Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අඩු කැලරි සමග සමබල පෝෂණයක් දෙන ආහාර වර්ග 5ක්

ක්‍රියාශීලී හා සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කිරීම අප බොහෝ දෙනාගේ අභිප්‍රාය යි. ඒ සඳහා අපි දිවා රෑ නොබලා වෙහෙසෙනවා. සමහරු දිනපතාම පාහේ ව්‍යායාම මධ්‍යස්ථානවලට යනවා. කෙසේ නමුත් මින් සමහරකට හොඳ ප්‍රතිඵල ලබාගැනීම අපහසු වී තිබෙනවා.

සෞඛ්‍යමත් හා හැඩකාර සිරුරකට යමෙක් ගන්නා ආහාරයත් ඉතා වැදගත් වෙනවා. වැඩි කැලරි ප්‍රමාණයක් සහිත සමබල නොවූ ආහාර ගැනීමෙන් සිරුරේ හැඩය රැකෙන්නේ නැතිවා සේම, අනවශ්‍ය ලෙස ආහාර වේල් මඟහැරීම ද යහපත් ප්‍රතිඵල අත්කර දෙන්නේ නැහැ. ආහාර වර්ග පිළිබඳ ඔබේ දැනුම වැඩිදියුණු කරනු වස් අඩු කැලරි ප්‍රමාණයක් සහිත, ඉතා හොඳ පෝෂණයක් ශරීරයට ලබා දෙන ආහාර වර්ග 5ක් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි තීරණය කළා.

ඕට්ස්

preventionaus.com.au

ලොව පුරා ශරීරයේ බර අඩු කරගන්නට උත්සාහ කරන අයගේ ජනප්‍රියම ආහාරයක් ලෙස ඕට්ස් හැඳින්විය හැකියි. මෙය අඩු කැලරි ප්‍රමාණයක් සහිත ආහාරයක් වුවත් තන්තුවලින් පොහොසත් නිසා ඉක්මනින්ම ආමාශය පිරී ගියා සේ සංවේදනයක් ලබා දෙනවා.

ඕට්ස් කෝප්ප බාගයක හෙවත් ග්‍රෑම් 40 ක අඩංගු වන්නේ කැලරි 148ක් පමණ යි. එනමුත් එහි ප්‍රෝටීන් ග්‍රෑම් 5.5ක් හා තන්තු ග්‍රෑම් 3.8ක් අන්තර්ගත වෙනවා. මේ ද්විත්වයම ශරීරයේ බර අඩුකරගෙන, මාංශපේශි වර්ධනයට මහෝපකාරී වෙනවා.

ග්‍රීක යෝගට්

eatthismuch.com

ග්‍රීක යෝගට් සැලකෙන්නේ ඉතා හොඳ ප්‍රෝටීන ප්‍රභවයක් ලෙස යි. මීට අමතරව මෙමඟින් ශරීරයේ බර අඩු කරගන්නටත් හොඳ පිටුබලයක් ලැබෙනවා.

වර්ගය අනුව යම් යම් වෙනස්කම් තිබුණ ද සාමාන්‍යයෙන් ග්‍රීක යෝගට් කෝප්ප 2/3ක හෙවත් ග්‍රෑම් 150ක ප්‍රමාණයක අඩංගු වන්නේ කැලරි 130ක් පමණක් වන අතර එහි ප්‍රෝටීන ග්‍රෑම් 11ක් පමණ අන්තර්ගත වනවා.

සුප්

bbc.com

සුප් වර්ගත් ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා නිතරම භාවිතා කෙරෙන ආහාරයක්. වර්ගය අනුව මෙයින් ලැබෙන කැලරි ප්‍රමාණවල හා අනෙකුත් පෝෂකවල අගයන් සැලකිය යුතු තරමින් වෙනස් වුවත්, සුප් වර්ග බහුතරය අඩු කැලරි ප්‍රමාණ ශරීරයට සපයන ඒවා වෙනවා. විශේෂයෙන්ම ඒවායේ වැඩි වශයෙන් ජලය අඩංගු වීම නිසා ඉක්මණින්ම ආමාශය පිරී යාමත්, එහි අඩංගු පෝෂක පහසුවෙන් ශරීරයට උරාගැනීමත් නිසා සුප් ශරීරයේ හැඩය හා සෞඛ්‍ය පිළිබඳ සිතන අයවළුන්ට ඉතා සුදුසු ආහාරයක් වෙනවා.

අධ්‍යයනයකින් හෙළි වී ඇති පරිදි ප්‍රධාන ආහාර වේලකට පෙර සුප් පානය කළහොත් ප්‍රධාන ආහාර වේල මගින් ශරීරගත කරගන්නා කැලරි ප්‍රමාණය 20% කින් පමණ අඩු වනවා.

ක්‍රීම් වර්ග අඩංගු වන සමහර සුප් වර්ගවල කැලරි ප්‍රමාණය සාපේක්ෂව වැඩි වන නිසා ශරීරයේ බර අඩු කරගැනීම උදෙසා සුප් වර්ග තෝරාගැනීමේ දී සැලකිලිමත් විය යුතු වෙනවා.

බෙරි වර්ග

Shutterstock

බෙරි වර්ග ඉතා සෞඛ්‍යමත් ආහාරයක් වනවා. (උද්භිද විද්‍යාත්මකව සත්‍ය බෙරී නොවුණත්) ස්ට්‍රෝබෙරි, රාස්බෙරි, හා බ්ලූ බෙරි වැනි බෙරි වර්ග විටමින, ඛණිජ ලවණ හා ප්‍රතිඔක්සිකාරක වැනි දේවලින් පොහොසත්. ඒවායේ අඩු කැලරි ප්‍රමාණයක් සහ වැඩි තන්තු ප්‍රමාණයකුත් අන්තර්ගත යි. උදාහරණ ලෙස බ්ලූබෙරි කෝප්පයක හෙවත් ග්‍රෑම් 148ක අඩංගු වන්නේ කැලරි 84ක් පමණක් වුවත්, එහි තන්තු ග්‍රෑම් 3.6ක් අන්තර්ගත වෙනවා.

බෙරි වර්ගවල පෙක්ටින් වැඩි ප්‍රමාණයකුත් අන්තර්ගත වෙනවා. මේ තන්තු වර්ගය ආමාශයේ වැඩි වේලාවක් රැඳී කුසගින්න අඩු කරනවා.

බිත්තර

myrecipes.com

බිත්තරත් අඩු කැලරි ප්‍රමාණයක් සහිත, අත්‍යවශ්‍ය පෝෂක රාශියක් සහිත ඉතා පෝෂ්‍යදායී ආහාරයක් වෙනවා. විශාල ප්‍රමාණයේ බිත්තරයක කැලරි 72ක් අන්තර්ගත වෙනවා. මෙහි ප්‍රෝටීන ග්‍රෑම් 6ක් අන්තර්ගත වන අතර තවත් වැදගත් විටමින හා ඛණිජ වර්ග අන්තර්ගත වෙනවා. මීට අමතරව බිත්තර කුසගින්න අඩු කරනවා.

කවරයේ පින්තූරය- growbeautifully.monrovia.com

Related Articles