ලංකාව යි. දකුණු ආසියානු කලාපයේ දෙවන ස්ථානය දිනාගෙන තිබෙන මාලදිවයින, සමස්ත ශ්‍රේණිගත කිරීමේ දී 104 වන ස්ථානය දිනාගෙන සිටිනවා. සමස්ත දර්ශකයේ 129 වන ස්ථානය දිනාගෙන සිටින ඉන්දියාව, දකුණු ආසියාවෙන් තෙවන ස්ථානය ලබා තිබෙනවා. සමස්ත රටවල් අතරින් 170 වන ස්ථානයට පත් වී සිටින ඇෆ්ගනිස්තානය, අප කලාපයේ මානව සංවර්ධන දර්ශකයෙන් අවසාන ස්ථානයට පත් වී තිබෙනවා.

මේ සඳහා රටවල් 189ක් යොදාගෙන ඇති අතර, අවසාන ස්ථාන හිමි කරගෙන සිටින රටවල් බොහොමයක් අප්‍රිකානු රාජ්‍යයන් ලෙස සඳහන් කළ හැකියි. 189 වන ස්ථානය හිමි කරගෙන සිටින්නේ අප්‍රිකානු මහද්වීපයේ රටක් වන නයිජර් රාජ්‍ය යි. 

ගෝලීය සාම දර්ශකය (Global Peace Index) 

ගෝලීය සාම දර්ශකය (GlobPeaceIndex)

ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය හා සාමය පිළිබඳ ආයතනය (Institute for Economics and Peace ) වාර්ෂිකව නිකුත් කරන ගෝලීය සාම දර්ශකය 2019 සඳහා මේ වන විට නිකුත් වී තිබෙනවා. පසුගිය වසරේ මෙන්ම මේ වසරේ ද රටවල් 163ක් අතරින් ප්‍රථම ස්ථානයට පත් වී තිබෙන්නේ අයිස්ලන්තය යි. අවසන් ස්ථානය ලැබී තිබෙන්නේ දකුණු ආසියානු රටක් වන ඇෆ්ගනිස්තානයට යි.

මෙම දර්ශකය අනුව 2019 වසරේ දී ශ්‍රී ලංකාවට සාම දර්ශකයේ 72 වැනි ස්ථානය හිමි වී තිබෙනවා. 2018 වසරේ ශ්‍රී ලංකාව සිටි 67 වැනි ස්ථානයේ සිට පියවර 5ක පසුබැසීමක් ලෙස එය හැඳින්වීමට හැකි යි. සමස්ත රටවල් අතරින් හත්වන ස්ථානය ලබා ගනිමින් ආසියාවේ සාම දර්ශකයේ ඉහළින්ම සිටින රට බවට සිංගප්පූරුව පත් වී තිබෙනවා. සමස්ත රටවල් අතරින් 15 වන ස්ථානය ලබා ගනිමින් දකුණු ආසියාවේ සාමකාමී ම රට බවට පත් වී තිබෙන්නේ භූතානය යි. 72 වන ස්ථානය ලබා සිටින ශ්‍රී ලංකාව දකුණු ආසියාවෙන් දෙවන ස්ථානයට පත් වී තිබෙනවා. දකුණු ආසියාවෙන් මෙන්ම මේ සඳහා ලෝකය සහභාගී කරගත් රටවල් 163න් ම අවසන් ස්ථානය ලබා සිටින්නේ ඇෆ්ගනිස්තානය යි. 

ගෝලීය දූෂණ සංජනන වාර්තාව (Corruption Perceptions Index)

ලෝක දූෂණ සංජනන වාර්තාව (elevenmyanmar)

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (Transparency International) ආයතනය විසින් නිකුත් කරනු ලබන ලෝක දූෂණ සංජනන වාර්තාව (Corruption Perceptions Index) 2019 වර්ෂය සඳහා තවමත් නිකුත් වී නොමැති බැවින්, 2018 වසරේ වාර්තාව දැනට වලංගු වෙන වාර්තාව ලෙස සලකනු ලබනවා. ඒ අනුව සහභාගි කරගත් රටවල් 180ක් අතරින් ලෝකයේ දේශපාලනමය දූෂණය අඩුම රට ලෙස ප්‍රථම ස්ථානයට පත් වී තිබෙන්නේ ඩෙන්මාර්ක ය යි. වැඩිම දූෂණයක් සහිත රට ලෙස නම් කර තිබෙන්නේ සෝමාලියාව යි. 

සමස්ත රටවල් අතරින් තුන්වන ස්ථානය ලබාගෙන ඇති සිංගප්පූරුව ආසියාවෙන් පළමු ස්ථානය ලබාගෙන තිබෙනවා. දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය ලබාගෙන තිබෙන්නේ සමස්ත රටවල් අතරින් 25 වන ස්ථානයට පත් වී සිටින භූතානය යි. එහි 78 වන ස්ථානය ලබා ගනිමින් ඉන්දියාව දකුණු ආසියාවේ දෙවැනි ස්ථානයට පත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව සමස්ත රටවල් අතරින් 89 වන ස්ථානය ලබා ගනිමින් දකුණු ආසියාවේ තුන්වන තැනට පත් වී තිබෙනවා.

ගෝලීය නව්‍යෝත්පාදක දර්ශකය (Global Innovation Index)

ගෝලීය නව්‍යෝත්පාදක දර්ශකය (wipo)

ගෝලීය බුද්ධිමය දේපළ පිළිබඳ සංවිධානයේ (World Intellectual Property Organization) මෙහෙයවීමෙන් රටවල් 129ක් සහභාගී කරගෙන සෑම වසරකම එළිදක්වන ගෝලීය නව්‍යෝත්පාදක දර්ශකය 2019 වසර සඳහා ද එළිදක්වා තිබෙනවා. මෙහි පළමු ස්ථානය ලබාගෙන සිටින්නේ ස්විස්ටර්ලන්තය යි. අවසන් ස්ථානය හිමි වී තිබෙන්නේ යේමනයට යි. 

ආසියාවෙන් මෙම දර්ශකය තුළ ඉහළින්ම සිටින්නේ සමස්ත දර්ශකයේ අටවන ස්ථානය ලබාගෙන සිටින සිංගප්පූරුව යි. දකුණු ආසියාව සලකන කල මෙහි පළමු ස්ථානය ලබාගෙන සිටින්නේ සමස්ත දර්ශකයේ 52 වන ස්ථානය දිනාගෙන සිටින ඉන්දියාව යි. 89 වන ස්ථානයට පත් වී තිබෙන ශ්‍රී ලංකාව ආසියාවෙන් දෙවන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

Related Articles