ලොවක් මවිත කළ ඇමරිකන් විප්ලවය

හැඳින්වීම

ඇමරිකානු වැසියන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගැනීම සඳහා ගෙන ගිය සටන ඇමරිකානු නිදහස් සටන ලෙස හඳුන්වයි. දූෂිත පාලනයකට එරෙහිව ගෙන ගිය අරගලයක අවසානය මෙය විය. ඇමරිකානු මහද්වීපය සොයාගැනීමෙන් පසු ස්පාඤ්ඤය , එංගලන්තය, ප‍්‍රංශය , නෙදර්ලන්තය , ස්වීඩනය ආදී වූ විවධ යුරෝපීය බලවතුන් යටතේ යටත් විජිත ඇමරිකානු මහද්වීපය තුල පිහිටුවන ලදී. බ්‍රිතාන්‍යට පමණක් ඇමරිකාවේ ජනපද 13ක් තිබුණි. වර්තමාන ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ දිගේ එම ජනපද පිහිටුවන ලදී. ඇමරිකා මහාද්වීපයේ පිහිටවූ ප‍්‍රථම බි‍්‍රතාන්‍ය ජනපදය ලෙස ජේම්ස් ටවුන් ජනපදය හැඳින්විය හැක. බ්‍රිතාන්‍යයන් ඇතුළු යුරෝපීයන් ඇමරිකාවේ ජනපද පිහිටුවීමට ප්‍රධාන හේතු කීපයක් ඇත. ඒවා නම්

  • එංගලන්තයේදී මුහුණ දුන් ආගමික වද හිංසා වලින් බේරීම සදහා නව ප්‍රදේශ වෙත යුරෝපිය ජනයා ඇදී යාම
  • තම රට තුල ලබාගත නොහැකි ආර්ථික ලාභ ප්‍රයෝජන ලබාගැනීම

බ්‍රිතාන්‍ය පාලනය යටතේ වූ ඇමරිකන් ජනපද

prezi.com

බ්‍රිතාන්‍යන් විසින් ඇමරිකාවේ ජනපද 13ක් පිහිටුවන ලදී. ඒවා පහත දැක්වේ.

  • වර්ජිනියා
  • මැසචුසෙට්ස්
  • නිව්යෝක්
  • නිව්හැම්ශයර්
  • මේරිලන්ඩ්
  • කනේක්ටිකට්
  • රෝඩ් දිවයින
  • ඩේලවෙයාර්
  • උතුරු කැරොලිනා
  • නිව් ජර්සි
  • දකුණු කැරොලිනා
  • පෙන්සිල්වේනියා
  • ජෝර්ජියා

මුල් කාලයේදී බ්‍රිතාන්‍ය රජයේ මැදිහත් වීමට වඩා එරට සමාගම් හෝ පුද්ගල කණ්ඩායම් විසින් ඇමරිකාවේ ජනපද පිහිටුවන ලදී. මේ සදහා අවශ්‍ය සහය බ්‍රිතාන්‍ය රජයෙන් ලැබුණි. ජනගහනය, ජීවන කටයුතු හා ආර්ථික කටයුතු අතින් මෙම ජනපද අතර වෙනස්කම් පැවතුණි. ජනාවාස පිහිටුවීමට බ්‍රිතාන්‍ය රජය අවසර දෙන ලද්දේ විවිධ කොන්දේසි වලට යටත්වය. උදාහරණයක් ලෙස මව් රට වන බ්‍රිතාන්‍යයේ නීතිය ඔවුන් පිහිටුවන නව ජනපද වලද අනුගමනය කළ යුතු බව කොන්දේසියක් විය. කෙසේ වුවද බ්‍රිතාන්‍ය හා ඇමරිකාව අතර විශාල දුරක් පැවතුණු නිසා පණිවිඩ හුවමාරුව අසීරු විය. මේ නිසා යටත්විජිත වල කටයුතු කරගෙන යාමේදී ජනපදවාසීන් නිදහස් පාලනයක් පවත්වාගෙන යන ලදී.

විප්ලවයට බලපෑ හේතු

pinterest.com

නිදහස් සටන මෙහෙයවීමට ප්‍රධාන හේතුවක් වුයේ ඇමරිකන් ජනපද වල ආර්ථික කටයුතු බ්‍රිතාන්‍යන්ට වාසි ලැබෙන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව

  • බ්‍රිතාන්‍ය නිපදවන භාණ්ඩ ඇමරිකන් ජනපද වල නිපදවීම තහනම් විය
  • ඇමරිකානුවන් නිපදවන දුම්කොළ, සීනි, කපු, තිරිඟු, තඹ වැනි දෑ බ්‍රිතාන්‍යයට පමණක් ලබාදිය යුතු වීම.
  • භාණ්ඩ වෙනත් රටවලට අපනයනය කළ හැකි වූයේ බ්‍රිතාන්‍යය හරහාය.
  • නිෂ්පාදනය අතින් ඇමරිකානු ජනපද බ්‍රිතාන්‍යය සමග තරග නොකළ යුතුය.

මෙලෙස විවිධ නීති රීති පනවා ඇමරිකානු ජනපද වල වෙළඳාම සිමා කර තිබුණත් මුල් කාල වලදී මෙම රටවල් දෙක අතර එතරම් ගැටුම් නිර්මාණය වූයේ නැත. නමුත් පසු කාලයේදී බ්‍රිතාන්‍යය රජය විසින් ඇමරිකානු ජනපද සඳහා නව නීති රීතින් හඳුන්වා දෙන ලදී. මේ සමඟ බ්‍රිතාන්‍යය පාලනයෙන් මිදීමේ මානසිකත්වය ඇමරිකානුවන් තුල ගොඩ නැගෙන්නට විය. බ්‍රිතාන්‍යයන් විසින් ඇමරිකානු ජනපද වල වැසියන් පිඩාවට පත් කරමින් නව බදු වර්ග අය කිරීම නව නීති රීති යටතේ සිදුවිය. එලෙස පැනවූ බදු පනත් කීපයක් ලෙස සීනි පනත, මුදල් නෝට්ටු පනත, මුද්දර පනත දැක්විය හැක.

americanyawp.com

සීනි පනත මගින් ඇමරිකානු ජනපදවාසීන්  ආනයනය කළ උක් පැණි වෙනුවෙන් බද්දක් ගෙවීමට නියම කරන ලදී. මේ නිසා පුරුදු පරිදි බදු ගෙවීමෙන් වැළකී සිටීමට යටත්විජිත වාසින් උක් පැණි හොර රහසේ ආනයනය කරන ලදී. නමුත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව මෙම හොර වෙළඳ කටයුතු වළක්වන ලදී. මේ නිසා ජනපද වාසීන් හා බ්‍රිතාන්‍ය ආණ්ඩුව අතර ගැටුම් ඇති විය.

නෝට්ටු පනත අනුව ජනපද වලට මුදල් නෝට්ටු නිකුත් කිරීම තහනම් කෙරුණි. මේ නිසා රිදී හෝ රත්රන් වලින් ණය ගෙවීමට ජනපද වාසීන්ට සිදුවිය. මුද්දර පනත අනුව සියලු නීතිමය ලියවිලි, බලපත්‍ර, ඔප්පු හා අනෙකුත් ලේඛන වලින් මුද්දර බද්දක් අය කෙරුණි. බ්‍රිතාන්‍යන් විසින් ඉහත බදු වලට අමතරව තේ, වීදුරු, කඩදාසි ආදිය සදහා තීරු ගාස්තු අය කරන ලදී. මේ සියල්ල පිළිබඳව ඇමරිකා ජනපද තුල විරෝධතා මතුවෙමින් පැවතුණි. මේවාට එරෙහිව උද්ඝෝෂණය කළ පිරිස් මර්දනය කිරීමටද බ්‍රිතාන්‍ය ආණ්ඩුව කටයුතු කරන ලදී. මේ තත්වයන් යටතේ ඇමරිකානු නිදහස් සටන වර්ධනය විය.

ඇමරිකන් විප්ලවයේ ප්‍රධාන අවස්ථා

  • මුද්දර පනත සම්බන්ධයෙන් ඇතිවූ විරෝධතාවය ඇමරිකන් නිදහස් සටන තුල කැපී පෙනේ. මෙම විරෝධතාව භාණ්ඩ වර්ජනය කිරීම දක්වා වර්ධනය විය. මෙම විරෝධතාවයේ ප්‍රතිපලයක් ලෙස මුද්දර පනත අවලංගු කරන ලදී.
  • බොස්ටන් තේ සාදය නම් අවස්ථාවද ඇමරිකන් විප්ලවයේ කැපී පෙනෙන අවස්ථාවකි. 1773 වසරේදී බොස්ටන් වරායේ නවතා තිබූ තේ නැවකට බොස්ටන් වැසියන් ඇතුළු වී එහි තිබු තේ පෙට්ටි 342ක් මුහුදට විසි කරන ලදී. මෙය ඇමරිකන් විප්ලවයේ ආරම්භය ලෙස සැලකේ.

pinterest.com

  • පිලඩෙල්පියා සම්මේලනයද ඇමරිකන් නිදහස් සටනේ වැදගත් අවස්ථාවකි. මෙහිදී ඇමරිකන් ජනපද වෙනුවෙන් නීති පැනවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බලයක් නැතැයි ප්‍රකාශ විය.

ඇමරිකන් නිදහස් සටනට උපකාර කළ විදේශිකයෝ

  • Crispus Attucks – ඔහු අප්‍රිකාවේ වහල් බවින් මිදී පලා ආ කෙනෙකි. Attucks තම නැව් සගයන් සමඟ තානායමක සිටියදී බ්‍රිතාන්‍ය සොල්දාදුවෙකු පැමිණියේ ය. මොවුන් අතර ඇති වූ ගැටුමක් නිසා Attucks ඇතුළු පස් දෙනෙකු මිය යන ලදී. ඇමරිකානු නිදහස් සටනේ ආරම්භක ගිණි පුළිඟු මේ මගින් දැල්වුණි.
  • Von Steuben – මොහු ඇමරිකාවට පැමිණියේ ඇමරිකානුවන්ට සටන් කරන ආකාරය ඉගැන්වීමටය. මොහු හමුදාවට සටන්කරන ආකාරය හා බයිනෙත්තු භාවිතා කරන ආකාරය උගන්වන ලදි. මෙය යුද්ධයේ විශාල වෙනසක් සිදුකිරීමට සමත් විය.
  • Tadeusz Kosciuszko – මොහු ඇමරිකානු හමුදාවේ සේවය කළ ප්‍රධාන ඉංජිනේරුවෙකි.
  • Bernardo de Galvez – මොහු ඇමරිකාවට අවශ්‍ය අවි ආයුධ හා ඖෂධ හොර රහසේම සපයන ලදි.

කවරයේ පින්තුරය – tales4.us

මුලාශ්‍ර

ඉතිහාසය පෙළ පොත, 11 ශ්‍රේණිය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

Related Articles

Exit mobile version