Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රතු ඉන්දියානු නායක සියැටෙල්

මිනිසාත් පරිසරයත් අතර පවතින්නේ නොබිඳෙන අපූරු සම්බන්ධතාවයක්. මෙම සම්බන්ධතාවය ගැන ගැඹුරු විවරණයක් ලබා දීමට හැකි වූ පුද්ගලයෙක් විදියට රතු ඉන්දියානු නායක සියැටෙල් ලෝකය පුරාම අදටත් ප්‍රසිද්ධයි. ඒ වගේම මොහු ජීවීන් අතර සම්බන්ධතාවය අවබෝධ කර ගනු ලැබුවේ ඩාවින් විසින් පරිණාම වාදය ඉදිරිපත් කිරීමටත් පෙරාතුවයි.

මෙම ලිපිය මඟින් රතු ඉන්දියානුවන් ගැනත්, ඔවුන් පරිසරය හා ගත කළ පරිසර හිතකාමී ජීවිතය ගැනත්, ඇමරිකාව සොයා ගැනීමත්, ස්වදේශිකයන්ට විදින්නට වූ හිරිහැර කරදර පිළිබඳවත්, ඔවුන්ගේ ඉඩම් අත් පත් කර ගැනීමට කටයුතු කිරීම ගැනත්, රතු ඉන්දියානු නායක සියැටෙල්ගේ මැදිහත් වීම ගැනත් වැඩි දුරටත් කතා කිරීම සිදු වෙනවා.

කවුද මේ රතු ඉන්දියානුවන් කියන්නේ?

flickr.com( ඔවුනටම ආවේණික වූ හඳුනා ගැනීම් වලින් යුත් රතු ඉන්දියානුවන්)

ඇමරිකාවේ මුලික වශයෙන් ස්වදේශික ජන ගෝත්‍ර බොහොමයක් ජිවත් වෙනවා. වර්තමානයේ දී මොවුන් කැනඩාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වාසය කරන බවත් සඳහන් වෙනවා. ඒ වගේම ඇමරිකාවේ ජිවත් වෙන ස්වදේශික ජන කොටස් රතු ඉන්දියානුවන් ලෙස හැඳින් වෙනවා. එමෙන්ම මොවුන් ඇමරිකන් ඉන්දියානු වරුන් කියලත් හඳුන්වනවා. මොවුන්ගේ වාසස්ථාන වන්නේ වනාන්තර වල තිබෙන ගල් ගුහා, ලෙන් ආදියේ සාදා ගන්නා වූ කුඩා නිවාසයි. ආහාර රටාව ගැන අවධානය යොමු කිරීමේදී සතුන් දඩයම් කිරීමත්, ධීවර කටයුතුත් ප්‍රධාන වෙනවා. ප්‍රධාන ආහාරය විදියට ලබා ගන්නේ සතුන් දඩයම් කිරීමෙන් ලබා ගන්නා මස් මගින් සපයා ගන්නා ලද වේලපු මස්, ඉරිඟු මෙන්ම බෝංචියි ආදියයි.

ඇදහිලි හා විශ්වාස අතර මරණින් අනතුරුව දඩයම් සරුවට තිබෙන ප්‍රදේශයකට යන බවට තරයේ විශ්වාස කරනවා. එමෙන්ම මොවුන් මූලිකවම වන්දනා කරන දෙවිවරු විශාල සංඛ්‍යාවක්ද වෙනවා.

රතු ඉන්දියානුවන්ගේ තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ දුටු විගසම හඳුනා ගැනීමේ හැකියාවයි. එමෙන්ම මොවුන්ගේ ජිවන රටාව අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ එය ඔවුනටම ආවේණික වූවක් බවයි. දෑතේ කර්මාන්ත වලට නිපුණත්වයක් දක්වන රතු ඉන්දියානුවන් ආභරණ, මැටි බඳුන් ආදිය සෑදීමට හපන්කම් දක්වනවා.

දේශ ගවේෂණය

Heavy.com(ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ සොයා ගැනීම)

ක්‍රිස්ටෝපර් කොලම්බස් කියන්නේ දේශ ගවේෂණයේ නියුතු වූ පුද්ගලයෙක්. මොහු ක්‍රි. ව. 1492 දී පමණ දී ඇමරිකා මහාද්වීපයට අයත් හිස්පැනියුලා නමැති දූපතට පැමිණියා. මෙම අවස්ථාව ඉතාමත් විශේෂයි. ඒ බටහිර ජාතිකයෙකුගේ ප්‍රථම පැමිණීම නිසයි. ඇමරිකන් චෙස්පුචි ඇමරිකා මහාද්වීපය සොයා ගැනීමට හැකියාව ලැබුණා.

ඉන් අනතුරුව ඔවුන් ඇමරිකා මහද්වීපයේ ජනාවාස පිහිටුවා ගැනීමට කටයුතු කළා. මං මාවත්, දුම්රිය, ගොඩනැගිලි, කර්මාන්ත ආදිය මේත් සමඟම බිහි වුණා. එමෙන්ම වනාන්තර එළි කිරීමත් සමඟම ස්වදේශික ඇමරිකානුවන්ගේ ජිවිතවලට මෙන්ම වාස භූමි වලටද තර්ජනයක් ඇති වුණා.

ඉඩම් පවරා දීමට කටයුතු කිරීමට ලිපියක් ලැබීම

පසුකාලීනව ජනාවාස ඉදිකරගත් සුදු ජාතිකයන් ගෙන් ස්වදේශිකයන් කරදර හිරිහැර දිගින් දිගටම එල්ල වුණා. ක්‍රි. ව. 1854 දී පමණ සුදු ජාතික නායක ප්‍රැන්ක්ලින් පියර් ට ඇමරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළා. මේත් සමඟම ස්වදේශිකයන් සතු ඉඩම් සුදු ජාතික යුරෝපීයයන්ට විකුණන ලෙස සඳහන් කරමින් ලිපියක් යැවීමට ජනාධිපති පියර් කටයුතු කළා. මෙම ලිපිය යොමු කරනු ලැබුවේ රතු ඉන්දියානු නායක සියැටෙල් වෙතටයි.

නායක සියැටෙල්

Travel.mapquest.com ( නායක සියැටෙල්ගේ  බෙල්ටවුන් හි පිහිටි ප්‍රතිමාව)

එකළ ස්වදේශීය ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සිදු කළේ රතු ඉන්දියානු නායක සියැටෙල් විසිනි. මොහු ඩුවාමිෂ් කියන ගෝත්‍රයට අයත් වෙන කෙනෙක්. මොහු විවිධ නම් වලින් හඳුන්වා තිබෙනවා. සීන්ල්, සියාත්ල්, සී ඇත් ඒ අතර වෙනවා. 1780 වර්ෂයේදී පමණ වොෂිංටන් හි බ්ලේක් නමැති දුපතේ උපත ලබා තිබෙනවා. ඒ වගේම තරුණ කාලයේදීම යුද්ධ විරුවෙකු වුණු සියටෙල් නායකයා බවට පත් වුණා.

ලිපියට පිළිතුරු

www.greenworldtrust.org(සියැටෙල්ගේ ප්‍රකාශනය)

ස්වදේශිකයන්ට සිදු කරන ලද දැඩි හිරිහැර හේතුවෙන් පවතින තත්ත්වය පාලනය කිරීමට මීට ඉහතදී සඳහන් කළා වගේම ඇමරිකානු ජනපති රජයට ඉඩම් විකුණන ලෙස ලිපියක් යැවුවා. රතු ඉන්දියානු නායක සියැටෙල්ට යවන ලද මෙම ලිපියට ඔහු පිළිතුරු ලිපියක් යැවුවා. මෙසේ ඔහු විසින් යවන ලද ලිපිය පරිසරය පිළිබඳව මෙතෙක් ඉදිරිපත් වී තිබෙන දාර්ශනික වගේම සාරගර්භ ලේඛනය විදිහට හඳුන්වනවා.  සියැටෙල්ගේ ප්‍රකාශනය ලෙස ලෝකය පුරාම ප්‍රසිද්ධ වී තියෙන්නේ මෙම ලිපියයි. මෙම ලිපිය මෑතක එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. සියැටෙල් ගේ ප්‍රකාශනයේ සඳහන් වූ කරුණු අතරින් කිහිපයක් නම්,

“අප ඉඩම් වැළකී සිටිය හොත් සුදු මිනිසුන් පැමිණ අවි බලයෙන් ඉඩම් පැහැර ගන්නා බව නිසැකය. එහෙත් නිල අහසත් පොළොවේ ඇති උණුසුමත් විකිණීමට හෝ මිළදී ගැනීමට හැකිද? එය මට නොවැටහේ. මේ අදහස අප හට නම් අරුමයකි.  සුළඟේ ඇති පවිත්‍ර බව නැවුම් බව ජලයේ ඇති ප්‍රභාවත් බව අප සන්තක නොවේ. එසේ නම් ඔබ ඒවා මිලදී ගන්නේ කෙසේද?”

“ මේ ගංගාවෝ අපගේ සොහොයුරෝය. ඔවුහු අපගේ පිපාසය සංසිඳුවාලති. අපගේ දරුවන් පෝෂණය කරති. ගංගාවන් අපගේ මෙන්ම ඔබගේද සොහොයුරෝ බව සිහිතබාගනු මැනවි. ඒ බව ඔබගේ දරුවන්ටද කියා දෙනු මැනවි”.

“සුදු ජාතිකයන් විසින් ගොඩනගා ඇති නගර අපගේ ඇසට වේදනා ගෙන දෙයි… ඒ නගර වල නිහඬ නිසංසල තැනක් සොයා ගැනීමට නොහැකිය..”

රතු ඉන්දියානු නායක සියැටෙල් ගෝත්‍රිකයන් අතර ගෞරවාදරයට පත් වුණු නායකයෙක් වුණා. ඒ වගේම කැප වූ පරිසර වේදියෙක් ද වනවා. සුදු ජාතිකයන් සමඟ අන්‍යොන්‍ය සහයෝගිතාවයෙන් යුක්තව කටයුතු කළා.මේ හේතුවෙන් ඔවුන් සිටි ප්‍රදේශ සියැටෙල් ලෙස නම් කරනු ලැබුවා.

මෙම රතු ඉන්දියානු නායකයා  එකල නොදියුණු යුගයේ පරිසරය කෙරෙහි දැක්වූ සබැදියාව අනර්ඝයි. අධ්‍යාපනයක් නොලබා වුවද ඔහුට තිබූ ඒ හැඟීම, අවබෝධය හා  පරිසරයේ දැනීම වර්තමානයේ උගත් සමාජයේ බොහෝ දෙනෙක්ට හිමි නොවීම අභාග්‍ය සම්පන්න දෙයක් වනවා.

කවරයේ පින්තුරය : northcountrypublicradio.org

Related Articles