කාලිඩ් ඔෂ්මාන්: දිවිය ජය ගත් ධෛර්යවන්තයා

කාලිඩ් ඔෂ්මාන්ට (38) වසර 12 කට පෙර ඔහුගේ ඇස් පෙනීම අහිමි විය. 

“මං වළ පතුළට වැටිලා හිටියේ. මගේ ජීවිතයත් එක්ක කුමක් කළ යුතු දැයි මා දැන සිටියේ නෑ. මට සියදිවි නසාගැනීමටත් සිතුණු වාර අනන්ත යි. මගේ ජීවිතය අවසන් කර ගන්නටත් මා උත්සාහ කළා, ”ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ඔහු දිරිමත් කළේ ඔහුගේ ඥාති සොහොයුරා වන සිද්දික් අහමඩ් ය. 

Photo credit: Roar Media/Nazly Ahmed

“එයා මට කිව්වා මගේ ආබාධිත තත්ත්වය තිබුණත් මට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. එයා මට කිව්වා: ‘ඔබට ජීවිතය වෙනස් කළ හැකියි. හැමෝගෙම ජීවිතවලට බලපෑමක් වෙන දෙයක් කරන්න.’ 

මෙය මට මගේ පුහුණුවීම් ආරම්භ කිරීමට පෙලඹීමක් ඇති කළා. එමඟින් සුදු සැරයටියෙන් වෙන් ව ස්වාධීන ව ඉන්න මට පුළුවන් වුණා ”යි ඔහු කියයි.

පුහුණුවේ පළමු මාස කිහිපය ඉතා වෙහෙසකර බව ඔෂ්මාන් කියයි.

 “මං බස්වලින් බිමට වැටුණා, මං  ලිස්සලා කාණුවලට වැටුණා. මං වැටෙන තරමට මට ඒකෙන් නැඟිටින හැටි ඉගෙන ගන්න පුළුවන් වුණා.”

2013 දී, ඔෂ්මාන් ප්‍රථම වතාවට ‘Run for Their Lives’ පුණ්‍යායතනය සමඟ ධාවනය සහභාගී වූ අතර එතැන් සිට ඔහු ධාවනයේ යෙදෙමින් සිටින අතර විවිධ පුණ්‍ය කටයුතුවලට ද සහභාගී වී ඇත.

Photo credit: Roar Media/Nazly Ahmed

එම වසරේ ම ඔහු පිහිනීමටද යොමු විය.

 “ආබාධිත පුද්ගලයෙක් විදියට මට මුල්ලකට වෙලා ඉන්න ඕන වුණේ නෑ” ඔහු පවසයි.

‘ඔක්කොට ම අමතර ව මං මැරතන් දුවනවා, බොක්සිං ගහනවා, ක්‍රිකට් ගහනවා’’

 ඔහු 2017 වසරේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් T20 ලෝක කුසලාන කණ්ඩායමට ද තේරී පත් විය. 

”ක්‍රීඩකයන් 200ක් අතරින් ශ්‍රී ලංකාව නියෝජනය කරන අවසන් සංචිතයට මා තෝරා ගත්තා” ඔහු කියයි.

 “තරගාවලිය අතරතුර මට තරග කිහිපයක් ක්‍රීඩා කරන්න ලැබුණා. 2023 දෘශ්‍යාබාධිත ක්‍රිකට් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියටත් ශ්‍රී ලංකාව නියෝජනය කරන්න මට පහුගිය අවුරුද්දේ අවස්ථාව ලැබුණා.”

කෙසේ වෙතත්, ඔහුගේ ජීවිතයේ විශාලත ම හැරවුම් ලක්ෂය වූයේ 2018 දී ඔහු IRONMAN 70.3 තුන් ප්‍රයාමයට එක් වීමත් සමඟ යි. එය කිලෝමීටර 1.9 ක මුහුදු පිහිනීම, කිලෝමීටර් 90ක බයිසිකල් පැදීම සහ කිලෝමීටර් 21.1ක මැරතන් ධාවන තරගයකින් සමන්විත ජාත්‍යන්තර ඉසව්වකි.

Photo credit: Facebook.com

ඔෂ්මාන්ගේ වත්මන් පුහුණුකරු සහ මලල ක්‍රීඩක මිතුන් ලියනගේ පැවසුවේ මෙසේ යි.

“ක්‍රීඩාව මට විනයගරුක වීමට උගන්වා තිබෙනවා. මං ඉගෙන ගත් දේ නැවත ලබා දෙන මගේ ක්‍රමය මෙය යි. අපි දුවද්දි, මං එයාට උදව් කරනවාට වඩා එයා මට සහාය දක්වනවා. කාලිඩ් සමඟ දිවීම ප්‍රතිකාරයක්’’

 ඔෂ්මාන් සහ මිතුන් ලබන මාසයේ වියට්නාමයේ පැවැත්වෙන IRONMAN 70.3 ඉසව්වට ද සහභාගී වනු ඇත.

ඔෂ්මාන් දැනට කටුනායක ශ්‍රී ලංකන් ගුවන් සේවා විද්‍යාලයේ පාරිභෝගික සේවා නිලධාරියෙක් ලෙස සේවය කරයි. ඔහු ලුවන් යානා කාර්ය මණ්ඩලය, ප්‍රවේශ පත්‍ර සහ ගුවන් යානා ඉංජිනේරු වැඩසටහන් සඳහා සිසුන්ට සහාය වේ.

Related Articles

Exit mobile version