Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

94 වැනි ඇකඩමි සම්මාන උළෙලේ විශේෂතා සහ ජයග්‍රාහකයෝ

 හොලිවුඩයේ විශාලත ම සිනමා සම්මාන උළෙලක් වූ ඇකඩමි සම්මාන උළෙලේ 94 වැනි අදියර මේ වනවිට පවත්වා අවසන්. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගැනීමක් ලැබෙන වෙනත් සම්මාන උළෙලකට වඩා ඇකඩමි සම්මාන කෙරෙහි යොමු වන අවධානය වැඩි යි. එමෙන් ම, ඇකඩමි සම්මානයක් (එහෙමත් නැත්නම් ඔස්කාර් සම්මානයක්) දිනා ගැනීම සිනමාවට සම්බන්ධ වෘත්තිකයකුගේ සිහිනයක්, විශාල ජයග්‍රහණයක් හෝ ස්වර්ණමය අවස්ථාවක් ලෙසත් සැලකෙනවා.

මෙහිදී ප්‍රවර්ග කිහිපයක් ඔස්සේ සම්මාන පිරි නැමෙන අතර, හොඳ ම චිත්‍රපටය, හොඳ ම අධ්‍යක්ෂණය, හොඳ ම නළුවා සහ නිළිය, හොඳ ම සහය නළුවා සහ නිළිය, හොඳ ම තිර රචනය, හොඳ ම අනුවර්තිත තිර රචනය, හොඳ ම විදෙස් චිත්‍රපටය, යන  කාණ්ඩ කෙරෙහි විශාල අවධානයක් යොමු වෙනවා. ලිපියෙන් මේ සියලු කාණ්ඩවලට අදාළ නාම යෝජනා සහ ජයග්‍රාහකයන්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කරනවා. ඊට පෙරාතු ව මෙවර ඇකඩමි සම්මාන උළෙලේ විශේෂතා කිහිපයක් වෙත අවධානය යොමු කරමු.

CODA චිත්‍රපටයේ ට්‍රෝයි කොට්සූර් – variety.com 

ශ්‍රවණාබාධිත මිනිසුන් වෙනුවෙන් ට්‍රෝයි කොට්සූර්

“Apple TV Plus” හරහා ප්‍රේක්ෂකයා වෙත ළඟා වූ “CODA” චිත්‍රපටයේ භූමිකාව වෙනුවෙන් ට්‍රෝයි කොට්සූර් හොඳ ම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගත්තා. ට්‍රෝයි කොට්සූර්, තමාගේ ශ්‍රවණාබාධය සමඟ සටන් කරමින් ජීවිතය ජය ගත් රංගන ශිල්පියෙක්. ඒ අනුව ඇකඩමි සම්මානයක් සඳහා ශ්‍රවණාබාධයක් සමඟ ජීවත් වන නළුවකු නිර්දේශ වී එය දිනා ගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙනවා.

“CODA” චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක් – www.imdb.com 

ඔහු සම්මානය දිනා ගත්තත් ඇකඩමි සම්මානයක් ලද පළමු ශ්‍රවණාබාධිත පුද්ගලයා ලෙස ඉතිහාසගත වන්නේ නැහැ. එම ගෞරවය “CODA” චිත්‍රපටයේ ම චරිතයක් රඟ දක්වන මාර්ලි මැට්ලින් දැනටමත් දිනා ගෙන අවසන්. ඇය 1987 දී “Children of a Lesser God” චිත්‍රපටය වෙනුවෙන් හොඳ ම නිළිය සඳහා වූ ඇකඩමි සම්මානය දිනා ගත්තා.

හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානය දිනාගත් ජේන් කැම්පියන් – www.huffpost.com 

ජේන් කැම්පියන්ට ඉතිහාසගත අවස්ථාවක්

94 වැනි ඇකඩමි සම්මාන උළෙලේ නිර්දේශිත නාම ලැයිස්තුව ප්‍රකාශයට පත් වූ දා සිට හොඳ ම අධ්‍යක්ෂණය සඳහා වූ සම්මානය “The Power of the Dog” වෙත ලැබීමේ වැඩි හැකියාවක් පවතින බව බොහෝ දෙනෙක් අනුමාන කළා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ජේන් කැම්පියන්. එම අනුමාන සනාථ කරමින් ඇය මෙවර ඇකඩමි සම්මාන උළෙලේ හොඳ ම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තා.

The Power of The Dog – www.abusdecine.com 

ඇය 1994 වසරේ දී “The Piano” චිත්‍රපටය වෙනුවෙන් හොඳ ම අධ්‍යක්ෂණය උදෙසා වූ ඇකඩමි සම්මානයටත් නිර්දේශ වුණා. ඒ අනුව හොඳ ම අධ්‍යක්ෂණය සඳහා වූ ඇකඩමි සම්මානයට එක් වරකට වඩා නිර්දේශ වූ පළමු කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක් වෙනවා.

ඩෙන්සිල් වොෂිංටන් – www.vanityfair.com 

තමාගේම වාර්තාව දිගු කළ ඩෙන්සිල්

ඩෙන්සිල් වොෂිංටන්, ඇකඩමි සම්මාන ඉතිහාසයේ වැඩි ම වාර ගණනක් නිර්දේශ වූ කළු ජාතික නළුවා ලෙස වැජඹෙනවා. මෙවර ඔහුගේ වාර්තාව තවත් දිගු කිරීමට අවස්ථාව හිමි වුණා. ඒ “The Tragedy of Macbeth” චිත්‍රපටය වෙනුවෙන් හොඳ ම නළුවාට ඔහු නිර්දේශ වූ නිසා යි.  ඒ අනුව ඩෙන්සිල් වොෂිංටන් ඇකඩමි සම්මානය සඳහා දස වතාවක් නිර්දේශ වී තිබෙනවා. 

හොඳ ම මුල් තිර රචනය වෙනුවෙන් සම්මානය දිනූ “බෙල්ෆාස්ට්” – www.imdb.com 

කෙනත් බ්‍රැනග්ගේ සුපිරි හත

“බෙල්ෆාස්ට්” චිත්‍රපටයට නිෂ්පාදනයෙන්, අධ්‍යක්ෂණයෙන් සහ රචනයෙන් දායක වූ කෙනත් බ්‍රැනග්, එකිනෙකට වෙනස් ඇකඩමි සම්මාන කාණ්ඩ හතක් සඳහා නිර්දේශ වූ එක ම පුද්ගලයා බවට පත් වී තිබෙනවා. “බෙල්ෆාස්ට්” වෙනුවෙන් ඔහු හොඳ ම අධ්‍යක්ෂණය (Henry V සඳහාත් ඔහු හොඳම අධ්‍යක්ෂණයට නිර්දේශ වී තිබුණා.), හොඳ ම චිත්‍රපටය සහ හොඳ ම තිර රචනයට නිර්දේශ වූ අතර, ඊට පෙරාතු ව ඔහු හොඳ ම නළුවා, හොඳ ම සජීවි-ක්‍රියාදාම කෙටි චිත්‍රපටය, හොඳ ම අනුවර්තිත තිර රචනය, හොඳ ම සහාය නළුවා, යන සම්මානවලට නිර්දේශ වී තිබුණා.

මෙවර ඇකඩමි සම්මාන උළෙලේ තවත් විශේෂ අවස්ථා බොහෝමයක් තිබෙනවා. නිර්දේශිත නාම සහ ජයග්‍රාහකයන්ගේ නම් ලැයිස්තුවටත් ලිපියේ ඉඩ හසර වෙන් කිරීමට එයට පෙර සිදු වෙනවා.

හොඳ ම චිත්‍රපටය

ජයග්‍රාහී නිර්මාණය: CODA

නිර්දේශිත අනෙකුත් නිර්මාණ

1. The Power of the Dog
2. West Side Story
3. Belfast
4. Dune
5. Licorice Pizza
6. King Richard
7. Don’t Look Up
8. Drive My Car
9. Nightmare Alley

හොඳ ම අධ්‍යක්ෂණය

මෙවර හොඳ ම අධ්‍යක්ෂණය සඳහා වූ ඇකඩමි සම්මානය ජේන් කැම්පියන්ට හිමි වුණා. ඇය අධ්‍යක්ෂණය කළේ “The Power of the Dog” චිත්‍රපටය යි.

නිර්දේශිත අනෙකුත් නාම සහ නිර්මාණ

1. Paul Thomas Anderson – Licorice Pizza
2. Steven Spielberg – West Side Story
3. Sir Kenneth Branagh – Belfast
4. Ryusuke Hamaguchi – Drive My Car

සමාව අ‍යදිමින් විල් ස්මිත් තමාට හිමි සම්මානය භාර ගත්තා – www.bbc.com 

හොඳ ම නළුවා

මෙවර හොඳ ම නළුවාගේ සම්මානය කවුරුත් ආදරය කරන විල් ස්මිත්ට හිමි වුණා. ඔහු ඒ සම්මානය දිනා ගත්තේ “King Richard” වෙනුවෙන්. කෙසේ නමුත්, මෙවර හොඳම නළුවා පුවත් මවන ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණා. ඇකඩමි සම්මාන උළෙල සඳහා නිවේදනයෙන් දායක වන පුද්ගලයන් සම්මාන සඳහා නිර්දේශ වූ පුද්ගලයන්ට විහිළු තහළු කිරීම සාමාන්‍ය කරුණක්.

නිවේදන කටයුතු කරමින් සිටි ක්‍රිස් රොක්, විල් ස්මිත්ගේ බිරිය ඈදා ගනිමින් සිදු කළ විහිළුවකට ප්‍රතිචාරයක් වශයෙන් විල් ස්මිත් වේදිකාව වෙත ගොස් ක්‍රිස්ට කම්මුල්  පහරක් දුන්නා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විල් ස්මිත් සම්මානය දිනා ගත් අවස්ථාවේ දී ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියා. ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් මේ වනවිට මිශ්‍ර අදහස් සමාජ මාධ්‍ය පුරා පළ වෙමින් තිබෙනවා.

විල් ස්මිත්ගේ සිනමා දිවියේ විශිෂ්ඨතම අවස්ථාවක ඔහුට මෙලෙසත් හැසිරීමට සිදු වුණා – www.bbc.com 

 

නිර්දේශ වූ අනෙකුත් නළුවන් මෙපරිදි යි.

1. Benedict Cumberbatch – The Power of the Dog
2. Andrew Garfield – Tick, Tick… Boom!
3. Denzel Washington – The Tragedy of Macbeth
4. Javier Bardem – Being the Ricardos

හොඳ ම නිළිය

ජයග්‍රාහිකාව සහ නිර්මාණය: Jessica Chastain – The Eyes of Tammy Faye

නිර්දේශිත අනෙකුත් රංගන ශිල්පිනියන්.
1. Olivia Colman – The Lost Daughter
2. Nicole Kidman – Being the Ricardos
3. Kristen Stewart – Spencer
4. Penelope Cruz – Parallel Mothers

මෙවර ඇකඩමි සම්මාන උළෙලේ තොරතුරු සැකෙවින් – www.aljazeera.com 

හොඳ ම සහාය නළුවා

ජයග්‍රාහකයා සහ නිර්මාණය: Troy Kotsur – Coda

අනෙකුත් නිර්දේශ
1. Kodi Smit-McPhee – The Power of the Dog
2. Ciarán Hinds – Belfast
3. Jesse Plemons – The Power of the Dog
4. JK Simmons – Being the Ricardos

හොඳ ම සහාය නිළිය

ජයග්‍රාහිකාව සහ නිර්මාණය: Ariana DeBose – West Side Story

අනෙකුත් නිර්දේශ
1. Kirsten Dunst – The Power of the Dog
2. Aunjanue Ellis – King Richard
3. Dame Judi Dench – Belfast
4. Jessie Buckley – The Lost Daughter

හොඳ ම මුල් තිර රචනය

නිර්මාණය සහ ජයග්‍රාහකයා :Belfast – Sir Kenneth Branagh

අනෙකුත් නිර්දේශ
1. Licorice Pizza – Paul Thomas Anderson
2. King Richard – Zach Baylin
3. Don’t Look Up – Adam McKay (story by McKay and David Sirota)
4. The Worst Person in the World – Joachim Trier and Eskil Vogt

හොඳ ම අනුවර්තිත තිර රචනය

නිර්මාණය සහ ජයග්‍රාහකයා: CODA – Sian Heder

අනෙකුත් නිර්දේශ
1. The Power of the Dog – Jane Campion
2. The Lost Daughter – Maggie Gyllenhaal
3. Dune – Jon Spaihts, Denis Villeneuve and Eric Roth
4. Drive My Car – Ryusuke Hamaguchi and Takamasa Oe

හොඳම සජීවිකරණ චිත්‍රපටය

ජයග්‍රාහී නිර්මාණය – Encanto

අනෙකුත් නිර්දේශ
1. Luca
2. The Mitchells vs the Machines
3. Flee
4. Raya and the Last Dragon

හොඳ ම වාර්තා වැඩසටහන
ජයග්‍රාහී නිර්මාණය: Summer of Soul

අනෙකුත් නිර්දේශ
1. Flee
2. Ascension
3. Attica
4. Writing with Fire

හොඳ ම විදෙස් චිත්‍රපටය – Drive My Car – drivemycar.film 

හොඳම ජාත්‍යන්තර හෝ විදෙස් චිත්‍රපටය

ජයග්‍රාහී නිර්මාණය සහ රට: Drive My Car (Japan)

අනෙකුත් නිර්දේශිත නාම
1. The Worst Person in the World (Norway)
2. Flee (Denmark)
3. The Hand of God (Italy)
4. Lunana: A Yak in the Classroom (Bhutan)

අනෙකුත් සම්මාන කාණ්ඩ සහ ජයග්‍රාහකයින්

හොඳ ම මුල් ගීතය – No Time to Die – No Time to Die (Billie Eilish and Finneas O’Connell)

හොඳ ම වාදනය – Hans Zimmer (Dune චිත්‍රපටය වෙනුවෙන්)

හොඳ ම සිනමාකරණය – Greig Fraser (Dune චිත්‍රපටය වෙනුවෙන්)

හොඳ ම දෘෂ්‍ය ප්‍රයෝග – Paul Lambert, Tristan Myles, Brian Connor, Gerd Nefzer (Dune චිත්‍රපටය වෙනුවෙන්)

හොඳ ම සංස්කරණය – Joe Walker (Dune චිත්‍රපටය වෙනුවෙන්)

හොඳ ම ඇඳුම් නිර්මාණය – Jenny Beavan (Cruella වෙනුවෙන්)

හොඳ ම ශබ්ද සංකලනය – Mac Ruth, Mark Mangini, Theo Green, Doug Hemphill and Ron Bartlett (Dune චිත්‍රපටය වෙනුවෙන්)

හොඳ ම නිෂ්පාදන සැලැස්ම – Patrice Vermette and Zsuzsanna Sipos (Dune චිත්‍රපටය වෙනුවෙන්)

හොඳ ම වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තර – Linda Dowds, Stephanie Ingram and Justin Raleigh (The Eyes of Tammy Faye චිත්‍රපටය වෙනුවෙන්)

හොඳ ම සජීවී – ක්‍රියාදාම කෙටි චිත්‍රපටිය – The Long Goodbye

හොඳ ම සජීවිකරණ කෙටි නිර්මාණය – The Windshield Wiper

හොඳ ම වාර්තාමය කෙටි නිර්මාණය – The Queen of Basketball

කවරයේ ඡායාරූපය: හොඳ ම චිත්‍රපටය ලෙස සම්මානය දිනාගත් CODA චිත්‍රපටයේ දායකයන් සතුට සමරන අයුරු - thetimesbureau.com

මූලාශ්‍ර:

www.weareiowa.com

www.bbc.com 

Related Articles