Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

91 වන ඔස්කාර් සම්මාන නාමයෝජනා ප්‍රකාශයට පත් කෙරේ

91 වන වරට පවත්වනු ලබන ඇකඩමි සම්මාන උළෙල එසේත් නැත්නම්, ඔස්කාර් සම්මාන උළෙල මේ වසරේ දීත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතිනවා. එහි මූලික අවස්ථාවක් වන, 2018 වස‌රේ ඇගයුම සඳහා යෝජිත නාම ලේඛනය ජනවාරි 22 වන අඟහරුවාදා දින ප්‍රසිද්ධියට පත් කළා. මෙම නාම යෝජනාව තුළ සුවිශේෂීතා බොහොමයක් ද තිබෙනවා. පෙබරවාරි මස 24 වන දා හොලිවුඩයේ ඩොල්බි රංග ශාලාවේ දී මෙම තරගකරුවන් අතුරින් අවසන් ජයග්‍රාහකයන් තෝරා ගැනීමට නියමිත යි.

Dobly රංග ශාලාව (eonline)

ඔස්කාර් ඉතිහාසයේ ප්‍රථම වතාවට සුපිරි වීරයකුගේ කතාවක් හොඳම චිත්‍රපට ලැයිස්තුව සඳහා යෝජනා වූ වසර මෙය යි. ඒ රයන් කූග්ලර් විසින් අධ්‍යක්ෂණය කළ Black Panther නිර්මාණය යි. එසේ ම අල්ෆොන්සෝ කුරොන් විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ කළු සුදු චිත්‍රපටයක් වන Roma හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම තිර රචනය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම සිනමාකරණය ඇතුළු අංශ 10කින් තේරී පත් වී තිබීම විශේෂ යි. එපමණක් නොව, Roma හොඳම චිත්‍රපටය සහ හොඳම විදෙස් භාෂා චිත්‍රපටය ලෙස ද තේරී පත්වීම විශේෂත්වයක්. මෙවර හොඳම චිත්‍රපටය සඳහා යෝජනා වී ඇති චිත්‍රපට 8 ම උසස් ගණයේ නිර්මාණ බව පැහැදිලි යි. එම නිසා, අවසාන ජයග්‍රාහකයා පිළිබඳ ව පෙරැයීම් කිරීම දුෂ්කර බවත් සිනමා විචාරකයන් පවසනවා. එසේ ම BlacKkKlansman චිත්‍රපටය ද හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම සහාය නිළිය ඇතුළු අංශ 6ක් යටතේ සම්මාන ලැබීම සඳහා අවසන් වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

Black Panther (wptsradio)

මෙවර තවත් විශේෂත්වයක් වන්නේ, ලෙබනන් ජාතික චිත්‍රපට ශිල්පිනියක ප්‍රථම වතාවට ඔස්කාර් සම්මානයක් සඳහා නිර්දේෂිත වීම යි. ඇය නඩිනි ලබාකි නම් රංගන ශිල්පිනයක් ලෙස ද කටයුතු කරන අධ්‍යක්ෂකවරියකි. ඇගේ Capernaum චිත්‍රපටය විදෙස් භාෂා චිත්‍රපට අතරට තේරී පත්ව තිබෙනවා. මෙවර විදෙස් භාෂා චිත්‍රපට ලැයිස්තුවේ අරාබි බසින් ලෙබනන් චිත්‍රපටයක් ද (Capernaum), පෝලන්ත ප්‍රංශ ජර්මන් රුසියන් ඉතාලි බසින් යුතු පෝලන්ත චිත්‍රපටයක් ද (Cold War), ස්පාඤ්ඤ ඉංග්‍රීසි නෝවේජියන් බසින් යුතු මෙක්සිකෝ චිත්‍රපටයක් ද (Roma), ජපන් බසින් යුතු ජපන් චිත්‍රපටයක් ද (Shoplifters), සහ ජර්මන් භාෂාවෙන් Never Look Away චිත්‍රපටය ද ඇතුළත්. Cold War චිත්‍රපටය විදෙස් භාෂා චිත්‍රපටය හැරුණු විට හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම සිනමාකරණය සඳහා ද නම් කර තිබෙනවා.

Roma (Netflix)

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ නාමයෝජනා සියල්ල පහතින් දැක්වෙනවා.

හොඳම චිත්‍රපටය

Black Panther

BlacKkKlansman

Bohemian Rhapsody

The Favourite

Green Book

Roma

A Star is Born

Vice

BlacKkKlansman (filmmakermagazine)

හොඳම නළුවා

Christian Bale – “Vice”

Bradley Cooper – “A Star is Born”

Willem Dafoe – “At Eternity’s Gate”

Rami Malek – “Bohemian Rhapsody”

Viggo Mortensen – “Green Book”

Bohemian Rhapsody (youtube)

හොඳම නිළිය

Yalitza Aparicio – “Roma”

Glenn Close – “The Wife”

Lady Gaga – “A Star is Born”

Olivia Colman – “The Favourite”

Melissa McCarthy – “Can You Ever Forgive Me?”

The Favourite (theplaylist)

හොඳම අධ්‍යක්ෂකවරයා

Alfonso Cuaron – “Roma”

Adam McKay – “Vice”

Yorgos Lanthimos – “The Favourite”

Spike Lee – “BlacKkKlansman”

Pawel Pawlikowski – “Cold War”

Green Book (vox)

හොඳම සහාය නළුවා

Mahershala Ali –“Green Book”

Richard E Grant – “Can You Ever Forgive Me?”

Sam Elliott – “A Star is Born”

Adam Driver –“BlacKkKlansman”

Sam Rockwell – “Vice”

A Star is Born (popsugar)

හොඳම සහාය නිළිය

Emma Stone – “The Favourite”

Rachel Weisz – “The Favourite”

Amy Adams – “Vice”

Regina King –“If Beale Street Could Talk”

Marina De Tavira –“Roma”

The Favourite චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ හොඳම සහාය නිළිය සඳහා එමා ස්ටෝන් සහ රේචල් වේස් දෙදෙනා ම යෝජනා වීමත් විශේෂත්වයක්.

Vice (healthytopic)

හොඳම තිර රචනය

Green Book – Brian Hayes Currie, Peter Farrelly, Nick Vallelonga

The Favourite – Deborah Davis, Tony McNamara

Roma –  Alfonso Cuaron

Vice – Adam McKay

First Reformed – Paul Schrader

Capernaum හි රූගත කිරීම් අතරතුර අධ්‍යක්ෂිකා නඩීනි (unhcr)

හොඳම අනුවර්තිත තිර රචනය

If Beale Street Could Talk – Barry Jenkins

A Star is Born – Bradley Cooper, Will Fetters, Eric Roth

Can You Forgive Me? – Nicole Holofcener, Jeff Whitty

BlacKkKlansman – Spike Lee, David Rabinowitz,Charlie Wachtel, Kevin Willmott

The Ballad of Buster Scruggs – Joel Coen, Ethan Coen

Cold War (filmlinc)

හොඳම ඇනිමේෂන්කරණය

Incredibles 2

Ralph Breaks the Internet

Spider-Man: Into the Spider Verse

Isle of Dogs

Mirai

At Eternity’s Gate (time)

හොඳම වාර්තා චිත්‍රපටය

Free Solo

Minding the Gap

RBG

Hale County This Morning, This Evening

Of Fathers and Sons

Can You Ever Forgive Me? (centralmaine)

හොඳම කෙටි වාර්තා චිත්‍රපටය

Black Sheep

End Game

Lifeboat

A Night at the Garden

Period. End of Sentence

First Reformed (vox)

හොඳම විදෙස් භාෂා චිත්‍රපටය

Roma – Mexico

Cold War – Poland

Shoplifters – Japan

Capernaum – Lebanon

Never Look Away – Germany

Isle of Dogs (eastbayexpress)

හොඳම ගීතය

All the Stars – Black Panther

I’ll Fight – RBG

Shallow – A Star is Born

The Place Where Lost Thing Go – Mary Poppins Returns

When A Cowboy Trades His Spurs For Wings – The Ballad of Buster Scruggs

Free Solo(documentary) (rollingstone)

කලා අධ්‍යක්ෂණය

Black Panther

The Favourite

First Man

Mary Poppins Returns

Roma

Mary Poppins Return (rollingstone)

සිනමාකරණය

Cold War

The Favourite

Never Look Away

Roma

A Star is Born

First Man (thirdcoastreview)

ඇඳුම් සැකසුම

The Ballad of Buster Scruggs

Black Panther

The Favourite

Mary Poppins Returns

Mary Queen of Scots

A Quite Place (time)

ශබ්ද සංස්කරණය

A Quite Place

Black Panther

Bohemian Rhapsody

First Man

Roma

Mary Queen of Scots (glamour)

ශබ්ද සංකලනය

Black Panther

Bohemian Rhapsody

First Man

Roma

A Star is Born

If Beale Street Could Talk (letterboxd)

කෙටි ඇනිමේෂන් චිත්‍රපටය

Animal Behaviour

Bao

Late Afternoon

One Small Step

Weekends

Animal Behaviour (nfb)

කෙටි චිත්‍රපටය

Detainment

Fauve

Marguerite

Mother

Skin

Detainment (detainmentfilm)

හොඳම සංගීතය

Black Panther

BlacKkKlansman

If Beale Street Could Talk

Isle of Dogs

Mary Poppins Returns

Avengers: Infinity War (screengeek)

දෘෂ්‍ය ප්‍රයෝග

Avengers: Infinity War

Christopher Robin

First Man

Ready Player One

Solo: A Star Wars Story

හොඳම සංස්කරණය

BlacKkKlansman

Bohemian Rhapsody

Green Book

The Favourite

Vice

රූපලාවන්‍ය සහ හිසකෙස් සැකසීම

Border

Mary Queen of Scots

Vice

Related Articles