පෝලන්තයේ විශාලතම ගංගාව වන විස්තුලා

විස්තුලා යනුවෙන් හඳුන්වන්නේ පෝලන්තයේ විශාලම ගංගාවයි. පෝලන්තයේ ජන ජීවිතය සමඟ මෙන් ම එහි ඉතිහාසය සමඟ ද විස්තුලා නදිය තදින් බැඳී තිබෙනවා. මෙහි දිග සැතපුම් 651 ක් පමණ වන අතර ජලවහනය වන ද්‍රෝණිය සැතපුම් 75,100 කි. කෙසේ නමුත් විස්තුලා ගංගාවේ ජලවහනය වන ද්‍රෝණියෙන් 85% කට වැඩි ප්‍රමාණයක් පෝලන්ත භූමියට අයත් වනවා.

ගංඟාව​ හා බැඳී ඉතිහාසය

වර්තමාන ප්‍රවාහන කටයුතු (balticsea-region-strategy.eu)

පෝලන්ත ඉතිහාසයේ විස්තුලා ගංගාව ඉතාමත් වැදගත් කාර්ය භාර්යක් ඉටු කර තිබෙනවා. අතීත ගල් යුගයේ සිට මෙම ගංගාව වෙළෙඳ මාර්ගයක් ලෙස කටයුතු කර තිබෙනවා. මීට අමතරව එරට සංස්කෘතිය හා මිනිසුන් ව්‍යාප්තිය සඳහාද ගංගාව විශාල ලෙස දායක වී තිබෙනවා. රෝම අධිරාජ්‍ය වකවානුවේදී මධ්‍යම යුරෝපය සඳහා මඟ පෙන්වමින් මෙම විස්තුලා ගංගාව ප්‍රධාන වෙළෙඳ මාර්ගයක් ලෙස කටයුතු කර තිබෙනවා.

එමෙන්ම 10 වන හා 13 වන සියවස් අතර කාලයේ ලුණු, දැව, ධාන්‍ය හා ගොඩනැගිලි සඳහා ගල් ආදී ඉතාමත් වටිනා භාණ්ඩ හුවමාරුව සිදු වුණා. වෙළඳ මාර්ගයක් ලෙස විස්තුලා ඉතාමත් කඩිනම් සංවර්ධනයක් සිදු වූයේ 15 වන සියවසයේ සිට 18 වන සියවස දක්වා කාලයේ දීය. 14 වන සියවසයේ දී පමණ විස්තුලා ගංගාවේ ඉවුරු දිගේ ධාන්‍යාගාර හා ගබඩා ස්ථාපිත කිරීම ද සිදු කෙරුණා. කෙසේ නමුත් වර්ෂ 1920 සිට 1939 දක්වා ගංගා මාර්ගයේ සංවර්ධනය සිදු වූයේ කුඩා ප්‍රමාණයකි. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ජල විදුලි බලය ලබා ගැනීමේ අරමුණෙන් හා ටොන් 600 – 1,000 අතර ප්‍රමාණයක භාණ්ඩ හුවමාරුව සඳහාත් වැඩ පිලිවෙලවල සකස් කරනු ලැබුවා.

වසර 2,000 ක​ පමණ සිට විස්තුලා ගංගාවේ දිගට මිනිසුන් ජීවත්ව සිට ඇති බවට සාක්ෂි තිබෙනවා. එමෙන්ම මෙම ගංගාව කළු මුහුදේ සිට බෝල්ටික් මුහුද දක්වා වූ ඉතාමත් වෙළඳ මාර්ගයක් ලෙස කටයුතු කර තිබෙනවා. එනම් අසල්වැසි යුක්රේනයේ ඩ්නීපර් නමැති ගංගාව සමඟ සම්බන්ධ වෙමිනි. උතුරු යුරෝපයේ සිට ග්‍රීසිය හා ඊජිප්තුව දක්වා amber ප්‍රවාහනය කිරීම හේතුවන් Amber Road ලෙස මෙම වෙළඳ මාර්ගය හඳුන්වා තිබෙනවා.

ගංගාවේ ආරම්භය හා ගලා යාම

Kraków නගරයේදී ගංගාව(krakow-how-to-do.blogspot.com)

විස්තුලා ගංගාවේ ආරම්භය ලෙස සැලකෙන්නේ පෝලන්තයේ දකුණු ප්‍රදේශයට වන්නට පිහිටා තිබෙන බෙස්කිඩ් නමැති කන්දයි. Barania Góra හි පිහිටි මෙම මුලාශ්‍රය චෙක් හා ස්ලෝවැකියානු මායිම් වලට කිට්ටු වනවා. ගංගාව සතු වන අතු ගංගා ලෙස Narew, Bug, San නමැති ගංගා දැක්විය හැකි වනවා.

ඇතැම් මූලාශ්‍රවල මෙම ගංගාවේ ආරම්භය මීට වඩා වෙනස් ලෙස දැක්වෙනවා. එම මූලාශ්‍රවල කියැවෙන්නේ දකුණු පෝලන්තයෙන් සුදු කුඩා විස්තුලා (White Little Vistula) හා කළු කුඩා විස්තුලා (White Little Vistula) සමඟ විස්තුලා ගංගාව ආරම්භ වන බවයි.

විස්තුලා ගංගාව දිගේ පෝලන්තයේ විශාල නගර පිහිටා තිබෙනවා. ක්‍රකෝව්, සන්දොමිර්ෂ්, ප්ලොක්, ව්ලොක්ලවෙක්, බිඩ්ගොස්ට්ස්, ටොරුන්, ගෙඩෑන්ස්ක් ආදී නගර මෙන් ම අගනුවර වන වෝර්සෝ ද විස්තුලා නදිය ආශ්‍රිතව පිහිටා තිබෙනවා. මෙලෙස ගලා ගොස් ගංඟාව​ බෝල්ටික් මුහුදට පැමිණෙනු ලබනවා.

විස්තුලා ගංගාව වෙනස් ආකාරයේ කොටස් තුනකින් යුක්ත වනවා. ගංගාවේ ඉහළ කොටස සමන්විත වන්නේ, ගංගාවේ මුලශ්‍රයේ සිට සන්දොමිර්ෂ් (Sandomierz) නමැති නගරය දක්වායි. මධ්‍යම කොටස සමන්විත වන්නේ, සන්දොමිර්ෂ් නගරයේ සිට විස්තුලා ගංගාවේ අතු ගංගාවක් වන Narew ගඟ හා Bug නමැති ගංගාව දක්වායි. අවසන් කොටස එසේත් නැතිනම් පහළ කොටස Narew ගංගාවේ මෝයේ සිට බෝල්ටික් මුහුදේ විස්තුලා ගංගාවේ ඩෙල්ටා දක්වා ගලා යනවා.

ප්‍රයෝජන

ශීත සෘතුවේ දී ගංගාව (videoblocks.com)

පෝලන්තයේ විශාලතම ගංගාව ප්‍රවාහනය හා ජනජීවිතයේ අනෙකුත් කටයුතු සඳහා වැදගත් වනවා මෙන්ම පෝලන්තයේ ස්වභාව සෞන්දර්යය ඉහළ නැංවීමට ද වැදගත් වනවා. ගංගාව පිහිනීම හා මසුන් ඇල්ලීම සඳහා භාවිතා කරනු ලබනවා. ශීත සෘතුවේ දී මෙම ගංගාවේ ඝන වූ ප්‍රදේශ බොහොමයක් තිබෙනවා. ඒ හේතුවෙන් අයිස් මත ලිස්සා යාම සඳහා යොදා ගනු ලබනවා.

ශාක හා සත්ව ජීවිත

Youtube screengrab

විස්තුලා ගංගා නිම්න වල ජලජ ශාක විශේෂ වැවීම සිදු වනවා. ජලයේ ගිලුණු පැළෑටි, පත්‍ර ජලයේ පා වන ලිලී මල් ආදියත් මෙහි දකින්නට පිළිවන්.

එමෙන්ම මත්ස්‍ය වර්ග 40 කට අධික ප්‍රමාණයක් විස්තුලා ගංගාවේ ජීවත් වනවා. ගංගාවේ ඉහළ කොටසේ turbot නමැති මත්ස්‍ය විශේෂ සුලභව දැක ගත හැකි අතර, මධ්‍ය හා පහළ කොටස් වල  සැමන්, ට්‍රවුට් හා vimba vimba දැක ගත හැකි වනවා.

කවරයේ පින්තූරය: skywaydmc.pl

Related Articles

Exit mobile version