නාසි ගුවන් හමුදාවේ විශිෂ්ටතම ගුවන් ප්‍රහාරකයා – හෑන්ස් උල්රික් රුඩෙල්
ජර්මන් ගුවන් හමුදාව තුළත් දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ සියළුම ගුවන් හමුදා තුළත් සිටි දක්ෂම ප්‍රහාරක ගුවන් නියමුවා ලෙස නම් කළ හැක්කේ අනෙක් ගුවන් නියමුවන්ට ළගා වීමටවත් නොහැකිවන ලෙස වාර්තාවක් පිහිට වූ හෑන්ස් උල්රික් රුඩෙල් නම් ජර්මානු ගුවන් නියමුවායි. භූමියේ පිහිටි ඉලක්ක ඉතා සාර්ථක ලෙස විනාශ කරන්නෙක් වූ රුඩෙල්, හිට්ලර් විසින් පිරිනමන ලද Night Cross of the Iron Cross පදක්කමේ ඉහළම පිරිනැමීම වන “ස්වර්ණ ඕක් පත්‍ර”( Knight’s Cross with Golden Oak Leaves, Swords and Diamonds) හිමිකරගත් පළමු හා එකම නාසි සොල්දාදුවායි.