අභිමානවත් මහාවංශය

හැඳින්වීම

පස්වන සියවසේ විසූ මහානාම නම් මහා විහාරික භික්ෂුවක් අතින් රචිත මහාවංශය දැයේ වංශ කතාව ලෙස හඳුන්වයි. ක්‍රිස්තු පුර්ව 6 වන සියවසේ සිට වර්තමානය දක්වා ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය මහාවංශයට ඇතුලත්ය. එනම් කාලිංගයේ විජය රජුගේ ආගමනයේ සිට මහාසේන රජුගේ කාලය දක්වා කාලයයි. වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරනවා නම් මහාවංශය යනු ශ්‍රී ලංකාවේ රජවරුන් පිළිබදව පාලි භාෂාවෙන් ලියවුනු ඓතිහාසික කාව්‍යයකි.

විල්හෙල්ම් ගෙයිගර්ට අනුව මහාවංශ අට්ට කථා නමින් පූර්ව සම්පාදනයක් තිබු බවටත්, මහානාම තෙරුන් විසින් මෙම පුස්තකය ආශ්‍රය කළ බවටත් සාක්ෂි ඇත. දීපවංශය නමින් හැඳින්වෙන තවත් මුල් ලේඛනයක් වර්තමානයේදී පවා දක්නට ලැබේ. මෙය මහාවංශයට වඩා තොරතුරු අඩුවෙන් ඇති සරල ලේඛනයකි. සිංහල බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් රචිත චූල වංශය නම් ලේඛනයක් ද  බ්‍රිතාන්‍යයන් ලංකාව අත්පත් කර ගැනීම දක්වා කාල සීමාව ආවරණය කරයි.

refresh.lk

මහාවංශය පාලි භාෂාවෙන් ලියවී ඇත. මෙය මතක තබා ගත හැකි කතා එනම් යුද්ධ ආක්‍රමණ, රාජ පවුලේ කුමන්ත්‍රණ, මහා ථූප හා ජලාශ ගොඩනැගීම පිළිබද කතා අන්තර්ගත වේ. එකල රුවන්වැලි සෑය මුළු ලෝකයේ උසම ගොඩනැගිල්ල විය. පරාක්‍රමබාහු රජුගේ ඉංජිනේරු ක්‍රම ලෝකයේ තිබු මහා වාරි ව්‍යාපාර විය. මේවා පමණක් නොව සාමාන්‍ය ජන ජීවිතය පිළිබඳවත් බොහෝ තොරතුරු මෙහි ඇතුලත් වේ. මහාවංශය සේද මාවත දිගේ බොහෝ බෞද්ධ රටවලට ගෙනයන ලදී. බුරුමයේ හා තායිලන්තයේ එහි පිටපත් දැකිය හැක.

1939දීදෙමළ ජනයාගේ නායකයා වූ ජි.ජි පොන්නම්බලම් විසින් මහාවංශයට පහර දෙන ලදී. මෙසේ මහාවංශයට හා සිංහලුන්ට පහර දීම සිංහල ජනයා කෝපයට පත් කළ සිදුවීමක් වූ අතර එය සිංහල දෙමළ කෝලහලලය නිර්මාණය කිරීමටද හේතු විය. මෙය බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයින් විසින් ඉක්මණින් මැඩපවත්වන ලදී.

මහාවංශය රචනා කිරීමට ආධාර කරගත් කෘතීන්

මහාවංශය සඳහා ප්‍රධාන මුලාශ්‍ර කීපයක් පාදක වන්නට ඇතයි විශ්වාස කෙරේ. ඒවා නම්,

  • දීපවංශය
  • සිංහල වංශකතාව
  • වනසත්ථප්පකාසිනි
  • සීහලට්ඨ කතා

මහාවංශ කතුවරයා ග්‍රන්ථය පටන්ගැනීමේදී පහත සඳහන් පාඨය දක්වා ඇත.

“පැරැන්නන් විසින් සම්පාදිත වූ එය ඇතැම් තැනක ඉතා විස්තර සහිතවද තවත් තැනක ඉතා සංශික්ප්තවද, ඇති අතර තවත් තැනක පුනරුක්තයෙන් ගහණය. මේ දෝෂයන්ගෙන් මිදී අවබෝධ කර ගැනීමට හා ධාරණය කර ගැනීමට පහසු අන්දමින් පහන් සංවේගය ඇති කරවමින් රචිත මේ ග්‍රන්ථයේ මුඛ පරම්පරාවෙන් පැවත ආ පුරවෘත්ත ඇතුලත් වේ.

thoughtco.com

ඉහත වාක්‍ය කියවීමේදී මහාවංශ කතුවරයා මහාවංශයට මුල් වූ කෘතියක් ගැන සඳහන් කිරීමක් දක්නට ලැබේ. දිපවංශය නමැති කෘතිය මහාවංශයට පෙර රචනා කරන ලද්දකි. පස්වන සියවස දක්වා ලංකා ඉතිහාසයෙහි කරුණු කෙටියෙන් දීපවංශයේ දැක්වේ. මහානාම හිමියන් පස්වන සියවස දක්වා ලංකා ඉතිහාසය ගොඩනගද්දී දීපවංශයේ සඳහන් තොරතුරු උපයෝගී කර ගන්නට ඇතැයි සිතිය හැක. මහාවංශයේ නැති තොරතුරු සෙවීමට අදටත් ඉතිහාසඥයෝ දීපවංශය උපයෝගී කර ගැනීම දක්නට ලැබේ .  

මහාවංශය රචනා කරන සමයේ ඉන්දියාවේ පරිසරය

මහාවංශය ඉගෙනීමේදී එකල දඹදිව තිබු පරිසරය තේරුම් ගෙන තිබීම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ වැඩසිටින සමයේ ඉන්දියාවේ වැසියන් ප්‍රධාන වංශ හතරකට බෙදී සිටින ලදී. ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යනු එම වංශ වේ. දඹදිව් භුමියේ ආධිපත්‍ය හිමිව තිබුණේ ක්ෂත්‍රිය වංශයටය. රාජවංශිකයින් ලෙස ඔවුන් හඳුන්වා ඇත. ක්ෂත්‍රිය වංශයටත් සමාජයටත් අනුශාසනා කරමින් මහත් බලපෑමක් කළ වංශයක් ලෙස බ්‍රාහ්මණ වංශය දැක්විය හැක. ක්ෂත්‍රිය වංශිකයින් හා බ්‍රාහ්මණ වංශිකයින් තමාගේ පරම්පරාව වෙනත් බාල වංශයකට මිශ්‍ර නොකර තබා ගැනීමට කැපවීමෙන් කටයුතු කළහ.

ඉන්දියාවේ තරම් ප්‍රබල ලෙස කුල බේදය දක්නට නොලැබුණත් එකල ලංකාවේ කුල ක්‍රමය දක්නට ලැබුණි. තවත් වැදගත් කාරණයක් වුයේ උඩරට ප්‍රදේශ අනෙකුත් ප්‍රදේශ වලින් වෙන්ව ඊට ආවේණික වූ සිරිත් විරිත් හා නීති රීති පද්ධතියකින් පාලනය වීමයි. මහාවංශය රචනා කිරීමේදී මහානාම හිමි මේ සියල්ල පිළිබඳ අවධානය යොමු කර ඇත.

මහාවංශයේ අන්තර්ගතය

www.pinterest.com

  • මෙය පරිච්ඡේද 37 කින් හා ගාථා 2913 කින් සමන්විත වේ.
  • මුල් පරිච්ඡේද පහ දඹදිව බුදු සසුන ආරම්භයේ සිට තුන්වන ධර්ම සංගායනාව දක්වා වූ කොටසයි.
  • පරිච්ඡේද 5සිට 15 දක්වා බුදු සසුන පිහිටවීමට දායක වූ දේවානම්පියතිස්ස රජුගේ කාලය පිළිබඳව දක්වා ඇත.
  • පරිච්ඡේද 15 සිට 26 දක්වා බුදු සසුනේ චිරස්ථිතිය සඳහා කැපවූ දුටු ගැමුණු මහරජතුමා ගැන විස්තරයක් දක්වා ඇත.
  • පරිච්ඡේද 26 සිට 32 දක්වා දුටුගැමුණු රජුගේ සිට මහසෙන් රජු දක්වා රජවරු 43 දෙනෙකුගේ විස්තර ඇතුලත් වේ. මෙම කොටස වටිනාකමින් වැඩිම කොටසක් වන අතර මෙහි නිරවද්‍යතාවය ඉතා ඉහළ වේ.

මහාවංශයේ පරිවර්තනයන්

මහාවංශයේ පළමු මුද්‍රිත සංකරණය හා ඉංග්‍රීසි පරිවර්තනය 1837දි ලංකා සිවිල් සේවයෙහි නිලධාරියෙකු හා ඉතිහාසඥයෙකු වූ ජෝර්ජ් ටර්න්අවර් විසින් ප්‍රකාශයට පත් කෙරිණි. 1912දි විල්හෙල්ම් ගෙයිගර් නැමැත්තා මහාවංශයෙහි ජර්මන් පරිවර්තනයක් සම්පූර්ණ කරන ලදී. මේබල් හෙයින්ස් බෝඩ් විසින් මෙය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද අතර ගෙයිගර් විසින් එය සංශෝධනය කරන ලදී.

බුදුදහම හා මහාවංශය

බෞද්ධාගමික කෘතියක් ලෙස නොසැලකුණත් මහාවංශය ථේරවාද බුදුදහමට වැදගත් කෘතියකි. මෙය සිද්ධාර්ථ ගෞතමයන්ගෙන් ආරම්භ වී ශ්‍රී ලංකාවේ ආගමික ඉතිහාසයේ ආදී යුගය ආවරණය කරයි. තවද ධර්මය විමර්ශනයට ලක්වූ විවධ බෞද්ධ සංගායනාවන් හා ඉන්දියාවේ බුදුදහමේ ඉතිහාසයද සංශික්ප්තව දක්වා ඇත.

කවරයේ පින්තුරය – Photo Dharma

Related Articles

Exit mobile version