එතෙර වීමට අපහසු ලොව භයානකම පාලම් කිහිපයක්

1. අයි පෙට්‍රි (ai-petri), ක්‍රිමියාව

smatterist.com

වලාකුළු වලටත් වඩා ඉහළින්, ඉතාමත් උස් කඳු මතින් පිහිටා තිබෙන මේ වැල් පාලම ලොව භයානකම වැල් පාලම් වලින් එකක් ලෙස දක්වන්නට පුළුවන්. ක්‍රිමියාවේ ගිනිකොණ දිග තීරයේ ආයි – පෙට්‍රි නමැති කලාපය නැරඹීමට නම් මෙම පාලම තරණය කිරීමට සිදු වනවා. යල්ටා නමැති මහනගර සභාව මඟින් පාලනය කරනු ලබන මෙම ආයි – පෙට්‍රි කඳු පන්තිය අලුප්කා (Alupka) හා කොරෙයිස්‌ (Koreiz) නමැති නගර අතර පිහිටා තිබෙනවා. වසරේ වැඩි කාලයක් දැඩි සුළං සහිත කාලගුණයක් පවතින මෙම ප්‍රදේශයේ සුළගේ වේගය තත්පරයට මීටර් 50ක් පමණ වන අතර කඳු අතර ගමනාගමනයට කේබල් රථ සේවාවක් ද අද වන විට දියත් කොට තිබෙනවා.

2. මවුන්ට් හුවා (Mount Hua), චීනය

youtube.com

චීනයේ පස් මහා කඳු අතරින් එකක් වන මවුන්ට්‌ හුවා හට ආගමික වශයෙන් වැදගත් වන්නා වූ දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ඒ අනුව හුවා නම් පූජනීය කන්දේ බෑවුම සහිත මාර්ගයක පිහිටා තිබෙන, දැවයෙන් ඉදි වූ දම්වැලක් බඳු පාලම ලොව භයානක පාලම් අතර එකක් ලෙස හැඳින්විය හැකි වනවා. මවුන්ට්‌ හුවා හෝ හුවා ශාන් යනුවෙන් හඳුන්වනු ලබන මෙම පාලම චීනයේ නැගෙනහිර හුවයින් නගරයේ පිහිටා තිබෙනවා.

3. ද රෝයල් ජෝරඡ් (The Royal Gorge), ඇමරිකාව

royalgorgebridge.com

මෙම පාලම පිහිටා තිබෙන්නේ ඇමරිකාවේ කොලරාඩෝ නමැති ප්‍රන්තයේයි. ද රෝයල් ජෝර්ඡ් පාලම (The Royal Gorge suspension bridge) හෙක්ටයාර 150ක පමණ භුමි ප්‍රමාණයක විසිරි තිබෙන කොලරාඩෝ කඳුකර වනෝද්‍යානයට මැදිවී, අකැන්සස්‌ ගඟට ඉහළින් පිහිටා තිබෙනවා. සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇති මෙම එල්ලෙන පාලම පොළොව මට්ටමේ සිට අඩි 1053 ක පමණ උසකින් පිහිටා තිබීමද වැදගත් වනවා. දැව අඩි පාර සඳහා ලී පුවරු 1292 ක් පමණ භාවිතා කර තිබෙන මෙම පාලමේ මුළු දිග අඩි 1260ක් පමණ බව වාර්තා වනවා.

4. හුසේනි (Hussaini Bridge), පාකිස්ථානය

ritebook.com

කාරකෝරම් නමැති කඳු අතර පිහිටා තිබෙන මෙම පාලම ඉදි කර තිබෙන්නේ හුවන්සා නමැති නදියෙන් (The Hunza river) එතෙර වීම සඳහායි. පාකිස්ථානයේ පිහිටා තිබෙන මෙය ගංගාව තරණය කිරීමට තිබෙන එකම මාර්ගය වනවා. තිරස් ආකාරයට ලෑලි සවි කොට තිබෙන හුසේනි පාලම වැනෙන සුළු මෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බියකරු අත්දැකීමක් වනවා.

කවරයේ පින්තූරය: beautyofpakistan.com

Related Articles

Exit mobile version