එස්කොබාර්ගේ අපරාධ ජාලය ස්ථාපිත වීම
1960 දශකය ඇමරිකාවේ ඉතිහාසය වෙනස් කළ දශකයක්. මේ සමයේදී ඇමරිකානු තරුණ කොටස් අතර විවිධ රැඩිකල් අදහස් රෝපණය වුණා. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය ද ඉහළ ගියා. මුලින් මරුවානා භාවිතය බෙහෙවින් ප්‍රකට වූ නමුත් 1970 වනවිට කොකේන් වඩා ජනප්‍රිය වීමට පටන් ගත්තා.