ඇමරිකාවේ ඇති ගොඩබිමෙන් වටවූ එක් රටක් ලෙස බොලිවියාව දැක්විය හැක. නිදහස සඳහා සටන් කළ Simon Bolivar නමැති පුද්ගලයා ස්පාඤ්ඤ පාලනයෙන් වෙන් වීමත් සමඟ වර්ෂ 1825 දී බොලිවියාව සඳහා එම නාමය ලැබී ඇත. බොලිවියා ඉතිහාසය තුළ රාජ්‍ය විරෝධී කැරළි 200කට ආසන්න ප්‍රමාණක් දැකගත හැක. මෙම රටේ ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් නීති පද්ධතිය ස්ථාපිත කරනු ලැබුවේ 1980 ගණන් වලදී ය. අතීතයේ සිට බොලිවියාව පාලනය කළ නායකයින් මුහුණ දී ඇති ප්‍රධාන ගැටලු වන්නේ මුල් බැසගත් දිළිඳු බව, මත්පැන් නිපදවීම හා සමාජ අසහනය යි. වර්තමානයේ මෙම රට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම, අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම හා පෞද්ගලීකරණය යන අංශ කෙරෙහි අවධානය යොමු කර ඇත.
පිහිටීම
බොලිවියාව පිහිටා ඇත්තේ දකුණු ඇමරිකාවේ බටහිර කොටස තුළයි. මෙම රටේ උතුරේ සිට දකුණට ඇති දුර සැතපුම් 950ක් වන අතර නැගෙනහිර සිට බටහිර දක්වා ඇති දුර සැතපුම් 800ක් පමණ වේ. බොලිවියාවේ උතරු හා නැගෙනහිර දේශ සීමාව වන්නේ බ්‍රසීලයයි. මෙහි ගිණිකොණ දිග සීමාව පැරගුවේ වන අතර දකුණු සීමාව ආජන්ටිනාවයි. මෙහි බටහිර හා නිරිත සිමාවන් වන්නේ චිලී රාජ්‍යයි.
දකුණු ඇමරිකාවේ දෙවනුවට විශාලම විල වන ටිටිකාකා විල බොලිවියාව හා පේරු යන රාජ්‍යයන් හවුලේ භාවිතා කරයි. පැසිෆික් යුද්ධයෙන් පසු බොලිවියාව ඉඩම්වලින් වටවූ රටක් බවට පත් වී ඇත්තේ ඔවුන්ගේ පැසිෆික් වෙරළ තීරය චිලී රාජ්‍යයට හිමිවීම නිසාවෙනි. නමුත් අසල්වාසී රටවල් සමඟ ඇතිකර ගත් ගිවිසුම් හේතුවෙන් ඔවුන්ට වක්‍රාකාරයෙන් පැසිෆික් හා අත්ලාන්තික් සාගර සඳහා ප්‍රවේශය හිමි වී ඇත.
අග නගරය – ලාපාස්
බොලිවියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අග නගරය වන්නේ Sucre ය. මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටා ඇත්තේ Sucre නගරය තුළය. නමුත් පරිපාලන අග නගරය වන්නේ La Paz ය. ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක හා විධායක අංශයන් පිහිටා ඇත්තේද La Paz හිය.
La Paz පිහිටා ඇත්තේ මීටර් 3600ක උසිනි. මෙය ලෝකයේ උසින්ම පිහිටා ඇති අග නගරය ලෙස හැඳින්වේ. මෙම නගරය පිහිටුවන ලද්දේ 1548 වසරේ Alonso de Mendoza විසිනි. ආරම්භක කාලයේ මෙම නගරයේ සම්පුර්ණ නම වුයේ Nuestra senora de La Paz ලෙසයි. මෙහි තේරුම වන්නේ “සාමයේ කාන්තාව” යන්නයි. නගරයේ ප්‍රධාන මාර්ගය වන්නේ El Prado ය. මෙම මාර්ගය මගින් නගරය ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වයි. ස්පාඤ්ඤ පාලන සමයේ පැවති ප්‍රධාන ජල මූලය වන Plaza murillo තවමත් මෙම නගරයේ දක්නට ලැබේ.
පරිසරය, ශාක හා සතුන්
බොලිවියාවේ ඇති ප්‍රධාන පාරිසරික ගැටලුවක් වන්නේ පාංශු ඛාදනයයි. නිසි වගා ක්‍රම අනුගමනය නොකිරීම නිසා මෙය සිදු වේ. පාංශු ඛාදනය බොලිවියාවේ භූමියෙන් 30%කට පමණ බලපා ඇත. පසේ ඇති ලවණතාවයද ප්‍රධාන පාරිසරික ගැටළුවක් බවට පත් වී ඇත. මීට අමතරව නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර නොකිරීම හා පතල් කර්මාන්තය ආශ්‍රිතව සිදු වන පාරිසරික හානියද බොලිවියාවේ පානීය ජලය අපිරිසිදු වීමට හා මිනිසාගේ සෞඛ්‍ය සඳහා බලපා ඇත. මෙරට පරිසර දූෂණයේ ප්‍රධාන කාරකයන් බවට පත් වී ඇත්තේ පොහොර, කෘමිනාශ හා පතල් කර්මාන්තය යි.
බොලිවියාවේ සැලකිය යුතු ප්‍රමාණයක ශාක හා සත්ව විවිධත්වයක් දැකිය හැක. සෑම දේශගුණ කලාපයකම දක්නට ලැබෙන ශාක වර්ග මෙහි දැකිය හැක. මීටර් 3050 ට වඩා ඉහළ ප්‍රදේශ වල පඳුරු වශයෙන් වැවෙන ichu නමැති තණකොළ වර්ගය දැකිය හැක. මේවා පැදුරු විවීම සඳහා භාවිත කරයි. ටිටිකාකා විල ආසන්නයේ වැවෙන totora නමැති බට විශේෂය මාළු අල්ලන බෝට්ටු සැකසීම සඳහා භාවිතා කරයි. මෙහි දැකිය හැකි ප්‍රධාන සත්ව කොට්ඨාසයක් වන්නේ ලාමා(llama) යි. ටිටිකාකා විලේ කෑමට සුදුසු මසුන් වර්ග බොහොමයක් සිටී. මීට අමතරව දිවියන්, ඌරු විශේෂ, කබල්ලෑවන්, වඳුරන් වර්ග හා වලසුන් වර්ග දැකිය හැක.
භාෂා, ජනවර්ග හා ආගම්
බොලිවියාව ම්නිසුන්ගේ ආගමික නිදහස සඳහා ඉඩ ලබා දී ඇත. රාජ්‍ය සඳහා කිසිදු නිල ආගමක් නොමැති අතර පුරවැසියන්ට තමා කැමති ආගමක් ඇදහීමට හැක. මෙහි භාවිතා වන නිල භාෂා කීපයක් ලෙස Aymara, Arano, Baure, chiman, Itonama, leco දැක්විය හැක. බොලිවියාවේ වාසය කරන ප්‍රධාන ජන කොට්ඨාස වන්නේ, mestizo, සුදු ජාතිකයින්, කළු ජාතිකයින් හා ස්වදේශීය ජන කොට්ඨාස යි.
ආර්ථිකය
බොලිවියාව ස්වභාවික සම්පත් වලින් පිරුණු රටකි. මොවුන්ගේ ප්‍රධාන ආර්ථික කටයුත්තක් වන්නේ බ්‍රසීලය හා අජන්ටිනාවට වායු වර්ග අපනයනය කිරීමයි. කෙසේ හෝ මෙය ලතින් ඇමරිකානු රටවල් අතරින් අඩුම සංවර්ධිත රටක් ලෙස දැක්විය හැක. මීට හේතු වන්නේ බොලිවියාවේ ආයෝජනයන් අධෛර්යමත් කරන රාජ්‍ය ප්‍රතිපත්තීන් වේ.
1980 ගණන්වල පැවති ආර්ථික අර්බුදයකින් පසු විවිධ ප්‍රතිසංස්කරණ මගින් පෞද්ගලික ආයෝජනයන් දිරිමත් කරන ලදි. 2003 – 2005 ත් අතර කාලයේ පැවති දේශපාලන අස්ථාවරත්වය, ජාතිවාදී කෝලහාල හා රාජ්‍ය ප්‍රතිපත්ති වලට විරුද්ධව පැවති උද්ඝෝෂණ හේතුවෙන් අලුතෙන් සොයා ගන්නා ලද ස්වභාවික වායුන් උතුරු ප්‍රදේශයේ වෙළඳපළ වල් සඳහා අපනයන කිරීමේ වැඩසටහන අසාර්ථක විය. 2014 වසරේ ඇතිවූ ලෝක තෙල් මිල පහළ යාම බොලිවියාවේ වායු අපනයනය සඳහාද බලපාන ලදී. මේ නිසා ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතය පහළ වැටීමක් සිදු විය. 2015 වසරේ බොලිවියානු ජනපති Evo Morales විසින් එරට ආයෝජනයන් වැඩි කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තීන් සකස් කරන ලදී. 2017 වාර්තා වලට අනුව රටේ විවිධ අංශ දළ දේශීය නිෂ්පාදිතය සඳහා පහත ආකාරයට දායකත්වය සැපයයි.
- කෘෂිකර්මාන්තය – 13%
- කර්මාන්ත – 37.4%
- සේවා – 54.1%
රටේ ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන වන්නේ සෝයා ඇට, උක්, කෝපි, ඉරිගු, සහල්, අල ආදියයි. ආර්ථිකයේ ප්‍රධාන කර්මාන්තයන් වන්නේ පතල් කර්මාන්තය, පෙට්‍රෝලියම්, දුම්කොළ, රෙදිපිළි, ආභරණ ආදිය වේ.
කවරයේ පින්තුරය – speakzeasy.wordpress.com