
නිරාස් ෂර්ෆුදීන් (27) ඔහුගේ උපන් ගම වන හුණුපිටියේ “යකඩ පාලම” නමින් හැඳින්වෙන තනි මංතීරු යකඩ පාලම මත රථවාහන හැසිරවීමට සිය කාලය කැප කර ඇත. හුණුපිටිය දුම්රිය ස්ථානයේ කාර්යබහුල දුම්රිය මාර්ගවලට ඉහළින් ඉදි කර ඇති මෙම පාලම මතින් ගමන් කිරීමට ප්‍රධාන මාර්ගයේ කාර්යබහුල වේලාවක වාහන තදබදය මඟ හැරීම සඳහා යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කුඩා මෝටර් රථ ආදී සැහැල්ලු වාහන නිතර පැමිණේ.
2013 වසරේ සිට වැටුප් නොලබන, පත්වීමක් නැති මෙම රැකියාවට මුලින් ම යොමු වූයේ නිරාස්ගේ පියා නිසාර් ය. නිරාස් ඒ වන විට නව යොවුන් වියේ පසුවූ අතර, තම අනාගතය ගැන බොහෝ සිහින මැව්වත් ඔහු රැකියාවකට යාම සඳහා 10 වැනි ශ්‍රේණියේ දී පාසල හැර ගියේ ය.
නිසාර් අනපේක්ෂිත ලෙස මිය යාමත් සමඟ පවුල ඛේදවාචකයකට මුල් වූයේ නිරාස්ට තම මව සහ සහෝදර සහෝදරියන් රැකබලා ගැනීමට සිදු වීම නිසා ය. පාලම මතින් වාහන ගමනාගමනය ස්වේච්ඡාවෙන් මෙහෙයවීම සඳහා තම පියා සිදු කළ කාර්ය භාරය ඉදිරියට ගෙනයාමට ඔහුට සිතුණේ එවිට ය.
ප්‍රදේශවාසීන් පවසන පරිදි, රියදුරන් අතර සාමය පවත්වා ගැනීමට සහ ගැටුම් වලක්වා ගැනීමට පාලම මත නිරාස් සිටීම ඉතා වැදගත් වේ. ත්‍රිරෝද රථ රියදුරෙක් වන ප්‍රසාද් පවසන්නේ නිරාස් නොමැති විට පාලම මත සාමය විනාශ වී යන බ වයි. පාලම දැඩි බෑවුම් සහිත වන බැවින් රියදුරන්ට ඉදිරියෙන් එන වාහනය ඉහළට පැමිණෙන තෙක් නොපෙනේ. “මෙවන් ආකාරයෙන් තදබදයක් හට ගත් විට මිනිස්සුන් තර්ක කරන්නට පටන් ගන්නවා. පාලම උඩ සාමය පවත්වා ගෙන යන්නට පුළුවන් නිරාස්ට පමණයි ”යැයි ප්‍රසාද් කියයි.
අසල පිහිටි බේකරියක සේවය කරන නූර් කරීම් ද නිරාස්ට සහාය වන අතර පාලම මත තදබදයක් නොමැති විටෙක නිරාස් විවේකයක් ගන්නා විට ඔහු ඒ සේවය ආවරණය කරයි.
ස්ථීර ආදායමක් නොමැතිකම සහ වාහනවලින් ලැබෙන සුළු මුදලින් තම පවුල නඩත්තු කිරීමේ දුෂ්කරතා මධ්‍යයේ වුවද, මෙම භූමිකාව දිගට ම කරගෙන යාම තම යුතුකම ලෙස නිරාස්ට හැඟේ.





