Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘ප්‍රිස්න් බ්‍රේක්’ කතා මාලාවේ කඩවසම් මහමොළකරු – වෙන්ට්වර්ත් මිලර්

2005 වසරේ අගෝස්තු මස ෆොක්ස් රුපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වූ ‘ප්‍රිස්න් බ්‍රේක්’ ලොවපුර අතිශය ජනප්‍රිය වූ අමෙරිකා රූපවාහිනී කතා මාලාවක්. බන්ධනාගාර ගත කර සිටින සහෝදරයා මුදා ගැනීමට ඔහුගේ බාල සහෝදරයා සිදුකරන මෙහෙයුමක් මෙහි අන්තර්ගතයයි. 

කොටසින් කොටස ඉතාමත් රසවත් මේ කතාමාලාවේ මයිකල් ස්කොෆීල්ඩ්ගේ චරිතයට පණ පොවන්නේ වෙන්ට්වර්ත් අර්ල් මිලර් III. වෙන්ට්වර්ත් මිලර් ලෙස ප්‍රචලිත මේ කඩවසම් තරුණයා බ්‍රිතාන්‍ය – අමෙරිකා නළුවෙකු සහ තිර රචකයෙකු වන අතර රූපවාහිනිය සහ විශේෂාංග චිත්‍රපටය යන දෙඅංශයෙන්මත් දක්ෂ, ප්‍රබල හා විවේචනාත්මක නළුවෙක්. වෙන්ට්වර්ත් ද්විත්ව පුරවැසිභාවයකට හිමිකම් කීව ද ඔහු සැමවිට ම තමන් අමෙරිකානුවකු බව ප්‍රකාශ කරනවා.

කුඩා මිලර්

 මිලර් 1972 ජුනි 02 වන දින එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්ෂයර් හි චිපිං නෝර්ටන් හි උපත ලැබුවා. ඔහුට බාල සහෝදරියන් දෙදෙනකු සිටින අතර ඔවුන් ගිලියන් සහ ලී. ඔහුගේ පියා කළු ජාතිකයකු වන අතර ඔහු අප්‍රිකා – ජැමෙයිකා සහ අප්‍රිකා  – අමෙරිකා (ඉංග්‍රීසි හා ජර්මානු ) සම්වභයකින් පැවත එන්නෙක්. කොකේසියානු ජාතික ඔහුගේ මවට ලන්දේසි, ප්‍රංශ, ස්වීඩන්, ලෙබනන්, සිරියානු, ඔස්ට්‍රියානු සහ රුසින්ගේ පෙළපත් ඉතිහාසයක් තිබෙනවා.

කුඩා කාලයේදී  ලබාගත් ජායාරුපයක්
කුඩා කාලයේදී ලබාගත් ජායාරුපයක් (www.childhoodbiography.com)

ඔහුගේ උපතින් පසු ඔහුගේ පවුලේ අය නිව්යෝර්ක්හි බෘක්ලින් වෙත ගිය අතර එහිදී ඔහු උසස් පාසලකට ඇතුළත්ව වනවා. පසුව ඔහු පෙන්සිල්වේනියාවේ සෙවික්ලි හි ක්වේකර් වැලි ජ්‍යෙෂ්ඨ උසස් පාසලට මාරුවි තිබෙනවා. වෙන්ට්වර්ත් උසස් පාසලේ ශිෂ්‍යයකු වූ අතර සමිති සමාගම් හා පාසල් පුවත්පතට ද සම්බන්ධ වනවා. 1990 දී උසස් පාසලෙන් උපාධිය ලැබීමෙන් පසු ඔහු ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයට ඇතුළත්වි තිබෙනවා . ඔහු පාසල් පුවත්පත සඳහා කාටූන් ශිල්පියකු ලෙස දායක වූ අතර ඔහු බැරිටෝන් ගායනා කළ ප්‍රින්ස්ටන් ටයිගර්ටෝනස් හි  කැපෙල්ලා A කණ්ඩායමේ සාමාජිකයෙක්ද වනවා. සැලකියයුතු මට්ටමේ ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේ රඟ දැක්වීමට තමා උනන්දුවක් දක්වන බව ඔහුට එහිදී වැටහෙනවා. ඉන් වසර පහකට පසුව, එනම් 1995 දී ඔහු ප්‍රින්ස්ටන් වෙතින් ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ උපාධියක් ලබා කැලිෆෝනියාවට පිටත් වනවා.

රඟ දිවිය සහ මිලර්

1995 දී ඔහු ලොස් ඇන්ජලීස් වෙත ගොස් රංගන වෘත්තිය ආරම්භ කිරිමට කටයුතු කළ අතර නිෂ්පාදන සමාගමක සහය සේවකයකු ලෙස රැකියාව අරම්භ කරමින් ක්ෂේත්‍රයට පිවිසෙනවා. නිෂ්පාදන සමාගමේ සේවය කරමින් සිටියදී ඔහු චිත්‍රපටවල හා රූපවාහිනියේ විවිධ චරිත පිළිබඳව හැදෑරීම ආරම්භ කරනවා. 1998 දී ඔහු ප්‍රථම වරට පෙනී සිටියේ ‘බෆී ද වැම්පයර් ස්ලේයර්’ කථාංගයෙන්. ඒ ආරාධිත ශිල්පියෙකු ලෙසයි.

සම්මාන උළෙලක් සදහා සහභාගීවූ අවස්ථාවක්
සම්මාන උළෙලක් සදහා සහභාගීවූ අවස්ථාවක් (www.anpop.com)

ඔහු කෙටිකාලීන ෆොක්ස් කතා මලාවක් වන ‘ටයිම් ඔෆ් යර් ලයිෆ්’ (Time of Your Life) (1999-2000) හි පෙනී සිටියා. පසුව 2000 දී ඔහු එන්බීසී (NBC) කතා මාලාවේ ‘ඊආර්’ (ER) කථාංගයේ සුළු භූමිකාවක පෙනී සිටිනවා. පසුව ඔහු වසර 2001 දී ‘රූම් 302’ (Room 302) යන කෙටි චිත්‍රපටයේ වේටර්වරයකු ලෙසද රඟපා තිබෙනවා.

ඔහු සිය ප්‍රථම ප්‍රධාන රංගන භූමිකාව ලෙස ඒබීසී නිෂ්පාදන ආයතනයේ ‘ඩයිනොටෝපියා’ (2002) චිත්‍රපටයට ඇතුළත්වූ අතර එහිදී ඔහු සංවේදී චරිතයක්වූ ‘ඩේවිඩ් ස්කොට්’ ලෙස රඟපානවා.

2003 දී, ‘ද හියුමන් ස්ටේන්’ චිත්‍රපටයේ ඇන්තනි හොප්කින්ස්ගේ චරිතයේ තරුණ අවධිය නිරුපණය කිරීමට අවස්ථාවක් ලැබෙනවා. ඔහු 2003 දී තිරගත වූ ‘Underworld’ චිත්‍රපටයේ සුළු භූමිකාවක ද රඟපානවා. ඉන්පසු ඔහු සිය රංගන ජීවිතයෙන් සුලු විරාමයක් ලබාගෙන සිය වෘත්තිය ජීවිතය සහ පුද්ගලික ජීවිතය පිලිබදව නැවත ආවර්ජනය කළ අතර 2004 වන තෙක් කිසිදු නිර්මාණයකට ඔහු දායක වන්නේ නැහැ. 

2005 දී ඔහු මාරියා කේරිගේ ‘We Belong Together’ යන සංගීත වීඩියෝවෙහි පෙනී සිටිමින් නැවත ක්ෂේත්‍රයට පැමිණෙනවා. එම වසරේම ඔහු සීබීඑස් විසින් නිර්මිත නාට්‍ය මාලාවක් වන ‘ජොන් ඔෆ් ආකේඩියා’ (Joan of Arcadia) හි කථාංග කිහිපයකට පෙනී සිටිනවා. 

2005 දී ම, මිලර් ෆොක්ස් නිෂ්පාදිත ‘ප්‍රිස්න් බ්‍රේක්’ (Prison Break) කතා මාලාවේ හි ‘මයිකල් ස්කොෆීල්ඩ්’ ගේ චරිතයට පණ පොවනනවා. මෙම කතා මාලාවේ ඔහු ඉංජිනේරුවෙකු ලෙස රඟපෑම  සිදුකරනවා. එහිදී ඔහුගේ රංගනය පිළිබඳව බොහෝ ඇගයීම් ලැබුණු අතර, කතාංගය 2009 වසර දක්වා අදියර හතරක් පුරා දිව යනවා.

2009 සිට ඔහු ‘Resident Evil: Afterlife’ (2010) සහ ‘ද ලොෆ්ට්’ (2014) වැනි චිත්‍රපට කිහිපයකම පෙනී සිටිනවා. ඔහු 2013 වසරදී ත්‍රාසජනක ‘ස්ටෝකර්’ සහ 2016 දී  ‘The Disappointments Room’ සඳහා ද තිර රචනය කරනවා. 

ප්‍රිස්න් බ්‍රේක් (2005) කතා මාලාවේ Dr සරා ලෙස රඟපෑ සේරා වේන් කෑලිස් සමග එහි රුපරාමුවක (www.instagram.com)

ප්‍රිස්න් බ්‍රේක්-මිලර් ලද සම්මාන 

වෙන්ට්වර්ත්, මයිකල් ස්කොෆීල්ඩ්ගේ චරිතයට රඟපෑවේ ඔහුගේ සහෝදරයා වන ලින්කන් බරෝස්ට ඔහු නොකළ අපරාධයකට වැරදිකරු වීමෙන් පසු ලැබූ මරණ දඩුවමින් සහ බන්ධනාගාරයෙන්  බේරීමට උදව්කරන සහෝදරයකුගේ චරිතයකටයි. ඔහු ඩොමිනික් පර්සෙල්, ඇමෝරි නොලැස්කෝ සහ රොබට් නැපර් යන නළු නිළියන් සමඟ රංගනයෙන් දායක වනවා. ප්‍රිස්න් බ්‍රේක් (2005) ජනප්‍රිය සහ ප්‍රසිද්ධ කතා මාලාවක් බවට පත් වූ අතර වෙන්ට්වර්ත් ජනප්‍රියම නළු නිළියන් අතරට පැමිණෙනවා.

කතා මාලාව ප්‍රදර්ශනයන් පසුව ඔහුගේ අතිවිශිෂ්ට රංගනය නිසාම ගෝල්ඩන් ග්ලෝබ්, සටර්න් (Saturn) සම්මාන සදහා යෝජනා වූ අතර යෞවන සම්මාන තුනක් සදහා ද  යෝජනා වනවා. ඒ රංගන කුසලතාව නිසාම මේ කඩවසම් තරුණයාට මරියා කේරිගේ මියුසික් වීඩියෝ දෙකක් වන, “It’s Like That” සහ “We Belong Together” හි පෙනීසිටීමට ද  අවස්ථාවක් ලැබෙනවා. 2003 දී තිරගත වූ ‘ද හියුමන් ස්ටේන්’ නාට්‍යයේ ඔහුගේ භූමිකාව වෙනුවෙන් ඔහු ‘හොඳම නළුවා’ සහ ‘හොඳම පෙරළිකාර රංගනය’ යන කාණ්ඩ යටතේ ‘බ්ලැක් රීල් සම්මානය’ සඳහා ද වෙන්ට්වර්ත්න ම් කෙරෙනවා.

විවේකි කාලයෙදි මිලර් 

වෙන්ට්වර්ත් විස්තර කරන්නේ ඔහු වැඩ නොකරන විට නිවසේ විවේකීව කාලය ගත කිරීමට කැමති පුද්ගලික පුද්ගලයෙකු ලෙසයි. ඔහු සෑම සතියකම පිහිනීම, කියවීම, වැඩි වශයෙන් නින්දට යාම මෙන්ම විවිධ අවන්හල්වලට යෑමටද ප්‍රියකරන අතර චිකාගෝහි කලා ආයතනයේ කාලය ගත කිරීමටද බොහෝ ප්‍රියකරයි.

ඔහු විශ්වාස කරන්නේ සංගීතය, චිත්‍ර, චිත්‍රපටි සහ රංග කලාව යන සියල්ල නළුවෙකුගේ රංගන කාර්යයට සක්‍රියව දායක විය හැකි බවත්ය. 

මෑතකදී ලබාගත් ජයරුපයක් (www.instagram.com)

මිලර්ගේ පුද්ගලික දිවියෙන් බිදක්

1972 උපත ලද වෙන්ට්වර්ත්ගේ ළමා කාලය නම් එතරම් සුන්දර නැහැ. කුඩාකල සිටම ඔහු මානසික අවපීඩනය සමඟ පොරබදමින් සිට තිබෙනවා. මේ හේතුව නිසාම ඔහු කිහිපවිටක්ම  සිය දිවි නසා ගැනීමට උත්සහකර ඇති අතර වාසනාවට මෙන් ඒ කිසිදු වෑයමක් සාර්ථක වී නැහැ. එසේ සිදුවුණානම්  අපට මේ අසහාය නළුවා අහිමිවීමට ඉඩ තිබුණා. අවසානයේදී ඒ සියලු බාධක ජයගැනීමෙන් අනතුරුව ඔහු ‘ඇක්ටිව් මයින්ඩ්ස්’ සංවිධානයේ තානාපතිවරයෙක් ලෙස දැනට කටයුතු කරනවා. ‘ඇක්ටිව් මයින්ඩ්ස්’ යනු මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීම අරමුණු කරගත් ලාභ නොලබන සංගමයක්. 

2013 වසරේදී ඔහුගේ ජිවිතයේ තවත් සුවීශේෂී සිදුවීමක් සිදුවනවා. ඔහු සිය ලිංගික දිශානතිය පිලිබදව ප්‍රකාශයක් සිදුකරමින් තමා සමරිසි පුද්ගයකු බව හෙළිකරනවා. මෙය ඔහුගේ රසිකයන් පුදුම කරන ප්‍රකාශයක් වුව ද ඔහුගේ හැකියාවට පෙම්බැඳි රසිකයන්ට නම් ඔහුගේ පුද්ගලික ජීවිතයේ වෙනස්කම් පිළිබඳ ගැටලුවක් ඇතිවන්නේ නැහැ. මේ කාලය තුළ තවත් සුවිශේෂී යමක් සිදු වුණා. රුසියාවේ පැවැත්විමට නියමිතව තිබු ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර සිනමා උළෙලට සහභාගි වන ලෙස ඔහුට ආරාධනයක් ලැබුණා. රුසියානු රජය සිය සමරිසි පුරවැසියන්ට සැලකීම ගැන මිලර් සතුටු නොවූ හෙයින් සහ රුසියානු රජය සිය සමරිසි පුරවැසියන්ට අපහසුතාවට පත්කරමින් නීතිරීති පනවා තිබු හෙයින්ද ඔහු එයට විරෝධය ප්‍රකාශ කිරීමේ අරමුණින් එම ආරාධනය ප්‍රතික්ෂේප කරනවා. 

රංගනය, තිර රචනය, නිරුපන ඇතුළු මිලර් සම්බන්ධ වූ කේෂ්ත්‍ර නිසාවෙන්  ඔහුගේ  ශුද්ධ වටිනාකම දළ වශයෙන් අමෙරිකා ඩොලර් මිලියන 4 ක් පමණ වන බව සදහන් අතර ඉදිරියේදී සිදුකිරීමට ඇති නිර්මාණ හා ඔහුට පවතින ඉල්ලුම ද සැලකිල්ලට ගත්කල ඔහුට අනාගතයේදී වැඩි වටිනාකමක් ලැබෙනු ඇතියි අපේක්ෂා කෙරෙනවා.

කවරයේ ජයරුපය : කඩවසම් මහමොලකරු - වෙන්ට්වර්ත් මිලර් www.pinterest.com  

මූලාශ්‍ර-

www.thefamouspeople.com

https://gossipgist.com

https://en.24smi.org

Related Articles