Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව මිල අධිකම පෑන් වර්ග දහය ගැන දැනගන්න කැමතිද?

ශ්‍රී ලංකාවේදී අපට විවිධ මිල ගණන්වලට පෑන් මිලදී ගත හැකියි. අපි අද පෑනක් පාවිච්චි කරන්නේ ලියන්නට පමණයි. බොහෝවිට තීන්ත අවසන් වූ පසුව ඉවත් කෙරෙන බෝල්පොයින්ට් පෑන තමයි අපි අද පාවිච්චි කරන්නේ. නමුත් අතීතයේ සිටම අලංකාරව නිෂ්පාදනය කරන ලද තීන්ත පැහැයන් වලට ඉහළ ඉල්ලුමක් හිමි වුණා.

මෙම තත්ත්වය අදටත් එසේමයි. නමුත් මෙතරම් මිල ගණන්වලට ලෝකයේ පෑන් තිබෙන බව ඔබ දැන සිටියාද?

අරෝරා ඩයමන්ටේ ෆවුන්ටන් පෑන (Aurora Diamante Fountain Pen)

halfsamosa.in

කැරට් 30 දියමන්ති සහ කැරට් 18 රත්තරන් භාවිතයෙන් සාදා ඇති මෙම පෑන ලෝකයේ මිල අධිකම තින්ත පෑන ලෙස හඳුන්වනු ලබනවා.ලෝකයටම ඇති එකම පෑන වන මෙම අරෝරා ඩයමන්ටේ ෆවුන්ටන් පෑන මුදලින් ඇමෙරිකා ඩොලර් 1,470,000ක් පමණ වනවා.

මිස්ටරි මාස්ටර්පීස් මොන්ට් බ්ලෑන්ක් ඇන්ඩ් වැන් ක්ලිෆ් ඇන්ඩ් අර්පෙල් ලිමිටඩ් එඩිෂන් (Mystery Masterpiece Mont Blanc & Van Cleef & Arpels limited edition)

gettyimages.com

මුළු ලෝකයටම මෙම පෑන් වර්ගයෙන් පෑන් තුනක් පමණක් නිෂ්පාදන කර ඇති අතර ඒ සඳහා රතුකැට ,පච්ච ගල් සහ නිල් කැට භාවිත කර ඇති බව සඳහන් වෙනවා. ඉතාමත් සුඛෝපභෝගී ගණයෙහිලා සැලකෙන භාණ්ඩයක් ලෙස මේ පෑන් වර්ගය හඳුන්වන අතර පෑනක් ඇමෙරිකානු ඩොලර් 730,000කට අලෙවි වී තිබෙනවා.

ලා මොඩනිස්ටා ඩයමන්ඩ් කරන් ඩොෂ් (La Modernista Diamonds Caran d’che)

m.baklol.com

මෙම පෑන ස්විට්සර්ලන්තයේ සමාගමක් මගින් නිෂ්පාදනය කරනු ලබනු නමුත් මේ සඳහා අවශ්‍ය සැලසුම මුලින්ම සකස් වන්නේ 1999 දීය. මාස හයක කාලයක් මෙම පෑන නිෂ්පාදනය කර ඇති අතර නිර්මාණකරුවන්ගේ අතින් ඉතා සියුම් ලෙස නිෂ්පාදනය කර ඇති බව සඳහන් වෙනවා. ඇමෙරිකානු ඩොලර් 265,000කට මෙම පෑන ලන්ඩනයේ වෙන්දේසියකදී අලෙවි වුණා. 2001 වසරෙහි ගිනස් වාර්තා අතර තිබෙන්නේ ලොව ඉහල මිලට අලෙවි වූ තීන්ත පෑන ලෙසටයි.

ඔමාස් ෆීනික්ස් ප්ලැටිනම් ෆවුන්ටන් පෑන – ලක්ෂරි ලිමිටඩ් එඩිෂන් විත් ඩයමන්ඩ්ස් (Omas Phoenix Platinum Fountain Pen Luxury Limited Edition with diamonds)

pianki.com

වැඩිපුර ප්ලැටිනම් භාවිතයෙන් මෙම පෑන නිපදවා ඇති නමුත් පෑනේ තලය කැරට් 18 හි රත්තරන්වලින් නිපදවා තිබෙනවා. සාමාන්‍ය තීන්ත පෑනකට වඩා මෙම පෑන් වර්ගයේ පෑනක් දිගින් වැඩි වන අතර විශ්කම්භයෙන් ද වැඩි යි. කේතු ආකාරයෙන් මෙම පෑන නිපදවා තිබෙනවා. මෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 60,000 බව වාර්තා වෙනවා.

විස්කොන්ටි රිප්ල් එච්.ආර්.එච්. ෆවුන්ටන් පෑන (Visconti Ripple H.R.H Fountain Pen)

viscontipens.co.za

රත්තරන් හා දියමන්ති අමුද්‍රව්‍ය ලෙස භාවිත කරමින් මෙම පෑන් වර්ගය නිෂ්පාදනය කරනවා . මෙම පෑන් වර්ගය සෑදීමට ගන්නා අමුද්‍රව්‍යවල වටිනාකම වැඩි නිසාම, වටිනාකම අතින් මෙම පෑන ඉහළ මිලක් ගනු ලැබෙනවා. සීමා සහිත සංඛ්‍යාවක් නිෂ්පාදනය කරන මෙම පෑන් විශේෂය වර්ණ දෙකකින් පමණයි නිෂ්පාදනය කරනු ලබන්නේ. ඉතාමත් අලංකාර නිමාවක් සහ දැකුම් කළු පෙනුමක් ඇති මෙම පෑන ඇමෙරිකානු ඩොලර් 57,000 කට පමණ අලෙවි කෙරෙනවා.

විස්කොන්ටි අල්කෙමි එච්.ආර්.එච්. ෆවුන්ටන් පෑන (Visconti Alchemy H.R.H Fountain Pens)

supermoney.com

මෙම පෑන් වර්ගයද ඉතා ඉහළ මිලක් ඇති අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරනු ලබනවා. දැනට ලෝකයේ පවතින ඉතා ඉහළ මිලක් ඇති රත්තරන්, රිදී, රතුකැට සහ දියමන්ති ආදිය යොදාගෙනයි මෙම වටිනාකමින් වැඩි පෑන් නිෂ්පාදනය කෙරෙන්නේ. අතින් නිමවන ලද කැටයම් මගින් මෙම පෑන ඉතාමත් අලංකාරව පවතිනවා. මෙම වර්ගයේ පෑනක් ඇමෙරිකානු ඩොලර් 57,000 පමණ මුදලකට අලෙවි වෙනවා.

විස්කොන්ටි ද ෆෝර්බිඩ්න් සිටි එච්.ආර්.එච්. ෆවුන්ටන් පෑන (Visconti the Forbidden City H.R.H Fountain pen)

ebay.com

දියමන්ති, රිදී සහ කැරට් 18 රත්තරන් යොදා නිපදවා ඇති මෙම තීන්ත පෑනද ලොව මිල අධික පෑන් ගොන්නට එකතු වෙනවා. ඒ වගේම ඉතා අලංකාර මෙන්ම ඉතා සීමිත සංඛ්‍යාවක් පමණක් නිෂ්පාදනය කර තියෙනවා. මෙම පෑන ඇමෙරිකානු ඩොලර් 50,500 කටයි මිලකර තිබෙන්නේ.

මාර්ටි – ඔමාස් ෆවුන්ටන් පෑන (Marte Omas Fountain Pen)

omas.com

මෙම පෑනේ බාහිර පෘෂ්ඨය මත අඟහරු ග්‍රහයාගේ ස්වභාවය සිත්තම් කර තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ ඉතාලි බසින් “මාර්ටි” යයි කියනු ලබන්නේ අඟහරු ග්‍රහයාට වීමයි. පෑන් වර්ගය ‘‘මාර්ටි’’ වන නිසා එහි අරුත ඉස්මතුවෙන ලෙස මෙම පෑන නිෂ්පාදනය කර තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් 43,000 කට අලෙවි කරන මෙම වර්ගයේ පෑන් 30 ක් පමණ දැනට නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කර තියෙනවා. ඉතා ඉහළ වටිනාකමින් යුත් අමුද්‍රව්‍ය වන රත්තරන්, රතුකැට ආදිය ඔබ්බවා මෙම පෑන් වර්ගය අලංකාර කර ගෙන තිබෙනවා දක්නට පුළුවන්.

ගයා හයි ලක්ෂරි ඔමාස් ෆවුන්ටන් පෑන (Gaia High Luxury Omas Fountain Pens)

airlineintl.com

සුදු රත්තරන්, දියමන්ති ආදියද ඔබ්බවමින් මෙම පෑන නිෂ්පාදනය කරනු ලබනවා. මෙම වර්ගයේ පෑන් ඕමාස් සමාගම විසින් නිපදවන අතර ඒවා තද අළු පැහැයෙන් යුක්ත බව සඳහන් කරනවා. පෑන අලංකාර කර ගැනීමට මාංශ භක්ෂක සතුන්, විශාල ප්‍රමාණයේ මකුළුවන් සහ ජලජ සතුන් ආදිය පෑන මත පින්තාරු කර තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් 43,000 කට මෙම පෑනක් මිල කර තියෙන බව සඳහන් වෙනවා.

කෘව් සික්ස්ටිත් වයිට් ගෝල්ඩ් ටිබල්ඩි ෆවුන්ටන් පෑන (Crew 60th White Gold Tebaldi fountain pens)

pianki.com

ටිබල්ඩි නමැති ඉතාලි සමාගමක් මගින් මෙම පෑන් නිෂ්පාදනය කරන අතර ලොව ප්‍රකට සමාගමක් වන බෙන්ට්ලී මෝටර් රථ සමාගම මඟින් මෙම පෑන් අලෙවි කරනු ලබයි. ඇමෙරිකානු ඩොලර් 43,000කට මිල කර ඇති මෙම පෑන්වල විශේෂත්වය වන්නේ නිමැවුම්කරුවන් යන්ත්‍ර භාවිත නොකර සිය දෑත් මගින්ම මෙම පෑන් හැඩ ගැන්වීමයි. පෑනක මිල ඉහළ මට්ටමක පවතින්නට එයත් හේතුවක් වී තිබෙනවා. තවද පෑනේ තලය කැරට් 18හි සුදු රත්‍රං යොදාගෙන නිපදවා ඇති අතර පෑන් 80ක් පමණ දැනට නිෂ්පාදනය කර ඇති බව සඳහන්.

කවරයේ පින්තුරය: Chasing Thoughts

Related Articles