පුද්ගලයාට සහ සමාජයට අතීත මතකයක් අවශ්‍ය වන්නේ ඇ‍යි?

“මතකය” යන්න සාමාන්‍ය සමාජය තුළ සමාන්‍යයෙන් භාවිතා වන වචනයක් වන හෙයින් එම වචනයේ ඇති වැදගත්භාවය පිළිබඳ සිතීමට මිනිසා පෙළඹෙන්නේ ඉතා කලාතුරකිනි. එහෙත් සත්‍ය වශයෙන්ම මතකය යන්න ඉතා වැදගත් සංකල්පයක් වන අතර ඒ පිළිබඳ විවිධ විෂයයන් තුළ විවිධ ආකාරයෙන් අර්ථ නිරූපණය කර ඇත. එසේම විවිධ පුද්ගලයන් විවිධ මතවාද මේ පිළිබඳව ඉදිරිපත් කොට ඇත. මනෝ විද්‍යාව තුළ මතකය යන්න අර්ථකතනය කර ඇත්තේ “ජීවියෙකු මුහුණ දුන් පැරණි අත්දැකීම් නැවත වතාවක දී හඳුනාගත හැකි පරිදි ගබඩා කොට තබා ගත හැකි මානසික ධාරාව” වශයෙනි. තව ද මතකය යන්න පිළිබඳව දර්ශනය යන විෂය තුළ දී ද කථාබහට ලක් කරනු ඇත. එහෙත් සත්‍ය වශයෙන්ම මේ සියල්ල තුළින්ම ගම්‍ය වන්නේ අන් කිසිවක් නොව මතකය යන්න අතීත සිදුවීම් හරහා අනාගතයට මඟ කියන සිද්ධීන් දාමයක් බව යි.

මතකයේ අවශ්‍යතාව පිළිබඳව අර්ථනි රූපනයන් දීමට ප්‍රථම මතකය යන ක්‍රියාවලිය කෙරේ අවධානය යොමු කළ යුතු ය. මක් නිසාද යත් මෙහි මෙම මතකය යනු අප එකතු කරන කවරාකාරයේ තොරතුරක් වුව ද මතකයෙහි ගබඩා වන්නේ එක්තරා ක්‍රියාවලියකට අනුව වන හෙයිනුත්, අපට අවශ්‍ය විට අතීත මතක ස්මරණය සිදු වන්නේ ද එම ක්‍රියාවලියට අනුව වන හෙයිනුත් ය. එකී ක්‍රියාවලිය තුළ මතකය ප්‍රධාන වශයෙන් කොටස් 2 කි. එනම්,

  1. කෙටි කාලීන මතකය
  2. දිගුකාලීන මතකය

කෙටි කාලීන මතකයේ දී අප මතක තබා ගන්නා දෙය කෙටි කාලයකින් අමතක වේ. එය දිගු කාලීනව මතකය කරා යන්නේ එය තමන්‍ට දැනෙන ප්‍රමාණය මත ය. යම් තොරතුරක් අවබෝධ කර ගන්නා ආකාරය අනුව එය මතක තබා ගන්නා ආකාරය වෙනස් වේ. 

දිගු කාලීන මතකයේ දී බොහෝ දේ අපගේ යටි සිතේ තැම්පත් වේ. එය දිගු කාලීන මතකයේ ඉතිරි වේ. අප ලද අත්දැකීම් බොහෝ විට දිගු කාලීන මතකයට ඇතුළු වේ. ඒ අතර යම් යම් ප්‍රසන්න හෝ අප්‍රසන්න සිදුවීම්, කැමති පුද්ගල නාම, උපන්දින හා දුරකතන අංක ආදිය විය හැක. ඇතැම් යටි සිතේ ඇති කාරණා ඇතැම් විට ඉතා ප්‍රබල ලෙස ඉස්මතු විය හැක. මනෝ විද්‍යාවට අනුව මතකයේ රැඳෙන ආකාරයන් හා යමක් අපගේ මතකයට ඇතුළු වීමට බලපෑම් කරන ආකාරය පහත පරිදි ප්‍රතිශත ගත කොට ඇත.

මතකය පැවතීම හා අමතකව යාම
[මූලාශ්‍රය – උසස්පෙළ සන්නිවේදන සටහන් – 2013]

 

මොළයේ වම් පස

මොළයේ දකුණු පස

ගණිතමය හැකියා

කලාත්මක ක්‍රියා

බුද්ධිමය විශ්ලේෂණ

සංගීතමය හැකියා

කියවීම

ආවේදන

ලිවීම

හඳුනාගැනීම

නම් කිරීම

අවබෝධය

පටිපාටිගත කිරීම

සංකීර්ණ රටා සංජානනය

අනුපිළිවෙල

වර්ණ

විචාරය

මුහුණේ ඉරියව්

ඇගයුම

සාකල්‍ය හැකියා

තර්කය

අන්තර් ඥානය

 

නිර්මාණශීලී බව

 

ප්‍රතිරූප

සරලවම මෙය පුද්ගලානුබද්ධ වූ ක්‍රියාවලියකි. උක්ත ප්‍රස්ථාරය මනෝ විද්‍යාත්මක පර්යේෂණ අනුව සකසන ලද එකක් වන අතර මතකයේ තබා ගැනීම සඳහා කියවීම හා ලිවීම ඉතා පහළ අගයක් පෙන්නුම් කරයි. ඉතා ඉහළ මතකයේ අගයක් පෙන්නුම් කරන්නේ අප කළ කී දෙයට ය. මතකය රදා පවතින්නේ මොළයේ ශක්තිය මත ය. මොළයේ වම හා දකුණ ක්‍රියා කරන ආකාරය පිළිබඳ මනෝ විද්‍යා මතය මෙසේ ය.

තොරතුරු අප විසින් මතකය තුළ යම් ක්‍රියාවලියකට අනුව තැම්පත් කර ගන්නා අතර එය මතකය තුළ පවතින ආකාරය ද මනෝ විද්‍යාව තුළ ප්‍රස්ථාර ගත කර ඇත.

මතකයට තොරතුරු ගොනු වීම
[මූලාශ්‍රය – උසස්පෙළ සන්නිවේදන සටහන්- 2013]

ශ්‍රී ජවහර්ලාල් නේරු විසින් ඉදිරිපත් කර ඇති අදහසක් නම්, “වර්තමානය හා අනාගතය අනිවාර්යයෙන්ම අතීතයෙන් ගොඩ නැගෙන අතර, එම මුද්‍රාව එහි දක්නට ලැබෙනු ඇත. එය අමතක කිරීම අත්තිවාරමක් නොමැතිව කරන ඉදිකිරීමක් වැනි ය” යන්න යි. මෙහි පුද්ගලයාට හා සමාජයට අතීත මතකයක් අවශ්‍ය වන්නේ ඇයි ද යන්න පිළිබඳව හේතු කිහිපයක්ම පෙන්වා දෙයි. එනම්, අතීතය තුළින් වර්ථමානය තේරුම්ගෙන අනාගතය ගොඩ නගා ගැනීම යන්නෙන් තමා ජීවත්වන සමාජය හා ලෝකය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමටත් යන කරුණු ය.

එදිනෙදා සමාජයේ අපට නිරතුරුව අසන්නට ලැබෙන කරුණක් වන්නේ අද සිදුවන දෙයක් කවදා කොහේ හෝ සිදු වී ඇත යන්න යි. ප්‍රේමවන්තයින් දෙදෙනෙකු ප්‍රේමයෙන් ජය ගැනීම හෝ පරාජය වීම, නඩු තීන්දු, ප්‍රදේශ, ගම්මාන හෝ රාජ්‍යයන් අතර ගැටුම්, ගුවන් කොල්ලයන්, සටන්, ත්‍රස්තවාදී ගැටළු, ආක්‍රමණයන් ආදිය ඒ අතර වේ.

සියල්ලටම පළමු අවස්ථාවක් ඇති බව කීව ද සත්‍ය වශයෙන්ම එවැනි සිදුවීමක් කවදා කොතැනක හෝ සිදුව ඇති බව ගවේශනය කළහොත් සොයාගත හැකි වනු ඇත. බුදුරජාණන් වහන්සේගේ දේශනයන්වල දී පවා යම් සිදුවීමක් සිදු වූ බව බුදුන්ට සැලකළ පසු, “මහණෙනි, එයට සමාන සිද්ධියක් මෙකී රජු කල මෙසේ විය…” යනුවෙන් දේශනා කළ බව ත්‍රිපිටකය හා පන්සිය පනස් ජාතකය අධ්‍යයනයේ දී පෙනේ. අතීතය ඔස්සේ අනාගතය නිර්මාණය වන හෙයින්, අතීතය පිළිබඳ මනා අවබෝධයෙන් අනාගතයේ ඇතිවන ගැටළු විසඳීමේ හැකියාව ලැබීම නිසා අතීත මතකයක් පුද්ගලයාට හා සමාජයට අවශ්‍ය ය.

උදා:    

  1. පළමු හා දෙවන ලෝක යුද්ධ ඇති වී තිබීම නිසා තෙවන ලෝක යුද්ධයක් ඇති නොවීමට ජාතීන්ගේ සංගමය හා එක්සත් ජාතීන්ගේ සංගමය කාලානුරූපව පිහිටුවන ලදී. පළමු හා දෙවන ලෝක යුද්ධ නිසා යම් හෙයකින් තෙවන ලෝක යුද්ධයක් ඇති වුවහොත් ගත යුතු පියවර පිළිබඳ සමාජයට අවබෝධයක් ඇත.
  2. දශක 3ක යුද්ධයක් ලංකාවේ තිබූ නිසා නැවත බෝම්බ ප්‍රහාර එල්ල වූ පසු ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ලාංකේය සමාජයට තිබීම.

තව ද අතීත මතකය අවශ්‍ය වන අවස්ථාවක් නම්, ජාතික අනන්‍යතාව හඳුනාගැනීම යි. අපගේ ඉතිහාසය පිළිබඳ දැනුම හා එම ඉතිහාසය තුළ ජාතීන් ක්‍රියාකරණ ආකාරය සරලවම අප රට තුළ අනන්‍යතාවයක් නිර්මාණය කරනු ලබයි. අනන්‍යතාව බිඳ වැටෙන අවස්ථා මැනවින් හඳුනාගැනීමට අතීත මතකය අත්‍යාවශ්‍ය ය.

අන් සංස්කෘතීන්ට ගරු කිරීමට ද අපට අතීත මතකයක් අවශ්‍ය ය. බහු ජාතික, බහු සංස්කෘතික රටක් වන ලංකාව සංහිඳියා සංකල්පය මහත් කොට අගය කරයි. එහිදී ජාතීන් එක්සත්ව කරන ලද ක්‍රියාවන් පිළිබඳ හොද මතකයක් සමාජයක් වශයෙන් තිබීම තුළ, අන් සංස්කෘතීන්ට ගරු කිරීමට ඉගෙන ගනිති.  

උදා:

  1. 1818 හා 1848 බ්‍රිතාන්‍ය විරෝධී කැරලි සඳහා ජාති ආගම් භේදයකින් තොරව ලාංකේය ජනයා දිවිදුන් බව උගත යුතු ය.
  2. 1789 ප්‍රංශ විප්ලවයට ජාති ආගම් භේදයකින් තොරව සියළු දෙනා එක්ව රාජාණ්ඩුවට විරුද්ධ වූ බව.
  3. සිපොයි කැරැල්ල තුළ දී බ්‍රිතාන්‍ය විරෝධි සටන සියළු ජාතීන් එක්සත්ව පටන් ගෙනයන ලද බව.

තව ද විවිධ මත ඉවසීමට ද අතීත මතකයන් අවශ්‍ය ය. මක් නිසාදයත් මතයන් කාලානුරූපව විවිධ ආකාරයෙන් සමාජ ගත වේ. එහිදී අතීත මතකයේ ස්වරූපයෙන් මතයන් මැනීම සිදු කරනු ලබයි. එහෙත් අවසාන පිළිතුර වෙනස් විය හැක.

උදා: බැරැක් ඔබාමා තම ඡන්ද ව්‍යාපාරය සදහා තෝරාගත් මාතෘකාව වන ලද්දේ “Change” යන්න යි. එය ලංකාව තුළ “වෙනසක්” වශයෙන් ක්‍රියාත්මක කළ විට පෙර මතකය නිසාවෙන් දෙකම සමාන සේ දැකීම.

Source: newyorker.com

ජාතික සමගිය ගොඩ නැගීම සඳහා ද අතීත මතකයන් පුද්ගලයාට හා සමාජයට ඉතා වැදගත් ය. එහිදී අතීතයේ සමගිය නොමැතිව වූ විට දෙපාර්ශවයටම පාඩු විදින්නට සිදු වේ.

උදා: 1983 කළු ජූලිය, 1971 කැරැල්ල

උක්ත සදහන් සියළු තොරතුරු මත පෙනී යන්නේ පුදගලයාට හා සමාජයට අතීත මතකයක් නොමැතිව ජීවත් වීමට නොහැකි බවය. මක් නිසාද යත් පුද්ගලයාගේ හා සමාජයේ එදිනෙදා ක්‍රියා සියල්ල සඳහා අතීත මතකය ඉතා වැදගත් වන හෙයිනි.     

Cover: Johns Hopkins Medicine

Related Articles

Exit mobile version