Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව බහුලවම භාවිතා වන ගිනි අවිය: AK 47

AK 47 නම් ගිනි අවියෙන් විකාශනය වූ ගිනි අවි මාදිලි 200කට වඩා මේ වනවිට ලොව වටා නිපදවී ඇත.  සෑම මිනිසුන් 35 දෙනෙකුටම එකක් තරම් ලෙස මේ අවිය ලොව සුපතල වි තිබේ. හමුදා භටයින්, දඩයක්කරුවන් පමණක් නොව ත්‍රස්තවාදීන් ද ආදී බොහෝ පිරිස් සතුව පවතින කලෂ්නිකෝෆ් ගේ AK 47 අවිය ලොව ජනප්‍රියම ගිනි අවියක් ලෙස විරුදාවලි ලබා තිබේ. ලොව පුරා තිබෙන AK-47 අවි ප්‍රමාණය මිලියන 75ත් 100ත් අතර වේ යැයි ගණන් බලා තිබේ.

ලොව වටා රටවල් 106ක හමුදාවන් අත දරා සිටින මේ  රයිෆලය හේතුවෙන් වසරකට පුද්ගලයින් අවම වශයෙන් 250,000ක ප්‍රමාණයක් යුද්ධ සහ ගැටුම් ආදිය හේතුවෙන් මිය පරලොව යන බව වාර්තා වේ.

කවුද මේ කලෂ්නිකෝෆ්

මිහයීල් කලෂ්නිකෝෆ් ගේ ප්‍රතිමාවක් nbcnews.com

දෙවන ලෝක යුද්ධය සමයේ එකල සෝවියට් දේශය සමාජවාදී ක්‍රමයක් තිබූ රටකි. එවිට ජර්මනිය භාවිතා කළ STG 44 ස්වයංක්‍රීය දිගු දුර ගිනි අවිය හා සැසඳීමේ දී 1945 වන විට රුසියානු පාබල හමුදාවේ ගිනි අවිය වූ PPSH 41 අර්ධ ස්වයංක්‍රීය ගිනි අවිය සෙල්ලම් බඩුවක් මෙන් ප්‍රබලත්වයෙන් අඩු එකක් වී ය. එනිසා රුසියානු හමුදාවන්ට යුද්ධයෙන් උපක්‍රමිකව පසුබැසීමට මෙන්ම නව අවියක් ගැනත් නැවත සිතීමට සිදුවිය.

දෙවන ලෝක යුධ සමයේ රුසියානු හමුදා නිලධාරියකු වූ කලෂ්නිකෝෆ් සටන් වල දී තුවාල ලබා රෝහල්ගත වී සිටියේ ය. “හැම ජර්මන් සොල්දාදුවාටම මැෂින් තුවක්කුවක් තියනවා. අපේ සොල්දාදුවන් දෙතුන්දෙනෙකුගේ කණ්ඩායමකට විතරයි මැෂින් තුවක්කුවක් තියෙන්නේ. ඒ ඇයි?, රෝහලේ දී තවත් සෙබලෙක් කලෂ්නිකෝෆ් ගෙන් ප්‍රශ්න කළේ ය. අවි නිමැවුම් ඉංජිනේරුවකු වූ මිහයිල් කලෂ්නිකෝෆ් මේ ගැන තව තවත් කල්පනා කිරීමෙන් අනතුරුව, රුසියාවටම අයත් මැෂින් තුවක්කුවක අවශ්‍යතාවය සැපිරීමට “කලෂ්නිකෝෆ්ගේ ඔටෝමැටික් රයිෆලය” යන නම සහිතව AK 47 යන ප්‍රබල ආයුධය නිපදවනු ලැබීය. මෙවැනි ආයුධයක් නිපදවීමට සමකාලීනව වෙනත් පුද්ගලයින් විසින් ද අත්හදා බලා තිබූ නමුත්, එය නිපදවීමේ ගෞරවය කලෂ්නිකෝෆ්ට හිමිවුණි.

අප්‍රිකානු ගෝත්‍රිකයින් AK 47 ගිනි අවිය මෝස්තර නිරූපන අංගයක් ලෙස භාවිත කරමින් wordpress.com

අවිය භාවිතයේ පහසුව

මෙය අර්ධ වශයෙන් සහ සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය ලෙස, ආකාර දෙකටම භාවිතා කළ හැකි ගිනි අවියකි. ස්වයංක්‍රීය අවි වල තුවක්කුවේ කොකා මිරිකාගෙන සිටින විට උණ්ඩ තිබෙන තාක් කල් වෙඩි බලය නොනවත්වාම ක්‍රියාත්මක වේ.

අනෙක් අවි වලට සාපේක්ෂව AK 47 හැසිරවීම පහසු ය. මුල් කාලයේ දී AK 47 නිපදවීමේ නිෂ්පාදන ක්‍රියාදාමයේ යම් යම් ගැටලු තිබුණත්, වර්ථමානයේ නම් වඩාත් පහසුවෙන් කලෂ්නිකෝෆ්ගේ ආයුධය නිපදවා ගනු ලැබේ. අප වැඩියෙන්ම අසා පුරුදු, චීනයේ නිශ්පාදිත ගිනි අවියක් වන ටී 56 යනු AK 47 ගිනි අවියේම වැඩි දියුණු කිරීමකි. අප කලාපයේ දී මෙම ගිනි අවිය AK 47 ලෙස හැඳින්වුව ද යුරෝපයේ දී තවමත් එය කලෂ්නිකෝෆ්ගේ ආයුධය ලෙස හදුන්වනු ලැබේ.

අවිය ජනප්‍රිය වීමට මූලික වුනේ මේකයි

ප්‍රහාරක බලයෙන් ඉහළ වීම.

නිපදවීමේ පහසුව.

හැසිරවීම පහසුව.

නඩත්තුව ලෙහෙසිය.

කල් පැවැත්ම.

පතොරම් භාවිතය සරල වීම.

නිපදවීමේ තාක්ෂණය ලොව පුරා පැතිර තිබීම

ආදී බොහෝ කාරණා හේතුවෙන් තවමත් ලොව පුරා කලෂ්නිකෝෆ්ගේ  පරම්පරාවේ රයිෆල ජනප්‍රිය වී තිබේ. හොද නඩත්තුවක් තිබේ නම් වසර 50කටත් වඩා භාවිත කළ හැකි මෙම ආයුධය, එතරම් සැලකිල්ලක් නොදක්වා භාවිත කළත් වසර 10-15ක් වැඩගත හැකිය. ජලය, මඩ, හිම ආදී වටපිටාවක වල දමා, ඉන් වසරකට පසු ගොඩගෙන, එවෙලේම වෙඩිතැබිය හැකි අද්විතිය හැකියාවකින්ද මෙම අවිය සමන්විත ය. AK-47 ගලවා,  කෑල්ලෙන් කෑල්ල නැවත සවිකිරීම අත හුරු අයෙකුට නම් විනාඩියක කාලයකින් වුව ද කළ හැකි තරම් සරල කාර්යයකි.

වෙඩිතබන අවස්ථාවේ රයිෆලයේ ක්‍රියාකාරිත්වය දැක්වෙන වීඩියොවක්.. (මෙය පෝස්ටුවේ පල කල හැකිනම් මනාය)

රළු භාවිතයට හපනා

අවියේ කොටස් wordpress.com

යාන්තම් ගිනි අවියක් ඔසවාගැනීමට හැකියාව ඇති ළමා සොල්දාදුවන්ව පවා සේවයේ යොදවන, කෘෘරතර ත්‍රස්තවාදී කල්ලි කලෂ්නිකෝෆ් මාදිලියේ අවි වයස 12-14 වයසේ කුඩා දරුවන්ට පවා වෙඩිතැබීමට ලබා දෙති. ඒ, එය හැසිරවීමේ සහ ක්‍රියාත්මක කරවීමේ පහසුව නිසාම ය. බොහොමයක් රළු කාලගුණික තත්ත්වයන්ට කලෂ්නිකෝෆ් රයිෆලය හොදින් ඔරොත්තු දේ. ගිනියම් වැලි කතර මෙන්ම සයිබීරියාවේ දරුණු හිමෙහි ද මේ අවිය එකසේ ක්‍රියාත්මක කළ හැකි ය. ලොව බොහෝ ත්‍රස්තවාදීන්ට පහසුවෙන් සොයාගත හැකි AK 47 ගිනි අවි මාදිලි සුලබ හෙයින් ඒවා ලාභ ය. එසේම එයට පතොරම් මෙන්ම අමතර කොටස් සොයාගැනීම ද සාපේක්ෂව ලෙහෙසි ය. පාතාල ලෝකය හරහා සිදුවන අවි ගනුදෙනු වල දී වැඩිපුරම විකිණෙන අවියක් ලෙස කලෂ්නිකෝෆ් ආයුධය වාර්තා පිහිටුවා ඇත.

මෙය රුසියානු නිමැවුමක් නිසාදෝ හෝ ඇමරිකානු හමුදාව මෙම අවිය භාවිතා කිරීමට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. වියට්නාම යුද්ධයේ දී නිවර්තන කඳු, වගුරු බිම්, දිය අගල් වැනි වටපිටාවන් වල දී  M16 මාදිලියේ ඇමරිකානු අවිය වාත වෙද්දී, උතුරු වියට්නාමිකයන්ගේ AK 47 මූලික අවි ගිනිකසයා සේ රළු වටපිටාවන් හි දී වියට්නාම හමුදාවන්ට මහත් පිළිසරණ විය.

ත්‍රස්ථයින් අත ඇති සරල අවිය
www.elgrancapitan.org

අවියේ මිල

2015 වර්ෂයේ නොවැම්බර් පැරීසියේ සිදු වූ බිහිසුණු ISS ත්‍රස්තවාදී ප්‍රහාරයේ දී බෝම්බ මෙන්ම ගිණි අවි ද ඒ සඳහා යොදාගෙන තිබුණි. එහි දී භාවිතා කොට තිබුණේ ද මේ කලෂ්නිකෝෆ් ගේ ආයුධයම වේ. ඒ නිසා අනවසර ගිනි අවි වෙළදාම සහ ප්‍රවාහනය ගැන නව කතිකාවතක් නිර්මාණය විය.

එම කාලයේ දී මෙම ගිනි අවියේ මිල ගැන සඳහන් කරන ෆෝබ්ස් ඇෆ්ඝනිස්තානයේ දී ඩොලර් 600කට ද, මෙක්සිකානු-ඇමරිකානු බෝඩරයේ දී ඩොලර් 1200කට ද, උතුරු යුරෝපීය දේශසීමාවන්හි දී ඩොලර් 1,100කට ද, පාකිස්ථානයේ දී එරටෙහිම අනවසරයෙන් තැනූ AK-47  ඩොලර් 200ක් තරම් අඩු මුදලකට ද මිල නියම වෙන බැව් කියා තිබේ. අන්තර්ජාලයේ සැඟවුනු අහුමුලු වල දී ඩොලර් 3500ක් තරම් ඉහළ මිලට ද කලෂ්නිකෝෆ් ආයුධය අලෙවි වන බැව් ඔවුන් සොයාගන තිබුණි. එසේ අනවසරයෙන් බෙදාහැරෙන නීති විරෝධී ආයුධ වටිනාකම වසරකට ඩොලර් බිලියන 1.7ත් 3.5ත් අතර වන බව ද, ඒ සමස්ථ වටිනාකම ලොව නීත්‍යානුකූලව අලෙවි වන අවි වල සම්පූර්ණ වටිනාකමෙන් 20%ක් පමණ බව ද ෆෝබ්ස් වාර්තා කොට තිබුණි.

තුවක්කුවේ විස්තර

දෙවන ලෝක යුද්ධයෙන් පසුව සන්නිවේදනය, ප්‍රවාහනය ආදී ක්ෂේත්‍ර අද වනවිට බොහෝ සෙයින් වෙනස් වුනි. දුප්පත් රටවල පවා හමුදාවන් වලට නවීන තාක්ෂණය අනුව අලුත් සන්නිවේදන හා ප්‍රවාහන ක්‍රම භාවිතා කරති. එහෙත් කලෂ්නිකෝෆ් ගේ ස්වංක්‍රීය රයිෆලය තවමත් සුළු වෙනස්කම්, අලුත් කිරීම් සහිතව ලොව පුරා රාජ්‍යය හමුදාවෝ ද, ත්‍රස්තවාදීන්, සහ මැර කල්ලි ආදීන් ද තවමත් භාවිතා කරනු ලැබේ.

“මා නිපදවූ ආයධය හුදෙක් අපේ  ආරක්ෂාවට මිස අනෙකාව විනාශයට නොවේ” යැයි කලෂ්නිකෝෆ්ම කියා ඇති මුත් මෙය ලොව පුරා ආරක්ෂාවට මෙන්ම විනාශකාරී දේ සඳහා ද හරි හරියට භාවිතා වේ.

දුම් දමන අවිය nationalinterest.org

ගිනි අවියෙ දත්ත සැකෙවින්

  • වර්ගීකරණය : ප්‍රහාරක රයිෆලය
  • මෝස්තරය : AK 47
  • ස්ථිර ලී මිට සහිත මෝස්තරයේ තුවක්කුවේ දිග : මි.මී. 880 (අඟල් 35)
  • මැගසින් එක රහිතව බර : කි.ග්‍රෑ. 3.7
  • පතරොම් පිරවූ මැගසින් එකක් සහිතව බර : කි.ග්‍රෑ. 4.75
  • තුවක්කු බටයේ දිග : මි.මී. 415 (අඟල් 16.3)
  • යොදවන පතරොම් කැලිබරය : 7.62 x 39 මි.මී.
  • යොදවන පතරොම් වර්ග :

(1) 7.62 x 39 – සාමාන්‍ය

(2) 7.62 x 39 – සන්නාහ විනිවිද යන

(3) 7.62 x 39 – ගිනි අවුළුවන

(4) 7.62 x 39 – රාත්‍රී කාලයේ දී ඉලක්ක පෙන්වන ට්‍රේසර්

(5) 7.62 x 39 Blank – පුහු පතරොම්

  • තුවක්කුව ක්‍රියාකරන න්‍යාය : වායු පීඩනයෙන් ක්‍රියාත්මක, කරකැවෙන බෝල්ට් ක්‍රමය
  • වෙඩි තැබීමේ වේගය : විනාඩියකට උණ්ඩ 600 යි.
  • තුවක්කු කටෙන් උණ්ඩ පිටවන වේගය : තත්පරයකට මීටර් 715 (අඩි 2350)
  • ප්‍රතිඵලදායක වෙඩි දුර : මීටර් 350

මෙම ගිනි අවිය සුළු වෙනස්කමකින් බෝම්බ විදිනයක් ලෙස ද භාවිතා කළ හැකියි. පතරොම් පුරවා සවි කරන මැගසිනය තුල වරකට පතරොම් තිහක් තබාගත හැකි අතර එය සැනින් පුරවාගැනීමට ද හැකි ලෙස නිපදවා තිබේ. විවිධ නිර්මාණකරුවන් මෙම කලෂ්නිකෝෆ් රයිෆල් ආයුධයට සයිලන්සර සවිකොට එය නිහඬ ආයුධයක් ලෙස ද වැඩි දියුණු කිරීමට උත්සාහ කොට තිබේ.

මූලාශ්‍ර:

ෆෝබ්ස්

ඇතැම් තොරතුරු අසමි දකිමි සොයමි බ්ලොග් අඩවියෙන් උපුටාගැනිණි.

32 කවර පොටෝව: www.forbes.com

Related Articles