Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනා වැළඳුනු දේශපාලකයන් හා ප්‍රසිද්ධ තරු

කොරෝනා වෛරසය මේ වෙද්දී ලෝකයට එල්ල කර තිබෙන බලපෑම සුළුපටු නෑ. ඒ හේතුවෙන් ලෝකයේ අද (මැයි 21) වන විට වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය 4,968,689ක් ලෙසත් ඒ හේතුවෙන් මරණයට පත් වී ඇති ප්‍රමාණය 326,615ක් ලෙසත් සටහන් වෙනවා. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය අසාදනය වීමෙන් වැඩිපුරම මිය යන්නේ වැඩිහිටි ජනගහනය බව මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒ, වෛරසය ආසාදනය සමග වැඩිහිටියන්ට වෙනත් රෝගාබාධ සමග විවිධ සංකූලතා ඇති වීම නිසා යි.

කොරෝනාවෛරසය ආසාදිත ලැයිස්තුවට ඇතුලත් වූ ලොව පුරා ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිපදෙනෙක් ද සිටිනවා. ඒ අතරට දේශපාලකයන්,රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජකීයයන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නළු නිලියන් අඩංගු වෙනවා. කොරෝනාවෛරසය ආසාදනය වූ එවැනි ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිපදෙනෙක් පිළිබඳව යි මේ ලිපිය. 

වෛරසයට ගොදුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් 

බොරිස් ජොන්සන් (washingtonpost)

බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කොන්සවේටිව් පක්ෂයේ නායකයා මෙන්ම එරට අගමැතිවරයා ද වන 55 වියැති බොරිස් ජොන්සන්ට කොරෝනා වෛරසය අසාදනය වූ බවට වාර්තා වන්නේ මාර්තු 27 වන දා යි. කොරෝනාවෛරසය අසාදනය වූ ලොව ඉහළම දේශපාලකයා ලෙස ඔහුව නම් කරන්න පුළුවන්. කොවිඩ් රෝග ලක්ෂණ පහව යන තුරු ඔහුව නිවසේ තබා ප්‍රතිකාර කිරීමට එරට වෛද්‍ය සේවය තීරණය කරනවා. ට්විටර් ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කරමින් අගමැතිවරයා පවසන්නේ තමන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවසේ හුදෙකලාවේ සිටිමින් පවා රාජ්‍ය නායකයා ලෙසත් කොරෝනාවෛරස පාලනය සම්බන්ධයෙන් වන බ්‍රිතාන්‍ය මෙහෙයුමේ ප්‍රධානියා ලෙසත් තවමත් කටයුතු කරන බව ය. 

කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් දින 10කට පසු, එනම් අප්‍රේල් 05 වන දා, අගමැතිවරයාව රෝහල්ගත කෙරුණු බව එරට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා. රෝග ලක්ෂණ තවතවත් දරුණු තත්ත්වයට හැරීම හේතුවෙන් ඊට දිනකට පසුව බ්‍රිතාන්‍ය අගමැතිවරයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු බව පසුව නිවේදනය කරනවා. ඒ හේතුවෙන් වැඩ බලන අගමැතිවරයා ලෙස කටයුතු කරන්නේ විදේශ අමාත්‍ය ඩොමිනික් රාබ්. 

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවේ දක්ෂතම වෛද්‍යවරු කණ්ඩායමක් අගමැතිවරයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කටයුතු කළ බවත්, ඒ හේතුවෙන් දින කිහිපයක් ඇතුළත නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත් වීමට අගමැතිවරයාට හැකිවුණු බවත් අගමැතිගේ මාධ්‍ය ප්‍රකාශකයෙක් පවසා සිටිනවා. දින හයකින් අනතුරුව සුව අතට හැරෙන අගමැතිවරයා තවත් දින කිහිපයක් ඔහුගේ ගම්බද නිවසක් වන චෙකර්ස් හි ගත කර සම්පූර්ණ සුවය ලබනවා. අනතුරුව අප්‍රේල් 27 වන දා ඔහු තම ධුරයේ නැවත කටයුතු කිරීම ආරම්භ කරනවා. ඉන් දින කිහිපයකට පසුව තම පුත්‍රයා උපත ලද බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හා ඔහුගේ සහකාරිය වන කැරී සිමොන්ඩ්ස් නිවේදනය කරනවා.

කොරෝනාවෛරසයට ගොදුරු වූ රාජකීයයා – චාල්ස් කුමරු

චාල්ස් කුමරු (vanityfair)

කොරෝනාවෛරසය අසාදනය වූ ඉහළම රාජකීයයා ලෙස නම් වන්නේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයා වන චාල්ස් කුමාරයා යි. 71 වන වියේ පසුවන චාල්ස් කුමාරයාට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වන්නේ මාර්තු 25 වන දා යි. ඔහු සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර දින කිහිපයකින් පසුව සම්පූර්ණ සුව අතට හැරුණු බව ඔහුගේ නිල නිවස වන ක්ලැරන්ස් මන්දිරයේ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා. තමන්ට සම්පූර්ණයෙන්ම සුවවන තුරු ඔහු බැල්මොරල් මන්දිරයේ ස්වයං හුදෙකලාව පසු වෙනවා. චාල්ස් කුමාරයා ළඟින්ම ආශ්‍රය කළ බ්‍රිතාන්‍ය මහ රැජිනට හෝ ඔහුගේ බිරිඳ වන කෝන්වෝල්හි ආදිපාදවරිය කැමිලා පාකර්ට හෝ කොරෝනාවෛරසය ආසාදනය නොවීම විශේෂ කරුණක් ලෙස දැක්විය හැකි යි.

කැනඩා අගමැති බිරිඳ – සොෆි ටෲඩො

කැනඩා අගමැති හා ඔහුගේ බිරිඳ (newindianexpress)

එක්සත් රාජධානියේ සංචාරයෙන් පසුව තමන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බව කැනඩා අගමැති බිරිඳ ප්‍රකාශ කරන්නේ මාර්තු 12 වන දා යි. ඒ හේතුවෙන් තමන් හා තම සැමියා වන ජස්ටින් ටෲඩො ස්වයංව හුදෙකලා වන බව ඇය සඳහන් කරනවා. ඇයගේ රෝග ලක්ෂණ උත්සන්න නොවන අතර මේ වන විට සම්පුර්ණයෙන්ම සුවය ලැබීමට සමත්ව සිටිනවා. 

රුසියානු අගමැති මිහායීල් මිෂුස්තින්ට කොරෝනා ආසාදනය වීම 

රුසියානු අගමැතිවරයා (indianexpress.)

54 හැවිරිදි රුසියානු අගමැති මිහායීල් මිෂුස්තින්ට කොරෝනාවෛරසය අසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වෙන්නේ පසුගිය අප්‍රේල් 30 වන දින යි. අගමැතිවරයා ජනාධිපති ව්ලැද්මියර් පුටින් සමග වීඩියෝ සාකච්ජාවකට සහභාගී වෙමින් මේ බව ප්‍රකාශ කරනවා. තමන් අනික් කැබිනට් සාමාජිකයන් හා රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කර ගැනීම සඳහා ස්වයංව නිරෝධායනය වන බව සඳහන් කරනවා.

හොලිවුඩ් රංගන ශිල්පි ටොම් හෑන්ක් හා බිරිද රිටා විල්සන්ට කොරෝනා 

ටොම් හෑන්ක් හා බිරිද රිටා විල්සන් (aljazeera)

ලෝකයේ ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටින හොලිවුඩ් රංගන ශිල්පියෙකු වෙන ටොම් හෑන්ක් හා ඔහුගේ බිරිඳ රීටා විල්සන්ට කොරෝනා ආසාදනය වී ඇති බවට මාධ්‍ය වාර්තා කරන්නේ මාර්තු 12 වන දා යි. ඕස්ට්‍රේලියාවේ චිත්‍රපටයක් රූගත කිරීම්වලට සම්බන්ධ වී සිටියදී තමන් දෙදෙනා රෝගී වූ බවත් ඒ අතර වෛද්‍ය පරික්ෂණවලට යොමු වීමෙන් පසු කොරෝනා වෛරසය ඇති බවට තහවුරු වූ බවත් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් රංගන ශිල්පියා ප්‍රකාශ කරනවා.

ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩක වොන් මිලර් 

වොන් මිලර් (nfl)

කොරෝනා වෛරසය ආසාදිත වූ අමෙරිකන් පාපන්දු ක්‍රීඩකයන් අතරින් වටිනාම ක්‍රීඩකයා ලෙස එරට නිවේදනය කරන්නේ ඇමෙරිකන් පාපන්දු ක්‍රීඩක වොන් මිලර් ය. ඔහුට කොරෝනාවෛරසය අසාදනය වී ඇති බවට වාර්තා වන්නේ පසුගිය අප්‍රේල් 17 වන දා යි.

කවරයේ පින්තූරය - washpost

මූලාශ්‍රයයන් - 

Aljazeera.com

BBC.com 

Related Articles