Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

 මේ රටේ අනාගතය අවිනිශ්චිතයි!

හැම දවසක ම අලුත් ප්‍රශ්නයක්!

“මේ රටේ අනාගතය අවිනිශ්චිතයි. හැම දවසක ම අලුත් ප්‍රශ්නයක්, නව අර්බුදයක් ඉස්මතු වෙනවා. ”

“රටේ අද තියෙන තත්ත්වය නිසා මගේ දුව උපාධිය අවසන් කරලා රට යන්නයි උත්සාහ කරන්නෙ.  අපට ඒ යම් යම් දේ හිතුණත් මේ රටේ ඉන්නවට වඩා වෙන රටකට යන එක  එයා ලබපු අධ්‍යාපනයට වැඩි වටිනාකමක් ලැබෙයි කියලයි අපි හිතන්නෙ. අඩුම තරමින් එයාටවත් හොඳ ජීවිතයක් ගත කරන්න  එතකොට පුළුවන් වෙයි”

 විලියම් (69) මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටිය ද දැනට බොරලැස්ගමුවේ කුලී නිවසක ජීවත් වේ. දෙදරු පියකු වන ඔහු මෙතෙක් තම පවුලේ එකම උපයන්නා ය.

 “මගේ දුව විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. එයාපවුල නඩත්තු කරන්න අර්ධකාලීන රැකියාවක් කරන්න මෑතක දී සමාගමකට සම්බන්ධ වුණා. වැඩි වෙන වියදම් සහ විදුලි බිල නිසා මගේ ලොතරැයි අලෙවියෙන් ලැබෙන ආදායමෙන් ජීවත් වීම දුෂ්කරයි.”

විලියම් දැන් වසර හතක සිට ලොතරැයි ටිකට් විකුණ යි. 

“මං අවුරුදු දෙකක් තිස්සේ බයිසිකලයෙන් ගිහින් ලොතරැයි අලෙවි කළා. ඊට පස්සේ මං 2017 දී විජේරාමේ මේ කවුන්ටරය පටන් ගත්තා.ඊට කලින් මට බේකරියක් තිබුණා. ඒක සාර්ථක වුණේ නැති නිසා මං මේ ලොතරැයි අලෙවිය පටන් ගත්තා.”

“මං නියෝජිතයකුගෙන් ලොතරැයිපත් අරගෙන මෙහි විකුණනවා. විකුණන හැම ලොතරැයි ටිකට් එකකින්ම මට රුපියල් 3ක් ලැබෙනවා. මං ලොකු ම තෑග්ග දිනපු ටිකට් දෙපාරක් ම විකුණලා තියෙනවා ”ඔහු ආඩම්බරයෙන් කියයි.

“COVID-19 අගුලු දැමීම් අතරතුර, මට කවුන්ටරය වසා දැමීමට සිදු වුණා. ඒ කාලෙදි අපේ පවුලට දුෂ්කර ජීවිතයක් තමයි ගෙවන්න වුණේ. වසංගතයෙන් පස්සෙ, ආර්ථිකය කඩා වැටෙන තුරු ව්‍යාපාරය ටිකක් හොඳින් කර ගෙන යන්න පුළුවන් වුණා. අද ලොතරැයි අලෙවිය සැලකිය යුතු මට්ටමකින් පහත වැටිලා.”

“ඉස්සර මං දවසකට ලොතරැයිපත් 1000ක් පමණ අලෙවි කළා. දැන් එය 700කට ආසන්න ව පඑළ වැටිලා. පවුලේ වියදමත්, ගෙවල් කුලියත් කළමනාකරණය කර ගන්න එක දවසින් දවස අමාරු වෙනවා. ලොතරැයි මිල වැඩි කරනව කියලත් ආරංචියක් තියෙනවා. එහෙම වුණොත් ලොතරැයියක් මිලදී ගන්න එච්චර මුදලක් වියදම් කරන්න මිනිස්සු කැමති නැති නිසා අලෙවිය තවත් අඩු වෙනවා.”

“රටේ අද තියෙන තත්ත්වය නිසා මගේ දුව උපාධිය අවසන් කරලා රට යන්නයි උත්සාහ කරන්නෙ.  අපට ඒ යම් යම් දේ හිතුණත් මේ රටේ ඉන්නවට වඩා වෙන රටකට යන එක  එයා ලබපු අධ්‍යාපනයට වැඩි වටිනාකමක් ලැබෙයි කියලයි අපි හිතන්නෙ. අඩුම තරමින් එයාටවත් හොඳ ජීවිතයක් ගත කරන්න  එතකොට පුළුවන් වෙයි”

Related Articles