Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආධ්‍යාත්මික ජිවිතයක් ගත කරන ඉන්දියානු ව්‍යාපාරිකයා

සද්ගුරු හෙවත් ජග්ගි වාසුදේව් යනු ඉන්දියානු යෝගී සහ ගුප්ත විද්‍යාඥයෙකි. ඔහු ලොව පුරා යෝග වැඩසටහන් ඉදිරිපත් කරන ලාභ නොලබන සංවිධානයක් වන ඉෂා පදනම ආරම්භ කළේ ය. බහුවිධ පෞරුෂයකින් හෙබි ඔහු කතුවරයකු, අභිප්‍රේරණ කථිකයෙකු හා ධානපතියෙකු මෙන්ම ආධ්‍යාත්මික ශාස්තෘවරයෙකි.

ඉන්දියානු දුම්රිය සේවය සමග සේවය කළ අක්ෂි වෛද්‍යවරයෙකුගේ පුතෙකු ලෙස උපත ලැබූ ඔහු, එක් නගරයක සිට තවත් නගරයකට නිතර නිතර ගමන් කිරීමට පුරුදුව සිටි අතර, ඔහුට සංචාරය නිසා ත්‍රාසජනක හා නොදන්නා දේ ගවේෂණය කිරීමේ කුතුහලයක් ඇති විය. කුඩා කාලයේ දී ඔහු සොබාදහම කෙරෙහි ඇල්මක් දැක්වූ අතර, බොහෝ විට තම නිවස අසල වනාන්තරයට පැන පැය ගණනාවක් හෝ දින ගණනක් එහි ගත කළේ ය. ඔහුගේ ළමා අත්දැකීම්වල ප්‍රතිඵලයක් ලෙස සර්පයන් සහ උරගයින්ට ජීවිත කාලය පුරාම ඔහු ආදරය කළේ ය. යෞවනයෙකු ලෙස ඔහු යතුරුපැදිවලට ඇලුම් කළ අතර, ඔහුගේ යතුරුපැදියෙන් රටේ විවිධ ස්ථානවලට ගියේ ය. විනෝදකාමී තරුණයෙකු වීමට අමතරව ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙකු බවට පරිණත වූ දීප්තිමත් තරුණයෙකි.

වයස අවුරුදු 25 දී ආධ්‍යාත්මික අත්දැකීමක් නිසා ඔහුගේ ජීවිතයේ අරමුණ ගැන නැවත සිතා බැලීමට ඔහුට හැකි විය. අවසානයේ දී ඔහු යෝගා ගුරුවරයෙකු බවට පත් විය. ඔහු යෝගා ඉගැන්වීම සඳහා ඉෂා පදනම විවෘත කළ අතර, පදනම කාලයත් සමග විවිධ සමාජ හා ප්‍රජා සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වේ. ජග්ගි වාසුදේව් අද වන විට සද්ගුරු යන නාමයෙන් ලෝකය පුරා ප්‍රචලිත යෝග ගුරුවරයෙක් හා දාර්ශනිකයෙකු බවට පත්ව ඇත.

ළමා කාලය සහ මුල් ජීවිතය

ඔහු ජගදීෂ් වාසුදේව් ලෙස 1957 සැප්තැම්බර් 3 වන දින කර්ණාටක ප්‍රාන්තයේ මයිසූර් හි සුෂීලා සහ වෛද්‍ය වාසුදේව්ට දාව උපත ලැබීය. ඔහුට එක් සහෝදරයෙක් සහ සහෝදරියන් දෙදෙනෙකු සිටී. ඔහුගේ පියා ඉන්දියානු දුම්රිය සේවය සමග අක්ෂි වෛද්‍යවරයකු වූ අතර ඔහුගේ පියාගේ රැකියාව නිසා පවුල නිතර විවිධ පෙදෙස්වලට පදිංචියට ගියේ ය.

ඔහු ක්‍රියාශීලී, කුතුහලයෙන් හා බුද්ධිමත් දරුවෙකි. කුඩා පිරිමි ළමයෙකු ලෙස ඔහු බොහෝ විට අසල පිහිටි වනාන්තරවලට ගොස් පැය ගණනාවක් එහි ගත කළේ ය. වන සතුන් නිරීක්ෂණය කිරීම සහ සර්පයන් අල්ලා ගැනීම ඔහුගේ විනෝදාංශය විය.

ඔහු වයස අවුරුදු 11 දී ප්‍රකට යෝගා ගුරුවරයෙකු වූ මල්ලඩිහල්ලි ශ්‍රී රාගවේන්ද්‍ර ස්වාමිජි දැන හඳුනා ගත්තේ ය. ස්වාමිජි ඔහුට සරල යෝග ආසන මාලාවක් ඉගැන්වූ අතර, ඔහු එක දවසක විවේකයක් නොමැතිව නිතිපතා පුහුණු විය.

පාසැල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඔහු මයිසූර් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර, ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ උපාධියක් ලබා ගත්තේ ය. විද්‍යාලයේ සිටිය දී ඔහු යතුරුපැදි ගැන උනන්දුවක් දැක්වූ අතර, යතුරුපැදිවල නැගී ඔහුගේ මිතුරන් සමග බොහෝ දුර ගමන් කළේ ය.

වෘත්තිය ජීවිතය

ජග්ගි වාසුදේව් සිය විද්‍යාල අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ව්‍යාපාරිකයෙකු ලෙස වෘත්තියක් ආරම්භ කළේ ය. දක්ෂ, බුද්ධිමත් හා වෙහෙස මහන්සි වී වැඩ කළ ඔහු ඉතා ඉක්මනින් කුකුළු ගොවිපලක්, ගඩොල් වැඩ සහ ඉදිකිරීම් ව්‍යාපාරයක් ඇතුළු ව්‍යාපාර කිහිපයක් ආරම්භ කළේ ය. ඔහු විසි ගණන්වල මැද භාගය වන විට සාර්ථක ව්‍යාපාරිකයෙකු විය.

1982 සැප්තැම්බර් 23 වන දින දහවල් ඔහුගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වූයේ, ඔහුට ආධ්‍යාත්මික අත්දැකීමක් ලැබීම නිසා ඔහුගේ ජීවිතය හා ප්‍රමුඛතා නැවත ඇගයීමට ලක් කළ යුතු බව ඔහුට වැටහුණි. ඔහු චමුන්ඩි හිල්හි පර්වතයක් මත හිඳගෙන සිටියේ පැය හතරහමාරක පමණ කාලයක් පුරා පැවති දැඩි ආධ්‍යාත්මික අත්දැකීමක් ලබා ගනිමිනි.

මෙම අත්දැකීමෙන් සති කිහිපයක් ඇතුළත ඔහු තම ව්‍යාපාරය තම මිතුරාට භාර දී ඔහුගේ අද්භූත අත්දැකීම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා පුළුල් ගමනක් ආරම්භ කළේ ය. වසරක පමණ කාලයකට පසු, ඔහුගේ අභ්‍යන්තර අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා ඔහු යෝගා ඉගැන්විය යුතු බව ඔහුට වැටහුණි.

ඔහු 1983 දී මයිසූර් හි යෝග පන්ති පැවැත්වීම ආරම්භ කළේ ය. ඔහුගේ පළමු පන්තියට සහභාගි වූවන් හත් දෙනෙක් පමණි. කාලයාගේ ඇවෑමෙන් ඔහු කර්ණාටක සහ හයිද්‍රාබාද් හරහා යෝග පන්ති පැවැත්වීම ආරම්භ කළේ ය. පංති සඳහා ගෙවීම ප්‍රතික්ෂේප කළ ඔහු, තම කුකුළු ගොවිපලෙන් ලැබූ ආදායමෙන් වියදම් කළමනාකරණය කළේ ය.

1992 දී ඔහු ඉෂා පදනම නමින් ලාභ නොලබන ආධ්‍යාත්මික සංවිධානයක් ආරම්භ කළේ ය. කොයිම්බතූර් අසල ආරම්භ කරන ලද මෙම සංවිධානය වසර ගණනාවක් පුරා ඉතා ජනප්‍රිය වූ අතර අද ඉන්දියාවේ පමණක් නොව එක්සත් ජනපදය, එංගලන්තය, ලෙබනනය, සිංගප්පූරුව, කැනඩාව, මැලේසියාව, උගන්ඩාව, චීනය, නේපාලය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලද යෝග වැඩසටහන් ඉදිරිපත් කරයි.

ඉෂා පදනම විවිධ සමාජ හා ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා ද සම්බන්ධ වේ. ග්‍රාමීය දුප්පතුන්ගේ සමස්ත සෞඛ්‍ය හා ජීවන තත්ත්වය නංවාලීම අරමුණු කර ගනිමින් 2003 දී එය ක්‍රියාකාරී ග්‍රාමීය පුනර්ජීවනය (ARR) බහු අදියර වැඩසටහනක් ආරම්භ කළේ ය. දකුණු ඉන්දියාවේ තමිල්නාඩුව පුරා ගම්මාන 54,000ක මිලියන 70ක ජනතාවට ප්‍රතිලාභ සැලසීම මෙම වැඩසටහනේ අරමුණ යි.

මෙම පදනම 2004 දී තමිල්නාඩුවේ බිම් මට්ටමේ පාරිසරික මුලපිරීමක් වන ග්‍රීන් හෑන්ඩ්ස් (පීජීඑච්) ද පිහිටුවන ලදී. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ හැකි ඉක්මනින් තමිල්නාඩුව පුරා ගස් මිලියන 114ක් රෝපණය කර ප්‍රාන්තයේ වනාන්තර ප්‍රමාණය 33% දක්වා වැඩි කිරීම යි. 

ජග්ගි වාසුදේව් ජාත්‍යන්තරව පිළිගත් චරිතයක් වන අතර, 2000 දී එක්සත් ජාතීන්ගේ සහස්‍ර ලෝක සාම සමුළුවේ දී දේශන ද පවත්වා ඇත. ඔහුගේ දේශන කටයුතු ඔහු ලොව පුරා ගෙන යන අතර 2006, 2007, 2008 සහ 2009 යන වර්ෂවල ලෝක ආර්ථික සංසදය ඇමතීය.

දක්ෂ කතුවරයකු වන ඔහු විවිධ භාෂා අටකින් මාතෘකා 100කට අධික ප්‍රමාණයක් රචනා කර ඇත. ඔහු විවේක කාලයේ දී කවි රචනා කිරීමට ප්‍රිය කරන දක්ෂ කවියෙකි.

සම්මාන සහ ජයග්‍රහණ

ඔහුගේ ව්‍යාපෘතිය ග්‍රීන් හෑන්ඩ්ස් (පීජීඑච්) සඳහා 2010 ජුනි මාසයේ දී ඉන්දියානු රජය විසින් ඉන්දිරා ගාන්ධි පරවරවන් පුරස්කාර් සම්මානයෙන් පිදුම් ලැබීය. පාරිසරික ආරක්ෂණ ක්‍ෂේත්‍රයේ ඔහුගේ දායකත්වය සහ 2012 දී පාරිසරික ගැටළු සඳහා මහජන සහභාගීත්වය දිරිගැන්වීම වෙනුවෙන් ඔහු බලවත්ම ඉන්දියානුවන් 100 දෙනා අතරට තේරී පත් විය.

Related Articles